පහන් තරුවකි
සහන් එලියකි පුරුදූ
සිහිල් සුළගකි
මතක තුරු සෙලවූ
අතීතය දුර සොයා
නුඹ මිතුරූ
නොකී සෙනෙහේ
මටම පස මිතුරූ
දරු සෙනේ මැද හිමි සෙවන යට
තුටින් නුඹ දකිමී
සිහින මන්දිර නටඹුන්ද මම
කඩා විසි කරමී
පමා වූයේ මමයි නුඹ නොව
නර කෙසක් සිඳිමී
තුටින් ඉනු මැනවී
ඉඳින් දවසක විඩාබර මේ ගමන
කෙලවර වී
මියෙන දවසට මා බලන්නට
ඇවිත් යනු මැනවී
බලා මේ කව රහසින්ම වත්
එදවසට නොතැවී
සිනා සුදුමල් විතරක්ම පතමී
සහන් එලියකි පුරුදූ
සිහිල් සුළගකි
මතක තුරු සෙලවූ
අතීතය දුර සොයා
නුඹ මිතුරූ
නොකී සෙනෙහේ
මටම පස මිතුරූ
දරු සෙනේ මැද හිමි සෙවන යට
තුටින් නුඹ දකිමී
සිහින මන්දිර නටඹුන්ද මම
කඩා විසි කරමී
පමා වූයේ මමයි නුඹ නොව
නර කෙසක් සිඳිමී
තුටින් ඉනු මැනවී
ඉඳින් දවසක විඩාබර මේ ගමන
කෙලවර වී
මියෙන දවසට මා බලන්නට
ඇවිත් යනු මැනවී
බලා මේ කව රහසින්ම වත්
එදවසට නොතැවී
සිනා සුදුමල් විතරක්ම පතමී