සරලවම අපිටත් සමාජ වගකීමක් තියේනේ දන්න දෙයින් මිනිස්සු දැනුවත් කරන්න. එහෙම නෙමේනම් අපෙනුත් සමාජෙට වැඩක් නෑ. මටත් ඇත්තටම කහන්නෑ g වැගන් එකක් v8 එන්ජින් කීපයක් පදින ගමන් ඔයාලට මේ හුන්ඩුවක් ගනිල්ලා කියන්න. ඕන මනුස්සයෙක් ආසයි අතේ තියෙන මුදලට හොද වාහනයක් ගන්න. ඒත් අපි රටක තියෙන මාකට් එක සහ "වඩාත්ම ප්‍රායෝගික ඔප්ශන් එකකට" යන්න ඕන. අපි ඇත්ත කතාකරන්න ඕන. ඇත්ත සමාජගත කරන්න ඕන
මොකද උබල මේවා ගන්නේ එකට තුන්සීයක් ටැක්ස් ගෙවලා වගේම පහුගිය කාලේ ආන්ඩුව ටැක්ස් හදනකොටත් බොහොම ගෞරවයෙන් භක්තියෙන් පරිස්සමෙන් එකත්පස්ව ඉදලා පරීස්සමට බේරගත්ත පීඩිත පන්තියට හිටවලා ඇරපු හිතූ හිතූ ගනන් වලට වැලිවේශන් දීලා අසීමිතව හම්බ කරපු ලීසින් කම්පැනි දෙවි දේවතාවන්ගෙන්ම කර මුලටම ලීසිනුත් දාලනේ... ආන්න ඒ ගෞරවේ තියාගන්න ඕන
අපි වාහනයක් කියල එකක් ගන්නකොට අපිට කොටස් 30000ක් (ඉන්දන මගින් දාවනය වන වාහනයක කොටස් 3000ක් පමන තියේ) පමනකින් සැදුනු යන්ත්‍රයක් හම්බ වෙන්නේ. මේ කොටස් 30000 ඇතුලේ තියෙනවා විවිද කොටස් රබර්, යකඩ, ඇලුමිනියම්, මිශ්‍රලෝහ, තෙල් වර්ග, මෝටර, විදුලි උපාංග. මේ හැම දේටම සියල්ල නැසෙනසුලුයි කියලා බුදු බනේ කියනවා වගේම ඉංජිනේරු විද්‍යාවෙනුත් පවතින කාල නිර්ණායක තියෙනවා. එතකොට බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්නකොට මේ කෑලි 30000ම ඔයා ගෙවන මුදලට අලුතෙන් ලැබෙනවා. ඒ කියන්නෙ ඒ කෑලි 30000ම ඔයාගේ භාවිතේට ගන්න පුලුවන්. ආයේ සීට්ටුවක් දැම්ම වගේ මාසයක් ගානේ දාන්න දේවල් නෑ. වයිපර් බ්ලේඩ් එකේ බ්‍රේක් පෑඩ් සෙට් එකේ ඉදලා එන්ජින් මවුන්‍ට් එකට යනකන් ඔයාගෙ ගෙවන මුදලට ලැබෙනවා..
ලංකාවේ යක්කු කියන E නොම්බර ගහපු ලගදි පේන්ට් කරපු දිලිසෙන බොඩියක් තියෙන ස්ටීරින් වීල් එක වට බාගයක් ප්ලේ තියෙන පරන බූරු ඇදවල් වල මේ කෑලි 30000න් බහුතරයක් තියෙන්නෙ සුන්බුන් වශයෙන් යන්තම් එකිනෙකට ඇමිනිලා. පිටු හාරසීයේ පොතකුයි ටෝච් එකකුයි අරන් ඕකක් හොයිස්ට් එකට දාලා යටට ගියානම් පොතක් ලිව්වහැකි ලෙඩ. ඒ ඇමිනිච්ච තැන් වලින් කෙලවෙන කෙලවෙන පාරට ගරාජ් සරනං තමා. ඒත් තාම ලංකාවේ මාමලා තාත්තලා සීයලා ඉදන් අසූ ගනන් උපන්න අපේ සෙට් එක දක්වාම හිතන් ඉන්නේ "වාහන ගන්නවා සහ හදනවා" කියන්නෙ එකක් කියල. නමුත් දැන් ඩේලි වාහන පදින සෙට් එක දන්නවා ඕක දෙකක් කියලා..
ඉතින් අපි මේ පරන බූරු ඇදවල් ගැන නැතුව නිකමට බලමු වසර 10ක් පරන (ලංකාවේ 2015/6 කියන්නෙ ඉතින් හෙන අලුත් වාහන කියල හිතන් ඉන්න ඒවා ඈ) වාහනයක මොනවද වසර 10න් පස්සේ ක්ශය වෙලා තියෙන්නෙ කියලා
පිටින් කිරි කිරි 2015/6 වාහනේකත් මේ වෙද්දි කෙලවෙලා තියෙන ප්‍රදානම දේවල්
1. මේ වෙද්දි සස්පෙන්ශන් පද්දතියම ඉවරයි. ලෝවර් ආම්, අපර් ආම්, ස්ටෙබිලයිසර් ලින්ක් රොඩ්, කට් බුශ්, ශොක්, ශොක් මවුන්ට් වල කාලේ හරි
2. සියලුම රබර් කොටස් ඉවරයි. එන්ජින් මවුන්ට්, ගියර් මවුන්ට්, බොඩි මවුන්ට් (තියේනම්), මේ සේරම ඉවරයි
3. කූලන්ට් හෝස්, වැකියුම් ලයින් ඩිග්‍රේඩ් වෙලා ඩ්‍රයිව් බෙල්ට් වල කාලෙ හරි. ඇජස්ටර් පුලි ටිකට කාලෙ හරි.
4. සියලු වෙදර් සීල් ඩිග්‍රේඩ් වෙලා. දොර බීඩින්, වින්ඩෝ බීඩින් සියල්ල බැහැලා.
5. ටයිමින් බෙල්ට්, චේන්, ගයිඩ් සල ලල ලා කියන වයස. ඒවා මාරු කරන්න ඕන. ප්ලග් සීල් වෑල් සීල් වෝටර් පම්ප්, සේරම රිප්ලේස් කරන කාලේ
6. මේ වෙද්දි ස්ටීරින් රැක් එක සහ පවර් ස්ටීරින් මේන්ටෙනන්ස් එක ඔන්න මෙන්න හෝ දැනටම ඇවිල්ල
7. ඕලටනේටර්, කම්ප්‍රෙශර් ආයු කාලයෙ අග ඉන්නෙ.
8. ඒසී ඕරිං වල ඉදන් කම්ප්‍රෙශර් එක එවැපරෙටර් එක කන්ඩෙන්සර් එක දක්වාම අවසන් ආයුකාලේ ගෙවන්නෙ
9. පවර් ස්ටීරින්, ඇක්සල්, රැක් එන්ඩ් සේරම බුශ් ටික බංගලි වලලු වෙන්න පටන් අරන් හෝ පටන් ගන්න ඔන්න මෙන්න
10. විශ්ම ලන්තෙ තෙල් ගහලා පෙට්‍රල් පම්ප් එකේ ඉදන් ඉන්ජෙක්ටර් එක දක්වාම රිප්ලේස් කරන්න හෝ මේන්ටේන් කරන්න කාලෙ හරි
චීන බ්‍රෑන්ඩ් බඩකඩිත්තුවලනම් 10න් නෙමේ 5න්ම මේ ටික ඉවරයි
මේ ටිකක් කිව්වෙ.... තව තියෙනවා ගමකට
මේ සේරම දිරුම් තියෙනවනම්, හැප්පිච්චා පොඩිවෙච්චා ඉන්ටීරියර් අත ඇරලා ඈ
බලාන යනකොට කොටස් 30000ටම සල්ලි ගෙවලා ගත්‍තට ඇත්තටම ගෙවලා තියෙන්නේ ක්ශය උන ඛාදනය උන කෑලි 10000කටයි තව වීදුරු බොඩි වගේ කෑලි 5000කටයි සුන්බුන් ටිකකටයි
සෑහෙන කට්ටියක් මට බනී දැන්.. මොකද ලංකාවෙ එකෙක් "තමන් ලග තියෙන එකකට වෙන එකෙක්ගෙ දෙයක් හොදයි කිව්වොත් ඒ අනුන්ගේ ගෑනියෙක් ගැන විතරයි" ඒ නිසා කෞතුකාගාර ඕනර්ස්ලා මාව පට්ට ගහයි. අව්ලක් නෑ
අපි ඇත්තට මූන දෙමු. පුලුවන් තරම් අලුත් එකක් ගන්න. පරන ඒවා කරටි ගනන් වලට ගන්න එක ප්‍රායෝගික නෑ. සමහර ලදරං යක්කු නෙමේ සාප..
ඉඩමක් තියෙන පෝර අදින්නත් ඕන කෙනෙක්ට පොඩි කාර් එකක් හරියන්නෑ එයා ඩබල් කැබ් එකක් ගන්නම ඕන. එතනදි මේ විශ්මලන්තේ වෙන කරන්න දෙයක් නෑ අරන් හද හදා දුවනව ඇරෙන්න. යාල සෆාරි කරන එකෙක්ට මේකක් දුවන්නත් බෑ.. අව්රුදු 40ක් පරන මිට්සුබිෂි කූඩාරම ගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. මිනිස්සු අසරනයි. මම මේ කිව්වෙ සපත්තු දාන් වැඩට යන උන්ට, ලීසින් දාලා, ලෝන් දාලා කරමුලට හිරවෙලා ලොකු ගානක ඉංශුවරන්ස් දාලා ගෙදර පාවිච්චියට ගන්න අයට කරුම කර නොගහා අලුත් එකක් ගන්න බලන්න පුලුවන්නම් ඒ මිලටම තියේනම්.. නැත්නම් ඉතින් කරන්න දේකුත් නෑ හිතූ හිතූ ගනන් වලට වැලිවේශන් දුන්න ලීසින් කම්පැනි ආරක්ශා කරන්න හදාපු ටැක්ස් එකනොවැ.. ඒ උත්‍තමයෝ රැකිල ඉන්න එපෑ උබලා වගේ පොඩි පොඩි නිර්දන පන්තියේ හාල් කෑලි වලට කලින්....
කෝසල එදිරිසිංහ (former eke member රත්තරං)
Senior Engineer
Mitsubishi Corporation