පහතරට තෙත් කලාපය තියෙන්නේ කොහෙද ?

saduni2011

Member
Mar 10, 2011
129
15
0
පහතරට තෙත් කලාපය තියෙන්නේ කොහෙද ?

පහතරට තෙත් කලාපය තියෙන්නේ කොහෙද ?
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    dan nam hariyata mathaka na
    kaluthara:eek: kolaba:shocked: , gampaha:sorry:. kurunagala:(
    samahara pradesha wage .:nerd:.
    dan nam mathaka na puthe..
    owa kare meeta awurudu 23 kata wage kalin:lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    logo3.gif






    නිසි පාලනයක්‌ නොමැතිකමින්
    වැනසෙන බස්‌නාහිර පළාතේ සොබාසිරි


    බස්‌නාහිර පළාත ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 3684ක විශාලත්වයකින් යුක්‌ත ය. පරිපාලන දිස්‌ත්‍රික්‌ක තුනකට බෙදෙන බස්‌නාහිර පළාතට අයත් කොළඹ දිස්‌ත්‍රික්‌කය වර්ග කිලෝමීටර් 699කින් ද, ගම්පහ දිස්‌ත්‍රික්‌කය වර්ග කිලෝමීටර් 1387කින් ද, කළුතර දිස්‌ත්‍රික්‌කය වර්ග කිලෝමීටර් 1598කින් ද සමන්විත වෙයි. මේ සැම දිස්‌ත්‍රික්‌කයක්‌ ම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශ 31කින් ආවරණය වෙයි.
    17lu.jpg


    බස්‌නාහිර පළාත බටහිරින් වෙරළ තීරයෙනුත්, උතුරින් වයඹ පළාතිනුත්, දකුණින් දකුණු පළාතිනුත්, නැඟෙනහිරින් සබරගමු පළාතිනුත් මායිම් ව තිබේ. බස්‌නාහිර පළාත සතු ව ඇති අභ්‍යන්තර ජලාශවල වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 91කි. ඒ අනුව මුළු විශාලත්වයෙන් සියයට 2.5ක්‌ ජලාශ ප්‍රදේශවලට අයත් වන බව පෙනේ. බස්‌නාහිර පළාත පෝෂණය කරන්නේ කළු, කැලණි සහ අත්තනගලු ඔය යන ප්‍රධාන ගංගා මඟිනි. මේ හැරුණු කොට ශ්‍රී ලංකාවේ දිග ම විල ලෙස සැලකෙන බොල්ගොඩ ගඟ ද අයත් වෙයි.

    ඉහත සඳහන් දිස්‌ත්‍රික්‌ක තුන එක්‌ ව ගත් කල එය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ නිරිතදිග පහත් බිම් ප්‍රදේශය හරහා විහිදී ඇති බැව් පෙනේ. පළාතේ භූ විෂමතා ලක්‌ෂණ පිළිබඳව විමසන කල වෙරළ තීරය ආශ්‍රිත ගොඩබිම් තැනිතලා ස්‌වභාවයක්‌ ගන්නා අතර නැඟෙනහිර සීමාව දෙසට වන්නට රැලි සහිත භූ විෂමතාවක්‌ මීටර් 100ක්‌ දක්‌වා වූ උස බිම් ප්‍රමාණයක්‌ දක්‌වා විහිදී තිබේ. කොළඹ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 27ත් 28ත් අතර ප්‍රමාණයකි. වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1900ත් 2700ත් අතර වේ.

    බස්‌නාහිර පළාත කෘෂි පාරිසරික කලාප (Agro ecological Zones) තුනකට බෙදෙයි. පහතරට තෙත් කලාපය යටතේ බෙදෙන මේ කලාප WL1, WL3, WL4 යනුවෙන් වර්ග කර ඇත. ඒ අනුව කොළඹ දිස්‌ත්‍රික්‌කයට WL4, WL3 සහ WL1 යන කලාප ඇතුළත් වන අතර ගම්පහ දිස්‌ත්‍රික්‌කයට අයත් වන්නේ WL3 කලාපය පමණි. කළුතර දිස්‌ත්‍රික්‌කයට WL4 හා WL1 යන කලාප අයත් වෙයි.

    ශ්‍රී ලංකාවේ සපුෂ්ප කලාප (Floristic Regions) 15ක්‌ දක්‌නට ලැබෙන අතර මෙයින් ප්‍රධාන සපුෂ්ප කලාප තුනක්‌ බස්‌නාහිර පළාතට අයත් වෙයි. මේ කලාප තුන වෙරළ හා සමුද්‍ර තීරුව (Costal and marine belt) හෙවත් කලාප 1, උතුරු තෙත් පහත්බිම (North wet lowloland) හෙවත් කලාප 5 සහ දක්‍ෂිණ පහත්බිම් කඳු (Southern lowland hills) හෙවත් කලාප 7 යනුවෙන් හැඳින්වෙයි.

    ශ්‍රී ලංකාවේ දේශගුණය සහ භූ භෞතික වර්ගීකරණය, ශාක සහ සත්ත්ව ව්‍යාප්තියේ රටාව සහ දිවයිනේ විවිධ කොටස්‌වල ජෛවවිවිධත්වයේ සරු බව යන සාධක තුන පදනම් කරගෙන ශ්‍රී ලංකාව ජෛව කලාප 15කට වෙන් කර ඇත. මෙයින් බස්‌නාහිර පළාත 4 වැනි ජෛව කලාපයට අයත් වන අතර, වෙරළ තීරය පමණක්‌ 12 වැනි ජෛව කලාපයට අයත් වෙයි.

    මත්ස්‍යයන් පිළිබඳව අධ්‍යයන කරන විද්‍යාව (lcthyology) අනුව ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය කලාප 3ක්‌ දක්‌නට ලැබේ. මෙයින් බස්‌නාහිර පළාත නිරිතදිග මත්ස්‍ය අධ්‍යයන කලාපයට අයත් වෙයි. මේ කලාපයේ දුර්ලභ එසේම ආවේණික මත්ස්‍ය විශේෂ 12ක්‌ පමණ හමු වෙයි.

    ක්‍ෂීරපායි සත්ත්ව කලාප පිළිබඳව විමසීමේ දී වන සත්ත්ව කලාපයට අනුව බස්‌නාහිර පළාත තෙත් කලාපීය පහත්බිම් ක්‍ෂීරපායි සත්ත්ව කලාපයට අයත් වෙයි.

    බස්‌නාහිර පළාතේ වන වැස්‌ම පිළිබඳව විමසුමක්‌ කරන විට පෙනී යන කරුණක්‌ නම් ස්‌වාභාවික සහ මිනිසා විසින් ඇති කරන ලද වනාන්තර පද්ධති මෙන්ම තෙත්බිම් පරිසර පද්ධති රාශියක්‌ එහි දක්‌නට ලැබීමයි. තවදුරටත් විමසීමේ දී කළුතර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රධාන වශයෙන් සර්ව කලාපීය වැසි වනාන්තර පැතිර ඇති බවක්‌ දක්‌නට ලැබෙන අතර සමස්‌තයක්‌ වශයෙන් ගත් කල බස්‌නාහිර පළාතේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 16ක පමණ ප්‍රාථමික හා ද්විතීයික වනාන්තර ව්‍යාප්තියක්‌ දක්‌නට ලැබේ. ඉදිකඩ මූකලාන, ලබුගම කලටුවාව, මොරපිටිය රූනකන්ද, නෙළුකැටිය මකුලාන සහ ඉංගිරිය වනාන්තරය යන වනාන්තර ඝර්ම කලාපීය තෙත් සදාහරිත වනාන්තර හා ඝර්ම කලාපීය පහත් බිම් වැසි වනාන්තර ගණයට අයත් වෙයි.