Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන්සිය පනස් ජාතක කතා ( update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="1118lakmalkumara" data-source="post: 6402470" data-attributes="member: 204945"><p><span style="font-size: 15px"><span style="color: blue">බෝධිසත්වයෝ ඒ චන්ද්රකුමාරයනුත් කල්යවා නොයන හෙයින් එක්තරා අන්තරායෙක් විය යුතුයයි තුමූ එතනට ගොස් දෙදෙනාම විලට බට පියවර සටහන් දැක මේ විල රාකෂයකු අධිගෘහිත විලක් උවමැනවැයි සිතා කඩුව උරයේ එල්වාගෙන දුන්න නගා දුනුමිට හියලාගෙණ සිටියාහුය. දියරකුසු බෝධිසත්වයන් දිනට නොබස්නා දැක වලදඬු කපා ඇවිදිනා පුරුෂයෙකුමෙන් තමාගේ ස්වරූපය පාලා බෝධිසත්වයන්ට කියන්නේ පින්වත් වූ පුරුෂය. තොපි මග ගමන්යා මෙන් මිරිකිගියව, කුමක්හෙයින් මේවිලට බැස නාපියා පැන් වී නෙළුඹල හා නෙළුබුදැලිකා මල් පැළඳ සැපසේ නොයව්දැයි කිවුය. බෝධිසත්වයෝ ඔහු දැක සිතන්නාහු මොහු යක්ෂයා විය යුතුය මොහු විසින් මාගේ මල් දෙන්නා අල්ලා ගන්නා ලද්දෝවනැයි සිතා තෝ මාගේ මලුන් අල්වාගත්තෙහිදැයි කිවුය. එසේය මම ඇල්වුයෙමි කී කල්හි කවර කාරණයකින් දැයි විචාරා මම මේ විලට බට කෙණෙකුන් කන්ට ලබමියි කී කල්හි කිමෙක්ද තෝ සියල්ලවුන්ම කන්ට ලබන්නේහිදැයි විචාරා යමෙක් දේවධර්මය දනී නම් ඔහු හැර සෙස්සවුන් කන්ට ලබමියි කී කල්හි තට දේවධර්මයෙන් ප්රයෝජන ඇද්දයි විචාලෝය. එසේය දේවධර්මයෙන් ප්රයෝජන ඇතැයි දියරකුසු කීය. එසේනම් මම තට දේවධර්මය කියමි කිවුය, එබස් අසා දියරකුසු එසේවීනම් කිවමැනව මම දේවධර්මය අසමියි කීය. බෝධිසත්වයෝ මම තට දේවධර්මය කියමි බල එකෙක් ඇත කිලිටුව සිටිහෙයින් මදක් මැලියෙමියි කිවුය. උදාකරාක්ෂසයා බෝධිසත්වයන් නහවා පැන් පොවා මල් පලඳවා සුවඳ විලවුන් ගල්වා සරහන ලද මණ්ඩපයෙහි උතුම් වූ පර්යංකයක් අතුට දුනේනේය. මහාබෝසතානෝ ඒ පනවන ලද ආසනමස්තකයෙහි ඉඳ යක්ෂයා පාමුල සිටුවා ගෙණ එසේවීනම් තෝ කන් යොමා සකස්කොට අසවයි කියා දේවධර්මය කියන්නාහු මෙසේ කිවුය. මේ ලෝකයෙහි යම් කෙණෙක් භයින් හා ලජ්ජාවෙන් අකුශල ධර්මනුත් නොකළමනා අවශේෂ ලෝකචාරිත්රයනුත් දැන හැකිළෙන හෙයින් භය ලජ්ජා දෙකින් යුක්තව වාසය කෙරෙද්ද කුශල ධර්මයෙහි ඇම කල්හිම බලවත්වූ ඇලුම් ඇත්තෝද උතුම්වූ සත්පුරුෂ ගුණ ඇත්තෝද එසේ වූ සත්වයන්ගේ ප්රවෘත්තිය මේ ලෝකයෙහි දේවධර්ම නම් වෙයි කියා ධර්මදේශනා කළෝය.යක්ෂයා මේ ධර්මදේශනාව අසා ප්රසන්නවූ සිත් ඇතිව බෝධිසත්වයන්ට කියන්නේ මම තොප කෙරෙහි පුසන්නයෙමි ප්රසන්න වූ මම එක් මලනුකෙණෙකුන් තොපට දෙමි කවුරුන් ගෙණෙම්දැයි කීය. ඒ අසා බෝධි සත්වයෝ බාලමලනුවන් ගෙණවයි කිවුය. දියරකුසු කියන්නේ පණ්ඩිතයෙනි තොපි උදක් දේවධර්මය දන්නා පමණෙක්මය එපමණක් විනා ඒ ධර්මයෙහි තොප පවත්නේ නැතැ යි කිය. කවරකාරණයකින් දැයි කී කල්හි වැඩි මහළු තැනැත්තන් තමා බාලතැනැත්තන් ගෙන්වනහෙයින් තොප ජෙට්ඨාජචායන කර්මය නොකරණ හෙයිනැයි කීය. එබස් අසා මහාබෝසතානෝ කියන්නෝ එම්බල යක්ෂය මම දේවධර්මයත් දනිමි, දේවධර්මයෙහිත් පවතිමි. අපි මේ වලට වදනමෝ මේ බාල මලනුවන් නිසා වනුම්හ. මුන් පිණිස අපගේ පියානන් වහන්සේගේ අතින් මුන්ගේ මෑණියෝ රාජ්ය ඉල්වුය. අපගේ පියානන් වහන්සේ ඒ වරය නොදි අප රකිනා නිසා වනයෙහි වසන්ට කී සේක. එබස් ඇසූ බාල මලනුවෝ නොරඳා අප හා සමග මේ වනයට අවුය. ඉඳින් අපි ඒ කුමාරයන් වනයෙහි එක් යක්ෂයෙක් අනුභව කොට පීයයි කිමෝනම් අප කීබස් අදහා ගන්නාකෙණෙකු නැත. එසේ හෙයින් මම නින්දාවට භයින් බාලමපතුනුවන් ගෙන් වමි. කිවුය. එබස් අසා දියරකුසු සමාධිව සාධු සාධු පණ්ඩිතයෙනි තොපි දේවධර්මයත් දනුව දේවධර්මයෙහිත් පවතුවයි ප්රසන්නවූ සිත් ඇතිව බෝධිසත්වන්ට සාධුකාරදී දෙබෑයන්ව ගෙණවුත් පාවාදින. එකල්හි බෝධිසත්වයෝ ඕහට අවවාද කරන්නෝ යක්ෂය තෝ පෙර කළ අකුශල කර්මයෙන් අනුන්ගේ වෙරළේ මස්කන්නාවූ යක්ෂව උපන්නෙහිය. දැන් නැවතත් අකුසල්ම කෙරෙති. නම් තා විසින් කරණ ලද අකුශල කර්මය නරකාදී සතර අපායෙන් තා මුදාලිය නොහෙන්නේය එසේ හෙයින් මෙතැන්පටන් අකුසල්හැර කුසල් කරවයි අවවාදකොට යක්ෂයා දමනයෙහිලන්ට සමර්ථ වූයේය. මහබෝසතාණෝ යක්ෂයා දමනයෙහි ලාගෙණ ඔහු විසින් කරණලද ආරක්ෂා ඇතිව එතැන්හිම වසන්නාහු එක් දවසක් නැකැත්තරු බලා පියරජ්ජුරුවෙන් කාලක්රියා කළ නියාව දැන යක්ෂයා කැඳවාගෙන බරණැස්නුවරට ගොස් රාජ්යයගෙණ චන්ද්රකුමාරයන්ට යුවරජ තනතුර හා සූර්යකුමාරයන්ට සෙනෙවිරත් තනතුරදී යක්ෂයාට සිත්කළු තෙනක දේවාලයක් කරවා එතැන්හි ඔහු වස්වා නිරන්තරයෙන් බත් හා මල් පහන් සුවඳ විලවුන් ඕහට පළමුකොට පුදන පරිද්දෙන් සැලසූය. ඒ මහා බෝසතානෝ දැහැමෙන් රාජ්ජය කොට කම්වූ පරිද්දෙන් මියපරලොව ගියෝය. ශාස්තෘ වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙණහැර දක්වා වදාරා චතුස්සත්යය ප්රකාශකොට වදාළසේක. මේ චතුරාර්ය සත්යය ධර්ම දේශනාවගේ කෙළවර ඒ බහුභාණ්ඩික භික්ෂූන් වහන්සේ සෝවාන් පෙළෙහි පිහිටසේක. බුදුරජානන් වහන්සේ අතීත කථාවත් වර්ථමාන කථාවත් දෙක එක්කොට සන්ධිගලපා මේ දේවධර්ම ජාතකය. නිමවා වදාළසේක. එසමයෙහි උදක රාක්ෂසයා නම් දැන් මේ බහුභාණ්ඩික මහණය. සූර්යයකුමාරයෝ නම් ආනන්ද ස්ථවිරයෝය. චන්ද්රකුමාරයෝ නම් ශාරිපුත්ර ස්ථවිරයෝය, මහීංසාසකුමාරයෝ නම් තිලෝගුරු සම්යක්සම්බුදු රජ වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාලසේක. </span></span></p></blockquote><p></p>
