පමාවුනු පෙම්වතිය

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    පමාවුනු පෙම්වතිය

    වැසූ ඉස්තාලයේ දොර ලඟ
    ළඳරුවෙකුසේ නුඹ හඬන්නා
    අසරුවෙකු විත් ඉමේ සිටගෙන
    සැරයැටිය පොලොවේ අනින්නා

    නොවිලිකුන් නුඹෙ සිනිදු සුකොමල
    පොකුල් සල් පෙති කොහේ සිතුනා
    නාඬන්න පෙර මිහිරියේ මා
    ලපටි වෙළඹක් ඇකයේ නිදන්නා

    වින්ද පෙම් දේඳුන්න හෙමිහිට
    රාග මිහිදුම් වසා තිබුනා
    වැස්ස නතරව නිල් අහස යට
    හදේ පැන්කෙම පිරී දිලුනා
     
    Last edited: