Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන්සිය පනස් ජාතක කතා ( update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

04 චුල්ලසෙඨි ජාතකය

04 චුල්ලසෙඨි ජාතකය

තවද සූර්ය වංශාභාජාත වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ රජගහ නුවර නිසා ජිවකයන්ගේ අඹඋයනෙහි වසනසේක් චුල්ලපන්ථක ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය ගෙණහැර දක්වා වදාළ සේක.

ඒ කෙසේද? යත්

රජගහ නුවර වසන මහධනසිටානන්ගේ දුවූ එක් කුමාරිකාවක් තමාගේ දාසයකු හා සමග මිත්රසන්ථවය වාසය කොට වසන දවස් මේ ක්රියාව අනික් කෙණෙක් දැකපූ නම් කටයුතු නොවෙයි සිතා භයින් වන්නේය. ඉඳින් මාගේ දෙමව්පියෝ මේ දෝෂය දැකපූ නම් කටයුතු නොවෙයි අප කඩ කඩ කොට කපා පියති සිතා අන්ය දෙශයකට ගොස් වසම්හයි කියා හස්තාර වස්තුව හැරගෙණ පළමුකොට හළදොරින් නික්ම යම් තැනකට ගොස් අනුන් නොදන්නා තෙනකට යම්හ යි කථාකොට දෙදෙනම ගියාහුය. මෙසේ ගොස් එක්තෙනක වසන්නාවූ ඔවුන්ගේ සංවාසය නිසා කුමාරිකාවට බඩ දරුගර්භයෙක් පිහිටියේය. ඕ තොමෝ දරුගැම් මුහු කුරාගිය කල්හි වල්ලභයා සමග කථා කරන්නී දරු ගැබ මුහුකුරා ගියේය. ඥාතී බන්ධූන් නැතිතෙනදී දරුවැදීම නම් අප දෙදෙනාටම දුක්වන්නේය. එසේ හෙයින් දෙමව්පියන්ගේ ගමය යම්හයි කිව. ඒ පුරුෂයා අද යම්හ. සෙට යම්හයි කියා බස් ඉකුත් කරන්නේය. එකල කුමාරිකාව සිතන්නී මේ අඥාන පුරුෂයා තමාගේ දෝෂය මහත් බැවින් යන්ට උත්සහ නොකරයි. දෙමවිපියෝ නම් දරුවන්ට වඩා කැමැත්තෝය. එසේ හෙයින් මොහු යත් කිම?. නොයත් කිම?, මා යන්ට සුදුසුවන්නේයයි ඒ පුරුෂයා ගෙයින් බැහැර ගිය කල්හි තමාගේ ගෙයි වලං ඇඳ පුටු ආදී සියල්ලම තැන්පත් කොට තබා තමාගේ දෙමව්පියන්ගේ ගමට යන නියාව අසළ ගෙවල ඇත්තන්ට කියා මංහි නික්මුනාහ. එකල්හි ස්වාමිපුත්රයා ගෙට අවුත් කුමාරිකාව නොදැක අසල ගෙවල මිනිස්සුන්ගෙන් විචාරා දෙමව්පියන්ගේ ගමට ගිය නියාව අසා වහා වහා ලුහුබැඳවාගෙණ ක්රමයෙන් ගොස් අතරමගදී දුටුයේය. ඒ දුටුවිට අතරමගදීම දරුවැදීම වූයේය. ඒ වල්ලභ පුරුෂයා අනේ සොදුර කිමෙක්දැයි විචාලේය. ස්වාමීනි පුතකු වදාපිම් කීව. දැන් කුමක් කරමෝදැයි පුරුෂයා කී කල්හි යම් දරුකෙණෙකුන් වැඳිම නිසා මා දෙමව්පියන් ගමට යහෝනම් ඒ කාරිය අතරමගදී සිද්ධ විය.නෑයන්ගේ ගෙට ගොස් කුමක් කරමෝදැයි කීය. මෙසේ කියා දෙදෙනම නැවත නික්මුණාහ. මෙසේ එක්සිත්ව පෙරලා තමන්ගේ ගෙට ආවාහුය. ඒ උපන්නාවු කුමාරයාට නම් තබන්නාහු මගදී උපන් බැවින් පන්ථක කුමාරයෝයයි නම් තබාලූහ.

