Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන්සිය පනස් ජාතක කතා ( update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="1118lakmalkumara" data-source="post: 6407084" data-attributes="member: 204945"><p><span style="font-size: 15px"><span style="color: blue">ඒ කුමාරිකාවද ප්රවජ්ජාව ලැබ චිත්ත සංකල්පනා ඇත්තී සතුටු වූ සිත් ඇති වූය. ඉක්බිත්තෙන් ඒ කුමාරිකාවන්ගේ දරු ගර්භය මිහි කිරීමට පැමිනෙන්නේය. චක්ෂු රාධි ඉන්ද්රයන් ගේ අන්යය තාත්වයද හස්තපාද පෘෂ්ට ඉල්පුනු බවද උදරපටලයාගේ මහත් බවද දැක භික්ෂූනීහූ ආර්යාව තෙපි දැරී ඇත්තාක් මෙන් පෙනව. මේ කීමෙක්දැයි විචාලාව. ආර්යාවෙනි මම මෙනම් කාරණයකැයි නොදනිමි. මාගේ ශිලය සම්පූර්ණයයැයි කිව. ඉක්බිත්තෙන් ඒ භික්ෂූනිය අවසේස භික්ෂූනියහුද දෙව්දත් මහතෙරුන් වහන්සේ සමීපයට කැඳවාගෙන ගොස් ආර්යයන් වහන්ස මේ කුල ස්ත්රිය දුකසේ වල්ලභයා සිත් ලබාගෙන ප්රවෘජ්ජාව ලද්දේය. දැන් වනාහී මෑගේ දරු ගර්භයෙක් පෙනෙන්නේය. අපි හැමගේ ගර්භය ගිහි කල ලත් බවුත් මහණ කල ලත් බවුත් නොදත්හ. දැන් ඉට කුමක් කරමුදැයි විචාලාහ. දෙව්දත් ස්ථවිරයෝද තමන් නුබුදු බැවින්ද අනුන් කෙරේ ශාන්තියක් මෛත්රියක් දයාවක් නැති හෙයින්ද මෙසේ සිතුහ. දෙව්දත් ස්ථිවිරයන් වහන්සේගේ පක්ෂයේ භික්ෂුනියක් විසින් දරු ගර්භයක් පරිහරණය කරන්නීල දෙව්දත්ත ස්ථවිරයෝය ඒ බලබල බලා ඉඳිතියි මට නින්දා උපදවන්නේය යි මා විසින් මේ මෙහෙණින්න මෙතැනින් නෙරපායන්ට සුදුසු යයි ඒ දේවදත්ත ස්ථවිරයෝ පරික්ෂා නොකොටම ගල් කැටක් පෙරලෙන කලක් පරිද්දෙන් උඩට පැන නැගී යව මෑ මෙතැනිනි නෙරපායි යි කිය. ඒ භික්ෂුණියද දේවදත්ත ස්ථවිරයන් කී බස් අසා උන් තැනින් නැගිටසිට වැඳලා සර්වඡයන් වහන්සේගේ පක්ෂයෙහි භික්ෂුනීන් වසන්නා වූ ස්ථානයට ගියාය. ඉක්බිත්තෙන් බාල වූ මෙහෙණින්නට කියන්නේ ආර්යාවෙනි දේව්දත්ත ස්ථිවිරයෝ බුදු නොවෙති. මට උන් සමීපයෙහි මහණව ඉඳිමෙන් ප්රයෝජන නැත. මේ ලෝකයෙහි අග්ර පුද්ගල වූ සර්වඥයන් වහන්සේ සමීපයේ මහණ වීමට අභිප්රාය කොට මා විසින් දුකසේ ලද්දා වූ මේ ප්රවජ්ජාවම අන්තර්ධාන නොකරව. මා කැඳවාගෙන සර්වඥයන් වහන්සේ කරා ජේතවනාරාමයට යවයි කීව. ඒ භික්ෂූනිහුද අලුත ගියා වූ භික්ෂූනිය කැඳවාගෙන රජගහ නුවරින් පන්සාලිස් යොත්නක් තැන් ම ගෙවා අනුපමයෙන් ජේතවනාරාමයට පැමිණ සර්වඥයන් වහ්සේ වැඳ මේ කාරණය දැන්වූවාහුය. සර්වඥයන් වහන්සේ මෑගේ දරු ගැබ ගිහි කලම පිහිටියේයැයි සිතු සේක. එසේ නියම කොට දැනැත් ශ්රමණ බවත් ගෞතමයෝ දේවදත්ත ස්ථිවිරයන් විසින් හරණ ලද මෙහෙනින්ය අරගෙණ ඇවිදිනාහයි තිර්තකයන්ට කියන්ට අවසර පෙනෙන්නේය එහෙියින් මේ උපත් කතාව විචාරා සනිටුහන් කරන්නටද සරාජික පර්ෂිත් මධ්යයෙහි විනිශ්චය කරන්නට සුදුසු වන්නේ යැයි දෙවැනි දවස් පසේනදී කොසොල් රජ්ජුරුවන්ද අනේ පිඩු සිටානන්ද සුළු අනාථ පිණ්ඩිකයන්ද විශාකා මහඋපාසිකාවන්ද අනිකුත් ප්රසිද්ධ මහ කුලයන්ද කැඳවාලා මේ අධිකරණය විචාරා සනිටුහන් කරන්නට පාවා දුන් සේක .සවස් වේලෙහි සිව්වනක් පර්ෂිත් රැස්වූ කල්හි විනයට අග්රකොට තබන ලද්දා වූ උපාලි ස්ථවිරියන් වහන්සේට යව සිව්වනක් පර්ෂිත් මධ්යයෙහි මේ දහර භික්ෂූනියගේ අධිකරණ විචාරා ශුද්ධ කරවයි වදාල සේක. යහපත ස්වාමීනි යි තෙරුන් වහන්සේ පර්ෂිත් මධ්යයට ගොස් තමන් වහන්සේ ට පැමිණියා වූ ආසනයේ වැඩ හිඳ රජ්ජුරුවන්ගේ ඉදිරියෙහි විශාඛා මහෝඋපාසිකාවන් කැඳවා යව මහ උපාසිකාවෙනි මේ ලදරු භික්ෂූනි අසවල් මස අසවල් දවස් මහණ වූ වයි තත්වයෙන් දැන මේ දරු ගර්භය මහණ වන්නට පෙරාතුදෝ හෝ පසුවදෝ හෝයි නියම දැන කියවයි විසාඛාවන් අතට පාවාදුන් සේක.</span></span></p></blockquote><p></p>
[QUOTE="1118lakmalkumara, post: 6407084, member: 204945"] [SIZE=4][COLOR=blue]ඒ කුමාරිකාවද ප්රවජ්ජාව ලැබ චිත්ත සංකල්පනා ඇත්තී සතුටු වූ සිත් ඇති වූය. ඉක්බිත්තෙන් ඒ කුමාරිකාවන්ගේ දරු ගර්භය මිහි කිරීමට පැමිනෙන්නේය. චක්ෂු රාධි ඉන්ද්රයන් ගේ අන්යය තාත්වයද හස්තපාද පෘෂ්ට ඉල්පුනු බවද උදරපටලයාගේ මහත් බවද දැක භික්ෂූනීහූ ආර්යාව තෙපි දැරී ඇත්තාක් මෙන් පෙනව. මේ කීමෙක්දැයි විචාලාව. ආර්යාවෙනි මම මෙනම් කාරණයකැයි නොදනිමි. මාගේ ශිලය සම්පූර්ණයයැයි කිව. ඉක්බිත්තෙන් ඒ භික්ෂූනිය අවසේස භික්ෂූනියහුද දෙව්දත් මහතෙරුන් වහන්සේ සමීපයට කැඳවාගෙන ගොස් ආර්යයන් වහන්ස මේ කුල ස්ත්රිය දුකසේ වල්ලභයා සිත් ලබාගෙන ප්රවෘජ්ජාව ලද්දේය. දැන් වනාහී මෑගේ දරු ගර්භයෙක් පෙනෙන්නේය. අපි හැමගේ ගර්භය ගිහි කල ලත් බවුත් මහණ කල ලත් බවුත් නොදත්හ. දැන් ඉට කුමක් කරමුදැයි විචාලාහ. දෙව්දත් ස්ථවිරයෝද තමන් නුබුදු බැවින්ද අනුන් කෙරේ ශාන්තියක් මෛත්රියක් දයාවක් නැති හෙයින්ද මෙසේ සිතුහ. දෙව්දත් ස්ථිවිරයන් වහන්සේගේ පක්ෂයේ භික්ෂුනියක් විසින් දරු ගර්භයක් පරිහරණය කරන්නීල දෙව්දත්ත ස්ථවිරයෝය ඒ බලබල බලා ඉඳිතියි මට නින්දා උපදවන්නේය යි මා විසින් මේ මෙහෙණින්න මෙතැනින් නෙරපායන්ට සුදුසු යයි ඒ දේවදත්ත ස්ථවිරයෝ පරික්ෂා නොකොටම ගල් කැටක් පෙරලෙන කලක් පරිද්දෙන් උඩට පැන නැගී යව මෑ මෙතැනිනි නෙරපායි යි කිය. ඒ භික්ෂුණියද දේවදත්ත ස්ථවිරයන් කී බස් අසා උන් තැනින් නැගිටසිට වැඳලා සර්වඡයන් වහන්සේගේ පක්ෂයෙහි භික්ෂුනීන් වසන්නා වූ ස්ථානයට ගියාය. ඉක්බිත්තෙන් බාල වූ මෙහෙණින්නට කියන්නේ ආර්යාවෙනි දේව්දත්ත ස්ථිවිරයෝ බුදු නොවෙති. මට උන් සමීපයෙහි මහණව ඉඳිමෙන් ප්රයෝජන නැත. මේ ලෝකයෙහි අග්ර පුද්ගල වූ සර්වඥයන් වහන්සේ සමීපයේ මහණ වීමට අභිප්රාය කොට මා විසින් දුකසේ ලද්දා වූ මේ ප්රවජ්ජාවම අන්තර්ධාන නොකරව. මා කැඳවාගෙන සර්වඥයන් වහන්සේ කරා ජේතවනාරාමයට යවයි කීව. ඒ භික්ෂූනිහුද අලුත ගියා වූ භික්ෂූනිය කැඳවාගෙන රජගහ නුවරින් පන්සාලිස් යොත්නක් තැන් ම ගෙවා අනුපමයෙන් ජේතවනාරාමයට පැමිණ සර්වඥයන් වහ්සේ වැඳ මේ කාරණය දැන්වූවාහුය. සර්වඥයන් වහන්සේ මෑගේ දරු ගැබ ගිහි කලම පිහිටියේයැයි සිතු සේක. එසේ නියම කොට දැනැත් ශ්රමණ බවත් ගෞතමයෝ දේවදත්ත ස්ථිවිරයන් විසින් හරණ ලද මෙහෙනින්ය අරගෙණ ඇවිදිනාහයි තිර්තකයන්ට කියන්ට අවසර පෙනෙන්නේය එහෙියින් මේ උපත් කතාව විචාරා සනිටුහන් කරන්නටද සරාජික පර්ෂිත් මධ්යයෙහි විනිශ්චය කරන්නට සුදුසු වන්නේ යැයි දෙවැනි දවස් පසේනදී කොසොල් රජ්ජුරුවන්ද අනේ පිඩු සිටානන්ද සුළු අනාථ පිණ්ඩිකයන්ද විශාකා මහඋපාසිකාවන්ද අනිකුත් ප්රසිද්ධ මහ කුලයන්ද කැඳවාලා මේ අධිකරණය විචාරා සනිටුහන් කරන්නට පාවා දුන් සේක .සවස් වේලෙහි සිව්වනක් පර්ෂිත් රැස්වූ කල්හි විනයට අග්රකොට තබන ලද්දා වූ උපාලි ස්ථවිරියන් වහන්සේට යව සිව්වනක් පර්ෂිත් මධ්යයෙහි මේ දහර භික්ෂූනියගේ අධිකරණ විචාරා ශුද්ධ කරවයි වදාල සේක. යහපත ස්වාමීනි යි තෙරුන් වහන්සේ පර්ෂිත් මධ්යයට ගොස් තමන් වහන්සේ ට පැමිණියා වූ ආසනයේ වැඩ හිඳ රජ්ජුරුවන්ගේ ඉදිරියෙහි විශාඛා මහෝඋපාසිකාවන් කැඳවා යව මහ උපාසිකාවෙනි මේ ලදරු භික්ෂූනි අසවල් මස අසවල් දවස් මහණ වූ වයි තත්වයෙන් දැන මේ දරු ගර්භය මහණ වන්නට පෙරාතුදෝ හෝ පසුවදෝ හෝයි නියම දැන කියවයි විසාඛාවන් අතට පාවාදුන් සේක.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom