පල්ලියෙන්_බුදු_වදන්_කියා_දෙයි

Dr.killer

Member
Jun 28, 2014
47
8
0
පල්ලියෙන්_බුදු_වදන්_කියා_දෙයි

''පාප් වහන්සේ සමාව ගත යුතුයි'' කී ත්‍රස්තවාදී සංවිධානයේ නායකයාට පල්ලියෙන් බුදු වදන් කියා දෙයි-----

'පාප් වහන්සේගේ ලංකාගමනයේදී එතුමා සමාව ගත යුතු'යැයි කී බොදු බිලි හමුදාව නම් ත්‍රස්ත සංවිධානයේ නායක ඥානසාර තෙරට 'කිතුහඬ කතෝලික දහම රැකගැනීමේ ජාතික ව්‍යාපාරය' විසින් පිළිතුරු ලබා දී ඇත. කතෝලික සභාව ආගම ප්‍රචාරය කිරීම පිණිස රටවල් ආක්‍රමණය කළේ හෝ මිනිසුන් ඝාතනය කළේ හෝ නැතැයි 'කිතුහඬ කතෝලික දහම රැක ගැනීමේ ජාතික ව්‍යාපාරය' පවසයි.

එම ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති සම්පුර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය.

පෞද්ගලික ජනප්‍රියත්වය වෙනුවෙන් පොදු හදවත් රිදවන නිශ්ඵල ප්‍රකාශ කිරීම් වලින් වලකින්න
------------------------------------------------------------------------------------

9276_746797522052082_7991107476030879110_n.jpg


බොදුබල සේනාවේ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පසු ගිය දිනක 'පාප්තුමා බෞද්ධයින්ගෙන් සමාව ගත යුතුයි' යනුවෙන් මාධ්‍යයට කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් කතෝලික ගිහි සංවිධානයක් ලෙස කතෝලික ජනතාව හා කතෝලික සභාව වෙනුවෙන් මෙලෙස පැහැදිලි කරනු කැමැත්තෙමු.

පළමුව උන්වහන්සේ කරන ලද එම ප්‍රකාශය සම්බන්ධව අප සංවිධානය ප්‍රමුඛ කතෝලික සභාවේ සාමාජිකයින් විමතියටත්, කණගාටුවටත් පත් වූ බව සදහන් කරනු කැමැත්තෙමු.

වසර සිය ගාණකට පෙර සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් නැවත මෙලෙස මතභේදාත්මක ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම එක් අතකින් විමතියට කරුණක් බව ඕනෑම අයෙකු පිලිගන්නා දෙයකි. එලෙසම වසර සිය ගාණකට පෙර සිදු වූ සිද්ධියකට එයට කිසිසේත්ම සම්බන්ධ නැති පුද්ගලයෙකු පාදක කරගැනීමත්. වසර සිය ගණනකට පෙර සිද්ධියක් නිසා වත්මන් කතෝලික හා බෞද්ධ සංහිඳියාවට හානි වන අන්දමේ ප්‍රකාශ කිරීමත් එක් අතෙකින් ප්‍රශ්නකාරී වේ.

කතෝලික දහම සම්බන්ධයෙන් ඉතිහාසයේ පටන් ඉතා හොඳින් සොයා බැලූවහොත් පෙනී යන කරුණ නම් කිසි විටෙකත් කතෝලික සභාව ආගම ප්‍රචාරය කිරීම පිණිස රටවල් ආක්‍රමණය කළේ හෝ මිනිසුන් ඝාතනය කළේ හෝ නැති බවයි. විවිධ අවස්ථාවලදී කතෝලික දහම වැළඳ ගත් විවිධ රජවරු හා රටවල් සිය පෞද්ගලික දේශපාලන හා ආර්ථීක ප්‍රතිලාභ වෙනුවෙන් ආගම ඉදිරියට දමා යටි අරමුණකින් විවිධ රටවල් ආක්‍රමණය කළ බව එහිදී විවරණ වනු ඇත. මෙරටට පැමිණි පෘතුගීසීන්ගේ පවා මුඛ්‍ය අරමුණ ආගම ප්‍රචාරය නොව සිය වෙළෙඳාම පිණිස රටවල් ආක්‍රමණය කිරීම බව ඕනෑම අයෙකුට වැටහේ. එනිසාම ලංකාව ආක්‍රමණය කරනු ලැබුවේ කතෝලික සභාවේ නායකයෙකු වන අති උතුම් ශුද්ධෝත්තම පියතුමෙකු හෝ කතෝලික පූජකයෙකු නොවේ. මෙරට එකළ ආක්‍රමණය කරන ලද්දේ පෘතුගාලයේ, ඕලන්දයේ හා එංගලන්තයේ රජය නියෝජනය කරන රාජ්‍ය දුතයින් හා එම රජයට අයත් භට සේනා වේ. ඔවුන් වැළඳගෙන සිටියේ කතෝලික හෝ ක්‍රිස්තියානි දහම නිසා එයට වතිකානයට චෝදනා කළ නොහැක.

පූජ්‍ය ඥානසාර හිමි පවසන පරිදි එකළ ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීම වෙනුවෙන්, වෙහෙර විහාරස්ථාන විනාශ කිරීම වෙනුවෙන්, බෞද්ධයින් ඝාතනය කිරීම වෙනුවෙන් සමාව ගත යුත්තේ වත්මන් ශුද්ධෝත්තම පියතුමා නොව වත්මන් පෘතුගාලයේ, ඕලන්දයේ (නෙදර්ලන්තයේ) හෝ එංගලන්තයේ රාජ්‍ය නායකයින් විසිනි. ඔවුන් මෙරට සිංහල බෞද්ධයින්ගෙන් පමණක් නොව සමස්ථ කතෝලික ප්‍රජාවගෙන්ද සමාව ගත යුතුවේ. මන්ද නිර්මල දහමක් වූ කතෝලික දහම ඉදිරියට දමාගනිමින් ඔවුන්ගේ රාජ්‍යයන්ගේ ඇති පටු දේශපාලන හා ආර්ථක අභිමතාර්ථ ඉටුකර ගනිමින් කතෝලික දහමට කැළලක් කළ බැවිනි.

වත්මනේ පවා කතෝලික දහම හා බුදු දහම ඉදිරියට දමාගෙන විවිධ ජනතා විරෝධී ක්‍රියා, සදාචාර විරෝධී ක්‍රියා එම ආගම් නාමයෙන් කරණ පාලකයෝ එමටය. අපේ රටෙන් අද පවා එවැනි උදාහරණ දැක ගත හැකිවේ.

එසේම පූජ්‍ය ඥානසාර හිමියන් රට ආක්‍රමණය කිරීමට එරෙහිව, වෙහෙර විහාර විනාශ කිරීමට එරෙහිව, බෞද්ධයින් ඝාතනය කිරීමට එරෙහිව සමාව ගන්නා ලෙස මුලින්ම ඉල්ලා සිටිය යුත්තේ කතෝලිකයින්ගෙන් හෝ ක්‍රිස්තියානි භක්තිකයින්ගෙන් නොව හින්දු ආගමික නායකයින් හා ඉන්දීය රාජ්‍ය නායකයින්ගෙන්ය. මන්ද ඉතිහාසයේ මුලින්ම, පෘතුගීසින්ට, ලන්දේසින්ට හා ඉංග්‍රීසින්ට පෙරාතුව ලංකාව ආක්‍රමණය කර බුදු දහමට විශාල හානියක් සිදු කරනු ලැබුවේ 1215 දී මෙරට ආක්‍රමණය කළ ඉන්දියාවෙන් මෙරටට පැමිණි ආර්ය හින්දු ආගමික 'කාලිංග මාඝ' විසින් බැවිනි. එසමයේ වෙහෙර විහාර ගිණි තබමින්, බෞද්ධ පොත්ගුල් හා ශිලා ලිපි විනාශ කරමින්, භික්ෂූන් හා බෞද්ධයන් ඝාතනය කරමින්, ධනවතුන්ගේ ධනය පැහැර ගනිමින් කාලිංග මාඝ මෙරට එකම ලේ විලක් කළ බව ඉතිහාසයේ සදහන් වේ. භික්ෂුන් වහන්සේලා එම ආක්‍රමණයෙන් දිවි ගලවා ගනු ලැබූයේ ඉන්දියාවට පලා ගොස් බව මහාවංශයේ දැක්වේ. කාලිංග මාඝ බුදු දහම විනාශ කොට ඒ වෙනුවට රට තුළ ආක්‍රමණකාරීව හින්දු දහම ස්ථාපිත කළ බවද මහාවංශයේ දැක්වේ. දඹදෙණියේ සිය රාජ්‍යය පිහිටුවාගත් තුන්වන විජයබා රජුගේ පුත් දෙවෙනි පැරකුම්බා රජු 13 වන සියවසේ කාලිංග මාඝ මෙරටින් පලවා හැර රට එක්සේසත් කරනතුරුම බුදු සසුනට දැවැන්ත විනාශයක් සිදු කළ බව ඉතිහාසයේ සදහන්වේ. එබැවින් පූජ්‍ය ඥානසාර හිමියන් පළමුව කාලිංග මාඝ විසින් කරන ලද විනාශයටත්, දෙවනුව පෘතුගීසින්ගේ විනාශය සම්බන්ධවත් පිළිවෙලින් අවධානය යොමු කරනු ඇතැයි සිතමු.

එසේම ඉතිහාසය සැකෙවින් සොයා බැලීමේදී නිර්මල බුදු දහම පවා ආක්‍රමණශීලීව මෙරටට ආවාදැයි සැකයක් ඇතිවෙයි. එනම් 'දාඨාවංශය', 'මහා වංශය', 'චූලවංශය', 'දළදා සිරිත' වැනි බොහෝ ඉතිහාසමය ග්‍රණ්ඨයන් හි සඳහන් පරිදි හේමමාලා කුමරිය හා දන්ත කුමරු දළදා වහන්සේ 'තාවුලිප්ති තොටට' වැඩමවාගෙන එන තෙක් නාගයින් හෙවත් මෙරට ජීවත් වූ නාග ගෝත්‍රිකයින් එයට බාධා කරමින් කටයුතු කළ බව සඳහන්වේ. (දළදා සිරිත 1970 පිටු 31-34) නමුත් රහතන් වහන්සේලා විසින් මෙම බාධා මර්ධනය කළ පසු දළදා වහන්සේ 'තාවුලිප්ති තොටට' වැඩම්ම විය හැකි වූ බව සඳහන් වේ. එක් අතකින් බැලූ විට මෙරට ස්වදේශීකයින්ගේ විරෝධය මැද ඔවුන් මර්දනය කරමින් විදේශයක සිට අශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහයෙන් තව රටකට ධර්මය බලෙන් රැගෙන යෑමත් එක් අතකට ආක්‍රමණයකි. නමුත් එය බුදුන් දෙසා වදාළ ධර්මයේ ඇති වරදක් නොවේ. එය අප කාටත් හොඳින් හැඟී යන දෙයකි. එය හා සැසඳීමේදී ඉහත පූජ්‍ය ඥානසාර හිමියන් සදහන් කරන කාරණයද තවත් විදේශීය දහමක් වන කතෝලික දහමේ වරදක් නිසා සිදුවූවක් නොවන්නේ බව පැහැදිලිය.

තවද කතෝලික දහම අටවල් ආක්‍රමණය කරමින් අන්‍යාගමිකයින් ඝාතනය කරමින් ආගම ප්‍රචාරය නොකරන බවට හොඳම උදාහරණය නම් කතෝලික දහමේ සිටිනා 'ප්‍රාණපරිත්‍යාගිවරු' නම් කොටසයි. මොවුන් කිසි විටෙකත් ආගම ප්‍රචාරය කිරීමට සටන් කොට දිවි පූජා කළ අය නොවේ. ඉතා අවිහිංසාවාදීව කතෝලික දහම අන් අයට දේශනා කිරීමට ගොස් අන් අයගෙන් පීඩා විඳ, වද වේදනා දුක් විඳ සිය ප්‍රාණය අවිහිංසාව වෙනුවෙන් පිදු කිතුනු විශ්වාසිකයින්ය. කතෝලික සභාව තුළ බලෙන් ආගම පැතිරවීමේ ක්‍රමවේදයක් හෝ ඉගැන්වීමක් නැත. ක්‍රිස්තුන් වහන්සේගේ ඉගැන්වීම් කිහිපයකින් මේ සදහා උදාහරණ දිය හැකිවේ.

1. ඇසට ඇසකින්ද, දතට දතකින්ද කියා ලියා ඇත. නමුත් මම ඔබට කියමි. එදිරි කාරයාට විරුද්ධව කිසිත් නොකරන්න. යමෙකු ඔබේ වම් කම්මුලට ගැසුවොත් ඔහුට අනිත් කම්මුලද හරවන්න. යමෙක් ඔබේ කමිසය ගන්නට කැමති වුවහොත්, ඔහුට ඔබේ කබායත් දෙන්න. (ශු.මතෙව් 5,38-40)

2. ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න ඔබේ සතුරාට වෛර කරන්නයැයි කී බව ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න. ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නේ නම් එයින් ඇති විපාකය කුමක්ද, විජාතිකයෝ පවා එසේ කරති. (ශු.මතෙව් 5, 43-48)

3. ඔබ යම් නිවසකට පිවිසි කළ ඔවුන් ඔබ පිළිගන්නේ නම් එතනින් පිටවනතෙක් එහිම නවතින්න. යම් තැනකදී ඔවුන් ඔබව පිළිගන්නේවත්, ඔබේ වචන අසන්නේ වත් නැතිනම් සාක්ෂියක් පිණිස ඔබේ පාදවල තිඛෙන දුහුවිලි පවා ගසා දමා එම ස්ථානයෙන් පිටවන්න. (ශු.මාක් 6, 10-11)

ඉහත සඳහන් ෙජ්සුස් ක්‍රිස්තුන් වහන්සේගේ ඉගැන්වීම කිහිපය කියවන ඕනෑම අයෙකුට කතෝලික දහම ආක්‍රමණික දහමක්ද, එසේත් නොමැතිනම් අවිහිංසාවාදී දහමක්දැයි කදිමට තේරුම් ගත හැකි වනු ඇත.

එසේම එක් පුද්ගලයෙකුගේ ජනප්‍රියතාවය තකා පොදුවේ ආගමික හෝ ජාතික ජන සමූහයකගේ සිත් රිදවන හෝ හැඟීම් ඇවිස්සෙන මෙවැනි ප්‍රකාශ කිරීම එතරම් සදාචාරාත්මක නොවන බවද පෙන්වා දෙනු කැමැත්තෙමු.

එසේම වසර සිය ගණනකට පෙර සිදුවූ ඝාතනයන් හා ලේ වැගිරීම් ගැන අතීතාවර්ජනයෙන් කතාබහ කරමින්, ප්‍රකාශ කරමින් ගැටුම් ඇති කර ගැනීම වෙනුවට වර්ථමානයේ හා අනාගතයේ ලේ වැගිරීම් හා ඝාතන වැලැක්වෙන ආකාරයේ සංහිඳියාවක් සඳහා කටයුතු කළ හැකිනම් වඩා උචිත වන්නේ එය බව අපගේ අදහසයි. අතීත ලේ වැගිරීම් සිහි කරමින් වර්ථමානයේත් ලේ වැගිරීමට නිමිති සෙවීම අඥාන ක්‍රියාවක් යැයි අපි සිතමු.

අති උතුම් ශුද්ධෝත්තම පියතුමන්ගේ පැමිණීම කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක්
--------------------------------------------------------------------------
ලබන වසරේ මුලදී සිදුවීමට නියමිත අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ ලංකාගමණය යම් යම් පිරිස් එක්වී කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට අපට මේ වන විට තොරතුරු රැසක් ලැබී ඇත. ඉන් එක් තොරතුරක් නම් 2014 පෙබරවාරි 11 වන අඟහරුවාදා සවස 4.00 කොළඹ සමස්ථ ලංකා බෞද්ධ සම්මේලනයේ පැවැති 'බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලයේ' රැස්වීමේදී සම්මත කරගත් යෝජනා කිහිපයකි. එම රැස්වීමේ කථා කළ හා එකී වාර්ථාවේ සඳහන් පරිදි

1. ශුද්ධෝත්තම පියතුමන්ගේ පැමිණීම මුල් කරගනිමින් බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීම.

2. බෞද්ධ සංස්කෘතිය හා බැදුණු භාෂා ව්‍යවහාරයන් කතෝලිකයින්ට භාවිතා කිරීම වැලැක්වීමට ක්‍රියාමාර්ග ගැනීම

3. පෘතුගීසින් 1505 - 1556 දක්වා මුහුදුබඩ පලාත් පාලනය කරන අවධියේ දී බෞද්ධ සිද්ධස්ථාන සඳහා කරන ලද ව්‍යසන සදහා කතෝලික පල්ලිය විසින් වන්දි ගෙවීම හා පුරාණ සිද්ධස්ථාන සතු භූමියේ තනා ඇති කතෝලික පල්ලි වෙනත් ස්ථානයකට ගෙනගොස් එම ඉඩම් නැවත බෞද්ධයින් සතු කිරීම.

4. දෙමළ ඩයස්පෝරාව හා උතුරේ කතෝලිකයින් ඇති සම්බන්ධය අත් හැරිය යුතු බව හා වත්මන් කාදිනල්තුමා හා යාපනයේ රදගුරුතුමා දෙමළ ජාතිකයින් සම්බන්ධව අනුගමනය කරන පිළිවෙත් සම්බන්ධයෙන් අවධානය යොමු කරවීම.

5. පාප් වහන්සේ රටක රාජ්‍ය නායකයෙකු ලෙස මිස ආගමික නායකයෙකු ලෙස නොසලකා බෞද්ධ භික්ෂුන් වහන්සේලා පාප් වහන්සේ පිළිගැනීමේ උත්සවයට සහභාගී නොවීම හා ඉහත සඳහන් කරුණු ඇතුලත් ලිපියක් පාප් වහන්සේ වෙත නිල වශයෙන් ලබාදීම.

මෙම ක්‍රියාමාලාවයි. තවත් ක්‍රියාමාලාවන් බොහෝමයක් ඉදිරියේදී දැකගත හැකි වෙතැයි අපි සිතමු. කෙසේ වෙතත් පූජ්‍ය ගලබොඩඅත්තේ හිමියන්ගේ ඉහත ප්‍රකාශයද අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ ලංකාගමණය කඩාකප්පල් කිරීමේ යම් මූලික පියවරක් දෝ යැයි නොසිතෙන්නේ නොවේ.

කෙසේ නමුත් මෙරට වඩා තදින් සම්බන්ධව වඩා සංහි`දියාවෙන් සිටින ආගමික කොටස් දෙක වන්නේ බෞද්ධ ආගමිකයින් හා කතෝලික ආගමිකයින්ය. මන්ද ලංකාවේ කතෝලික භක්තිකයින්ගෙන් 80% කට අධික ප්‍රමාණයක් සිංහල කතෝලිකයින් වන බැවිනි. ද්‍රවිඩ හා බර්ගර් කතෝලිකයින් ඇත්තේ ඉතාම අල්ප ප්‍රමාණයකි. එසේම කතෝලික පවුල් බොහෝමයක සාමාජිකයින් ආවාහ විවාහ කරගෙන සිටින්නේ බෞද්ධ සහකාරයින් හෝ සහකාරියන්වය. ඔවුන් සහජීවනයෙන් හා සංහි`දියාවෙන් එකම පවුලක් මෙන් දිවි ගෙවති. එසේම සිංහල කතෝලිකයින්ගේ සංස්කෘතිය පවා බෞද්ධ සංස්කෘතියමය. එබැවින් මෙවැනි දුරදිග නොබලා ප්‍රායෝගිකව කිසිදු අර්ථයක් නැති කරුණු සම්බන්ධයෙන් ජන කොටස් සංවේදී වන අයුරින් ප්‍රකාශ සිදු කිරීමෙන් වන්නේ ඒ ඒ ආගමික හා ජන කොටස්වල සිත් පෑරීම පමණි.

එසේම වත්මන් අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් මෙයට පෙර සිටි ශුද්ධෝත්තම පියතුමන්ලා දෙදෙනා මෙන්ම අන් ආගම් වලට ගරු කරන සංහිඳියාව හා සහජීවනය වඩා අගය කරන ශුද්ධෝත්තම පියතුමෙකි. උද්දච්චකම, වෛරය, ආවේගශීලීත්වය වැනි දුර්ගුණ නැති නිවුනු බැගෑපත් නිරහංකාර සාන්තුවර චරිතයකි. උන් වහන්සේ අවස්ථා කිහිපයකදීම කතෝලික සභාවේ ඇතැමුන්ගේ ක්‍රියාකාරකම් නිසා අන්‍ය රටවල් හා ආගම් වලට සිදුවූ අපහසුතාවයන් වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇත. එබැවින් ඇතැම්විට ලිඛිත ඉල්ලීමක් කළහොත් සියල්ලන්ටම ආදර්ශයක් වන ලෙස ඉතා බැගෑපත්ව මෙම කරුණ සම්බන්ධයෙන් වුවද ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටින්නට පුළුවන් කෙනෙකි.

එහෙත් අපට ඇති එකම ප්‍රශ්නය නම් මේ රටේ මේ අවස්ථාවේ ප්‍රමුඛතාවය දියයුතු එකම ප්‍රශ්ණය වන්නේ වසර සිය ගණනකට පෙර ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීම වෙනුවෙන්, වෙහෙර විහාරස්ථාන විනාශ කිරීම වෙනුවෙන්, බෞද්ධයින් ඝාතනය කිරීම වෙනුවෙන් වසර සිය ගණනක් ගෙවුනු පසු මේ අවස්ථාවේදී කතෝලිකයින් බෞද්ධයින්ගෙන් සමාව ගැනීමද? පසුගියදා ශ්‍රී දළදා මැදුර ඉදිරිපිට සිදුවූ සැණකෙළියේ මත්පැන්, කාර් රේස් හා ගණිකාවන් වැනි දුරාචාර නිසා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට සිදුවූ අපහාසය පූජ්‍ය ඥානසාර හිමියන්ට මෙයට වඩා ප්‍රමුඛ යැයි දැනුනේ නැද්ද? යන්නය. වඩා ජනප්‍රිය මාතෘකා ගෙන ජනප්‍රිය වෙනවාට වඩා, වඩා අර්ථවත් දේ ගෙන වඩා අර්ථවත්වීම හොඳයැයි අපි යෝජනා කරමු.

අවසාන කොට ජාතක කතා පොතෙහි 365 වැනි ජාතක කථාව වන 'දිඝිති කෝසල ජාතක කතාවෙහි' එන වදනක් මතක් කර දෙනු කැමැත්තෙමු. එනම් 'මා ඛො ත්වං, තාත දීඝාවු, දීඝං පස්ස, මා රස්සං. න හි, තාත දීඝාවු, වෙරෙන වෙරා සම්මන්ති අවෙරෙන හි, තාත දීඝාවු, වෙරා සම්මන්තී ති, කිං තෙ පිතා සන්ධාය අවචා'

'ලඟ නොබලන්න, දුර බලන්න, වෛරයෙන් වෛරය නොසංසිඳේ, අවෛරයෙන් වෛරය සංසිඳේ'

ස්තුතියි,
බුදු සරණයි! ජේසු පිහිටයි!

''කිතුහඬ කතෝලික දහම රැකගැනීමේ ජාතික ව්‍යාපාරය''
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඇයි ඔයාට හිනා.

නෑ නෑ...අර කියලා තිබ්බේ ආගමේ නාමයෙන් රටවල්වල දහම පතුරුවන්න මිනීමරලා නෑ කියලා...ඒකට හිනා ගියේ..අනික ගොඩාක් දුර අතීතයට යන්න ඕනේ නෑ යුද්දේ කාලේ ප්‍රභාකරන්ට උතුරේ ක්‍රිස්තියානි පූජකවරු උදවු කලා නේද?
 

Dr.killer

Member
Jun 28, 2014
47
8
0
නෑ නෑ...අර කියලා තිබ්බේ ආගමේ නාමයෙන් රටවල්වල දහම පතුරුවන්න මිනීමරලා නෑ කියලා...ඒකට හිනා ගියේ..අනික ගොඩාක් දුර අතීතයට යන්න ඕනේ නෑ යුද්දේ කාලේ ප්‍රභාකරන්ට උතුරේ ක්‍රිස්තියානි පූජකවරු උදවු කලා නේද?

ඔව් සමහර විට උදවු කරන්න ඇති. ඒවගේ හින්දු පුජකවරුත් උදව් කරන්න ඇති. එයට අමතරව පන්සල්වල හාමුදුරුවොත් කරලා ඇති එක එක වැරදි, එහෙම උනා කියල සමස්ථ ආගම ඒ සඳහා වග කියයුතු නැහැ. ඒවා පුද්ගල දෝෂ. පොඩ්ඩක් සමාජය දිහා විවුර්ත්ව බලන්න පුරුදු වෙන්න . නැත්නම් අර ගමේ ගොඩේ ජිවත් වෙන සාමාන්‍ය මිනිස්සු වගේ ඔලුවට එන දේවල් කියන්න එපා. මට ගොඩක් දේවල් බෞද්ධයෙක් වශයෙන් දකින්න පුළුවන් කමක් තියනවා.
 
Last edited:

lilman

Well-known member
  • May 10, 2009
    41,007
    54,641
    113
    Colombo
    නෑ නෑ...අර කියලා තිබ්බේ ආගමේ නාමයෙන් රටවල්වල දහම පතුරුවන්න මිනීමරලා නෑ කියලා...ඒකට හිනා ගියේ..අනික ගොඩාක් දුර අතීතයට යන්න ඕනේ නෑ යුද්දේ කාලේ ප්‍රභාකරන්ට උතුරේ ක්‍රිස්තියානි පූජකවරු උදවු කලා නේද?

    ලිඳේ :(
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මාක්ස් අංකල් ඇයි දැන් අරකෙන් එන්නෙ නැත්තෙ?
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    නෑ නෑ...අර කියලා තිබ්බේ ආගමේ නාමයෙන් රටවල්වල දහම පතුරුවන්න මිනීමරලා නෑ කියලා...ඒකට හිනා ගියේ..අනික ගොඩාක් දුර අතීතයට යන්න ඕනේ නෑ යුද්දේ කාලේ ප්‍රභාකරන්ට උතුරේ ක්‍රිස්තියානි පූජකවරු උදවු කලා නේද?

    jabuk :lol:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව් සමහර විට උදවු කරන්න ඇති. ඒවගේ හින්දු පුජකවරුත් උදව් කරන්න ඇති. එයට අමතරව පන්සල්වල හාමුදුරුවොත් කරලා ඇති එක එක වැරදි, එහෙම උනා කියල සමස්ථ ආගම ඒ සඳහා වග කියයුතු නැහැ. ඒවා පුද්ගල දෝෂ. පොඩ්ඩක් සමාජය දිහා විවුර්ත්ව බලන්න පුරුදු වෙන්න . නැත්නම් අර ගමේ ගොඩේ ජිවත් වෙන සාමාන්‍ය මිනිස්සු වගේ ඔලුවට එන දේවල් කියන්න එපා. මට ගොඩක් දේවල් බෞද්ධයෙක් වශයෙන් දකින්න පුළුවන් කමක් තියනවා.

    ඔව් ඇත්ත කථාව පුද්ගල දෝෂ වලට සම්පූර්න අගමක්ම පලි නෑ.. ඒක නෙමෙයි බන් අර ෆාදර් කෙනෙක් හමුදාවේ අය මානව හිමිකම් කඩකලා කියලා ජාත්‍යන්තරයට ලොකුවට ප්‍රකාෂ කරලා ලංකාවේ නම කැත කරන්න හැදුවා නේද? ඒක පුද්ගල දෝෂයක් තමයි.. නමුත් ලංකාවේ සමස්ථ කතෝලිකයන්ම ඒක නොදැක්කා වගේ හිටියා නේද බං. කොටින්ම කාදිනල් තුමාවත් ඒ ගැන කථා කලේ නෑ. එතකොට ඒක සමස්ථ කතෝලිකයන්ගෙම පුද්ගල දෝෂයක්ද බං? ඥානසාර හාමුදුරුවන්ගේ වැරදි දානව වගේ ඒවත් දැම්මනම් නේද හොඳ. ඔය වගේ තව ගොඩක් ඒවා තියනවා උඹ ත්‍රෙඩ් එකක් දානවනම් කියපන් මම ලිස්ට් එකක්ම දෙන්නම් ඒ වගේ වෙච්ච දේවල්..
     
    • Like
    Reactions: Thilinacba

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    නැකැත් රාල;16881946 said:
    ඔව් ඇත්ත කථාව පුද්ගල දෝෂ වලට සම්පූර්න අගමක්ම පලි නෑ.. ඒක නෙමෙයි බන් අර ෆාදර් කෙනෙක් හමුදාවේ අය මානව හිමිකම් කඩකලා කියලා ජාත්‍යන්තරයට ලොකුවට ප්‍රකාෂ කරලා ලංකාවේ නම කැත කරන්න හැදුවා නේද? ඒක පුද්ගල දෝෂයක් තමයි.. නමුත් ලංකාවේ සමස්ථ කතෝලිකයන්ම ඒක නොදැක්කා වගේ හිටියා නේද බං. කොටින්ම කාදිනල් තුමාවත් ඒ ගැන කථා කලේ නෑ. එතකොට ඒක සමස්ථ කතෝලිකයන්ගෙම පුද්ගල දෝෂයක්ද බං? ඥානසාර හාමුදුරුවන්ගේ වැරදි දානව වගේ ඒවත් දැම්මනම් නේද හොඳ. ඔය වගේ තව ගොඩක් ඒවා තියනවා උඹ ත්‍රෙඩ් එකක් දානවනම් කියපන් මම ලිස්ට් එකක්ම දෙන්නම් ඒ වගේ වෙච්ච දේවල්..
    ආයෙත් ජබෝක් :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පට්ට කතාව මචන්ලා.......

    නෑ නෑ...අර කියලා තිබ්බේ ආගමේ නාමයෙන් රටවල්වල දහම පතුරුවන්න මිනීමරලා නෑ කියලා...ඒකට හිනා ගියේ..අනික ගොඩාක් දුර අතීතයට යන්න ඕනේ නෑ යුද්දේ කාලේ ප්‍රභාකරන්ට උතුරේ ක්‍රිස්තියානි පූජකවරු උදවු කලා නේද?

    ජබුක්! :lol:


    නැකැත් රාල;16881946 said:
    ඔව් ඇත්ත කථාව පුද්ගල දෝෂ වලට සම්පූර්න අගමක්ම පලි නෑ.. ඒක නෙමෙයි බන් අර ෆාදර් කෙනෙක් හමුදාවේ අය මානව හිමිකම් කඩකලා කියලා ජාත්‍යන්තරයට ලොකුවට ප්‍රකාෂ කරලා ලංකාවේ නම කැත කරන්න හැදුවා නේද? ඒක පුද්ගල දෝෂයක් තමයි.. නමුත් ලංකාවේ සමස්ථ කතෝලිකයන්ම ඒක නොදැක්කා වගේ හිටියා නේද බං. කොටින්ම කාදිනල් තුමාවත් ඒ ගැන කථා කලේ නෑ. එතකොට ඒක සමස්ථ කතෝලිකයන්ගෙම පුද්ගල දෝෂයක්ද බං? ඥානසාර හාමුදුරුවන්ගේ වැරදි දානව වගේ ඒවත් දැම්මනම් නේද හොඳ. ඔය වගේ තව ගොඩක් ඒවා තියනවා උඹ ත්‍රෙඩ් එකක් දානවනම් කියපන් මම ලිස්ට් එකක්ම දෙන්නම් ඒ වගේ වෙච්ච දේවල්..

    (ජබුක්! :lol:) X (ජබුක්! :lol:)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පෞද්ගලික ජනප්‍රියත්වය වෙනුවෙන් පොදු හදවත් රිදවන නිශ්ඵල ප්‍රකාශ කිරීම් වලින් වලකින්න
    ----------------------------------------------------------------------
     

    Dr.killer

    Member
    Jun 28, 2014
    47
    8
    0
    බොදු බිලි සේනාවේ අය මානසික රෝගීන්!! ඒකෙ කීබෝර්ඩ් ගෝල බාලයොත් මානසික රෝගියෝ. එ බව ඔවුන්ගේ ක්‍රියාවෙන් හා comments වලින් ඔප්පු වෙනවා.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    බොදු බිලි සේනාවේ අය මානසික රෝගීන් වෙන්න අැති. අපි බොදු බල සේනාවෙ. අපිට ඒහෙම ලෙඩ නෑ....
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මානසික ආතතිය අකුරු ටයිප් කරලා තියෙන විදිහෙන්ම පේනවා...:(
     
    Last edited: