Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන්සිය පනස් ජාතක කතා ( update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

22 නලපාන ජාතකය

22 නලපාන ජාතකය

තවද එක්සමයෙක් හි දෙවිබඹුන් මුදුනෙහි කෙළනා පාපියුම් ඇති ලෝකස්වාමී වූ සර්වඥයන් වහන්සේ කොසොල්දනව්වෙහි සැරිසරා ඇවිදිනා සේක් නලපාන නම් ගමට පැමිණ නලපාන නම් පොකුණ සමීපයෙහි වූ වැටකේ වනයෙහි වසනසේක් බටදඬු අරභයා මේ ජාතකය වදාළසේක.

එසමයෙහි භික්ෂූන් වහන්සේ නලපාන නම් පොකුණෙන් පැන් සනහා ඉදිකටු කුළා නිසා සාමණේරයන් වහන්සේ ලවා බටදඬු කප්පවා ගෙන්වා ගෙණ ඒ සියළු බටඬු ගැට නැතිව එකච්ජිද්රව දිගටම සිදුරු නියාව දැක බුදුන් කරා ගොස් ස්වාමීනි අපි ඉදිකටු කුළා නිසා බටදඬු ගෙන්වුම්හ. ඒ පිළිබඳ මුල පටන් අග දක්වා සිදුරුය. මේ කිමෙක්දැයි විචාළෝය. සර්වඥයන් වහන්සේ එබස් අසා මහණෙනි. මේ මාගේ පුරාතනයෙහි අධිෂ්ඨානයෙකැයි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක.

යටගිය දවස ඒ වනලැහැබ වල්වූයේය. ඒ පොකුණෙහිත් එක් දිය රකුසෙක් පොකුණට බට මිනිසුන් කන්නේය. එසමයෙහි බෝධිසත්වයෝත් තිත්මුවකු හා මහතැති වඳූරු රජව අසූදහසක් පමණ වඳුරන් විසින් පිරිවරණ ලදුව වඳුරුමුල පරිහරණය කෙරෙමින් ඒ වනයෙහි වසන්නාහුය. ඒ මහාබෝසතානෝ වානර සමූහයාට අවවාද දෙන්නාහු දරුවෙනි මේ වන යෙහි විෂවෘක්ෂයෝත් අමනුෂ්යාධීගෘහිතවු පුෂ්පකරණිහුත් වෙති. එසේ හෙයින් තොපි හැම නොකෑවිරු ඵලා ඵලයන් කතොත් වේවායි නුපූවිරු පැනක් බොතොත් වේවායි මා විචාරාම කව බොවයි විධානය කළෝය. ඒ වානරයොත් එබස් යහපතැයි පිළිගෙණ එක් දවසක් පෙර නොගියවිරූ තැනකට ගොස් එතැන්හි දහවල් දෙවරු ඇවිද පැන් සොයන්නාහු එක් පොකුණක් දැක පැන් නොබීම බෝධිසත්වයන්ගේ ඊම බල බලා උන්නාහුය. එකල්හි බෝධිසත්වයෝ අවුත් කිමෙක්ද දරුවෙනි. පැන් නොබෙව්වදැයි කිවුය. වානරයෝ කියන්නාහු නුඹ වහන්සේ එනතෙක් බලාඋනුම්හයි සිසාරා ඇවිද පියවර පරීක්ෂා කරන්නාහු දියටබට පියවර මදැක දියෙන් ගොඩ නැගී පියවර නොදැක ඒ කාන්තයෙන් මේ අමුනුෂ්යපරිගෘහිත වූ පොකුණක් වුවමැනවැයි දැන් පැන් නොබී උන්නාවූ තොප විසින් කෙළද ඉතා යහපත් වන්නේය. මේ අමුනුෂ්යධිගෘහිත