පවුල් සැලසුම් ක්‍රම

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
පවුල් සැලසුම් ක්‍රම

කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ​

attachment.php

පවුල් සංවිධාන ක්‍රම ( family planning ) අපි භාවිතා කරන්නේ යුවලකට පළමුවෙනි දරුවා පමා කරගැනීමට සහ දරුවෙක් ලැබුනට පසුව ( එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ ඊට වැඩි ගානක් ) ඒ දරුවන් අතර පරතරයක් තබා ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. දරුවන් ඉතාම ආසන්න වශයෙන් ලැබුනොත් මවට සහ දරුවාට සෞඛ්‍ය පැත්තෙන් හිතකර ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දරුවෙක් ලැබුණු මවක් අවම වශයෙන් ඒ දරුවාට අවුරුදු 2ක් වත් යනතුරු පමා කිරීම ඉතාම වැදගත්. ඒ නිසා අපි ඔබව දැනුවත් කරන්න යන්නේ පවුල් සැලසුම් ක්‍රම නිසි ආකාරව භාවිතා කරන්නේ කෙසේද කියා. බොහෝ වෙලාවට කෙනෙක් ව්වාහය පරක්කු කරනවා නම් හෝ අවුරුදු 18 හෝ අවුරුදු 19 කදී විවාහ වන ගැහැණු ළමයෙකුට හිතෙනවා නම් අධ්‍යාපන කටයුතු හෝ ව්‍යාපාරික කටයුතු හෝ අනෙකුත් කටයුතු නිසා දීර්ඝ කාලයක් සිටිය යුතුයි කියල ඇයට මෙම පවුල් සැලසුම් ක්‍රමය භාවිතා කළ හැකියි.



පසුගිය ලිපි පෙලින් අපි කතා කලේ කොහොමද පවුල් සැලසුම් ( family planning ) ක්‍රම නිසි ආකාරව පවත්වාගෙන යන්නේ කියලා. ඉතින් අද අපි ජඩෙල්( Jadelle ) කියන ක්‍රමය ගැන කතා කරමු.



ජඩෙල් ( jadelle ) කියන්නේ මෑත කාලීනව ඉතා ප්‍රචලිත වූ බොහෝ කාන්තාවන් සහ තරුණ ගැහැණු ළමුන් භාවිතා කරන පවුල් සැලසුම් ක්‍රමයක්. ජඩෙල් කියන්නේ හෝමෝනයක්. මෙහි අන්තර්ගත වන්නේ ප්රෝජෙස්ටජන් හොමෝනයයි. ප්රෝජෙස්ටජන් කියන්නේ අපේ ශරීරයේ තිබෙන හෝමෝනයක්. ජඩෙල් එකක තිබෙන හෝමෝන ප්‍රමාණය ශරීරයට ඇතුළු කරගත් පසු අවුරුදු 5ක් යනතුරු පාවිච්චි කල හැක.



මෙහි ඇති හෝමෝන සුළු ප්‍රමාණයක් අපේ ශරීරයට ඇතුලත් කරගත් පසුව ඉතාම සුළු වශයෙන් තමයි හෝමෝන නිකුත් කරන්නේ. එනිසා කාන්තාවන්ගේ ගර්භාෂයේ වගේ ඩිම්භකෝෂයේ යම් යම් වෙනස්කම් සිදුවෙනවා. ඒ නිසා ඇයට දරුවකු පිළිසිඳ ගැනීමේ හැකියාවක් නැහැ මෙය භාවිතා කරන කාලයහින් අතරතුර. තවත් දෙයක් තමයි ඩිම්භකෝෂයේ ඩිම්භ මේරීම නවතිනවා. මෙය තාවකාලික තත්වයක්. ගර්භාෂයේ යම් යම් වෙනස්කම් ඇති වී යම් විටෙක ඩිම්භය ශුක්‍රාණුවක් සමඟ සම්බන්ධ වූ විට එය ගර්භාෂ බිත්තියේ තැන්පත් වීම වළක්වනවා. ඒ වගේම තමයි ගැබ් ගෙලෙහි ඇතිවන ශ්‍රාවයන් වල ඝනභාවය වැඩි වී ගැබ් ගෙල අවහිර වෙනවා. මේ එයින් ලිංගිකව එක්වීමේදී ශුක්‍රාණු ගර්භාෂය ඇතුලට යාම නවත්වනවා. මේ නිසා ආරක්ෂාකාරීව භාවිතා කල හැකි හොඳම පවුල් සලසුම් ක්‍රමයක් තමයි මේ Jadelle භාවිතය.



මෙය පාවිච්චි කරනකොට සමහරවිට බොහොම කලාතුරකින් කෙනෙකුට යම් යම් රුධිර වාහනයේ ගැටළු ඇතිවෙන්නට පුළුවන්. ඔසප් වීම තාවකාලිකව නවතින්නට පුළුවන්. එහි කිසිම ගැටළුවක් නැහැ. ඇයට දීර්ඝ කාලයක් මෙය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ගැටළුවකට වෙන්නේ කෙනෙකුට යම් අවස්ථාවකදී නිරතුරුවම සුළු වශයෙන් රුධිර වාහනයක් වෙනවනම් ඇය අපහසුතාවයට පත් වෙනවා නම් එවිට අපිට ජඩෙල් එක ඉවත් කල හැකියි.



source http://thewoman.lk/healthy-family-planning-methods-such-as-jadelle/
 

Attachments

  • thewoman.lk-family-planning.jpg
    thewoman.lk-family-planning.jpg
    27.9 KB · Views: 155

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    type this in Arabic and Tamil so that our Muslim brothers can read and follow the instructions .they don't seem to have family planning at all ,worse than sinhalu