ශ්‍රී ලංකාවේ පසුගිය මහා මැතිවරණය පැවැති නොවැම්බර් 14 දිනට පෙර දින එනම් නොවැම්බර් 13 වැනිදා එතෙක් ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රවේශය තහනම් කොට තිබූ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ තහනම වසර 16 කට පසු ඉවත් කරන ලද්දේ ය.
ශ්‍රී ලංකාවේ මෑත කාලීනව ඉතා බලවත් වාරණයකට, පීඩනයකට සහ මර්දනයට ලක් වූ ජනමාධ්‍යයක් වී නම් ඒ ලංකා ඊ නිව්ස් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
නූතන ලෝකයේ සෑම කල්හිම ආණ්ඩු සහ ජනමාධ්‍ය අතර ඇත්තේ "සතුරු-මිතුරු" සබඳතාවයකි. ලංකා ඊ නිව්ස් විෂයෙහි ගත් කල අප සැම විටම සිටගෙන සිටියේ ජනතාවගේ පැත්තේ ය.
අපගේ මෙම භාවිතය ජනපීඩක රාජපක්ෂ ආණ්ඩුවට ඉවසුම් නොදෙන්නක් විය. ඔව්හු අප ජනතාවගෙන් ඈත් කොට තබන්නට නොගත් තැතක් නැත. නා නා විධ තර්ජන, ගර්ජන, මුසාවාද, අවලාද, පොලිස් පරීක්ෂන, රහස් පොලිස් පරීක්ෂන සහ නඩු හබ අවසානයේ ඔව්හු අපගේ මාධ්‍ය සගයෙකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කළහ. එතැනින් නැවැත්වීමට නොහැකි වූ කල නාඳුනන තුවක්කු කරුවන් එවා අපගේ ඉරණම විසඳන්නට පවා වෑයම් කළහ. එම වෑයම අවසන් වූයේ අපට මව්බිම හැර දමා පළා යන්නට කටයුතු සැකසීමෙනි.
අපගේ කාර්යාලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ හිමිකරුවන්ට තර්ජනය කර අපට උන්හිටි තැන් නැති කළ රාජපක්ෂ රෙජීමය ඉතා දුෂ්කර තත්ත්වයක් තුල අපගේ හිතවතෙකුගේ පිළිසරණ යටතේ පවත්වාගෙන ගිය කාර්යාලයට ද ගිනි තබා විනාශ කළහ. පරම්පරා තුනක් විසින් එක්රැස් කොට අප සතු කර තිබූ වටිනා පුස්තකාලය අපට අහිමි විය. අපගේ පරිඝනක, ඡායාරූප සංචිතයේ නෙගටිව් පට පවා විනාශ කරන ලද්දේ ය.
එහෙත් ඔවුනට විනාශ කළ නොහැකි තවත් දේ ඉතිරිව තිබිණි. ඒ මර්දනයට සහ පීඩනයට එරෙහිව අප සතුව තිබූ අධිෂ්ඨානය සහ දෙස් විදෙස් අපගේ පාඨකයන් අප වෙත තබා තිබූ විශ්වාසය යි.
දිවයිනෙන් විප්‍රවාසීව අපි අලුත් පියවරක් තැබුවෙමු. එතෙක් අප ආ ගමන් මගට බෙහෙවින් වෙනස් වූ තරමක් දඩබ්බර ප්‍රවේශයක් ගන්නට අපි තීරණය කෙළෙමු. එය අප හැඳින්වූයේ "ගරිල්ලා මාධ්‍ය කලාව" යන නමිනි. එය ඇත්තෙන්ම අපට අලුත්ම අත්දැකීමක් හෝ අත්දැකීම් සමුදායක්ම විය.
නූතන සංනිවේදන තාක්ෂනයේ විවිධ අඩවි වල අඩව් අල්ලන්නට අපට බොහෝ තාක්ෂනවේදීහු නිස්සරණාධ්‍යාශයෙන් උපකාර කළහ. නැති බැරි විටෙක මුදලින් ද උපකරණ ආදියෙන් ද නොමසුරු ලෙස පරිත්‍යාග කරන්නට ඉදිරිපත් වූහ. නමින් සඳහන් කළ නොහැකි බොහෝ දෙනෙකු අප දිරි ගැන්වීමට අප සමග මහා පවුරක් සේ නැගී සිටියහ. ගරිල්ලා මාධ්‍යයකට නැතිවම බැරි ජනතාව අතරේ සිටිමින් සත්‍ය වූත් නිරවද්‍ය වූත් තොරතුරු ක්ෂනිකව සපයා දෙන 'රහස්‍ය අභ්‍යන්තර දැවැන්ත තොරතුරු ජාලයක්' ශ්‍රී ලංකාව තුල අප වෙනුවෙන් නිර්මාණය විය. ඔව්හු තම ජීවිත අවදානම පවා ජනතාව වෙනුවෙන් ගත්හ.
අපට සිහිනෙන්වත් ලඟා විය නොහැකි ස්ථාන වල සිට සිහිනෙන්වත් සිතාගත නොහැකි පුද්ගලයෝ අප වෙත තොරතුරු ලබා දුන්නෝ ය. ඒ සියළු දිරිමත් යහපත් මිනිසුන් සහ ගැහැණුන් හට ලංකා ඊ නිව්ස් හි කෘතඥතාවය පළ කරන්නට මීට වඩා මහඟු අවස්ථාවක් අපට ලැබෙන්නේ නැත.
ලංකා ඊ නිව්ස් හි අප ඊනියා අපක්ෂපාතී මාධ්‍යයක් නොවේ. තමන් අපක්ෂපාතී යයි මොර දෙමින් හොර පාරෙන් පක්ෂපාතී වීමේ පුරුද්දක් අපට නැත. අපගේ පක්ෂපාතීත්වයන් අපි එළිපිට පෙන්වමු. එසේම අපගේ පාඨක ජනතාවගේ අපේක්ෂාවන් පාවා නොදෙමු.
අපට ද වැරදුනු තැන් තිබේ. ඒවා නිහතමානීව පිළිගනිමු. ඒ ඒ දේශපාලන තත්ත්වයන් සහ සන්දර්භයන් තුල අපගේ අවබෝධයන් සහ විශ්වාසයන් මත අප විසින් විශ්වාසය තැබුවන් විසින් අප පාවා දෙනු ලැබූ අවස්ථාවන් පිළිබඳ අත්දැකීම් අපි අත්දැක්කෙමු. මව්බිමේ පය ගසා සිටින්නට නොහැකි වීමේ අභාග්‍යය නිසාම අපගේ නම විකුණන් කෑ තක්කඩියන් පිළිබඳ කතා ද, අපට කැපූ බොරු වළවල් ගැන කතා ද රාශියක් අප සතුව තිබේ.
කෙසේ නමුත් අභිනවයෙන් ශ්‍රී ලංකාවේ බලයට පත් වූ ජාතික ජනබලවේග ආණ්ඩුව අපගේ තහනම ඉවත් කිරීම ගැන අපි සතුටු වෙමු. එය ජනමාධ්‍යය ප්‍රජාතන්ත්‍රීයකරණය පිළිබඳ ඔවුන් ජනතාවට දුන් පොරොන්දුව ඉටු කිරීමේ ආරම්භයක් ලෙස අපි සලකමු. එය අප වෙත කරන ලද පුද්ගලික උපකාරයක් ලෙස නොව ශ්‍රී ලාංකික ජනතාව වෙත වූ තම වගකීම ඉටු කිරීමක් ලෙස ගන්නැයි අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.
රාජ්‍ය පාලනයේ දී ඔබ අතින් සිදුවන කුඩා අතපසු වීමක් පවා නොපමාව නොසඟවා පෙන්වා දීමට අප බැඳී සිටින බව ද අපි ප්‍රකාශ කරමු. ශ්‍රී ලංකාවේ ජනතාව මෙන්ම පුද්ගලිකව ද සාමූහිකව ද දිගු කාලයක් තිස්සේ අප බලාපොරොත්තු වූ, ප්‍රාර්ථනා කළ යහපත් සමාජය ශ්‍රී ලංකා භූමිය තුල ගොඩ නැගෙනු දකින්නට අපි බලා සිටිමු.
1968 ගිම්හානයේ දී ප්‍රංශයේ පැවැති උද්ඝෝෂනයන් ට උද්යෝගිමත්ව සහභාගී වූ ලෝක ප්‍රකට දාර්ශනිකයෙකු වූ ෂෝන් පෝල් සාත්‍රේ සිවිල් දඩබ්බර කම යටතේ අත් අඩංගුවට ගන්නා ලද්දේ ය. එවකට ප්‍රංශයේ ජනාධිපතිවරයාව වූ චාර්ල්ස් ඩිගෝල් වහාම මැදිහත් වී ඔහුට සමාව දී මුදා හරින ලද්දේ "ඔබට වෝල්ටෙයාර් අත් අඩංගුවට ගත නොහැකියි" යනුවෙන් ප්‍රකාශ කරමිනි.
වොල්ටෙයාර් යනු, "ඔබ කියන්නක් මම අනුමත නොකරමි. නමුත් එය කීමට ඔබට ඇති අයිතිය මම දිවි හිමියෙන් ආරක්ෂා කරමි" යන උද්ධෘතයෙහි හිමිකරු ය.