පරණ පත්තර ගොඬේ ලක්ෂ 3 ක්

EVALUTION

Active member
  • Oct 11, 2014
    245
    82
    28
    Colombo, Sri Lanka
    පරණ පත්තර ගොඬේ ලක්ෂ 3 ක්

    රුපියල් 100 ට විකුණූ පරණ පත්තර ගොඬේ ලක්ෂ 3 ක්

    අයිතිකරුට බාරදෙයි

    පරණ පත්තර සහ අබලි ද්‍රව්‍ය එකතු කිරීමේ රැකියාවේ නියුතු පුද්ගලයකු රුපියල් 100කට මිලදී ගත් පත්තර මිටියක තිබූ රුපියල් ලක්ෂ තුනක මුදලක් එහි අයිතිකරුට බාරදීමේ සිද්ධියක් හොරණින් වාර්තා වේ.

    හොරණ, පෝරුවදණ්ඩ, පැලවිටිගොඩ අංක 138 ලිපිනයේ පදිංචි ආර්. කරුණාරත්න මහතා කුඩා ලොරියකින් හොරණ සහ අවට ප්‍රදේශවල සැරිසරමින් පරණ පත්තර, අබලි ද්‍රව්‍ය ආදිය එකතු කර ඒවා විකුණා සාධාරණ ජීවිකාවක් කරගෙන යන එක් දරු පියෙකි.

    ඉකුත් 17 වැනිදා ඔහු සිය සේවකයා වන හොරණ ඇලකන්ද පදිංචි වේලු සම්මුගන් සේදරන් සමග කුඩා ලොරියක ගැට ගසන ලද ශබ්ද විකාශන යන්ත්‍රයක් උපයෝගී කරගෙන පරණ පත්තර හා ඉවත ලන අබලි ද්‍රව්‍ය මිලදී ගන්නා බවට ප්‍රචාරය කරමින් හොරණ නගරය ආසන්නයේ අතුරු මාර්ග රැසක නිවාස කිහිපයකට ගොස් ඒවා මිලදීගෙන අනතුරුව 20 කණුව ප්‍රදේශයට ද ගොස් ඇත.

    එම ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක් ඔවුන්ට කතා කර නිවසේ තිබූ පරණ පත්තර තොගයක් දී තිබූ අතර කිලෝ දහයක් තිබූ එම පත්තර තොගයට රුපියල් සියයක් දී එම පත්තර තොගය පොහොර උරයක දමාගෙන එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.

    එම ප්‍රදේශයේම තවත් නිවාස කිහිපයකින් යකඩ, ප්ලාස්ටික් හා පරණ පත්තර ද මිලදී ගත් කරුණාරත්න එකතු කරගත් සියලුම දෑ වෙනදාත් විකුණන හොරණ, මුණගම අබලි ද්‍රව්‍ය වෙළෙඳසැල වෙත සිය සේවකයා හා ලහි ලහියේ පිටත් වූයේ ලොරියේ කාර්මික දෝෂයක් කාර්මිකයකු ලවා සකසාගැනීමේ අවශ්‍යතාව තිබූ හෙයිනි.

    මුණගම වෙළෙඳසල කරා ලොරිය පැද වූ කරුණාරත්න සිය සේවකයා ලවා එකතු කරගත් සියලුම භාණ්ඩ ලොරියෙන් පිටතට ගෙන වෙන් කරන්නට විය.

    සිය සේවකයා ලොරියේ පිටුපසට වන්නට තිබූ පත්තර දැමූ පොහොර බෑග් ඔහු වෙත දුන් අතර කරුණාරත්න ඒවා පිටතට ගෙන සකස් කරමින් සිටියදී පත්තර අතර රබර් පටියක් දැමූ මුදල් නෝට්ටු මිටියක් තිබෙන අයුරු දැක ඇත.

