පහළ කඩුගන්නාව වසා දැමේ

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Screenshot_2021-11-15-12-31-22-500_lk.bhasha.helakuru.jpg
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,189
    24,846
    113
    tracing Geo-location.. ... ...

    පාලකයා දැහැමි වන්නේ නම් රටවැසියා සැපතට පත්වෙති. මහජනතාව සතුටින් කල්ගත කිරිමට නම් පාලකයාගේ දැහැමි පාලනය අත්‍යවශ්‍ය බව බුද්ධ දේශනාවයි. එම නිසා “රජතුමා ධාර්මිකයකු වේවා” යන්න බෞද්ධ දේශපාලන දර්ශනයේ ප්‍රාර්ථනයයි.​

    “රාජා භවතු ධම්මිකෝ……” යනුවෙන් බුදුන් වහන්සේ සඳහන් කර ඇත්තේ ඒ නිසාවෙනි. පාලකයා දැහැමි වන විට අමාත්‍ය මණ්‌ඩලය දැහැමි වේ. අමාත්‍යමණ්‌ලය දැහැමි වන විට රටවැසියා දැහැමි වේ. එවිට සොරකම්, අපරාධ, වංචා, දූෂණ ආදිය තුරන් වී යයි. භව භෝග සම්පත් වර්ධනය වී රටක්‌ සංවර්ධනය වන්නේ එවිටය.​

    යම් හෙයකින් පාලකයා අධාර්මික වුවහොත් අමාත්‍ය මණ්‌ඩලය ද අධාර්මික වේ. එවිට ඊට පහළ ස්‌ථරවල වෙසෙන ව්‍යාපාරිකයන්, ආයතන ප්‍රධානීන් ආදීන් අදැහැමි වේ. එවිට මහජනතාව ද අදැහැමි වී සොර මැරකම් ඉහළ යයි. බොරුව, වංචාව රජ වෙයි. භව භෝග විනාශ වී යයි. පරිසරය ද දූෂණය වෙයි. ඒත් සමඟ සවභාව ධර්මය අනිටු ප්‍රතිවිපාක ලබා දෙයි. මේ ආදී වශයෙන් පාලකයකු අදැහැමි වන්නේ නම් ක්‍රමයෙන් මුළු රාජ්‍යයම ප්‍රපාතයට ඇද වැටෙන බව බුද්ධ දේශනාවේ එන අධම්මික සූත්‍රයේ සඳහන් වේ.​

     
    • Like
    Reactions: Cypress

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    දැන් ඉතින් ගෙදර යද්දි වතුර බෝතලය කුයි කන්න දෙකුයි අරන්න යන්න ඕනේ.ට්‍රිප් එකක් යනවා වගේ තමා
    bus wadada bn kurunalaga paththenda yanne ?
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    bus wadada bn kurunalaga paththenda yanne ?

    කුරුණෑගලට ගිහින් තව බස් එක්ක යන්න පුලුවන්.
    එහෙම නැත්නම් කෙලින්ම බස් යන්නෙ ගම්පොල අම්බුලුවාව පාර හරහා.
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Just curious, what are the options to save this place ban? it is a fucking steep hill right?

