පරණ වසරට සමුදෙන්න, නව වසර පිළිගන්න තව දවස් කීපයයි තිබෙන්නේ. උදාවෙන නව වසරේදී මනුෂ්‍ය සමාජය ඉදිරියේ ඇති ප්‍රධානම අභියෝගය බවට පත්වන්නේ මනුෂ්‍යයා වේගයෙන් රෝගීභාවයන්ට ගොදුරුවීමත් මනුෂ්‍යයාගේ පරමායුෂ වේගයෙන් හීනවීයාමත් කියන කාරණාවන් දෙකයි. උදාවෙන නව වසරේදී ධර්මානුකූලව ප්‍රවේශයක් තුළින් ඉහත අභියෝග දෙක යම් පමණකට හෝ ජයගැනීමට මාර්ගයයි, මේ සටහන තුළින් භික්‍ෂුව කියන්නට උත්සහ ගන්නේ.
මේ මොහොතේ මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු හැත්තෑවක් පමණ වෙනවා. කල්ප දසදහස් ගණනකට පස්‌සේ අල්ප ආයුෂ සහිත මනුෂ්‍ය සමාජයක් බිහිවෙලා තිබෙන්නේ අතීත අකුසල් සංස්‌කාරයන්ගේ විපාකයක් නිසාමයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ 80 වැනි වියේදී පිරිනිවී යනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 120 වැනි වියේදී පිරිනිවී යනවා. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අපි සියලුදෙනාම අවුරුදු 120 කට අඩු ආයුෂයක උරුමය ලබන්නේ දීර්ඝායුෂයට අදාළ කුසල් සංස්‌කාරයන්ගේ දුර්වලතාවය නිසාමයි. අතීතයේ පැවති කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු විසිදාහක්. කකුසඳ, කෝණාගම බුදුරජාණන්වහන්සේලාගේ ශාසනවල මනුෂ්‍යන්ගේ පරමායුෂ අවුරුදු තිස්‌දාහක්. පටිච්චසමුප්පන්නව ඔබත් මමත් අතීත සම්මා සම්බුද්ධ ශාසනවල උපත ලබා, ඒ සා දීර්ඝ පරමායුෂ අත්විඳලා තිබෙනවා. සත්ව හිංසාවෙන් වැළකිලා, සත්ව ඝාතනයෙන් වැළකිලා, මිච්ඡා ආජීවයෙන් වැළකිලා, අලෝභ, අද්වේශ, අමෝහ කුසල් මූලයන්ගේ ශක්‌තිය නිසාමයි එවැනි දීර්ඝ පරමායුෂ මනුෂ්‍යයාට අතීතයේ ලැබුණේ.
පිංවත් ඔබ භික්‍ෂුවගෙන් ප්‍රශ්ණයක් විමසන්න පුළුවන් ගෞතම බුදුරජාණන් වහන්සේ අවුරුදු අසූවේදී පිරිනිවීයන්නේ උන්වහන්සේ සතු ශීලපාරමිතාවේ, දානපාරමිතාවේ ශක්‌තිය දුර්වල නිසාද කියලා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 80දී පිරිනිවීයන්නේ උන්වහන්සේ සතු ශීලපාරමිතාවේ, දානපාරමිතාවේ දුර්වලතාවයක් නිසානොව උන්වහන්සේ බෝධිසත්ව අවධියේදී පිරූ ශීලපාරමිතාවේ, දානපාරමිතාවේ ශක්‌තියට වඩා අල්පායුෂයන්ට අදාළ අකුසල් සංස්‌කාර, බෝධිසත්ව ජීවිතය තුළින් සිදුවී තිබෙනවාය කියන කාරණයයි ධර්මානුකූලව අපිට දකින්න සිද්ධවෙන්නේ. කෙනෙකුගේ උපතත් මරණයත් තීරණය කරන්නේ සංස්‌කාර විසින්මයි.
බුදුරජාණන් වහන්සේ ආයුසංස්‌කාරය අතහැරීමට මොහොතකට පෙරාතුව ආනන්ද ස්‌වාමීන් වහන්සේ අමතා ප්‍රකාශ කරනවා "ආනන්ද සතර සෘද්ධිපාද ධර්මයන් යානාවක්‌සේ පුහුණුකොට ඇති බුදුරජාණන් වහන්සේට කල්පයක් ආයුෂ වැඩසිටින්නට පුළුවන්ය" කියලා. මෙතැනදී ආයුෂ කල්පයක් කියන්නේ එම කාලයේ පරමායුෂ වන අවුරුදු 120යි. නමුත් ආනන්ද ස්‌වාමීන් වහන්සේ මාරයාගේ ග්‍රහණයට ඒ මොහොතේ යටවී සිටි නිසා "භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කල්පයක් ආයුෂ වැඩසිටීවා" කියලා ඉල්ලීමක් නොකළ නිසාම බුදුරජාණන් වහන්සේ අවුරුදු 80දී පිරිනිවී යන මොහොතේදී පිංවත් ඔබට ප්‍රශ්ණයක් මතුවෙන්න පුළුවන් සියල්ල සිද්ධවෙන්නේ සංස්‌කාරයන්ට අදාළවනම් අවු 120 වැඩසිටීමට හැකියාව තිබු බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 දි පිරිනිවන් පෑවේ ඇයිද..? කියලා.
තව පිංවතෙක් ප්‍රශ්ණයක් කරන්න පුළුවන්, බුදුරජාණන් වහන්සේට සංස්‌කාර දෙකක් ක්‍රියාත්මකව තිබුණ ද කියල. සිදුහත් කුමාරය උපත ලබනවිටම අවුරුදු 120ක පරමායුෂයක් සහිතවයි උපත ලබන්නේ. බුදුරජාණන් වහන්සේට අවුරුදු 120 වැඩසිටීමේ අවස්‌ථාව හොඳටෝම තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ එම සංස්‌කාරය නිෂේධකර දමනවා. මේ ලෝකධාතුවේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාටත්, මහරහතන් වහන්සේලාටත් පුළුවන්කම තිබෙනවා තමන්ට අවශ්‍යනම් තමන්ගේ පිරිනිවීම නියමිත කාලයට පෙරාතුව සිදුකරගන්න. මේ හැකියාව තිබෙන්නේ පංච උපාදනස්‌කන්ධය අනිත්‍ය වශයෙන් දැක්‌ක උත්තමයන්ටම පමණයි. ලොව්තුරා බුදුරජාණන්සේට අතීත සංස්‌කාරවලට අදාලව අවුරුදු 120 ක් වැඩසිටින්නට හැකියාව ලැබී තිබුණත් උන්වහන්සේ අවුරුදු 80 වයසේදී තීරණය කරනවා දැන් බුදුරජාණන් වහන්සේ වැඩසිටියා ඇතිය කියල.
බුදුරජාණන් වහන්සේ නමක් වේවා, රහතන් වහන්සේ නමක් වේවා තමන් තීරණය කළොත් නියමිත කාලයට පෙර පිරිනිවන් පානවා කියල, උන්වහන්සේලා අතීතයේ විපාක නොදුන් බලවත් අකුසලයක් ජීවිතය ඉදිරියට මතුකරගෙන එම අකුසලයට නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩකඩ විවරකර එම අකුසල් විපාකය තුළින් පිරිනිවීම සකස්‌කරගන්නවා. එම අකුසල් විපාකයෙන් මිදීමට උත්සහගන්නේ නැහැ.
පිංවත් ඔබ ඉහත සටහන නුවණින් දකින්න. අකුසලයත් ආයුෂයත් අතර මොනතරම් සම්බන්ධයක් තිබෙනවාද කියලා. කල්ප දසදහස් ගණනකට පස්‌සේ ඔබත් මමත් අවුරුදු 70 වැනි අල්පායුෂයක් සහිත උපතක් ලැබුවේ අතීත දීර්ඝායුෂයන්ට අදාළව සංස්‌කාරයන්ගේ අඩුභාවය නිසාමය. ඔබ වර්තමානයේ අත්විඳින මේ අල්ප ආයුෂ සහිත මනුෂ්‍ය ජීවිතයේ ඉදිරියේ තිබෙන අනතුර මෙතැනින් නවතින අනතුරක් නොවේ. මනුෂ්‍යයා දිනෙන් දින ශීලයෙන් දුර්වලවනවිට මිච්ඡාආජීවය වැඩිවනවිට ක්‍රමානුකූලව තවතවත් ආයුෂ හීනභාවයට පත්වී අනාගතයේ වැඩි ඈතකට නොයාම මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු දහයක් වෙනවාමය කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකරනවා.
ලබන්නාවූ නව වසරේදී රෝගීභාවය සහ අල්පආයුෂයි මනුෂ්‍ය ජීවිතය ඉදිරියේ තිබෙන බරපතලම අනතුරබවට පත්වෙන්නේ. මේ කෙටි ආයුකාලය තුළ මනුෂ්‍යයා තම ජීවිතය බරපතළ ශිල්පද බිඳීම් සහ අකුසල් මූලයන්කරා යොමුකරගනිමින් මෙම කෙටි ආයුෂ කාලය දීර්ඝ අනාගත භවදුකකට යොමුකරගනිමින් සිටී. වර්තමාන සමාජය දෙස බැලීමේදී පිංවත් ඔබට හොඳින්ම පෙනෙනවා මනුෂ්‍ය සමාජය, අනිත්‍යවූ, තමන් වසඟයේ තබාගැනීමට නොහැකි ධනයක්, බලයක්, වත්පොහොසත්කමක් අයිතිකරගන්න බලවත්ව ශිල්පද බිඳීම යන අකුසලමූලයන් කරා යනවාය කියන කාරණය.