තවද ඒ සිටු කුමාරිකාවට නොබෝ දවසකින්ම දරුගර්භයෙක් පිහිටියේය. ඒ සිටු දූ පලමු පරිද්දෙන්ම දෙමව්පියන්ගේ ගමට යෙමි කියා ගොස් අතරමගදීම දරුවන් වැදූය. ඒ කුමාරයන්ටත් මගදී උපන් බැවින් පළමු උපන් කුමාරයන්ට මහාපන්ථක කුමාරයෝය. බාලපුතනුවන්ට චුල්ලපන්ථක කුමාරයෝය යි නම් තුබූහ. ඔහු දෙදෙනාම දරුවන් පෝෂ්යකොට ක්රමයෙන් වැඩෙන්නාවූ ඔවුන් දෙදෙනාගෙන් මහාපන්ථක නම් කුමාරතෙමෙ සෙසු කුමාරවරුන් හා කෙළනා කල සෙසු කුමාරයෝ සුළු පියානෝය මුත්තනුවෝය මුත්තනියෝයයි කියන්නන්ගේ බස් අසා මෑණියන් අතින් විචාරන්නාහූ මැනියන් වහන්ස සෙසු දරුවෝ සුළු පියානෝය, මුත්තනුවෝය මුත්තනියෝයයි කියති. කිමෙක්ද?. අපට නෑයෝ නැද්දැයි විචාලේය. එකල්හි මෑණියන් කියන්නෝ එසේය පුත තොපගේ නෑයෝ මෙතන නැත. රජගහනුවර මහධනසිටානෝය යන කෙණෙක් තොපගේ මුතතනුවෝය. ඒ නුවර තොපගේ නෑයෝ බොහොයි කීවුය. ඒ අසා කුමාරයෝ කියන්නෝ කුමක් නිසා ඒ නෑයන්ගේ සමීපයට නොයොමෝ දැයි කිවුය. මෑනියෝද තමන් ඔබ නොයන කාරණ කියා දරුවන් නැවතූය. ඒ කුමාරයෝ නැවතත් මුතුන්මිත්තන් සමීපයට යම්හයි කියා ඇවිටිලිව කියන හෙයින් පුරුෂයාට මෙසේ කිවුය. මේ දරුවෝ හැමවේලාවෙම මට පීඩා කෙරෙති. කිමෙක්ද දෙමව්පියෝ අප දැක ඇඟමස් කපා කවද්ද, කැටුව දරුවන් කැඳවා ගෙණ ගොස් මුතුන්මිත්තන් දකුම්හයි කිවුය. ඒ අසා වල්ලභපුරුෂයා මම තොපගේ දෙමව්පියන්ගේ ඉදිරියෙහි සිටින්නට අසමර්ථයෙමි. කියා තොපි දෙදරුවන් කැඳවාගෙණ ගොස් මිතුන්මිත්තන් දක්වයි කීය. දැක්වීමෙනුත් ප්රයෝජන ඇතැයි කියා දෙදරුවන් කැඳවා ගෙණ රජගහ නුවරට ගොස් නුවර දොර එක් ශාලාවෙක නවාතැන් ගෙණ දරුවන්ගේ මෑනීයෝ ද දෙදරුවන් කැඳවාගෙණ ආ නියාව දෙමාපිය්නට කියායවුය, ඒ අසා සිටුදුවගේ දෙමව්පියෝ සිතන්නාහූ සසර ඇවිදිනාවූ අපට පුතනුවූ දුනූවූ කෙණෙක් නැත. ඔහු දෙනෙ අපගේ වංශය හානී කළාහ. එයස්හෙයින් මහත් වූ අපරාධ කළාහ. එසේහෙයින් ඔවුන් දෙදෙනා අප ඇස්හමුයෙහි සිටින්නට නොපිළිවන්නේය. මේ අප දීලුවස්තු හැරගෙණ දෙනොම තමන් කැමති සැප තෙනකට ගොස් ජීවත්වෙත්වයි කීවුය.ඒ අසා සිටුවු දෙමව්පියන් එවු වස්තුහැරගෙණ දරුවන් දෙන්නා තමන් තමීපයට ආ දූතයන් අතට පාවාදී යවුය. දෙදරුවෝද මුතුන්මිත්තන් සමීපයේ වැඩී වර්ධනය වෙති, ඔවුන් දෙනො අතුරෙන් චුල්ලපන්ථක කුමාරයෝ ඉතා බාලයෝහ. මහාපන්ථක කුමාරයෝ මුත්තණුවන් හා සමඟ බුදුන් සමීපයට බණ අසන්නට යෙති.නිරන්තරයෙන් බණ අසන්නාවූ කුමාරයන්ට මහණ වීමෙහි සිත්නැමුනේය. එකල්හි කුමාරයෝ මුත්තනුවන්ට කියන්නෝ ඉඳින් නුඹ වහන්සේ ගිවිස්නාසේක් වී නම් මහණවන්නෙමි වේදැයි කිවුය. එබස් අසා මුත්තනුවෝ කියන්නාහු පුත තෙපි කුමක් කියව්ද සියලු ලෝවැස්සන්ගේ මහණවීමටත් වඩා තොපගේ මහණවීම යහපත් වන්නේය. ඉදින් තොපි මහණ දම්පුරන්නට සමර්ථයෝ නම් මහණුවම් ගණුවයි කියා කුමාරයන් කීබස ගිවිස සර්වඥයන් වහන්සේ සමීපයට ගොස් සර්වඥයන් වහන්සේ විසින් මේ කිමෙක්ද මහා සිටානෙනි තෙපි දරුකෙණෙකුන් ලද්දැයි විචාළ කල්හි එසේය, ස්වාමීනී කුමාරයෝ මාගේ මුනුබුරාණෝය. ඌතුමූ නුඹ වහන්සේ සමීපයෙහි මහණවෙමියි කියකියි දැක්වූහ. ඒ බස් බුදුහු අසා එක්තාරා තෙරකෙණෙකුන් වහන්සේට මේ කුමාරයන් මහණ කරවයි නියෝගකොට වදාළසේක.

[QUOTE="1118lakmalkumara, post: 6402375, member: 204945"] [b]04 චුල්ලසෙඨි ජාතකය[/b] 04 චුල්ලසෙඨි ජාතකය [URL="http://jathakakatha.org/sinhala1/index2.php?option=com_content&do_pdf=1&id=588"] [/URL] [URL="http://jathakakatha.org/sinhala1/index2.php?option=com_content&task=view&id=588&pop=1&page=0&Itemid=1"] [/URL] [URL="http://jathakakatha.org/sinhala1/index2.php?option=com_content&task=emailform&id=588&itemid=1"] [/URL] [URL="http://jathakakatha.org/jk4/pak4.htm"] [/URL] [URL="http://jathakakatha.org/jk4/pnk4.htm"] [/URL] [SIZE=4][COLOR=blue] තවද සූර්ය වංශාභාජාත වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ රජගහ නුවර නිසා ජිවකයන්ගේ අඹඋයනෙහි වසනසේක් චුල්ලපන්ථක ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය ගෙණහැර දක්වා වදාළ සේක. ඒ කෙසේද? යත් රජගහ නුවර වසන මහධනසිටානන්ගේ දුවූ එක් කුමාරිකාවක් තමාගේ දාසයකු හා සමග මිත්රසන්ථවය වාසය කොට වසන දවස් මේ ක්රියාව අනික් කෙණෙක් දැකපූ නම් කටයුතු නොවෙයි සිතා භයින් වන්නේය. ඉඳින් මාගේ දෙමව්පියෝ මේ දෝෂය දැකපූ නම් කටයුතු නොවෙයි අප කඩ කඩ කොට කපා පියති සිතා අන්ය දෙශයකට ගොස් වසම්හයි කියා හස්තාර වස්තුව හැරගෙණ පළමුකොට හළදොරින් නික්ම යම් තැනකට ගොස් අනුන් නොදන්නා තෙනකට යම්හ යි කථාකොට දෙදෙනම ගියාහුය. මෙසේ ගොස් එක්තෙනක වසන්නාවූ ඔවුන්ගේ සංවාසය නිසා කුමාරිකාවට බඩ දරුගර්භයෙක් පිහිටියේය. ඕ තොමෝ දරුගැම් මුහු කුරාගිය කල්හි වල්ලභයා සමග කථා කරන්නී දරු ගැබ මුහුකුරා ගියේය. ඥාතී බන්ධූන් නැතිතෙනදී දරුවැදීම නම් අප දෙදෙනාටම දුක්වන්නේය. එසේ හෙයින් දෙමව්පියන්ගේ ගමය යම්හයි කිව. ඒ පුරුෂයා අද යම්හ. සෙට යම්හයි කියා බස් ඉකුත් කරන්නේය. එකල කුමාරිකාව සිතන්නී මේ අඥාන පුරුෂයා තමාගේ දෝෂය මහත් බැවින් යන්ට උත්සහ නොකරයි. දෙමවිපියෝ නම් දරුවන්ට වඩා කැමැත්තෝය. එසේ හෙයින් මොහු යත් කිම?. නොයත් කිම?, මා යන්ට සුදුසුවන්නේයයි ඒ පුරුෂයා ගෙයින් බැහැර ගිය කල්හි තමාගේ ගෙයි වලං ඇඳ පුටු ආදී සියල්ලම තැන්පත් කොට තබා තමාගේ දෙමව්පියන්ගේ ගමට යන නියාව අසළ ගෙවල ඇත්තන්ට කියා මංහි නික්මුනාහ. එකල්හි ස්වාමිපුත්රයා ගෙට අවුත් කුමාරිකාව නොදැක අසල ගෙවල මිනිස්සුන්ගෙන් විචාරා දෙමව්පියන්ගේ ගමට ගිය නියාව අසා වහා වහා ලුහුබැඳවාගෙණ ක්රමයෙන් ගොස් අතරමගදී දුටුයේය. ඒ දුටුවිට අතරමගදීම දරුවැදීම වූයේය. ඒ වල්ලභ පුරුෂයා අනේ සොදුර කිමෙක්දැයි විචාලේය. ස්වාමීනි පුතකු වදාපිම් කීව. දැන් කුමක් කරමෝදැයි පුරුෂයා කී කල්හි යම් දරුකෙණෙකුන් වැඳිම නිසා මා දෙමව්පියන් ගමට යහෝනම් ඒ කාරිය අතරමගදී සිද්ධ විය.නෑයන්ගේ ගෙට ගොස් කුමක් කරමෝදැයි කීය. මෙසේ කියා දෙදෙනම නැවත නික්මුණාහ. මෙසේ එක්සිත්ව පෙරලා තමන්ගේ ගෙට ආවාහුය. ඒ උපන්නාවු කුමාරයාට නම් තබන්නාහු මගදී උපන් බැවින් පන්ථක කුමාරයෝයයි නම් තබාලූහ. තවද ඒ සිටු කුමාරිකාවට නොබෝ දවසකින්ම දරුගර්භයෙක් පිහිටියේය. ඒ සිටු දූ පලමු පරිද්දෙන්ම දෙමව්පියන්ගේ ගමට යෙමි කියා ගොස් අතරමගදීම දරුවන් වැදූය. ඒ කුමාරයන්ටත් මගදී උපන් බැවින් පළමු උපන් කුමාරයන්ට මහාපන්ථක කුමාරයෝය. බාලපුතනුවන්ට චුල්ලපන්ථක කුමාරයෝය යි නම් තුබූහ. ඔහු දෙදෙනාම දරුවන් පෝෂ්යකොට ක්රමයෙන් වැඩෙන්නාවූ ඔවුන් දෙදෙනාගෙන් මහාපන්ථක නම් කුමාරතෙමෙ සෙසු කුමාරවරුන් හා කෙළනා කල සෙසු කුමාරයෝ සුළු පියානෝය මුත්තනුවෝය මුත්තනියෝයයි කියන්නන්ගේ බස් අසා මෑණියන් අතින් විචාරන්නාහූ මැනියන් වහන්ස සෙසු දරුවෝ සුළු පියානෝය, මුත්තනුවෝය මුත්තනියෝයයි කියති. කිමෙක්ද?. අපට නෑයෝ නැද්දැයි විචාලේය. එකල්හි මෑණියන් කියන්නෝ එසේය පුත තොපගේ නෑයෝ මෙතන නැත. රජගහනුවර මහධනසිටානෝය යන කෙණෙක් තොපගේ මුතතනුවෝය. ඒ නුවර තොපගේ නෑයෝ බොහොයි