ස්ථානය : ආපන ශාලාවක්
වේලාව : තේ පානයෙන් පසු
චරිත :
යාළුවෝ තිදෙන
මුදලාලි
කොලූවා
1 යාළුවා : කොලූ මෙහෙ බලාපන්
අපේ මේ තේ ගණන
කීයදැයි කියාපන්
කොලූවා : දෙකයි හැත්තෑ පහයි
1 යාළුවා : ආ සල්ලි අරගනින්
2 යාළුවා : එපා කොලූවෝ, සල්ලි
එපා ඔහුගෙන් ගන්න
තේ බොන්න ඒ අයට
කතා කෙරුවේ මමයි
ඒ නිසා තේ ගණන
ගෙවිය යුත්තේ මමයි
මේ සල්ලි ගෙන මගෙන්
තේ ගණන අරගනින්
3 යාළුවා : හැම දා ම උඹලා ම
ගෙවුවා ම හරි යයි ද?
මටත් එක දිනක්වත්
ගෙවන්නට ඉඩ නැද්ද?
අද ගෙවන්නේ මමයි
ගණන කීයද කොලූ?
කොලූවා : දෙකයි හැත්තෑ පහයි
3 යාළුවා : ආ, ඉඳා අරගනින්
1 යාළුවා : එහෙන් ගන්නට එපා
මේ මගෙන් අරගනින්
2 යාළුවා : සල්ලි දෙන්නේ කවුද
කියන එක එහෙම නම්
උපායක් මඟින් අපි
සොයා තෝරා ගනිමු
මෙන්න මේ රෙදි කඩින්
කොලූගේ ඇස් බඳිමු
ඊට පසු ඌට අප
අල්ලන්න යැයි කියමු
පළමුවෙන් ඔහුට අසු
වූ තැනැත්තා තමයි
තේ ගණන ගෙවිය යුතු
එය හොඳ ද?
1 යාළුවා : හා, හොඳයි
2 යාළුවා : හා, හොඳයි
කොලූවා : ඔව්, හොඳයි
3 යාළුවා : දෑස බැන්දා ඉතින්
කොලූ අප අල්ලපන්
කොලූ පැන යාළුවන්
අල්ලන්න තැත් කරයි
යාළුවෝ ඔහුට අසු
නොවන සේ මග හරිත්
ඔවුන්ගේ ඇඟ වැදී
හෝටලේ මේස පුටු
ඇද වැටෙයි හඬ නඟා
පිඟන් වීදුරු බිඳෙයි
හඃ හඃ හා! හිඃ හිඃ හීිඃ!
දඩ බඩස්! ජර බරස්!
මේ මහා ගෝසාව
ඇසී මුදලාලි එයි
මුදලාලි : මොකද බොල කරදරේ?
මොකද මේ කරදරේ?
කොලූ පැන මුදලාලි
තර ව අල්ලා ගනී
කොලූවා : අහු වුණා අහු වුණා
අන්තිමේ අහු වුණා
දැන් ඉතින් තේ ගණන
තමුසේ ම ගෙවනවා!
-මහගම සේකර
වේලාව : තේ පානයෙන් පසු
චරිත :
යාළුවෝ තිදෙන
මුදලාලි
කොලූවා
1 යාළුවා : කොලූ මෙහෙ බලාපන්
අපේ මේ තේ ගණන
කීයදැයි කියාපන්
කොලූවා : දෙකයි හැත්තෑ පහයි
1 යාළුවා : ආ සල්ලි අරගනින්
2 යාළුවා : එපා කොලූවෝ, සල්ලි
එපා ඔහුගෙන් ගන්න
තේ බොන්න ඒ අයට
කතා කෙරුවේ මමයි
ඒ නිසා තේ ගණන
ගෙවිය යුත්තේ මමයි
මේ සල්ලි ගෙන මගෙන්
තේ ගණන අරගනින්
3 යාළුවා : හැම දා ම උඹලා ම
ගෙවුවා ම හරි යයි ද?
මටත් එක දිනක්වත්
ගෙවන්නට ඉඩ නැද්ද?
අද ගෙවන්නේ මමයි
ගණන කීයද කොලූ?
කොලූවා : දෙකයි හැත්තෑ පහයි
3 යාළුවා : ආ, ඉඳා අරගනින්
1 යාළුවා : එහෙන් ගන්නට එපා
මේ මගෙන් අරගනින්
2 යාළුවා : සල්ලි දෙන්නේ කවුද
කියන එක එහෙම නම්
උපායක් මඟින් අපි
සොයා තෝරා ගනිමු
මෙන්න මේ රෙදි කඩින්
කොලූගේ ඇස් බඳිමු
ඊට පසු ඌට අප
අල්ලන්න යැයි කියමු
පළමුවෙන් ඔහුට අසු
වූ තැනැත්තා තමයි
තේ ගණන ගෙවිය යුතු
එය හොඳ ද?
1 යාළුවා : හා, හොඳයි
2 යාළුවා : හා, හොඳයි
කොලූවා : ඔව්, හොඳයි
3 යාළුවා : දෑස බැන්දා ඉතින්
කොලූ අප අල්ලපන්
කොලූ පැන යාළුවන්
අල්ලන්න තැත් කරයි
යාළුවෝ ඔහුට අසු
නොවන සේ මග හරිත්
ඔවුන්ගේ ඇඟ වැදී
හෝටලේ මේස පුටු
ඇද වැටෙයි හඬ නඟා
පිඟන් වීදුරු බිඳෙයි
හඃ හඃ හා! හිඃ හිඃ හීිඃ!
දඩ බඩස්! ජර බරස්!
මේ මහා ගෝසාව
ඇසී මුදලාලි එයි
මුදලාලි : මොකද බොල කරදරේ?
මොකද මේ කරදරේ?
කොලූ පැන මුදලාලි
තර ව අල්ලා ගනී
කොලූවා : අහු වුණා අහු වුණා
අන්තිමේ අහු වුණා
දැන් ඉතින් තේ ගණන
තමුසේ ම ගෙවනවා!
-මහගම සේකර