    කඩුගන්නාවෙන් නුවරට යන පාර සම්පූර්ණයෙන්ම වැහෙයිද?​

    November 14, 2021


    අනතුරු ඇති තරම් ඇති බව කන්ද උඩරටටම පසක් කරමින් යළිත් ඵෙතිහාසික බව මතුකරන ගලවිදපු පහළ කඩුගන්නාව
    ගැන රටට කතා මවමින් සිටිමු. අතීතයේ රජ දවස කන්ද උඩරට රාජධානියේ රැකවරණය උදෙසා ඔත්තු බැලීමට යෙදවූ හේවායින් බලන කපොල්ල සහ කඩුගන්නාව හුලං කපොල්ල ආසන්නයේ වූ කඳු ගැට වෙත පැමිණ ලැඟුම් ගෙන සිටි බව අතීත කතා පෙන්වා දෙයි. මේ ඒ අතීතය නැවත සිහි ගන්නවන භුමියක් ගැන අනතුරක් කියන්නට සිදුව ඇති මොහොතකි.
    කොළඹ සිට මහනුවරට එන ඕනෑම අයෙකුට පහළ කඩුගන්නාව මතකය. කඳුකර පටු මාර්ගයක් වීමත්, උස්බිමක සිට ඈත සොඳුරු සොභාවික දර්ශන නිරතුරුවම මැවෙන මේ බිම් පෙදෙස පසුකරන විට කන්ද උඩරටට සේන්දු වන බව දැනෙන්නේය. සුද්දා ගල විද්දේ නැතිනම් නුවර මිනිස්සු තවම මුහුදු දැකලත් නෑ කියා කතාවක් ද තිබේ. මහනුවර ට ඉඳහිට එන කවුරුත් පාහේ ඒ කතාව මතක් කරති. දැන් මේ භූමි පෙදෙස අනතුරක සේයාවක් මවා තිබේ. ගලවිදපු තැන සිට දකුණු දෙසට ඉහළ බැලූ තැන ඇති ගල් සහිත කඳු පෙදෙස මේ වන විට නායයෑමකට සක‍්‍රිය ව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්යය අතුල සේනාරත්න මහතා ප‍්‍රකාශ කිරීමත් සමග බට කැලයට ගිනිගත්තා සේ සියල්ල උඩු යටිකුරු විය.
    මේ වනවිට මෙම ප‍්‍රදේශය භූවිද්‍යා පර්යේෂකයන් ගේ පරීක්ෂාවට ලක්ව තිබේ. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතතයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන මහතා මෙහි ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට කියාසිටියේ කන්දේ කොටසක් අධික වර්ෂාවත් සමඟ අස්ථාවර වී තිබෙන බවය. එහි ඇතිව තිබෙන පැලූම් කිහිපයක් තුළට ජලය ගමන් කිරීමෙන් මෙය සිදුව තිබෙන බවත් කන්ද මුදුනේ සිට පැමිණි ජල පහරක් පැල්මක් තුළට ඇතුළුවී පහළට පැමිණ තිබෙන බවත් එම පැලූම් කිහිපය වසා දැමීම මුලින්ම කළ යුතුව තිබෙන බවත් ඒ මහතා කීය.පොළොව අභ්‍යන්තරයට ඇතුළු වී තිබෙන ජලය සමාන්තර නළ පද්ධතියක් උපයෝගි කරගෙන පිටතට ගැනීමට පියවර ගත යුතු බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය. මෙම ස්ථානය නායයෑම වළක්වා ගැනීම සඳහා ඉංජිනේරුමය ක‍්‍රමවේද භාවිත කර දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බවත් ස්ථානීය පරීක්ෂාව මගින් ලබාගත් තොරතුරු උපයෝගි කරගෙන සතියක පමණ කාලයකදී වාර්තාවක් සකස් කරන බවත් කරුණාවර්ධන මහතා කීය.
    තවදුරටත් වර්ෂාව පැවතුණහොත් මෙම ස්ථානයේ පවතින නායයෑමේ අවධානම ඉහළ යා හැකි බවද මෙම ස්ථානය බැලීමට සාමාන්‍ය ජනතාවට පැමිණ අනවශ්‍ය අවධානමක් නොගන්නා ලෙස ද හෙතම තරයේ කියා සිටියේය.
    කඩුගන්නාවෙන් නුවරට යන පාර සම්පූර්ණයෙන්ම වැහෙයිද?

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය අතුල සේනාරත්න මහතා මේ පිළිබදව මුල සිටම කතා කළ අයෙකි. ඔහු දෙදහස් දොළහ වසරේදි කඩුගන්නාව දුම්රිය මාර්ගයේ පහළ කොටස සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අනතුරු ඇෙඟව්වේය. ඒ කාලයට පසුව දුම්රිය මාර්ගය අසලින් කොටසක් පහළට කඩාගෙන ගොස් තිබිණි. ඒය යථා තතත්තවයට පත්කිරීමට කිසිවෙකුත් මැදිහත් වූයේ නැත.
    වර්ෂාව සමග මෙවර නොසිතූ තරමට අවධානමක් මතුව ඇත. මහාචාර්ය සේනාරත්න මහතා පවසන පරිදි, ” නායයෑමේ අවධානමක් ඇතිවෙන්න සාමාන්‍යයෙන් මිලි මීටර 100 කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබිය යුතු වෙනවා. මේ ප‍්‍රදේශයට පසුගිය දින කිහිපයේදීම ඒ ආකාර වැස්සක් ඇද වැටී තිබෙනවා. පහළ පලතුරු කඩ දෙසින් ඇති කාණුවට දිගින් දිගටම පැමිණ ඇත්තේ බොර වතුර. කන්දේ සිට බොර වතුර පාරක් පැමිණීමෙන් පැහැදිලි වෙන්නේ පස මතුපිට ඇති පැළුම් මගින් ජලය ඒ තුළට කාන්දු වී පහළට සෝදාගෙන එන බවයි. මේ නිසා තමයි පහළ කඩුගන්නාවේ මීටර 200 ක පමණ ප‍්‍රදේශයක නායයෑමේ අවධානමක් මතුව තිබෙන්නේ. මේක ලොකු ගල් තිබෙන ප‍්‍රදේශයක්. මේ පාෂාණ මත තමයි පස් තට්ටුව පිහිටලා තිබෙන්නේ. ඒක ඉතාම තුනී පස් තට්ටුවක්. ඒක ඉහළ දුම්රිය මාර්ගයේ සිට පහළටම තිබෙනවා. ජලය පස් තට්ටුව මතට වැටුණම පොළොවේ තිබෙන කඳුරු වලට ඒවා ඇතුළුවෙලා පහළට ගලාගෙන එනවා. ඒක හානියක් නැහැ. නමුත් එකවර ලොකු වැස්සක් වැටුනම ඒ ජලය කඳුරු වලින් පහළට එන අතර පස් තට්ටුවටත් එකතු වෙනවා. එතකොට පස බර වෙලා පාෂාණය එක්ක තිබෙන බැඳීම ලිහිල්වෙලා පහළට තල්ලූ වෙනවා. පස සංතෘප්ත වෙන එක නතර කරන්න නම් ඒ තුළට වතුර ඇතුළුවෙන එක නතර කරන්න ඕන. ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැන් මුලින්ම කරන්න උත්සහ කරන්නේ එයයි. මෙතන පහළ පැත්තේත් යම් කිසි අවධානමක් මට පේනවා. එහි ගස් පහළට නැමී තිබෙනවා. පස පහළට තල්ලූ වූ බවට ඒක ලක්ෂණයක්. ඉහළින් අවුරුදු ගාණක් තිස්සේ කෝච්චි ගමන් කරනවා. ඒ නිසා යම් මිලි මීටර ගණනක වෙනස් කම් පසේ වෙනවා. ඒක එකතුවීමෙන් පසේ ස්ථාවරත්වයට බලපෑමක් විය හැකියි. ප‍්‍රධාන මර්ගයේත් බර වාහන විශාල සංඛ්‍යාවක් දිනපතා ගමන් කරනවා. ඒකත් මේ නාය ඉක්මන් කිරීමට හේතුවක් විය හැකියි.
    කඩුගන්නාවෙන් නුවරට යන පාර සම්පූර්ණයෙන්ම වැහෙයිද?

    මේ වනවිට පර්යේෂණ සිදුකරමින් සිටිනවා ඉදිරියේ දි කළ යුත්තේ කුමක්ද කියායි. ඉහළ කොටස පස් තට්ටුවක් ආවත් එය මාර්ගයට පැමිණ නතර වේවි. දුම්රිය ගමන් ගැනීම නිතිපතා සිදුවන බව ඇත්ත. දුම්රිය එකවරක් යන විට මිලිමීටරයක් පහළට තල්ලූ වෙන්න පුළුවන්. දුම්රිය වාර දසදහසක් යනවිට මිලිමීටර් දහදාහක් පහළට තල්ලූ වුණාද කියලා පර්යේෂණ සිදුකොට සනාථ කරගත යුතුයි. අපි පුරුදුවෙලා ඉන්නේ මේවා ගැන පර්යේෂණ සිදු නොකිරිම. දුම්රිය විතරක් නෙවෙයි මහා පාරේ වාහන කොයිතරම් ගමන් ගන්නවාද. බර වාහන සෙසු වාහන නොයන වෙලාවක් නැති තරම්. ඒ වගේම මිනිස්සු අක‍්‍රමවත් ලෙස පොළොව හාරනවා. ජල පාරවල් අක‍්‍රමවත් බෑවුම් පරිහරණය ඇතුළු මේ හැම කාරණාවක්ම මෙයට බලපෑමක් ඇති කරන්න ඇති. මේවා සාමාන්‍ය ක‍්‍රියාවලින් තමයි. නමුත් ක‍්‍රමවත් පරිපාලනයක් ඇතිව සිදු කිරීම තමයි නිලධාරීන්ගේ වගකීම විය යුත්තේ.
    සමන්තී විරසේකර
     
    • Like
    Reactions: ComradeR