ස්වීඩන් ජාතික කාන්තාවක් ඇතුළු තිදෙනෙකුට නාඳුනන පුද්ගලයින් කීපදෙනෙකු විසින් ඊයේ(29) දින ඇල්ල නගරයේ පිහටි සංචාරක හෝටලයක් අසලදී සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ එම තිදෙනා දියතලාව රෝහලට ඇතුළත් කර ඇති බව ඇල්ල පොලිසිය පවසනවා.
පහරකෑමට ලක්ව ඇත්තේ ස්වීඩන් ජාතික ලියා නමැති වයස අවුරුදු 32ක තරුණියක් සහ කිරවනාගම පාර, බෙරගල පදිංචි ඇගේ පෙම්වතා වන ආදිත්‍ය විජේසිංහ යන ඔහුගේ මිතුරෙක් වන ගෙවින් ශාන් අභිශේක නමැති තිදෙනෙකි.
මොවුන්තිදෙනා 29 වැනිදා අලුයම තුනට පමණ ඇල්ල දුම්රිය පොල පාර පිහිටි සාංචාරක හෝටලයක රැඳී සිට විනෝද වෙමින් සිටියදීම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු ස්වීඩන් තරුණියගේ පසුපස ප්‍රදේශය ඇල්ලීමෙන් පසුව ඇති බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව තිබෙනවා.
මෙම අවස්ථාවේ පහරදීමට පැමිණි පිරිස හෝටල් කාර්ය මණ්ඩලය විසින් එම ස්ථානයෙන් ඉවත් කර ඇතත් අදාළ ස්වීඩන් ජාතික තරුණිය, පෙම්වතා සහ මිතුරා සිද්ධිය වූ හෝටලෙය්න පිටව වෙනත් හෝටලයක් කරා යමින් සිටියදී කලින් පහර දුන් බව කියන පිරිස යළිත් මග රැක සිට මෙම පිරිසට පහරදී තිබෙනවා.
තිදෙනාම එම අවස්ථාවේම තැලුම් තුවාල සහිතව දියතලාව මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
පහරදුන් පිරිස මෙතෙක් හඳුනාගෙන හෝ අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.