කීවුය. ඒ අසා කුමාරයෝ කියන්නෝ කුමක් නිසා ඒ නෑයන්ගේ සමීපයට නොයොමෝ දැයි කිවුය. මෑනියෝද තමන් ඔබ නොයන කාරණ කියා දරුවන් නැවතූය. ඒ කුමාරයෝ නැවතත් මුතුන්මිත්තන් සමීපයට යම්හයි කියා ඇවිටිලිව කියන හෙයින් පුරුෂයාට මෙසේ කිවුය. මේ දරුවෝ හැමවේලාවෙම මට පීඩා කෙරෙති. කිමෙක්ද දෙමව්පියෝ අප දැක ඇඟමස් කපා කවද්ද, කැටුව දරුවන් කැඳවා ගෙණ ගොස් මුතුන්මිත්තන් දකුම්හයි කිවුය. ඒ අසා වල්ලභපුරුෂයා මම තොපගේ දෙමව්පියන්ගේ ඉදිරියෙහි සිටින්නට අසමර්ථයෙමි. කියා තොපි දෙදරුවන් කැඳවාගෙණ ගොස් මිතුන්මිත්තන් දක්වයි කීය. දැක්වීමෙනුත් ප්රයෝජන ඇතැයි කියා දෙදරුවන් කැඳවා ගෙණ රජගහ නුවරට ගොස් නුවර දොර එක් ශාලාවෙක නවාතැන් ගෙණ දරුවන්ගේ මෑනීයෝ ද දෙදරුවන් කැඳවාගෙණ ආ නියාව දෙමාපිය්නට කියායවුය, ඒ අසා සිටුදුවගේ දෙමව්පියෝ සිතන්නාහූ සසර ඇවිදිනාවූ අපට පුතනුවූ දුනූවූ කෙණෙක් නැත. ඔහු දෙනෙ අපගේ වංශය හානී කළාහ. එයස්හෙයින් මහත් වූ අපරාධ කළාහ. එසේහෙයින් ඔවුන් දෙදෙනා අප ඇස්හමුයෙහි සිටින්නට නොපිළිවන්නේය. මේ අප දීලුවස්තු හැරගෙණ දෙනොම තමන් කැමති සැප තෙනකට ගොස් ජීවත්වෙත්වයි කීවුය.ඒ අසා සිටුවු දෙමව්පියන් එවු වස්තුහැරගෙණ දරුවන් දෙන්නා තමන් තමීපයට ආ දූතයන් අතට පාවාදී යවුය. දෙදරුවෝද මුතුන්මිත්තන් සමීපයේ වැඩී වර්ධනය වෙති, ඔවුන් දෙනො අතුරෙන් චුල්ලපන්ථක කුමාරයෝ ඉතා බාලයෝහ. මහාපන්ථක කුමාරයෝ මුත්තණුවන් හා සමඟ බුදුන් සමීපයට බණ අසන්නට යෙති.නිරන්තරයෙන් බණ අසන්නාවූ කුමාරයන්ට මහණ වීමෙහි සිත්නැමුනේය. එකල්හි කුමාරයෝ මුත්තනුවන්ට කියන්නෝ ඉඳින් නුඹ වහන්සේ ගිවිස්නාසේක් වී නම් මහණවන්නෙමි වේදැයි කිවුය. එබස් අසා මුත්තනුවෝ කියන්නාහු පුත තෙපි කුමක් කියව්ද සියලු ලෝවැස්සන්ගේ මහණවීමටත් වඩා තොපගේ මහණවීම යහපත් වන්නේය. ඉදින් තොපි මහණ දම්පුරන්නට සමර්ථයෝ නම් මහණුවම් ගණුවයි කියා කුමාරයන් කීබස ගිවිස සර්වඥයන් වහන්සේ සමීපයට ගොස් සර්වඥයන් වහන්සේ විසින් මේ කිමෙක්ද මහා සිටානෙනි තෙපි දරුකෙණෙකුන් ලද්දැයි විචාළ කල්හි එසේය, ස්වාමීනී කුමාරයෝ මාගේ මුනුබුරාණෝය. ඌතුමූ නුඹ වහන්සේ සමීපයෙහි මහණවෙමියි කියකියි දැක්වූහ. ඒ බස් බුදුහු අසා එක්තාරා තෙරකෙණෙකුන් වහන්සේට මේ කුමාරයන් මහණ කරවයි නියෝගකොට වදාළසේක.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom