පරිගණක සමග කතා කිරිමේ කලාව

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    Flow Controller අපි නමින් නොදැන හිටියට අපි හැම වෙලාවෙම ඕනිම වැඩක් කරන්න ගියාම නොදැනුවත්මව භාවිතා කරනව. මොනව හරි වැඩක් කරන්න ගියාම අපිට ඒ වැඩේ හැම වෙලාවෙම අපි බලාපොරොත්තු වෙන විදියටම කරගන්න බෑනෙ. උදාහරණයක් විදියට අපිට ටිකක් දුර ගමනක් යන්න එක බස් එකක් තියෙනව උදේ 7ට අපි හරියටම වෙලාවට ඇවිත් බස් එකට නැග්ගොත් අපිට ඒ ගමන යන්න පුලුවන් අපි බලාපොරොත්තු වෙන විදියටම. හැබැයි හැම වෙලාවෙම එහෙම අපි බලාපොරොත්තු වෙන වෙලාවටම කරගන්න බැරි වෙන්නත් පුලුවන්. මේ වෙලාවට අපිට ව්කල්ප ක්‍රම (Alternative steps) වලට ගිහින් තමා අපිට යන්න ඕනි ගමනාන්ත්යට යන්න වෙන්නෙ. ටිකක් හිතන්න ඒක හරි ගියෙ නැත්තන් මෙහෙම කරමු (IF), ඒකත් හරි ගියෙ නැත්තන් මෙහෙම කරමු (IF ELSE), බෙහෙත් එක ඒ ෆාමසි එකේ නෑ එහෙනන් අනික් එකේ බලමු (Loops, For, While), බෙහෙත් එක එතන තිබ්බ නිසා අපි අනික් පාමසි වලට යන්න ඕනි නෑ (Break Loop), ෆාමසි එකේ බෙහෙත් දෙන කෙනා තාම ඇවිත් නෑ (Continue Loop) වගේ අපි හැම වෙලාවෙම මේ Flow Controllers වැඩ වලට භාවිතා කරනවා. ඉතින් මෙතනදි අපිට ඉගෙන ගන්න තියෙන්නෙ ඔය අපි නොදැනුවත්වම කරල තියෙන වැඩේ කොහොමද මේ පරිගණකයත් එක්ක වැඩ කරන්න හදන Software Development වලට එකතු කරගන්නෙ කියන එක.

    කලින් ලියපු ලිපියක් නැවත පොඩි කරුණු ටිකක් එකතු කරල නැවත පලකිරීමක් කරන්නෙ. මේක ලියපු විදිය එක්ක එක මට medium ඒකෙ දාල ලින්ක් එක තමා අද ශෙයාර් කරන්න වෙන්නෙ.

    https://medium.com/dewmalsi/පරිගණක-සමග-කතා-කිරිමේ-කලාව-fa2e33c55932