[QUOTE="1118lakmalkumara, post: 6402470, member: 204945"] [SIZE=4][COLOR=blue]බෝධිසත්වයෝ ඒ චන්ද්රකුමාරයනුත් කල්යවා නොයන හෙයින් එක්තරා අන්තරායෙක් විය යුතුයයි තුමූ එතනට ගොස් දෙදෙනාම විලට බට පියවර සටහන් දැක මේ විල රාකෂයකු අධිගෘහිත විලක් උවමැනවැයි සිතා කඩුව උරයේ එල්වාගෙන දුන්න නගා දුනුමිට හියලාගෙණ සිටියාහුය. දියරකුසු බෝධිසත්වයන් දිනට නොබස්නා දැක වලදඬු කපා ඇවිදිනා පුරුෂයෙකුමෙන් තමාගේ ස්වරූපය පාලා බෝධිසත්වයන්ට කියන්නේ පින්වත් වූ පුරුෂය. තොපි මග ගමන්යා මෙන් මිරිකිගියව, කුමක්හෙයින් මේවිලට බැස නාපියා පැන් වී නෙළුඹල හා නෙළුබුදැලිකා මල් පැළඳ සැපසේ නොයව්දැයි කිවුය. බෝධිසත්වයෝ ඔහු දැක සිතන්නාහු මොහු යක්ෂයා විය යුතුය මොහු විසින් මාගේ මල් දෙන්නා අල්ලා ගන්නා ලද්දෝවනැයි සිතා තෝ මාගේ මලුන් අල්වාගත්තෙහිදැයි කිවුය. එසේය මම ඇල්වුයෙමි කී කල්හි කවර කාරණයකින් දැයි විචාරා මම මේ විලට බට කෙණෙකුන් කන්ට ලබමියි කී කල්හි කිමෙක්ද තෝ සියල්ලවුන්ම කන්ට ලබන්නේහිදැයි විචාරා යමෙක් දේවධර්මය දනී නම් ඔහු හැර සෙස්සවුන් කන්ට ලබමියි කී කල්හි තට දේවධර්මයෙන් ප්රයෝජන ඇද්දයි විචාලෝය. එසේය දේවධර්මයෙන් ප්රයෝජන ඇතැයි දියරකුසු කීය. එසේනම් මම තට දේවධර්මය කියමි කිවුය, එබස් අසා දියරකුසු එසේවීනම් කිවමැනව මම දේවධර්මය අසමියි කීය. බෝධිසත්වයෝ මම තට දේවධර්මය කියමි බල එකෙක් ඇත කිලිටුව සිටිහෙයින් මදක් මැලියෙමියි කිවුය. උදාකරාක්ෂසයා බෝධිසත්වයන් නහවා පැන් පොවා මල් පලඳවා සුවඳ විලවුන් ගල්වා සරහන ලද මණ්ඩපයෙහි උතුම් වූ පර්යංකයක් අතුට දුනේනේය. මහාබෝසතානෝ ඒ පනවන ලද ආසනමස්තකයෙහි ඉඳ යක්ෂයා පාමුල සිටුවා ගෙණ එසේවීනම් තෝ කන් යොමා සකස්කොට අසවයි කියා දේවධර්මය කියන්නාහු මෙසේ කිවුය. මේ ලෝකයෙහි යම් කෙණෙක් භයින් හා ලජ්ජාවෙන් අකුශල ධර්මනුත් නොකළමනා අවශේෂ ලෝකචාරිත්රයනුත් දැන හැකිළෙන හෙයින් භය ලජ්ජා දෙකින් යුක්තව වාසය කෙරෙද්ද කුශල ධර්මයෙහි ඇම කල්හිම බලවත්වූ ඇලුම් ඇත්තෝද උතුම්වූ සත්පුරුෂ ගුණ ඇත්තෝද එසේ වූ සත්වයන්ගේ ප්රවෘත්තිය මේ ලෝකයෙහි දේවධර්ම නම් වෙයි කියා ධර්මදේශනා කළෝය.යක්ෂයා මේ ධර්මදේශනාව අසා ප්රසන්නවූ සිත් ඇතිව බෝධිසත්වයන්ට කියන්නේ මම තොප කෙරෙහි පුසන්නයෙමි ප්රසන්න වූ මම එක් මලනුකෙණෙකුන් තොපට දෙමි කවුරුන් ගෙණෙම්දැයි කීය. ඒ අසා බෝධි සත්වයෝ බාලමලනුවන් ගෙණවයි කිවුය. දියරකුසු කියන්නේ පණ්ඩිතයෙනි තොපි උදක් දේවධර්මය දන්නා පමණෙක්මය එපමණක් විනා ඒ ධර්මයෙහි තොප පවත්නේ නැතැ යි කිය. කවරකාරණයකින් දැයි කී කල්හි වැඩි මහළු තැනැත්තන් තමා බාලතැනැත්තන් ගෙන්වනහෙයින් තොප ජෙට්ඨාජචායන කර්මය නොකරණ හෙයිනැයි කීය. එබස් අසා මහාබෝසතානෝ කියන්නෝ එම්බල යක්ෂය මම දේවධර්මයත් දනිමි, දේවධර්මයෙහිත් පවතිමි. අපි මේ වලට වදනමෝ මේ බාල මලනුවන් නිසා වනුම්හ. මුන් පිණිස අපගේ පියානන් වහන්සේගේ අතින් මුන්ගේ මෑණියෝ රාජ්ය ඉල්වුය. අපගේ පියානන් වහන්සේ ඒ වරය නොදි අප රකිනා නිසා වනයෙහි වසන්ට කී සේක. එබස් ඇසූ බාල මලනුවෝ නොරඳා අප හා සමග මේ වනයට අවුය. ඉඳින් අපි ඒ කුමාරයන් වනයෙහි එක් යක්ෂයෙක් අනුභව කොට පීයයි කිමෝනම් අප කීබස් අදහා ගන්නාකෙණෙකු නැත. එසේ හෙයින් මම නින්දාවට භයින් බාලමපතුනුවන් ගෙන් වමි. කිවුය. එබස් අසා දියරකුසු සමාධිව සාධු සාධු පණ්ඩිතයෙනි තොපි දේවධර්මයත් දනුව දේවධර්මයෙහිත් පවතුවයි ප්රසන්නවූ සිත් ඇතිව බෝධිසත්වන්ට සාධුකාරදී දෙබෑයන්ව ගෙණවුත් පාවාදින. එකල්හි බෝධිසත්වයෝ ඕහට අවවාද කරන්නෝ යක්ෂය තෝ පෙර කළ අකුශල කර්මයෙන් අනුන්ගේ වෙරළේ මස්කන්නාවූ යක්ෂව උපන්නෙහිය. දැන් නැවතත් අකුසල්ම කෙරෙති. නම් තා විසින් කරණ ලද අකුශල කර්මය නරකාදී සතර අපායෙන් තා මුදාලිය නොහෙන්නේය එසේ හෙයින් මෙතැන්පටන් අකුසල්හැර කුසල් කරවයි අවවාදකොට යක්ෂයා දමනයෙහිලන්ට සමර්ථ වූයේය. මහබෝසතාණෝ යක්ෂයා දමනයෙහි ලාගෙණ ඔහු විසින් කරණලද ආරක්ෂා ඇතිව එතැන්හිම වසන්නාහු එක් දවසක් නැකැත්තරු බලා පියරජ්ජුරුවෙන් කාලක්රියා කළ නියාව දැන යක්ෂයා කැඳවාගෙන බරණැස්නුවරට ගොස් රාජ්යයගෙණ චන්ද්රකුමාරයන්ට යුවරජ තනතුර හා සූර්යකුමාරයන්ට සෙනෙවිරත් තනතුරදී යක්ෂයාට සිත්කළු තෙනක දේවාලයක් කරවා එතැන්හි ඔහු වස්වා නිරන්තරයෙන් බත් හා මල් පහන් සුවඳ විලවුන් ඕහට පළමුකොට පුදන පරිද්දෙන් සැලසූය. ඒ මහා බෝසතානෝ දැහැමෙන් රාජ්ජය කොට කම්වූ පරිද්දෙන් මියපරලොව ගියෝය. ශාස්තෘ වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙණහැර දක්වා වදාරා චතුස්සත්යය ප්රකාශකොට වදාළසේක. මේ චතුරාර්ය සත්යය ධර්ම දේශනාවගේ කෙළවර ඒ බහුභාණ්ඩික භික්ෂූන් වහන්සේ සෝවාන් පෙළෙහි පිහිටසේක. බුදුරජානන් වහන්සේ අතීත කථාවත් වර්ථමාන කථාවත් දෙක එක්කොට සන්ධිගලපා මේ දේවධර්ම ජාතකය. නිමවා වදාළසේක. එසමයෙහි උදක රාක්ෂසයා නම් දැන් මේ බහුභාණ්ඩික මහණය. සූර්යයකුමාරයෝ නම් ආනන්ද ස්ථවිරයෝය. චන්ද්රකුමාරයෝ නම් ශාරිපුත්ර ස්ථවිරයෝය, මහීංසාසකුමාරයෝ නම් තිලෝගුරු සම්යක්සම්බුදු රජ වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාලසේක. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom