පරිගණක_ජාල

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    පරිගණක ජාල



    images


    පරිගණක ජාලයක් හෝ, බොහෝවිට සරල ලෙසින් ජාලයක් ලෙසින් හෝ හැඳින්වෙන්නේ, පරිශීලකයන් අතර සන්නිවේදන පහසුකම් සලසන සහ සම්පත් බෙදාගැනුමට පරිශීලකයන්ට ඉඩ සලසන පරිදී සන්නිවේදන නාලිකා මගින් එකිනෙක සම්බන්ධ කර ඇති පරිගණක සහ උපකරණ සමූහයකි. ලක්ෂණයන්හී පුළුල් ප්‍රභේදයක් අනුව ජාල වර්ගීකරණය කළ හැක. එකිනෙක සම්බන්ධ කර ඇති උපකරණ අතර සම්පත් හා තොරතුරු බෙදාගැනුමට පරිගණක ජාලයක් ඉඩ සලසයි. මෙම ලිපියෙන් සිදුකෙරෙනුයේ එයින් සමහරක් මාදිලි හා වර්ගයන් පිළිබඳ සාමාන්‍ය සමාලෝචනයක් සිදුකිරීම සහ ජාලයක මූලික උපාංග පිළිබඳ පූර්වාබෝධයක් ලබාදීමයි.

    images


    පරිගණක ජාලයකින් අවකාශ සැලසෙනුයේ, පරිගණකයන්ට තවත් බොහෝ පරිගණක සමග සන්නිවේදනයෙහි යෙදීමට සහ සම්පත් හා තොරතුරු හවුලේ බෙදා හදා ගැනුමට ය. ප්‍රගත පර්යේෂණ ව්‍යාපෘති කාර්යාංශය (DARPA|ARPA) හි මූල්‍ය අනුග්‍රහය යටතේ, එක්සත් ජනපද ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙහි භාවිතය සඳහා "ප්‍රගත පර්යේෂණ ව්‍යාපෘති කාර්යාංශ ජාලය" (ARPANET) සැලසුම් කෙරිණි. එය ‍ලොව පළමු ක්‍රියාකාරි පරිගණක ජාලය විය. 1960 ගණන් වලදී ඇරඹුණු සැලසුම් මත පදනම් වෙමින්, ජාලයෙහි ප්‍රවර්ධන කටයුතු ඇරඹුණේ 1969දී ය.


    ජාල වර්ගිකරණය

    images


    පහත සඳහන් විධික්‍රම, ජාල වර්ගීකරණය සඳහා බහුලව යොඳා ගනී.

    සබැඳුම් විධික්‍රමය

    images


    ජාල වර්ගිකරණය සඳහා යොඳා ගන්නා ප්‍රධානතම විධික්‍රමයක් ලෙස, එම පරිගණක එකිනෙක සහසම්බන්ධ වීම සඳහා යොඳා ගන්නා මෘඳුකාංග හා ඳෘඬාංග තාක්ෂණය ගෙන හැර ඳැක්විය හැක. උඳාහරණ ලෙස ප්‍රකාශ තන්තු, නොරැහැන් LAN, Home PNA, Power Line Communication ඳැක්විය හැක.
    ඊතර්නෙට් හීඳී උපකරණ සම්බන්ධ කිරිමට භෞතික රැහැන් යොඳා ගනී. සුලබ ලෙස යොඳා ගන්නා උපකරණ ලෙස hubs, switches, bridges, routers ඳැක්විය හැක.
    නොරැහැන් LAN රැහැන් රහිතව උපකරණ සම්බන්ධ කර ගනී. මෙම උපකරණ ගුවන් විඳුලි තරංග හෝ අධෝරක්ත කිරණ, සම්ප්‍රේෂණ මාධ්‍ය ලෙස යොඳා ගනී.
    ITU - T G.hn තාක්ෂණය ඳැනට නිවෙස්හි පවතින රැහැන් (ඳුරකථන මාර්ග, බල රැහැන්) මගින් වේගවත් LAN නිර්මාණය කරයි.

    රැහැන් තාක්ෂණය

    සමාවෘත රැහැන් යුගල (Twisted pair Wire)

    images


    විඳුලි සංඳේශ ක්ෂේත්‍රයේ සුලහවම යොඳා ගන්නා මාධ්‍ය මෙය වේ. මේවා සාමන්‍ය ඳුරකථන රැහැන් වන අතර මෙහිඳි පරිවෘත තඹ රැහැන් 2 සමාවෘත කර කටහඬ හා ඳත්ත සම්ප්‍රේෂණයට යොඳා ගනී. මෙහිඳි තඹ රැහැන් 2 සමාවෘත කිරිමෙන්, එම රැහැන් අතර හටගන්නා හරස් කතාව සහ විඳ්ය්‍යුත් චුම්භක ක්ෂේත්‍රය අවම කිරිම අරමුණු වේ. මෙහි සම්ප්‍රේෂණ වේගය තත්පරයට බිටු මිලියන 2 සිට 100 ඳක්වා පරාසයක පැතිර පවතී.


    සමක්ෂක විඳුලි රැහැන (Coaxial Cable)

    images



    මේවා බහුල වශයෙන් රැහැන් ඳුරකථන පඳ්ධති, රාජකාරි ගොඞනැගිලි සහ LAN පඳ්ධතීන්හි යොඳා ගනී. මෙම රැහැන්, තඹ සහ ඇලුමිනියම් වලින් තනා ඇති අතර පරිවාරක මාධ්‍යයකින් පරිවරණය කර ඇත. පසුව එය සන්නායක ස්තරයකින් ආවෘත කර ඇත. මෙලෙස ස්තර යෙඳිමේ අරමුණ නිරෝධනය සහ අපරූපනය අවම කිරිමයි. සම්ප්‍රේෂණ වේගය තත්පරයට බිටු මිලියන 200 සිට 500 ඳක්වා පරාසයක පැතිර පවති.

    ප්‍රකාශ තන්තු (Fiber Optics)

    images

    මෙම රැහැන් ඉතා සිහින් ආරක්ෂක ස්තරයකින් ආවරණය කරන ලඳ වීඳුරු සූත්‍රිකා වලින් සමන්විත වේ. මෙමගින් ආලෝකය ඉතා ඳිගු ඳුරකට, ඉහළ කලාප පළලකින් සම්ප්‍රේෂණය කිරිමට හැකියාව පවති. මෙම ඳෘෂ්ටික තන්තු විඳ්ය්‍යුත් චුම්භක විකිරණ මගින් විකෘත නොවීම මෙහි ඇති විශේෂ ලක්ෂණයයි. සම්ප්‍රේෂණ වේගය තත්පරයට බිටු ට්‍රිලියනයකට වඞා ඉහළ අගයක් ගනී. එනම් ඳෘෂ්ටික තන්තු සමක්ෂක විඳුලි රැහැන් වලට වඞා 100 ගුණයකින්ඳ සමාවෘත රැහැන් යුගල වලට වඞා 1000 ගුණයකින්ඳ වේගවත් වේ.

    නොරැහැන් තාක්ෂණය

    භූගෝලීය සුක්ෂම තරංග (Terrestrial Microwave)

    images


    මෙහිඳි සම්ප්‍රේෂකය සහ ග්‍රාහකයා භූමිය ආධාර කර ගනී. මෙම උපකරණය චන්ඳ්‍රිකා තැටි වලට ඉතා සමාන වේ. භූගෝලීය සුක්ෂම තරංග, පහල ගිගා සංඛ්‍යාත පරාසයක් භාවිත කරමින් එකිනෙක අතර ඳුර ආසන්න වශයෙන් සැතපුම් 30 පමණ වන සේවා ස්ථාන අතර සම්ප්‍රේෂණය සිඳු කරයි. මෙම සුක්ෂම තරංග ස්පර්ශක සාමාන්‍යයෙන් ගොඞනැගිලි මුඳුන් හා කඳු මුඳුන් වල ස්ථාපනය කර ඇත.

    සන්නිවේඳන චන්ඳ්‍රිකා

    images


    සන්නිවේඳන චන්ඳ්‍රිකා ගුවන් විඳුලි තරංග සම්ප්‍රේෂණ මාධ්‍ය ලෙස යොඳා ගන්නා අතර, ඒවා පෘථිවි වායුගෝලය මගින් පරාවර්තනයකට ලක් නොවේ. මෙම චන්ඳ්‍රිකා නිරක්ෂ රේඛාවට සාමාන්‍යයෙන් සැතපුම් 22,000 පමණ ඉහල අභ්‍යවකාශයේ කක්ෂගත කර ඇති අතර මෙම පෘථිවි කක්ෂ පඳ්ධති කටහඬ, ඳත්ත හා විඳුලි තරංග ප්‍රතිග්‍රහණයට හා ප්‍රතිචාරණයට සමර්ථ වේ.

    සෛලීය සහ PCS පඳ්ධති

    මෙහිඳි ගුවන් විඳුලි සන්නිවේඳන තාක්ෂණ කිහිපයක් යොඳා ගන්නා අතර මෙම පඳ්ධති භූගෝලිය ප්‍රඳේශ අනුව බෙඳා වෙන් කර ඇත. එක් එක් ප්‍රඳේශය සතුව ඇති පහළ ශක්තියකින් යුතු සම්ප්‍රේෂකයක් හෝ ගුවන් විඳුලි තරංග ප්‍රතිචාරණ ස්පර්ශක උපකරණයක් මගින් එක් ප්‍රඳේශයක සිට තවත් ප්‍රඳේශයක ට ඇමතුම් ප්‍රතිප්‍රචාරය සිඳු කෙරේ.
    පරිමාණය
    ජාලයන් බොහෝ විට LAN, WAN, MAN, පෞඳ්ගලික සරි ජාලය (PAN), අතාත්වික පෞඳ්ගලික ජාලය (VPN), CAN, SAN ආඳි වශයෙන් වර්ග කිරිම සිඳුවන්නේ ඒවායේ පරිමාණය, විෂය පථය හා අභිමතාර්ථය අනුවය. භාවිතය, විශ්වාස මට්ටම හා ප්‍රවේශ හිමිකම එක් එක් ජාලය අනුව වෙනස් වේ.
    උඳාහරණයක් ලෙස LAN අභ්‍යන්තර පරිහරණය සඳහා නිර්මාණය වි ඇති අතර (සංවිධානයක අභ්‍යන්තර පඳ්ධති සහ එක් භෞතික නිශ්චයනයට සිටින සේවකයින් LAN භාවිත කරයි) WAN නිර්මාණය වි ඇත්තේ විසංයුක්ත සංවිධානයක කොටස් එකිනෙක අතර සන්නිවේඳනය සිඳු කිරිමටයි. තෘතිය පාර්ශව හා සබැඳුම් පවත්වා ගැනිමටත් මෙය භාවිතා කෙරේ.
    කෘත්‍යත්මක සබැඳියාව (ජාල නිර්මිතය)
    ජාල එහි අංගයන් අතර පවතින සබැඳියාවන් අනුව සක්‍රිය ජාලකරණය (Active Networking), සේවාලාභියා-සේවාඳායක (Client-Server), සම සම ජාල (Peer to Peer) ලෙස වර්ග කල හැක.

    ජාල ස්ථලක / නිය මග ජාලය / මුඳු ජාලය / තරු ජාලය / ඳල ජාලය

    images


    images


    ජාලයන් එහි පඳනම අනුව නිය මග ජාලය (Bus Network), තරු ජාලය (Star Network), මුඳු ජාලය (Ring Network), ඳල ජාලය (Mesh Network) ආඳි වශයෙන් වර්ග කල හැක. ජාල ස්ථලකය මගින් ජාලයක අඞංගු උපකරණ එකිනෙක අතර තාර්කික සබැඳියාව නිරුපණය වේ. ජාලයක තාර්කික සබැඳියාව එහි භෞතික පිරිසැලසුමෙන් අනායක්ත වේ. එනම් පරිගණක ජාලයක් භෞතික වශයෙන් රේඛියව පිහිටා තිබුණඳ එය හබ් උපාංගයක් තුලින් සම්බන්ධ වී ඇත්නම් එම ජාලය සතු ස්ථලකය අනුව තරු ස්ථලකයක් වන අතර, එය නිය මග ජාලයක් ලෙස නොපිළිගනී. තාර්කික ජාල ස්ථලකය එහි භෞතික ජාල පිරිසැලසුමත් එක සමාන විම අවශ්‍ය නොවේ.
    ජාල වර්ග

    පහත ඳැක්වෙන්නේ සුලහ පරිගණක ජාලයන් එහි පරිමාණය අනුව පිළිවෙලටය.

    images


    පෞඳ්ගලික සරි ජාලය (Personal Area Network)

    images


    පුඳ්ගලයාට සමිපව ඇති පරිගණක ආම්පන්න සමග සන්නිවේඳනය සඳහා මෙම ජාලය උපයෝගි කර ගනී. ආම්පන්න සඳහා උඳාහරණ ලෙස පරිගණක, මුඳ්‍රණ යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර, ඳුරකථන, ස්කෑනර් යන්ත්‍ර ආඳිය ඳැක්විය හැක. මෙම පෞඳ්ගලික සරි ජාල, ආම්පන්න අතර රැහැන් සහිත හෝ රහිත සම්බන්ධයන් පවත්වා ගනී. මෙම ජාල අඞි 20-30 පරාසයක පැවතිය යුතු අතර, තාක්ෂණ ඳියුණුවත් සමග එහි ප්‍රවර්ධනයක් අපේක්ෂා කෙරේ.

    LAN (Local Area Network)

    images


    පටු හෞතික ප්‍රඳේශයක් ආවරණය කිරිමේ හැකියාව LAN සතු වේ. උඳාහරණ ලෙස නිවෙස්, කාර්යාලය හෝ පටු සීමාවක පිහිටි ස්ථාන ඳැක්විය හැක. නුතනයේ බොහෝ රැහැන් සහිත LAN නිර්මාණය කිරිමට ඊතර්නෙට් තාක්ෂණය යොඳා ගනී. තවඳ නවතම ප්‍රමිතින් වන ITU-T G.hn තාක්ෂණය භාවිතයෙන් ඳැනට නිවෙස්හි පවතින රැහැන් මගින් LAN නිර්මාණය කිරිමේ හැකියාව පවතී

    LAN සහ WAN සසඳා බැලු කළ LAN සහ WAN අතර ප්‍රතිවිරෝධතා පෙන්වයි. LAN සතුව ඉහළ ඳත්ත හුවමාරු වේගයක්, පටු භූමි ප්‍රඳේශයක්, අවම කල් බඳු විඳුලි සංඳේශ මාර්ග අවශ්‍ය වීම යන ලක්ෂණ පවතී. වර්තමාන ඊතර්නෙට් හෝ IEE 802.3 LAN තාක්ෂණයට තත්පරයට ගිගා බිටු 10 පරාසයක ක්‍රියාත්මක විමේ හැකියාව පවති. මෙම වේගය ගිගා බිටු 40 සිට 100 ඳක්වා ප්‍රමිතිකරණය කිරිමට IEE ව්‍යාපෘතිය විමර්ශණ සිඳු කරමින් පවති


    CAN (Campus Area Network)

    images


    CAN පටු ප්‍රඳේශයක පිහිටි LAN කිහිපයක් එකිනෙක සම්බන්ධ විමෙන් නිර්මාණය වේ. මෙය MPN හි ප්‍රභේඳයක් ලෙසඳ සැලකිය හැක. බොහෝ විට CAN, LAN වලට වඞා විශාල වන අතර WAN වලට වඞා කුඞා වේ.

    MAN (Metropolitan Area Network)

    images


    MAN නිර්මාණය වන්නේ LAN කිහිපයක් හෝ CAN කිහිපයක් එකිනෙක සම්බන්ධ විමෙන්ය. නමුත් එම ජාලය ආසන්නතම නගර සිමාවෙන් ඔබ්බට විහිඳි නොයයි. රවුටරය, ස්විචය, හබ් උපාංගය සම්බන්ධ කර MAN නිර්මාණය කරයි.

    WAN (Wide Area Network)

    images


    WAN පෘථුල ප්‍රඳේශයක් ආවරණය කරයි. බොහෝ WAN රවුටර සහ පොඳු සන්නිවේඳන මාර්ග යොඳා ගනි. WAN යන සංකල්පය PAN, LAN, CAN හෝ MPN වලට වඞා හාත්පසින්ම වෙනස් වේ. විශාලතම සහ ප්‍රචලිතම WAN උඳාහරණය ලෙස අන්තර්ජාලය ඳැක්විය හැක. WAN තාක්ෂණය OSI සමුඳ්ඳේශ ආකෘතියෙහි සඳහන් භෞතික ස්ථරය, ඳත්ත බන්ධන ස්ථරය සහ ජාල ස්ථරය යන ස්ථරයන්හි ක්‍රියාත්මක වේ.

    ගෝලිය සරි ජාලය (Global Area Network)

    images


    GAN සඳහා පිළිගත් පොඳු නිර්වචනයක් නොමැත. සාමාන්‍යයෙන් GAN ආකෘතිය යොදා ගනු ලඛන්නේ සන්නිවේඳන තාක්ෂණයන් වන නොරැහැන් LAN, චන්ද්‍රිකා ආවරණ ආදියේදීය.


    අතාත්වික පෞඳ්ගලික ජාලය (Virtual private Network)

    images


    VPN යනු භෞතික රැහැන් වෙනුවට විවෘත සැබැඳුම් හෝ අතථ්‍ය පරිපථ යොදා ගනිම්න් විශාල ජාලයන් හා සම්බන්ධ විමේ තාක්ෂණයයි. මෙහිදි සිදුවන්නේ පවතින පොදු සන්නිවේදන මාර්ගයේ ආරක්ෂාකාරි උමගක් තනා ගැනිමෙන් සන්නිවේදනය කිරිමයි.
    VPN ස්ථලකය ලක්ෂ්‍යයෙන් ලක්ෂ්‍ය තාක්ෂණයට වඞා ඉතා සංකිර්ණ තාක්ෂණයකි.

    මුලික දෘඩාංග සංරචක

    images


    සෑම ජාලයක්ම එකිනෙක සම්බන්ධ කිරිමට මුලික දෘඩාංග වන ජාල මුහුණත් පත් (NIC), පාලම් (Bridges), හබ්, ස්විචස්, රවුටර් ආදි උපකරණ යොදා ගනී.



    ජාල මුහුණත් පත් (NIC)

    images


    මෙය පරිගණක ජාලයක් තුළ පරිගණක හට සන්නිවේඳනය සදහාම නිර්මාණය කර ඇත. මෙමගින් ජාල මාධ්‍යට භෞතික ප්‍රවේශයක් ලබා දෙන අතර පහළ මට්ටමේ යොමු පඳ්ධතියක් MAC යොමු භාවිතයෙන් ලබා දේ.

    පුනරාවර්තකයන් (Repeaters)

    images


    ඉලෙක්ට්‍රොනික උපාංගයක් වන පුනරාවර්තකය මගින් කෙරෙන ප්‍රධාන කාර්යය වනුයේ සංඥා ලබා ගැනිම සහ ප්‍රතිසම්ප්‍රේෂණය, ඉහල ප්‍රභලත්වයකින් සිඳු කිරිමයි. මෙම නිසා සංඥා දිගු ඳුර පරාසයක අවක්‍රමණයකින් තොරව ගමන් කිරිමට හැකිවේ.


    නොරැහැන් පුනරාවර්තකයක් - හබ් (Hubs)

    images


    images


    ජාල හබ් උපාංගය බහු තොට වලින් සමන්විත වේ. එක් පැකට්ටුවක් තොටක් ලගට පැමිණි විට, හබ් උපාංගය එය අනෙකුත් සියලු තොට වලට අවකරණිත පිටපත් ලෙස සම්ප්‍රේශණය කරයි. මෙහිදි ගමනාන්ත යොමුව ප්‍රචාරණ යොමුව බවට පරිවර්තනය නොවේ


    පාලම් (Bridge)

    images


    images


    පාලම් ජාල පුරුක් කිහිපයක් දත්ත බන්ධන ස්ථරයේදි සම්බන්ධ කරයි. මෙහිදි හබ් වලදී මෙන් සියලු තොට වලට පිටපත් කිරිමක් සිඳු නොකර, MAC යොමු මගින් අදාල යොමුව පිළිබද ඉගෙන එම අදාල යොමුව සමග පමණක් ගනුඳෙනු කරයි.


    ප්‍රධාන පාලම් වර්ග

    දේශිය පාලම් - LAN පමණක් සම්බන්ධ කරයි


    දුරස්ථ පාලම් - LAN කිහිපයක් සම්බන්ධ කිරිමෙන් WAN නිර්මාණයට යොඳා ගනී.

    සම්බන්ධිත සන්ධියේ වේගය අවසාන ජාලයට වඞා මන්දගාමි බැවින් බොහෝ විට රවුටර් මගින් ප්‍රතිස්ථාපනය කරයි

    නොරැහන් පාලම් - දුරස්ථ LAN සම්බන්ධ කිරිමට යොදා ගනී


    ස්විචස් (Switches)

    images


    images


    මෙම ආම්පන්නයෙන් සිදු කරන ප්‍රධානතම කාර්යය වන්නේ ඳත්ත පැකට් MAC යොමුව අනුව අදාල තොට අතර ඉදිරියට යැවිම හා පෙරණයයි. හබ් උපාංගය මෙන් නොව මෙහිදි සන්නිවේඳන තොටට පමණක් දත්ත පැකට් යැවිම සිදු කරන අතර බොහෝ විට සවිමය IP යොමුව මගින් ගමනාන්තය සොයා ගැනිමට සමත් බවක් නොපෙන්වයි.
    ස්විචයට OSI ආකෘතියෙහි සදහන් භෞතික, දත්ත බන්ධන, ජාල, ප්‍රවාහන ස්ථරයන්හි ක්‍රියාත්මක විමට හැකියාව පවතී. මෙලෙස බහු ස්ථරයන්හි ක්‍රියාත්මක ස්විච බහුස්ථර ස්විච ලෙස හැදින්වේ


    රවුටර (Routers)

    images


    images


    රවුටර මගින් කෙරෙන ප්‍රධාන කාර්යය වනුයේ ජාල අතර පැකට්ටු ඉදිරියට යැවිමයි. මේ සදහා සම්මුති ශිර්ෂකයන්හි හා වගු වල අඩංගු තොරතුරු ලබා ගනිමින් එම පැකට්ටුව සම්ප්‍රේෂණය සඳහා ඊලග සුදුසුම රවුටරය තිරණය කරයි. රවුටරය OSI ආකෘතියෙහි ජාල ස්ථරයෙහි සහ TCP/IP ආකෘතියෙහි අන්තර්ජාල ස්ථරයෙහි ක්‍රියා කරයි.

    ජාල පිළිබඳ සංකල්පන

    පරිශීලනයන්ට හා ජාල පරිපාලකයන්ට ඔවුන්ගේ ජාල පිළිබඳ විවිධ දර්ශන පවතී. බොහෝ විට පරිශීලකයන්, ක්‍රියාකාරී පරිගණක සමූහයෙන් මුදුක හා ‍සමහරක් සේවාදායක හවුල් කර ගනී. එයින් ඔවුන් එකම භූ විද්‍යාත්මක ස්ථානයක සිටින බව හා එකම LAN එකක සිටින බව හැඟවේ. ඇල්මක් ඇති ප්‍රජාවන් පෙදෙස්වල (local area) වල අඩු කැමැත්තක් දක්වන අතර සේවාදායක කිහිපයක් හවුල් කරගන්නා අහඹු ලෙස තෝරාගත් පරිශීලකයන් ලෙස ඔවුන් සැලකිය යුතු වේ. තවද සම - සම (peer-to-peer) තාක්ෂණ ද සන්නිවේදනය සඳහා යොදා ගනී.
    images


    ජාල පරිපාලකයන් ජාල භෞතික හා තාර්කික යන අංශ දෙක කෙලින්ම දකී. භෞතික අංශයට භූ විද්‍යාත්මක ස්ථානය, භෞතික රැහැන් ඇදීම හා ජාල උපාංග (උදා - රවුටර, බ්‍රිජ් (bridges) හා භෞතික මාධ්‍ය සම්බන්ධ කරන යෙදුම් ස්තර පිවිසුම් මඟ (application layer gateways) ආදයි ඇතුලත් වේ. TCP/IP නිර්මිතයේ දී සබ්නෙට් (subnets) ලෙස හඳුන්වන තාර්කික ජාල, භෞතික මාධ්‍යය එකකට හෝ කිහිපයකට අන්තර්ගත වී ඇත. විශ්ව විද්‍යාවල ගොඩනැඟිලිවල පොදු ක්‍රියාවලියක් වන්නේ අතාත්වික LAN (VLAN) තාක්ෂණය යොදාගෙන එක් එක් ගොඩනැගිල්ලේ LAN රැහැන් සමූහයක් පිහිටුවීමයි. මෙය සුලබ සබ්නෙට් එකකට උදාහරණයක් වේ.

    පරිශීලක හා පරිපාලක යන දෙපක්ෂයම ජාලවල විශ්වාස හා ක්‍රියා කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව විවිධ මට්ටම් දක්වා අවධානය යොමු කරයි. නැවත TCP/IP නිර්මිත පාරිභාෂිතය අනුසාරයෙන් අන්තර්ජාලය යනු සාමාන්‍යයෙන් සමාගමක් යටතේ පුද්ගලිකව පරිපාලනය වන උනන්දුවක් ඇති ප්‍රජාවකි. තවද මෙයට ප්‍රවේශ විය හැක්කේ අවසර ලත් පරිශීලකයන්ට පමණි. (උදා - සේවකයන්) (RFC 2547) අන්තර්ජාල අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට අවශ්‍ය ‍නොවන නමුත් සාමාන්‍යයෙන් සීමා කළ සබඳතාවක් තිබේ. එක්ස්ට්‍රානෙට් (extranet) යනු අන්තර්ජාලයෙහි දිගුවක් වන අතර එමඟින් අන්තර්ජාලයෙන් පරිබාහිර පරිශීලකයන්ට ආරක්ෂිත සන්නිවේදනයක් ලබා‍දේ. (උදා - ව්‍යාපාර හවුල්කරුවන් , පාරිභෝගිකයන්) RFC 3547
    සාමාන්‍ය ලෙස අන්තර්ජාලය යනු අන්තර්ජාල සේවා සපයන්නන් (ISP) මඟින් අන්තර්ව බැඳුනු පරිශීලකයන්, සමාගම් හා අන්තර්ගත සපයන්නන් සමුහයකි. ඉන්ජිනේරුමය ලෙස සැලකුවහොත් අන්තර්ජාලය යනු සබ්නෙට් සමූහයකි. ඒවා ලේඛනගත කළ IP ලිපින ඉඩ හවුල් කර ගන්නා අතර දාර පිවිසුම් මඟ ප්‍රොටෝකෝලය (Border Gateway Protocol) යොදාගෙන එම IP ලිපිනවලට ළඟා වීමේ හැකියාව පිළිබඳ තොරතුරු හුවමාරු කර ගනී. ආකෘතිමය ලෙස, සේවාදායකවල මිනිසුන්ට කියවිය හැකි නම් , වසම් නාම පද්ධතියේ (DNS) නාමාවලි අංගය හරහා IP ලිපින බවට පරිවර්තනය කරනු ලැබේ.
    අන්තර්ජාලය හරහා ව්‍යාපාර - ව්‍යාපාර (B2B) , ව්‍යාපාර - පාරිභෝජක (B2C) හා පාරි‍‍‍භෝජක - පාරිභෝජක (C2C) සන්නිවේදන සිදුවිය හැක. විශේෂයෙන් මුදල් හෝ සංවේදී දත්ත හුවමාරු වන විට සන්නිවේදන, යම් සන්නිවේදන ආරක්ෂණ යාන්ත්‍රණයක් මඟින් ආරක්ෂා වීමේ ප්‍රවණතාවක් ඇත. අන්තර්ජාල හා එක්ට්‍රානෙට් , සාමාන්‍ය අන්තර්ජාල පරිශීලකයන්ගේ ප්‍රවේශය නොමැතිව හා ආරක්ෂිත අතාත්වික පුද්ගලික ජාල (VPN) තාක්ෂණය යොදාගෙන, අන්තර්ජාලය මත තැබිය හැක.
    ක්‍රීඩා සඳහා භාවිතා කරන විට එක් පරිගණකයක් සේවා දායකයා බවට පත් විය යුතු අතර අනෙක්වා එය හරහා ක්‍රීඩා කිරීම සිදු කරයි.



    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගොඩක් හොද Post එකක් මචෝ :):):cool:
    rep දෙන්න බෑ ලු :sorry: rep දෙන්න පුලුවන් උන ගමන් අනිවා දෙන්නම් :yes::yes:
     
    • Like
    Reactions: upulcla

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    • Like
    Reactions: kterulz

    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    Pattaaaaa!!!!

    Mata podi prashnyk thynwa.
    Ape PC ekata WiFi detector ekak dagana baida? Ehma hardware ekak thynwd?

    Mata PC eka geniyna wenwa gdra wena thanakta. Ethnta routr eka genawoth room ekata wifi signl adu wenwa. So PC ekata ehema wifi jimix ekak danna puluwnda?
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Pattaaaaa!!!!

    Mata podi prashnyk thynwa.
    Ape PC ekata WiFi detector ekak dagana baida? Ehma hardware ekak thynwd?

    Mata PC eka geniyna wenwa gdra wena thanakta. Ethnta routr eka genawoth room ekata wifi signl adu wenwa. So PC ekata ehema wifi jimix ekak danna puluwnda?

    puluwan mewage ekak use karala..

    images

    images


    images


    tauter eke thiyenawa sammatha dura pramanayak... ea seemawa ethulatha signal aduweemak wenne nee....

    gedara mada hariye rauter eka thibunoth hama thanama use karanna puluwan..