mahinda LTTE ekata salli dunne ai kiyapan???
බුදු දහමට අනුව ඊළඟ ආත්ම භවයේ රූපශ්‍රීයෙන් අගතැන්පත්වීමට නම් මේ භවයේ දී දැඩි ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් තොරව මේ සිතින් ජීවත් විය යුතු බව පැවැසේ. ඒ ආකාරයට ජීවත් වන්නන්ට එහි පින අත්විඳීමට ඊළඟ ආත්මය තෙක් යෑමට අවශ්‍ය වන්නේ නැති බව අද වන විට විද්‍යානුකූලව පවා ඔප්පු කළ සත්‍යයකි. ක්‍රෝධයෙන්, වෛරයෙන් තොරවූ මෛත්‍රියකින් ජීවත්වන අය ප්‍රභාමත් වන්නට විද්‍යානුකූලව බලපාන හේතු සාධක අද වන විට සොයාගෙන තිබේ. පංච කල්‍යාණයෙන්ම අගතැන්පත්ම ජීවත් වීමට යහපත් චිත්ත ශක්තීන් හි විශාල බලපෑමක් ඇති බව විද්‍යානුකූලව ද තහවුරු කළ සත්‍යයකි.
රූමත් බව නිසාම හිමිවන අන් අයගේ ආකර්ෂණය පිළිගැනීම හේතුවෙන් මාන්නයෙන් පිම්බෙන කාන්තාවෝ ද සිටිති. බුදු බණට අනුව මානය වඳුරකු බවට පත් කරයි.අභිමානය සුනඛයකු බවට පත් කරයි.
අද සමාජයේ රූමත් බව වැරැදි ආකාරයට යොදා ගනිමින් අන් ඵල ප්‍රයෝජන ලබා ගන්නට පෙළඹෙන කාන්තාවන්ද විරල නොවේ. සමහරවිට රූමත් බව නිසා පුරුෂ පක්ෂයේ ආකර්ෂණයට ලක් වද්දි ඉන් වැරදි ආකාරයට ප්‍රයෝජන ගනිමින් පිරිමින් කිහිප දෙනෙකු සමඟ ආදර සබඳතාවල පැටලෙන කාන්තාවෝද සිටිති.
විවාහ වූ පසුව පවා එවැනි දේට යොමු වන කාන්තාවන් පිළිබඳව උදාහරණ විරල නැත. ඒ සියලු දෙනා අතින්ම සිදුවන්නේ පෙර පිනෙන් තමන්ට උරුම වු රූමත් බව වැරදි ආකාරයට භාවිතා කිරීමයි. එය ඊළඟ ආත්මභවවල දී ඵලවිපාක ලැබෙන පාපකර්මයෙන් බව බුදුබණේ සඳහන් වුවද එහි පල විපාක ගෙවී යන ආත්මයේදීම විපාක ලබන ආකාරයත්, ඇස්පනාපිටම දැකිය හැකි අවස්ථා බොහෝය.
රූමත් බව අවියක් කොටගෙන එකවර පේ‍්‍රම සබඳතා දෙක තුන පවත්වා ගෙන යාමට පෙළඹුණ තරුණියන්ට එහි විපාක මේ අත්භවයේදීම අත්විඳින්නට සිදුවීම ඒකාන්තය. එකිනෙකාට හොර රහසේ පවත්වාගෙන යන එවැනි සම්බන්ධතා හෙළිදරව් වූ විට නින්දා අපහාස අවමන් පමණක් නොවේ. අවියක් කොට ගත් රූපය විකෘති කර දමන තරමේ පළිගැනීම්වලට පවා භාජනය වීම සිදු නොවිය හැකි නොවේ.
කොතරම් මනස්කාන්ත රූපයකට උරුමකම් ලැබුවද එහි පැවැත්ම කොතරම් කෙටි කාලෙකටද යන්න නිතර නිතර මෙනෙහි කිරීම තුළ යථාර්ථය අවබෝධ කරගත හැකිය. තම සිරුර ක්‍රමයෙන් වෙනස් වෙමින් වියැකී යන ආකාරය මෙනෙහි කිරීම සංවර බව ඇතිකර ගැනීමට හේතු වේ. එවිට රූමත් බව වැරදි ආකාරයට යෙදවීමට එරෙහිව තම සිතට ස්වයං පාලනයක් ඇති කරවයි.
මෙම යථාර්ථය අවබෝධ කර ගැනීම තුළ ශාරිරිකව වියැකී ගියද උතුම් මනසකින් යුතුව යහපත් ජීවිතයක් ගත කිරීමට භාග්‍ය ලැබේ. එවිට කෙමෙන් කෙමෙන් වැහැරී, වියැකී යන සුන්දරත්වය දරාගැනීමට බැරි තරම් මානසික පීඩාවක් නොකරගෙන එය ජීවිතයේ ස්වභාවයයි අවබෝධයෙන් ඊට මුහුණ දීමට හැකියාව ලබා ගත හැකි වේ.