    වහා එය අතට ගත් ඔහු වෙළෙඳසැලේ පසෙකට ගොස් කාටත් නොපෙනෙන පරිදි පරීක්ෂා කිරීමේදී රුපියල් පන් දහසේ නෝට්ටු හැටක් ඒ තුළ අඩංගුව තිබෙන අයුරු දැක ගත හැකි වී තිබේ.

    ඒ බව සිය සේවකයාට හෝ නොපැවසූ කරුණාරත්න එදින එකතු කරගත් සියලුම පත්තර ඇතුළු අබලි ද්‍රව්‍ය එම වෙළෙඳසලට දී ඒ වෙනුවෙන් මුදල් ද රැගෙන ලොරිය සාදා ගැනීමට හොරණ නගරයේ ස්ථානයකට ගියේ රුපියල් ලක්ෂ තුනේ හිමිකරු එදිනම සොයා ගැනීමේ හෝ සොයා එයි යන අදහසිනි.

    මේ අතරතුර 20 කණුව ප්‍රදේශයේ නිවසේ කරුණාරත්න පත්තර විකුණූ කාන්තාවගේ සැමියා නිවසට පැමිණ පත්තර අතර සැඟවූ මුදල් අවශ්‍යතාවකට ගැනීම සඳහා එම ස්ථානයට ගොස් තිබේ.

    image_dc81116e46.jpg

    ආර්. කරුණාරත්න මහතා (වමේ) ඔහුගේ සේවකයා වන වේලු සම්මුගන් සේදරන් (දකුණේ) පරණ පත්තර හා අබලි ද්‍රව්‍ය එකතු කරන ලොරිය ඉදිරිපිට දී

    රුපියල් ලක්ෂ තුනක මුදල සඟවා තිබූ පත්තර ගොඩ එම ස්ථානයේ දක්නට නොවූයෙන් ඔහු නිවසේ සෑම තැනකම එය සොයා බැලුවේය.

    පත්තර ගොඩ නොවූයෙන් පපුව රත්වී දැඩි කලබලයට පත් ඔහු සිය බිරියගෙන් ඒ ගැන විමසීමේදී එම පත්තර තොගය විකුණූ බව පවසා ලොරිය පිළිබඳ හා එහි පැමිණි පුද්ලයන්ගේ හැඩරුව මතක ඇති අයුරින් සැමියාට පැවැසුවාය.

    වහා ක්‍රියාත්මක වූ මුදල් හිමිකරු සිය බිරිය ද කැටුව නගරයේ අබලි ද්‍රව්‍ය තොග ගණනට මිලදී ගන්නා ව්‍යාපාරිකයා හමුවට ගොස් නිවසට පත්තර මිලදී ගැනීමට පැමිණි පුද්ගලයන්ගේ හැඩරුව පවසා ඔවුන්ට පත්තර විකුණු බවත් ඒ තුළ ඉඩමක ඔප්පුවක් තිබූ බවත් පවසා ඇත.

    එම අඹුසැමි යුවළ පැවසූ තොරතුරු අනුව එම පුද්ගලයා පැල්විටිගොඩ කරුණාරත්න බව වහා හඳුනාගත් ව්‍යාපාරිකයා කරුණාරත්නගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගෙන වෙළෙඳසලට වහා පැමිණෙන ලෙස දැනුම් දුන්නේය.

    ඒ අනුව කරුණාරත්න එම ස්ථානයට පැමිණි අතර අඹුසැමි යුවළ ද එම ස්ථානයේ සිට ඇත.

    වෙළෙඳ ව්‍යාපාරිකයා කරුණාරත්න අමතා, ‘මෙයාලාගේ ඉඩම් ඔප්පුවක් ඔයා ගෙනාව පත්තර මිටිය තුළ තිබුණලු. ඒක දැම්ම තැන පෙන්වන්නැ’ යි පැවැසීය.

    ‘නෝනා මහත්මයා පත්තර ගොඩ ඇතුළේ ඔප්පුවක් නම් තිබුණේ නැහැ. මෙන්න මේ සල්ලි මිටිය නම් තිබුණා. හොඳට ගැනලා ගන්න ඔතැන ශතයක්වත් අඩු නැහැ’ යැයි පවසා එම යුවළ අත තැබීය.

    පන්දහසේ නෝට්ටු 60කින් සමන්විත රුපියල් ලක්ෂ 3ක මුදල නිසි පරිදි වූයෙන් එම යුවළ ඒ මොහොතේම කරුණාරත්නට රුපියල් හතළිස් දහසක මුදලක් දීමට කෘතඥ විය.

    කරුණාරත්න ඔවුන් ඉදිරිපිටදීම තම සේවකයා වූ සේදරන් වෙත රුපියල් විසි දහසක් පරිත්‍යාග කළේ තම ගුණවත්කම තවදුරටත් කියාපාමිණි.

    මීට වසර කිහිපයකට පෙර ත්‍රීරෝද රථ රියැදුරෙකු ලෙස සිටි කරුණාරත්න පවුම් දෙක හමාරක් බරැති අත්පළඳනාවක් මෙන්ම රුපියල් හතළිස් දහසක මුදල් පසුම්බියක් ඔහුගේ ත්‍රීරෝද රථයේ වැටී තිබියදී අහුලා අයිතිකරුවන් වෙත බාරදීමට තරම් අවංක කාරුණික හදවතක් තිබූ පුද්ගලයකු බවට ඔහු හා කළ කථා බහේදී හෙළි විය.

    රුපියල් ශතවලට මනුස්සකම අමතක වී අමනුෂ්‍යකම ඉස්මතු වන අවධියක කරුණාරත්න වැනි මිනිසුන් මුළු සමාජයටම ආදර්ශයක් බව මෙම සිද්ධිය ගැන ඇසූ දුටු සියල්ලෝම පැවැසූහ.

    (බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
    lankadeepa.lk​
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බට්ට ලොරි වලට කුණු හරපෙන් බනින කිරියේ උන්දලට මේව පෙනේවා...

    සිරාවටම බන්

    බට්ට ලොරි ට්‍රිවිල් මෝටර්සයිකල් කාරයෝ ......:)

    ලෑන්ඩ්කෘසර් පැජරෝවල යන උන්ට වඩා ඔය මිනිස්සු හොදයි බන් .නුගත් කම සහ නොදැනුවත් කමට වැරදි වෙනවා .එත් ඔය සැප වාඝන වල යන උන්ගේ වැරදි පෙන්නේ නැ ඒවගේ .උන් ඔක්කොම කරන්නේ හොරෙන් ..:yes::yes:

    ඇක්සිඩන්ට් එකක් වුනාම ලෙඩෙක්ව ගෙනියන්න එන්නෙත් ඔය මේකේ ගොඩක් බනින ට්‍රිවිල් කරයෝම තමා :yes::)

    වාහන ප්‍රම්මනේ එක්ක බලනකොට පොඩි වාහන කාරයෝ වැරදි වැඩියෙන් කරනවා කියල පේනවා. එත් ඔය ලොකු වාහන කාරයින්ගෙන් සියට අනුවක් හොරු තකකඩ්යෝ තමයි.:cool: බොහොමස් කලාතුරකින් හොද මිනිහෙක් හම්බවෙන්නේ :cool:
     
    • Like
    Reactions: robinprr

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරුසිරා;22277212 said:

    සිරාවටම බන්

    බට්ට ලොරි ට්‍රිවිල් මෝටර්සයිකල් කාරයෝ ......:)

    ලෑන්ඩ්කෘසර් පැජරෝවල යන උන්ට වඩා ඔය මිනිස්සු හොදයි බන් .නුගත් කම සහ නොදැනුවත් කමට වැරදි වෙනවා .එත් ඔය සැප වාඝන වල යන උන්ගේ වැරදි පෙන්නේ නැ ඒවගේ .උන් ඔක්කොම කරන්නේ හොරෙන් ..:yes::yes:

    ඇක්සිඩන්ට් එකක් වුනාම ලෙඩෙක්ව ගෙනියන්න එන්නෙත් ඔය මේකේ ගොඩක් බනින ට්‍රිවිල් කරයෝම තමා :yes::)

    වාහන ප්‍රම්මනේ එක්ක බලනකොට පොඩි වාහන කාරයෝ වැරදි වැඩියෙන් කරනවා කියල පේනවා. එත් ඔය ලොකු වාහන කාරයින්ගෙන් සියට අනුවක් හොරු තකකඩ්යෝ තමයි.:cool: බොහොමස් කලාතුරකින් හොද මිනිහෙක් හම්බවෙන්නේ :cool:

    අනිවා.. උඹගෙ කතාව හරි.. ඔය ලොකු මිනිස්සු ගත්තාම කොටස් කිහිපයක් ඉන්නවා මචං.. සල්ලි ගොඩේම උපදින උන් එක කොටසක්.. උන් කොහොමත් නැතිබැරිකම, දුක වේදනාව දන්න උන් නෙමේ.. මොකද උන් ඒවා විඳල නැහැ.. උන් උපන් දා ඉදලා සැප විදපු උන්.. තව කොටහක් ඉන්නවා පොඩි තැන ඉදන් ලොකු තැනට සෙනිකව ආපු.. උනුත් අර විදියම තමා.. සෙනිකව වෙනස් වෙනවා.. ඔය දහ දුක් විදලා තැනකට ආපු මිනිස්සු නැතිබැරිකම, දුක වේදනාව හොදට දන්නවා.. ඒ වගේ බහුතරයක් උන් හෙන කරුණාවන්තයි.. මේ මෑතක ටවුන් එකේ එහා මෙහා දුව දුවා හිටපු බලු කුක්කෙක් දාන් ගියා මහත්තයෙක් BMW එකේ.. හැම එකාම චිප් චිප් ගගා එලව එලව යද්දි..

    ඇක්සිඩන්ට් වෙච්චි එවුන් දාන් යන්නෙ නෑ ගොඩක් අය.. මොකද ඔය වාහන තියෙන හැම එකාටම සල්ලි නෑ.. මම දැනුවත්ව ඉන්නවා එහෙම උන් ඕන තරම්.. ලොකුකමට වාහන අරගෙන තට්ටු දෙක තුනේ ගෙවල් හදලා හම්බෙන පඩියෙන් සේරම ණය වලට කැපිලා ලීසිං ගෙවලා එදා වේල පිරිමහගන්න පට්ට කට්ටක් කන.. ඒ වගේ එකෙක් ලොවෙත් මිනිහෙක් මැරෙන්න ඔන්න මෙන්න හිටියත් වාහනේ නවත්තන්නෑ.. වාහනේ ශීට් එකක ලේ පැල්ලම් ගෑවුනා කියන්නෙ යවන්න බෑ.. මිනිස්සු අනුන් ගැන හිතනවට වඩා හිතන්නෙ තමන් ගැන.. ඒක උඹටත් එකයි මටත් එකයි..

    සල්ලි වලින්, වාහන වලින් මිනිස්සු මනින්න අමාරුයි.. ත්‍රීවිල් පදින හොරු, අසහනකාරයො, මංකොල්ලකාරයොත් ඉන්නවා, Prado, Benz, BMW වල යන උනුත් ඉන්නවා.. හැබැයි නීතිය මුදලට යට නිසා එතන නම් පොඩි අවුලක් තියෙනවා..

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    බට්ට ලොරි වලට කුණු හරපෙන් බනින කිරියේ උන්දලට මේව පෙනේවා...

    යකෝ බට්ට ලොරියටත් විඥානයක් තියනවද බං , මං හිතන් හිටියේ යකඩ ගොඩක් කියල :shocked::no::shocked:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    රුපියල් ශතවලට මනුස්සකම අමතක වී අමනුෂ්‍යකම ඉස්මතු වන අවධියක කරුණාරත්න වැනි මිනිසුන් මුළු සමාජයටම ආදර්ශයක් බව මෙම සිද්ධිය ගැන ඇසූ දුටු සියල්ලෝම පැවැසූහ.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අනිවා.. උඹගෙ කතාව හරි.. ඔය ලොකු මිනිස්සු ගත්තාම කොටස් කිහිපයක් ඉන්නවා මචං.. සල්ලි ගොඩේම උපදින උන් එක කොටසක්.. උන් කොහොමත් නැතිබැරිකම, දුක වේදනාව දන්න උන් නෙමේ.. මොකද උන් ඒවා විඳල නැහැ.. උන් උපන් දා ඉදලා සැප විදපු උන්.. තව කොටහක් ඉන්නවා පොඩි තැන ඉදන් ලොකු තැනට සෙනිකව ආපු.. උනුත් අර විදියම තමා.. සෙනිකව වෙනස් වෙනවා.. ඔය දහ දුක් විදලා තැනකට ආපු මිනිස්සු නැතිබැරිකම, දුක වේදනාව හොදට දන්නවා.. ඒ වගේ බහුතරයක් උන් හෙන කරුණාවන්තයි.. මේ මෑතක ටවුන් එකේ එහා මෙහා දුව දුවා හිටපු බලු කුක්කෙක් දාන් ගියා මහත්තයෙක් BMW එකේ.. හැම එකාම චිප් චිප් ගගා එලව එලව යද්දි..

    ඇක්සිඩන්ට් වෙච්චි එවුන් දාන් යන්නෙ නෑ ගොඩක් අය.. මොකද ඔය වාහන තියෙන හැම එකාටම සල්ලි නෑ.. මම දැනුවත්ව ඉන්නවා එහෙම උන් ඕන තරම්.. ලොකුකමට වාහන අරගෙන තට්ටු දෙක තුනේ ගෙවල් හදලා හම්බෙන පඩියෙන් සේරම ණය වලට කැපිලා ලීසිං ගෙවලා එදා වේල පිරිමහගන්න පට්ට කට්ටක් කන.. ඒ වගේ එකෙක් ලොවෙත් මිනිහෙක් මැරෙන්න ඔන්න මෙන්න හිටියත් වාහනේ නවත්තන්නෑ.. වාහනේ ශීට් එකක ලේ පැල්ලම් ගෑවුනා කියන්නෙ යවන්න බෑ.. මිනිස්සු අනුන් ගැන හිතනවට වඩා හිතන්නෙ තමන් ගැන.. ඒක උඹටත් එකයි මටත් එකයි..

    සල්ලි වලින්, වාහන වලින් මිනිස්සු මනින්න අමාරුයි.. ත්‍රීවිල් පදින හොරු, අසහනකාරයො, මංකොල්ලකාරයොත් ඉන්නවා, Prado, Benz, BMW වල යන උනුත් ඉන්නවා.. හැබැයි නීතිය මුදලට යට නිසා එතන නම් පොඩි අවුලක් තියෙනවා..

    :yes::yes:
     
    සිරාවට මට මග අරුණු ඔක්කොමත් එක්කම කමෙන්ට් කළා උබ :love::love:
    රේප් + 13
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,639
    113
    බට්ට ලොරි වලට කුණු හරපෙන් බනින කිරියේ උන්දලට මේව පෙනේවා...

    අනිවා බං. BENZ BMW TOYOTA NISSAN වගේ බ්‍රෑන්ඩ් වල යන වෙසිගේ පුතාලා හිතාගෙන ඉන්නේ උන්ගේ වාහන විතරයි පාරේ යන්න ඕන කියලා. පොඩි කාර් වල මිල අඩුවෙයි කියන නිවුස් එක දැකලා එක වේසිගේ පුතෙක් කියලා තිබුනා දැන් ඉතින් පාරේ හැම තැනම ඇල්ටෝ වලින් පිරෙයි කියලා.
    මුන් හිතාගෙන ඉන්නේ පොඩි මිනිහා හැම දාම මුන්ට කඹුරගෙන ඉන්න ඕන කියලා. එහෙම උන් ඩෙංගු හැදිලම මැරිලා පල