Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පසුව ඝාතනය වීමේ වරප්‍රසාදය, අත්වැරදීම් සහ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනතුරුව දෙවසරක් ඇතළත දකුණ ඝාතකාගාරයක් බවට පෙරළිණ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේම සිංහල තරුණ- තරුණියන් ද අත්අඩංගුවට ගෙන මරා දැමීමට බලය සැපයෙන බව දකුණේ බහුතරයක් සිංහලයින් වටහා ගත්තේ පාරවල් අද්දර පුළුස්සා දැමුණු මිනී කඳුවල දුමාරය මැදිනි. අඟුණකොළපැලැස්සේ ප්‍රජා ශාලාවේද, මාතර තලල්ලේ කම්කරු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේද, ඔරුවල වානේ සංස්ථාවේ පුහුණු ආයතනයේද, හපුතලේ බෙරගල ‛සමර් ෆැෂන්’ ඇඟලුම් කම්හලේද, දඹුල්ලේ පැල්වැහැර රජයේ ගොවිපොළේද, පොල්ගොල්ලේ සමූපාකාර විද්‍යාලයේද, මීරිගම යොවුන් නිකේතනයේද, මාතර එළියකන්දේද, බදුල්ලේ හාලිඇළ මෝටර්ස් ගරාජයේද, කොළඹ සරසවි නීති පීඨයේද ආදී බොහෝ තැන්වල පවත්වාගෙන යනු ලැබූ නීත්‍යානුකූල වධකාගාර සඳහා බලපත් සැපයුණේ ඒ ‛කොටි පනත’ හරහාය.

ජනතා විමුක්ති පෙරමුණ එවකදී ජයවර්ධන ආණ්ඩුව සමගත්, ප්‍රේමදාස ආණ්ඩුව සමගත් කවර හෝ ආකාරයක ගණුදෙනුවකට එළඹීම සඳහා පනවනු ලැබූ අනිවාර්ය කොන්දේසිවල මුදුනේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ වගකීමෙන් ආරක්ෂා කිරීමේ පනත අහෝසි කිරීමේ කොන්දේසිය ස්ථානගත කරන්නට අමතක නොකළේය. ‛ජනතා විමුක්ති පෙරමුණේ තස්තවාදයට අනුබල නොදෙන කිසිවෙක් මේ පනත් ගැන කලබල විය යුතු නැතැ’යි ජයවර්ධන- ඇතුළත්මුදලි ආණ්ඩුවද, ප්‍රේමදාස- රන්ජන් විජේරත්න ආණ්ඩුවද ජාතිය අමතමින් එදාද කීහ. නමුත් 60,000ක් තරුණ ජනයා සමූල සංහාරය කළ ලාංකීය ඉතිහාසයේ ලේ වැකි පරිච්ඡේදයන් ලියන ලද්දේ මේ මිනිස් ඝාතක පනත් රෙගුලාසි මගින් සැපයුණු ආවරණය යටතේය.

සංහාරයන්ගෙන් පසු 1991 සැප්තැම්බර් 01 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ වගකීමෙන් පිටුවහලේ සිට සෝමවංශ අමරසිංහගේ අත්සනින් නිකුත් කරන ලද නිවේදනයක් මගින් ‛ශ්‍රී ලාංකීය ජනතාවට අහිමි කර ඇති ප්රජාතන්ත්රවාදී අයිතීන් යළි ස්ථාපිත කිරීමට’ වහාම ගත යුතු ක්‍රියාමාර්ග හතරක් දක්වා තිබිණ. එහි පළමු ක්‍රියාමාර්ග තුන මෙසේය: "හදිසි නීතිය ඇතුළු සියළු මර්දනකාරී නීති රීති අහෝසි කළ යුතුය. - සියලුම දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතුය. - රජයේ අනුග්‍රහය ලබන ඝාතක කණ්ඩායම් නිරායුධ කර විසුරුවා ජන ඝාතකයන් නීතිය ඉදිරියට පැමිණවිය යුතුය."

එයින් දෙමසක් ඇතුළතදී නොවැම්බර් 30 වෙනිදා පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාගේ වගකීමෙන් සෝමවංශ අමරසිංහ විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යැවීය. එහි ‛ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට’ ගත යුතු ක්‍රියාමාර්ග 7ක් දක්වා තිබේ. එහි 5.1 සහ 5.2 ඉල්ලීම් මෙපරිදිය: ‛හදිසි නීතිය, ත්‍රස්තවාද විරෝධී පනත යටතේ ක්‍රියාත්මක කර ඇති මර්දන නීති සහ වෙනත් මර්දන නීති ඉවත් කළ යුතුය. - ශ්‍රී ලංකාවේ සෑම පළාතකම කෙරෙන හමුදා, පොලිස් මෙහෙයුම් වහා නතර කළ යුතුය.’

මේ සියලු උපුටා දැක්වීම්වල මූලික තර්කය සරළ එකකි. එනම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම එකකට එකක් නොපෑහේ. එක්කෝ එවැනි පනත් හකුළා දැමිය යුතුය. නැතහොත් ප්රජාතන්ත්රවාදය හකුළා දැමිය යුතුය.

1994 අගෝස්තු මහ මැතිවරණයේදී ජාතිය ගළවාගැනීමේ පෙරමුණ නමින් මැතිවරණ තරඟ බිමට පිවිසුණු වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ ‛ජාතිය ගළවාගැනීම සඳහා ශ්‍රී ලංකා ප්රගතිශීලී පෙරමුණේ මැතිවරණ ප්රකාශනය’ මගින් තමන්ගේ ජාතිය ගළවාගැනීමේ වැඩ පිළිවෙල එළිදැක්වීය. එහි දේශපාලන ක්ෂේත්රය සඳහා වෙන් කොට ඇති කොටසේ 4 වැනි වගන්තිය මෙසේය: "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත්, අපරාධවලින් බේරීමේ පනතත් එවැනි ප්රජාතන්ත්ර විරෝධී හා මූලික මිනිස් අයිතීන් අහෝසි කරන අණ පනත් සියල්ලත් අහෝසි කරනු ලැබේ."

එහිම 11 වෙනි සහ 15 වෙනි වගන්තීන් පිළිවෙලින් මෙබඳුය: "සියළුම නීති විරෝධී සන්නද්ධ හමුදා සහ මැර කණ්ඩායම් වහාම විසුරුවා හැර ජනතා අධිකරණයක් ඉදිරියට පමුණුවනු ලැබේ...... මර්දන යන්ත්‍රයේ අංගයන් ලෙස පැවති චර පුරුෂ සේවාවන් වහාම අහෝසි කෙරේ. ඒවායින් මෙතෙක් සිදුකර ඇති සියලු කටයුතු විධිමත් පරීක්ෂණයකට භාජනය කෙරෙනු ඇත. ඒ සඳහා අධිකරණ බලතල සහිත කොමිෂන් සභාවක් පත් කෙරෙන අතර නීති විරෝධී කටයුතුවල යෙදුණ අයට දඬුවම් කෙරේ."

වසර 2500ක මහා ඉතිහාස වංශ කතාව වමාරා කමින් කට පාඩම් කොටගත් සමාජයකට දහ- පහළොස් වසරක ඉතිහාසය අමතකව ගොස් තිබේ. දෙසැම්බර් 06 වෙනිදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යළි බල ගැන්වීම පිළිබඳ ඉමහත් අමන්දානන්දයට පත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ‛මේ පනතෙන් පමණක් සෑහීමකට පත්වන්නට බැරි බව’ මානව හිමිකම් දිනය යෙදුණු ඉකුත් ඉරිදාවේ ‛ලංකාදීප’යට කියා තිබිණ. එදිනම ‛මව්බිම’ පත්‍රය සමග සම්මුඛ සාකච්ඡාවකට එළඹුණු ජවිපෙ දේශපාලන මණ්ඩල සභික අනුර කුමාර දිසානායක මෙසේ කියා තිබිණ: "මේ අවස්ථාවේ ත්‍රස්තවාදය පරාජය කිරීමට පියවර ගත යුතු වෙනවා. එහිදී ත්‍රස්තවාදය මර්දනය කිරීම ඉලක්ක කොටගත් නීති හඳුන්වා දිය යුතු වෙනවා. රට තුළ ප්රජාතන්ත්රවාදී අයිතීන් උල්ලංඝණය නොවන අයුරින් හා ජනතාවගේ හා කම්කරුවන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් හානි නොවන අයුරින් කටයුතු කිරීමට ආණ්ඩුවට වගකීමක් තියෙනවා."

‛ප්රජාතන්ත්රවාදී අයිතීන්ට හානි නොවන අයුරින් රාජ්‍ය මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීමේ’ සැළසුම් කලින් දැන සිටියේ නම් ඉල්මහ සමරුවක් අනවශ්‍ය වන්නට ඉඩ තිබිණ. සෙස්සන්ගේ ප්රජාතන්ත්රවාදයට අත නොතබා දෙමළාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් මැඩලීමේ මාරාන්තික බොරුව අතීතයේදී පුපුරවා දැමුණේද 60,000කගේ මළකඳන් වලිනි. මර්දකයාගේ දෘෂ්ටි කෝණයෙන් බැලූ කල ඒ 60,000ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අර්ථදැක්වීම්වලට ගැළපෙන ත්‍රස්තයින්ය. මළවුන්ගෙන් උගත් පාඩම් කසළ කඳු සේ සාමූහික මතකයෙන් අතු ගා දැමූ දශකයක් අවසානයේ ‛කොටි පනතක්’ යළිත් දැන් අපට ලැබී තිබේ. දකුණේ පැතිරෙන අත්පොළසන් හඬ ඒ නිසාය. යුක්තිය පතන දෙමළ පීඩිතයාට කපන මිනීවලටම ඔහුට පසුව ඇද වැටීම වරප්‍රසාදයක් සේ දැන් බොහෝ දෙනා සළකති.

['සමකය' - 2006 දෙසැම්බර් 17 / මව්බිම]

[QUOTE="kolla elakiri, post: 15416160, member: 363248"] [CENTER][COLOR=#000000][SIZE=4] අනතුරුව දෙවසරක් ඇතළත දකුණ ඝාතකාගාරයක් බවට පෙරළිණ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේම සිංහල තරුණ- තරුණියන් ද අත්අඩංගුවට ගෙන මරා දැමීමට බලය සැපයෙන බව දකුණේ බහුතරයක් සිංහලයින් වටහා ගත්තේ පාරවල් අද්දර පුළුස්සා දැමුණු මිනී කඳුවල දුමාරය මැදිනි. අඟුණකොළපැලැස්සේ ප්‍රජා ශාලාවේද, මාතර තලල්ලේ කම්කරු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේද, ඔරුවල වානේ සංස්ථාවේ පුහුණු ආයතනයේද, හපුතලේ බෙරගල ‛සමර් ෆැෂන්’ ඇඟලුම් කම්හලේද, දඹුල්ලේ පැල්වැහැර රජයේ ගොවිපොළේද, පොල්ගොල්ලේ සමූපාකාර විද්‍යාලයේද, මීරිගම යොවුන් නිකේතනයේද, මාතර එළියකන්දේද, බදුල්ලේ හාලිඇළ මෝටර්ස් ගරාජයේද, කොළඹ සරසවි නීති පීඨයේද ආදී බොහෝ තැන්වල පවත්වාගෙන යනු ලැබූ නීත්‍යානුකූල වධකාගාර සඳහා බලපත් සැපයුණේ ඒ ‛කොටි පනත’ හරහාය. ජනතා විමුක්ති පෙරමුණ එවකදී ජයවර්ධන ආණ්ඩුව සමගත්, ප්‍රේමදාස ආණ්ඩුව සමගත් කවර හෝ ආකාරයක ගණුදෙනුවකට එළඹීම සඳහා පනවනු ලැබූ අනිවාර්ය කොන්දේසිවල මුදුනේම [B]ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත[/B] සහ [B]වගකීමෙන් ආරක්ෂා කිරීමේ පනත[/B] අහෝසි කිරීමේ කොන්දේසිය ස්ථානගත කරන්නට අමතක නොකළේය. [B]‛ජනතා විමුක්ති පෙරමුණේ තස්තවාදයට අනුබල නොදෙන කිසිවෙක් මේ පනත් ගැන කලබල විය යුතු නැතැ’[/B]යි ජයවර්ධන- ඇතුළත්මුදලි ආණ්ඩුවද, ප්‍රේමදාස- රන්ජන් විජේරත්න ආණ්ඩුවද ජාතිය අමතමින් එදාද කීහ. නමුත් 60,000ක් තරුණ ජනයා සමූල සංහාරය කළ ලාංකීය ඉතිහාසයේ ලේ වැකි පරිච්ඡේදයන් ලියන ලද්දේ මේ මිනිස් ඝාතක පනත් රෙගුලාසි මගින් සැපයුණු ආවරණය යටතේය. සංහාරයන්ගෙන් පසු 1991 සැප්තැම්බර් 01 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ වගකීමෙන් පිටුවහලේ සිට [B]සෝමවංශ අමරසිංහ[/B]ගේ අත්සනින් නිකුත් කරන ලද නිවේදනයක් මගින් ‛ශ්‍රී ලාංකීය ජනතාවට අහිමි කර ඇති ප්රජාතන්ත්රවාදී අයිතීන් යළි ස්ථාපිත කිරීමට’ වහාම ගත යුතු ක්‍රියාමාර්ග හතරක් දක්වා තිබිණ. එහි පළමු ක්‍රියාමාර්ග තුන මෙසේය: [B]"හදිසි නීතිය ඇතුළු සියළු මර්දනකාරී නීති රීති අහෝසි කළ යුතුය. - සියලුම දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතුය. - රජයේ අනුග්‍රහය ලබන ඝාතක කණ්ඩායම් නිරායුධ කර විසුරුවා ජන ඝාතකයන් නීතිය ඉදිරියට පැමිණවිය යුතුය."[/B] එයින් දෙමසක් ඇතුළතදී නොවැම්බර් 30 වෙනිදා පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාගේ වගකීමෙන් සෝමවංශ අමරසිංහ විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යැවීය. එහි ‛ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට’ ගත යුතු ක්‍රියාමාර්ග 7ක් දක්වා තිබේ. එහි 5.1 සහ 5.2 ඉල්ලීම් මෙපරිදිය: [B]‛හදිසි නීතිය, ත්‍රස්තවාද විරෝධී පනත යටතේ ක්‍රියාත්මක කර ඇති මර්දන නීති සහ වෙනත් මර්දන නීති ඉවත් කළ යුතුය. - ශ්‍රී ලංකාවේ සෑම පළාතකම කෙරෙන හමුදා, පොලිස් මෙහෙයුම් වහා නතර කළ යුතුය.’[/B] මේ සියලු උපුටා දැක්වීම්වල මූලික තර්කය සරළ එකකි. එනම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම එකකට එකක් නොපෑහේ. එක්කෝ එවැනි පනත් හකුළා දැමිය යුතුය. නැතහොත් ප්රජාතන්ත්රවාදය හකුළා දැමිය යුතුය. 1994 අගෝස්තු මහ මැතිවරණයේදී [B]ජාතිය ගළවාගැනීමේ පෙරමුණ[/B] නමින් මැතිවරණ තරඟ බිමට පිවිසුණු වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ [B]‛ජාතිය ගළවාගැනීම සඳහා ශ්‍රී ලංකා ප්රගතිශීලී පෙරමුණේ මැතිවරණ ප්රකාශනය’[/B] මගින් තමන්ගේ ජාතිය ගළවාගැනීමේ වැඩ පිළිවෙල එළිදැක්වීය. එහි දේශපාලන ක්ෂේත්රය සඳහා වෙන් කොට ඇති කොටසේ 4 වැනි වගන්තිය මෙසේය: [B]"ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත්, අපරාධවලින් බේරීමේ පනතත් එවැනි ප්රජාතන්ත්ර විරෝධී හා මූලික මිනිස් අයිතීන් අහෝසි කරන අණ පනත් සියල්ලත් අහෝසි කරනු ලැබේ."[/B] එහිම 11 වෙනි සහ 15 වෙනි වගන්තීන් පිළිවෙලින් මෙබඳුය: [B]"සියළුම නීති විරෝධී සන්නද්ධ හමුදා සහ මැර කණ්ඩායම් වහාම විසුරුවා හැර ජනතා අධිකරණයක් ඉදිරියට පමුණුවනු ලැබේ...... මර්දන යන්ත්‍රයේ අංගයන් ලෙස පැවති චර පුරුෂ සේවාවන් වහාම අහෝසි කෙරේ. ඒවායින් මෙතෙක් සිදුකර ඇති සියලු කටයුතු විධිමත් පරීක්ෂණයකට භාජනය කෙරෙනු ඇත. ඒ සඳහා අධිකරණ බලතල සහිත කොමිෂන් සභාවක් පත් කෙරෙන අතර නීති විරෝධී කටයුතුවල යෙදුණ අයට දඬුවම් කෙරේ."[/B] වසර 2500ක මහා ඉතිහාස වංශ කතාව වමාරා කමින් කට පාඩම් කොටගත් සමාජයකට දහ- පහළොස් වසරක ඉතිහාසය අමතකව ගොස් තිබේ. දෙසැම්බර් 06 වෙනිදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යළි බල ගැන්වීම පිළිබඳ ඉමහත් අමන්දානන්දයට පත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී [B]විජිත හේරත්[/B] ‛මේ පනතෙන් පමණක් සෑහීමකට පත්වන්නට බැරි බව’ මානව හිමිකම් දිනය යෙදුණු ඉකුත් ඉරිදාවේ ‛ලංකාදීප’යට කියා තිබිණ. එදිනම ‛මව්බිම’ පත්‍රය සමග සම්මුඛ සාකච්ඡාවකට එළඹුණු ජවිපෙ දේශපාලන මණ්ඩල සභික [B]අනුර කුමාර දිසානායක[/B] මෙසේ කියා තිබිණ: [B]"මේ අවස්ථාවේ ත්‍රස්තවාදය පරාජය කිරීමට පියවර ගත යුතු වෙනවා. එහිදී ත්‍රස්තවාදය මර්දනය කිරීම ඉලක්ක කොටගත් නීති හඳුන්වා දිය යුතු වෙනවා. රට තුළ ප්රජාතන්ත්රවාදී අයිතීන් උල්ලංඝණය නොවන අයුරින් හා ජනතාවගේ හා කම්කරුවන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් හානි නොවන අයුරින් කටයුතු කිරීමට ආණ්ඩුවට වගකීමක් තියෙනවා."[/B] ‛ප්රජාතන්ත්රවාදී අයිතීන්ට හානි නොවන අයුරින් රාජ්‍ය මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීමේ’ සැළසුම් කලින් දැන සිටියේ නම් ඉල්මහ සමරුවක් අනවශ්‍ය වන්නට ඉඩ තිබිණ. සෙස්සන්ගේ ප්රජාතන්ත්රවාදයට අත නොතබා දෙමළාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් මැඩලීමේ මාරාන්තික බොරුව අතීතයේදී පුපුරවා දැමුණේද 60,000කගේ මළකඳන් වලිනි. මර්දකයාගේ දෘෂ්ටි කෝණයෙන් බැලූ කල ඒ 60,000ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අර්ථදැක්වීම්වලට ගැළපෙන ත්‍රස්තයින්ය. මළවුන්ගෙන් උගත් පාඩම් කසළ කඳු සේ සාමූහික මතකයෙන් අතු ගා දැමූ දශකයක් අවසානයේ ‛කොටි පනතක්’ යළිත් දැන් අපට ලැබී තිබේ. දකුණේ පැතිරෙන අත්පොළසන් හඬ ඒ නිසාය. යුක්තිය පතන දෙමළ පීඩිතයාට කපන මිනීවලටම ඔහුට පසුව ඇද වැටීම වරප්‍රසාදයක් සේ දැන් බොහෝ දෙනා සළකති. [I][[B]'සමකය'[/B] - 2006 දෙසැම්බර් 17 / මව්බිම][/I] [IMG]http://www.boondi.lk/CTRLPannel/ArticleImages/CADH/Sri_Lankan_Army_in_North_RBA.jpg[/IMG] [/SIZE][IMG]http://www.boondi.lk/CTRLPannel/ArticleImages/CADH/War_Victims_Sri_Lanka_RBA.jpg[/IMG][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom