පළමුවෙන් නොව දෙවනුවෙන්.........

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සිහින සිතුවම් හදේ ඇන්දා
    සෙනෙහසින් සිත ළග රැදී
    ආදරේ පෙම් සිහින රහසින්
    මිමිනුවා සිතට එබී
    මේ භවේ ඔය තරු දෙනෙත් යුග
    අයිති නැගි බව දැනිදැනී
    නුඔ මගේමැයි සිතෙන්නේ නම්
    සංසාරේ හුරුවට වෙන්නැති......

    අමාවක අවපසට පෑයු
    පුරපසේ පුන්සද ලෙසින්
    තවත් භවයක එන්න පායා
    මගේ සිතටම සෙනෙහසින්
    පාට පාටින් හීන පොදි බැද
    ගෙනත් මට දී ආදරෙන්
    සනසනා නුඔ හමු වුනා නම්
    දෙවනුවෙන් නොව පළමුවෙන්.......

    නාදුනන ඇස් මුන ගැසුනු හැටි
    පුදුම හිතෙනා ආදරෙන්
    පෙර භවෙත් මේ භවේ වාගෙම
    හමු වෙලා ඇති සෙනෙහසින්
    ඒ භවේ මා අතින් නුඔහ‍ට
    යමක් අතපසු වු පවෙන්

    මේ භවේ නුඔ හමු වුනේමට
    පළමුවෙන් නොව
    දෙවනුවෙන්.........

    සංකල්පනාව - C.


    ලස්සනයි කියලා හිතුන හන්දා දැම්මේ මගේ යාලුවෙත් ලියලා දුන්නේ...ලස්සනයි නේද.....
    මේක ‍කොහේවත් උපුටලා දාන්නට කිසිම අවසරයක් නැති බව සැලකුව මනාය.
    ...

    :D:D:love::D:D