පොකුණෙකැයි කිවුය. උදාකරාක්ෂසයාද ඒ වඳුරන් දියට නොබස්නවුන් දැක නිල්වූ බඩ හා ධවල වූ මුක ඇතිව රත්වු අතුල්පත් පතුල්තල ඇතිව භයංකර වේශයෙන් දිය දෙබැකොට නික්ම කුමක්නිසා උනුද පොකුණට බැස පැන් බොවයි කීය. එකල මහබෝසතානෝ ඕහට කියන්නෝ මේ පොකුණෙහි උපන් උදක රාක්ෂෂයා නම් තෝදැයි විචාලෝය. එසේය මම යයි කී කල්හි පොකුණට බටවුන් කන්නට ලැබෙන්නේදැයි කිවුය. එසේය ලබමි මම මීට බට යටත් පිරිසෙයින් පක්ෂීන් පටන් කිසිකෙණෙකුන් නොහරිමි. තොපි ඇමදෙනාත් කන්නෙමි වේදැයි දියරකුසු කීය. ඒ බස් ඇසූ බෝධිසත්වයෝ අපි තොප විසින් අප හැම දෙනා කෑනොදෙම්හයි කිවුය. එසේකළ පැනුත් බොන්නෙව්වේදැයි දියරකුසු කීය. එසේය පැනුත් බොම්හ තොප වසඟයටත් නොපැමිණෙම්හයි කීවුය. එසේකළ කෙසේ පැන් බොව්දැයි උදක රාක්ෂයා කීකල්හි කිමෙක්ද තෝ බැස පැන්බොතියි සිතන්නෙහිද බෝධිසත්වයෝ කියා අපි අම අසූදහසක් පමණ වඳුරෝ පොකුණට නොබැසම එකෙක් බටදණ්ඩක් ගෙණ ඇඹුල ඇඹුල දණ්ඩන් පැන්බොන්නවුන් මෙන් තාගේ පොකුණෙන් පැන් බොම්හ. එසේ කල්හි තොපි අප ඇමදෙනා කන්ට අසමර්ථ වන්නෙහි වේදැයි කිවුය. මෙසේ කියා මහබෝසතාණෝ එක් බට දණ්ඩක් ගෙන්වා හැරගෙණ පාරමි ධර්මයෙන් ආවර්ජිනා කෙරෙමින් සත්‍යක් ක්‍රියා කොට මුඛයෙන් පිඹපූහ. බටදණ්ඩ ඇතුළෙන් කිසිම ගැටයක් නැතිව මුල සිට අග දක්වා හැම තැනම සිදුරු විය. මෙම ක්‍රමයෙන් අනිකුත් අනිකුත් බට දඬු ගෙන්වා පිඹ දුන්නේය. තවද මෙසේ කල්හි පිඹ නිමවන්නට නොපිළිවන් යයි කියා බෝධිසත්වයෝ මේ පොකුණ වටකොට අටගත් සියලු බ ෙදඬු එකචජිද්රවේවායි කියා අධිෂ්ඨාන කළෝය. බෝධිසත්වවරයාගේ කුසල් මහත් බැවින් සිතූ දෙය සමෘද්ධ වන්නේය. එසේහෙයින් එතැන්පටන් ඒ පොකුණ වටකොට සිටි සියළුම බටදඬු ඒකච්ජිද්රවිය. එකරන්ධ්රවිය.. මේ කාලපයෙහි කල්පස්ථායික වූ ප්රාතිහාර්යය සතරෙක් වන්නේය. ඒ සතර කවරේද යත්. චන්ද්‍රයාගේ ශශලාඤජන මේ කල්පය මුලුල්ලෙහි සිටිනේය. වට්ටක ජාතකයෙහි ගිනි නිවි ගියතැන් මේ කප මුලුල්ලෙහි ගින්නෙන් නොදවන්නේය. ඝටිකාර නම් කුම්භාකාරයාගේ ගේ පිහිටි තැන් සියලු මේ කප නොතෙම තිබෙන්නේය. මේ පොකුණ පිරිවරා සිටි සියලු බටදඬු මේ කප මුලුල්ලෙහි එකරන්ධ්රව තිබෙන්නේයැයි මෙසේ කල්පස්ථායි වූ ප්රාතිහාර්ය සතරක් වන්නේය. බෝධි සත්වයෝ මෙසේ අධිෂ්ඨාන කොට එක බට දණ්ඩක් ගෙණ උන්නාහුය. ඒ අසුදහසක් පමණ වානරයෝත් එකි එකි බට දණ්ඩක් ගෙණ පොකුණ පිරි වරා උන්නාහුය. ඔහු ඇමදෙනෙක් බෝධිසත්වයන් බට දණ්ඩෙන් උරා පැන් බොන්ට ගත් කල්හි හැමදෙනාම ගොඩහිඳ බට දණ්ඩෙන් උරා පැන් පුවාහුය. මෙසේ ඔවුන් ඇම දෙනාම පැන් පු කල්හි උදක රාක්ෂසයා කිසිවක් නොලැබ නොසතුටුව සිත් ඇතිව තමා වසන්නාවූ ස්ථානයටම ගියේය. බෝධිසත්වයෝත් සහපිරිවරින් වලටම වන්නාහුය. ශාස්තෘන් වූ සම්‍යක් සම්බුදු රජානන් වහන්සේ මහනෙනි මේ බට දඬු සිදුරුවීම මාගේම පුරාතන අධිෂ්ඨානයෙකැයි මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ නළපාන ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි උදක රාක්ෂසයා නම් දැන් මේ දේවදත්ත ස්ථවිරයෝය. අසූදහසක් වානරයෝ නම් දැන් මේ බුදු පිරිස්ය. උපායෙහි දක්ෂ වූ වානර රජ්ජුරුවෝ නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මමම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

[QUOTE="1118lakmalkumara, post: 6410169, member: 204945"] [b]22 නලපාන ජාතකය[/b] [B][SIZE=6]22 නලපාන ජාතකය [/SIZE][/B] [SIZE=4][COLOR=blue]තවද එක්සමයෙක් හි දෙවිබඹුන් මුදුනෙහි කෙළනා පාපියුම් ඇති ලෝකස්වාමී වූ සර්වඥයන් වහන්සේ කොසොල්දනව්වෙහි සැරිසරා ඇවිදිනා සේක් නලපාන නම් ගමට පැමිණ නලපාන නම් පොකුණ සමීපයෙහි වූ වැටකේ වනයෙහි වසනසේක් බටදඬු අරභයා මේ ජාතකය වදාළසේක. එසමයෙහි භික්ෂූන් වහන්සේ නලපාන නම් පොකුණෙන් පැන් සනහා ඉදිකටු කුළා නිසා සාමණේරයන් වහන්සේ ලවා බටදඬු කප්පවා ගෙන්වා ගෙණ ඒ සියළු බටඬු ගැට නැතිව එකච්ජිද්රව දිගටම සිදුරු නියාව දැක බුදුන් කරා ගොස් ස්වාමීනි අපි ඉදිකටු කුළා නිසා බටදඬු ගෙන්වුම්හ. ඒ පිළිබඳ මුල පටන් අග දක්වා සිදුරුය. මේ කිමෙක්දැයි විචාළෝය. සර්වඥයන් වහන්සේ එබස් අසා මහණෙනි. මේ මාගේ පුරාතනයෙහි අධිෂ්ඨානයෙකැයි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක. [/COLOR][/SIZE] [URL="http://jathakakatha.org/jk22/pnk22.htm"] [/URL][B] [/B] [SIZE=4][COLOR=blue]යටගිය දවස ඒ වනලැහැබ වල්වූයේය. ඒ පොකුණෙහිත් එක් දිය රකුසෙක් පොකුණට බට මිනිසුන් කන්නේය. එසමයෙහි බෝධිසත්වයෝත් තිත්මුවකු හා මහතැති වඳූරු රජව අසූදහසක් පමණ වඳුරන් විසින් පිරිවරණ ලදුව වඳුරුමුල පරිහරණය කෙරෙමින් ඒ වනයෙහි වසන්නාහුය. ඒ මහාබෝසතානෝ වානර සමූහයාට අවවාද දෙන්නාහු දරුවෙනි මේ වන යෙහි විෂවෘක්ෂයෝත් අමනුෂ්යාධීගෘහිතවු පුෂ්පකරණිහුත් වෙති. එසේ හෙයින් තොපි හැම නොකෑවිරු ඵලා ඵලයන් කතොත් වේවායි නුපූවිරු පැනක් බොතොත් වේවායි මා විචාරාම කව බොවයි විධානය කළෝය. ඒ වානරයොත් එබස් යහපතැයි පිළිගෙණ එක් දවසක් පෙර නොගියවිරූ තැනකට ගොස් එතැන්හි දහවල් දෙවරු ඇවිද පැන් සොයන්නාහු එක් පොකුණක් දැක පැන් නොබීම බෝධිසත්වයන්ගේ ඊම බල බලා උන්නාහුය. එකල්හි බෝධිසත්වයෝ අවුත් කිමෙක්ද දරුවෙනි. පැන් නොබෙව්වදැයි කිවුය. වානරයෝ කියන්නාහු නුඹ වහන්සේ එනතෙක් බලාඋනුම්හයි සිසාරා ඇවිද පියවර පරීක්ෂා කරන්නාහු දියටබට පියවර මදැක දියෙන් ගොඩ නැගී පියවර නොදැක ඒ කාන්තයෙන් මේ අමුනුෂ්යපරිගෘහිත වූ පොකුණක් වුවමැනවැයි දැන් පැන් නොබී උන්නාවූ තොප විසින් කෙළද ඉතා යහපත් වන්නේය. මේ අමුනුෂ්යධිගෘහිත පොකුණෙකැයි කිවුය. උදාකරාක්ෂසයාද ඒ වඳුරන් දියට නොබස්නවුන් දැක නිල්වූ බඩ හා ධවල වූ මුක ඇතිව රත්වු අතුල්පත් පතුල්තල ඇතිව භයංකර වේශයෙන් දිය දෙබැකොට නික්ම කුමක්නිසා උනුද පොකුණට බැස පැන් බොවයි කීය. එකල මහබෝසතානෝ ඕහට කියන්නෝ මේ පොකුණෙහි උපන් උදක රාක්ෂෂයා නම් තෝදැයි විචාලෝය. එසේය මම යයි කී කල්හි පොකුණට බටවුන් කන්නට ලැබෙන්නේදැයි කිවුය. එසේය ලබමි මම මීට බට යටත් පිරිසෙයින් පක්ෂීන් පටන් කිසිකෙණෙකුන් නොහරිමි. තොපි ඇමදෙනාත් කන්නෙමි වේදැයි දියරකුසු කීය. ඒ බස් ඇසූ බෝධිසත්වයෝ අපි තොප විසින් අප හැම දෙනා කෑනොදෙම්හයි කිවුය. එසේකළ පැනුත් බොන්නෙව්වේදැයි දියරකුසු කීය. එසේය පැනුත් බොම්හ තොප වසඟයටත් නොපැමිණෙම්හයි කීවුය. එසේකළ කෙසේ පැන් බොව්දැයි උදක රාක්ෂයා කීකල්හි කිමෙක්ද තෝ බැස පැන්බොතියි සිතන්නෙහිද බෝධිසත්වයෝ කියා අපි අම අසූදහසක් පමණ වඳුරෝ පොකුණට නොබැසම එකෙක් බටදණ්ඩක් ගෙණ ඇඹුල ඇඹුල දණ්ඩන් පැන්බොන්නවුන් මෙන් තාගේ පොකුණෙන් පැන් බොම්හ. එසේ කල්හි තොපි අප ඇමදෙනා කන්ට අසමර්ථ වන්නෙහි වේදැයි කිවුය. මෙසේ කියා මහබෝසතාණෝ එක් බට දණ්ඩක් ගෙන්වා හැරගෙණ පාරමි ධර්මයෙන් ආවර්ජිනා කෙරෙමින් සත්‍යක් ක්‍රියා කොට මුඛයෙන් පිඹපූහ. බටදණ්ඩ ඇතුළෙන් කිසිම ගැටයක් නැතිව මුල සිට අග දක්වා හැම තැනම සිදුරු විය. මෙම ක්‍රමයෙන් අනිකුත් අනිකුත් බට දඬු ගෙන්වා පිඹ දුන්නේය. තවද මෙසේ කල්හි පිඹ නිමවන්නට නොපිළිවන් යයි කියා බෝධිසත්වයෝ මේ පොකුණ වටකොට අටගත් සියලු බ ෙදඬු එකචජිද්රවේවායි කියා අධිෂ්ඨාන කළෝය. බෝධිසත්වවරයාගේ කුසල් මහත් බැවින් සිතූ දෙය සමෘද්ධ වන්නේය. එසේහෙයින් එතැන්පටන් ඒ පොකුණ වටකොට සිටි සියළුම බටදඬු ඒකච්ජිද්රවිය. එකරන්ධ්රවිය.. මේ කාලපයෙහි කල්පස්ථායික වූ ප්රාතිහාර්යය සතරෙක් වන්නේය. ඒ සතර කවරේද යත්. චන්ද්‍රයාගේ ශශලාඤජන මේ කල්පය මුලුල්ලෙහි සිටිනේය. වට්ටක ජාතකයෙහි ගිනි නිවි ගියතැන් මේ කප මුලුල්ලෙහි ගින්නෙන් නොදවන්නේය. ඝටිකාර නම් කුම්භාකාරයාගේ ගේ පිහිටි තැන් සියලු මේ කප නොතෙම තිබෙන්නේය. මේ පොකුණ පිරිවරා සිටි සියලු බටදඬු මේ කප මුලුල්ලෙහි එකරන්ධ්රව තිබෙන්නේයැයි මෙසේ කල්පස්ථායි වූ ප්රාතිහාර්ය සතරක් වන්නේය. බෝධි සත්වයෝ මෙසේ අධිෂ්ඨාන කොට එක බට දණ්ඩක් ගෙණ උන්නාහුය. ඒ අසුදහසක් පමණ වානරයෝත් එකි එකි බට දණ්ඩක් ගෙණ පොකුණ පිරි වරා උන්නාහුය. ඔහු ඇමදෙනෙක් බෝධිසත්වයන් බට දණ්ඩෙන් උරා පැන් බොන්ට ගත් කල්හි හැමදෙනාම ගොඩහිඳ බට දණ්ඩෙන් උරා පැන් පුවාහුය. මෙසේ ඔවුන් ඇම දෙනාම පැන් පු කල්හි උදක රාක්ෂසයා කිසිවක් නොලැබ නොසතුටුව සිත් ඇතිව තමා වසන්නාවූ ස්ථානයටම ගියේය. බෝධිසත්වයෝත් සහපිරිවරින් වලටම වන්නාහුය. ශාස්තෘන් වූ සම්‍යක් සම්බුදු රජානන් වහන්සේ මහනෙනි මේ බට දඬු සිදුරුවීම මාගේම පුරාතන අධිෂ්ඨානයෙකැයි මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ නළපාන ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි උදක රාක්ෂසයා නම් දැන් මේ දේවදත්ත ස්ථවිරයෝය. අසූදහසක් වානරයෝ නම් දැන් මේ බුදු පිරිස්ය. උපායෙහි දක්ෂ වූ වානර රජ්ජුරුවෝ නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මමම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom