පබලුගල

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    348701084_965939591266676_2549268578116193556_n.jpg


    කුරුණෑගල දිස්ත්රික්කයේ ගිරිබාව ප්රදේශයේ පබලුගල ලෙස නම් වූ ප්රදේශයක් විය. සාමාන්යයෙන් වර්ශාවෙන් පසු මෙම ප්රදේශයෙන් පබලු සහ වීදුරු කැබලි මතු වීම එහි වැසියන්ට සාමාන්ය දෙයක් බවට පත් වී තිබී ඇත. යම් පුද්ගලයෙක් හෝ පිරිසක් මේ ගැන පුරාවිද්යා දෙපාර්තුමෙන්තුව දැණුවත් කල පසු එහි අක්කර 30ක ප්රමාණයක් පුරාවිද්යා රක්ෂිතයක් බවට පත් කර තිබේ.
    කැලණි විශ්වවිද්යාලයේ උරුම අධ්යයන කේන්ද්රය මෙහි ගවේෂණය කිරීමට අවසර ලබන අතර එම ගවේෂණ ආචාර්ය මංගල කටුගම්පල යටතේ ආරම්භ විය. එහිදී විශේෂ ස්ථාන දෙකක කැණීම් කල ඔවුන් වීදුරු නිස්සාරණයට භාවිතා කල උදුන් දෙකක් සොයා ගැනීමෙන් පසු වැඩිදුර ගවේෂණ කටයුතු සඳහා ජර්මන් සහ ප්රංශ ජාතික විශේෂඥයන්ද සම්බන්ධ වී තිබේ.
    පොළවේ චුම්භකත්වය වෙනස් වන ආකාරය නිරීක්ෂණය කල හැකි ස්කෑනර් යන්ත්ර භාවිතයෙන් එහි පොළොව අභ්යන්තරයේ ඇති තවත් උදුන් 40ක් නිරීක්ෂණය කරන්නට එම විදේශ විශේෂඥයින් සමත් වන අතර එහි ස්ථාන තෝරා සාම්පල කැණීමක් සිදු කර එම උදුන් නිශ්චිතවම එහි ඇති බව තහවුරු කර ගෙන තිබේ.
    මේ උදුන් ප්රමාණය අනුව මෙම ස්ථානය දකුණු ආසියාවේ මෙතෙක් සොයා ගත් විශාලතම පුරාණ වීදුරු නිස්සාරණ සහ පබලු නිශ්පාදන කර්මාන්ත ශාලා පැවති ප්රදේශය බව මේ වන විට ගවේෂකයන් තහවුරු කර ඇත. එහි නිශ්පාදන ධාරිතාවය අනුව මෙරට අවශ්යතාවයට සේම අපනයනය සදහාද පබලු නිපද වූ බව සනාථ වන බවත් ගවේෂකයන් පවසයි.
    මෙම ස්ථානය හදුනාගැනීමට පෙර වීදුරු පබලු නිශ්පාදනය දකුණු ඉන්දියාවේ ආරම්භ වී ඇති බව නිගමනය වී තිබුණත් මේ සොයා ගැනීම සමග එම මතය වෙනස් කිරීමට සිදු වී තිබේ. ආචාර්ය මංගල කටුගම්පල පවසන ආකාරයට ශ්රී ලංකාවේ පබලුගල පබලු නිශ්පාදනය ඉන්දියාවේ හමු වී ඇති පබලු නිශ්පාදන ඉතිහාසයෙන් ඔබ්බට යන බව විශ්වාස කිරීමට ප්රබල සාක්ෂි ඔවුන් සතුව ඇත. ඒ අනුව ආසියානු කලාපයේ වීදුරු නිස්සාරණය මුලින්ම සිදු කලේ මෙහි විසූ ජනයා බව සිතීම වරදක් නොවේ.
    එසේම මෙම ප්‍රදේශයේ විසූ ජනයා ක්රිස්තු පූර්ව 900 (බුද්ධ කාලයට අවුරුදු 300කටත් පෙර) පමණ අතීතයේදීත් පබලු භාවිතා කල බව සනාථ කල හැකි සාධක මෙරටින් හමුවී ඇත.
    පබලුගල ගවේෂණය සඳහා කැලණිය විශ්වවිද්යාලයේ උරුම අධ්යයන කේන්ද්රයේ අධ්යක්ෂ ආචාර්ය මංගල කටුගම්පල, පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ හිටපු කැණීම් අධ්යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා, ජර්මන් ජාතික පුරාවිද්යා ආචාර්ය Ariane de Saxce, ආචාර්ය Joelle Rolland සහ Roman Scholz ඇතුළු විශේෂඥයින් පිරිසක් දායක වී තිබේ.
    විශ්ව චින්තන (උපුටා ගැනීමකි.)
     
    • Haha
    Reactions: EVC