thanks for sharing...
ela machan,
rep+

දෙවන ලෝක යුද්ධය ගැන ගොඩක් දේවල් අහල තිබ්බට පළමු ලෝක යුද්ධය ගැන වැඩි විස්තරයක් දැනගෙන හිටියේ නෑ ස්තූතියි...
rep+
mewwa ethen wadagath thred thamai.kammali keyawanna. aunata comment1k danwa.


patta wisthara tika![]()
helpful.... thanks

![]()
19 වන සියවසේ අවසානය භාගය වන විට බිස්මාර්ක් ගේ පාලනය යටතේ ජර්මනිය යුරෝපයේ බලවත්ම රාජ්‍යයක් බවට පත්වී සිටියේ ය. මෙසේ බලවත් වූ ජර්මනිය හා ප්‍රංශය අතර පැවතුනේ යහපත් සම්බන්ධයක් නොවේ. ඔවුන් අතර නිතර යුද්ධ සිදුවූ අතර ප්‍රංශයේ ප්‍රදේශ කිහිපයක් තම අතට ගන්නට බිස්මාර්ක් ප්‍රමුඛ ජර්මනියට හැකිවිය. එහෙත් එයින් කිපුණු ප්‍රංශය කෙදිනක හෝ තමන් ජර්මනියෙන් පළිගන්නා බව ප්‍රසිද්ධියේ කියා සිටියා. දක්ෂ පාලකයෙකු වූ බිස්මාර්ක් රුසියාව, ඔස්ට්‍රියාව, ඉතාලිය සමග ගිවිසුම් ඇති කර ගනිමින් තම බලය තර කර ගැනීමට උත්සහ ගත්තේ ය (එම එකතුව මධ්‍යම යුරෝපා එකමුතුව නම් වේ). එහෙත් බිස්මාර්ක් දේශපලයෙන් විශ්‍රාම ගතවීමෙන් පසුව පත්වුණු අනුප්‍රාප්තිකයින් බිසමාර්ක් තරම් ජාත්‍යන්තර සම්බන්දතා වලට දක්ෂ වුණේ නැත. 20 වන සියවස ආරම්බයේ දී ප්‍රංශය හා බ්‍රිතාන්‍ය අතර සහයෝගී තවත් ඇති කරගත් අතර රුසියාවද (ජර්මනිය සමග ගිවිසුම් වලින් ඉවත් වී) එයට එකතු වීමෙන් ත්‍රිපාක්ෂික මිත්‍ර සන්ධානයක් ඇති විය. මෙලෙස යුරෝපය ප්‍රබල බල කඳවුරු දෙකකට වෙන්විය.
මේ බල කඳවුරු අතර විරුද්ධත්වය ඇති වීමට මේ කරුණුද බලපෑම් කළේය.
- යුරෝපයේ බොහෝ රටවල් (බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඕලන්දය, ස්පාඤ්ඤය, පෘතුගාලය හා ජර්මනිය ආදී) ආසියාවේ හා අප්‍රිකාවේ තම යටත් විජිත පවත්වා ජනපද පිහිටුවාලීම මගින් එකිනෙකා පරයා යාමට යත්න දැරීම.
- දකුණු ඇමරිකාවේ පැවති ජාත්‍යන්තර වෙළඳ පොළට බ්‍රිතාන්‍ය හා ජර්මනිය අතර වූ තරඟය.
- තම රටවල යුද අවි නිපවීම ආදියෙන් යුද්ධ ශක්තිය වැඩි කර ගැනීම.
![]()
![]()
ඒ වකවානුව වන විට දිනෙන් දිනම බලවත් වුණු සර්බියාව හා ඔස්ට්‍රියානු-හංගේරියාව අතර සම්බන්ධය යහපත් එකක් නොවීය. ඒ අතර ඔස්ට්‍රියානු කුමාරයා (ෆර්ඩිනන්ඩ් ආදිපාද) හා එම කුමරිය බොස්නියවේදී (බොස්නියාව, ඔස්ට්‍රියාව හා සර්බියාව අතර පිහිටි රාජ්‍යයකි, සිතියම මගින් හඳුනා ගන්න) නන්නාදුනන මිනිමරුවෙක් අතින් මරණයට පත් වෙනවා. මිනීමැරුමට ඔස්ට්‍රියාව සැක කරන්නේ සර්බියාව යි. ඒ නිසා ජර්මනියේ අනුග්‍රහයද ඇතිව ඔස්ට්‍රියාව සර්බියාවේ සැඟවී සිටින මිනීමරුවන් තමන්ට අල්ලාදෙන ලෙසට දැනුම් දුන්හ. එහෙත් සර්බියාව ඊට සාර්ථක ප්‍රතිචාරයක් නොදැක්වීමත් සමග ඔස්ට්‍රියාව සර්බියාවට එරෙහිව පහර දෙන්නට පටන් ගත්හ. එවිට සර්බියාවට සහය දෙන්නට රුසියාව පැමිණි විට ඕස්ට්‍රියාවට ජර්මනිය සහය දෙන්නට පටන් ගත්තේ නිරායාසයෙන්. මෙලෙස මෙය බල කඳවුරු දෙකක සටනක් බවට පත්විය.
පහත පරිදි යුධ වකවානුවේ සිදුවීම් ඉතා ලුහුඬින් දැක්විය හැක.
![]()
1914
- ජුනි 28 - ඔස්ට්‍රියානු-හංගේරියානු කුමාරයා මරා දැමීම.
- ජුලි 28 - ඔස්ට්‍රියානු-හංගේරියාව සර්බියාවට එරෙහි යුද ප්‍රකාශ කරයි.
- අගෝ 1 - ප්‍රංශය යුද්ධය සඳහා තම බලකායන් සූදානම් කරගනියි.
- අගෝ 3 - ජර්මනිය ප්‍රංශයට එරහිව යුධ ප්‍රකාශ කරයි.
- ඔටෝමන් අධිරාජ්‍ය මධ්‍යම යුරෝපා හවුලට සහය දෙයි. ජපානය මිත්‍ර පක්ෂයට සහය වේ.
![]()
1915
- යුද්ධයට පිරිමින් සියල්ලම පාහේ එක්වීම නිසා කාන්තාවන් ඉතිරි වූ රැකියා කිරීමට පටන් ගනියි.
- අප්‍රේල් 22 - ජර්මනිය ප්‍රථම වරට විෂවායු අවි බෙල්ජියමට විරුද්ධව භාවිත කරයි.
- මැයි 31 - ජර්මනිය ලන්ඩනයට බෝම්බ හෙලයි.
![]()
1916
- පෙබ 21 - වර්ඩන් සටන ඇරඹීමත් සමග ජර්මනිය හෝමන්ට් අල්ලා ගනියි.
- පෙබ 25 - ඩෝමන්ට් බලකොටුව ජර්මනිය යටත් කර ගනියි.
- ඔක් 24 - ප්‍රංශය නැවත ඩෝමන්ට් බලකොටුව තම යටතට ගනියි.
- දෙසැ 15 - වර්ඩන් සටනින් ජර්මනිය අල්ලාගත් සියලු ප්‍රදේශ ප්‍රංශ නැවත තම අතට ගැනේ.
![]()
1917
- අප්‍රේල් 6 - ඇමරිකාව ජර්මනිය එරෙහි යුධ ප්‍රකාශ කරයි.
- ඔක් 23 - ප්‍රංශයට පැමිණෙන ඇමරිකානු හමුදාව ජර්මනියට එරෙහි යුද්ධය පටන් ගනී.
- නොවැ - බොල්ෂාවික් විප්ලවය නිසා රුසියාව යුද්ධයෙන් ඉවත් වේ.
![]()
1918
- නොවැ 1 - ඇමරිකාව මොයිස් හිදී ජර්මනියේ බලය බිඳ දැමීම.
- නොවැ 11 - මෙදින 11වැනි පැයට සියලු දෙනාම සටන් විරාමයකට අත්සන් තැබීමත් සමග යුද්ධය නිම වීම.
![]()
මෙලෙස වසර හතරක් පුරා පවතී පළමු ලෝක යුද්ධය අවසන් වුයේ මහා විනාශයක් කරමිනි. දළ වශයෙන් මිනිස් ජීවිත මිලියන 10ක් පමණ අහිමි වූ අතර මිලියන 20ක් පමණ තුවාල ලැබුහ. යුද්ධයේ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් පමණ වේ.රසායනික අවි (විෂ කවු බෝම්බ, විෂ වායු ආදී) හා යුද්ධ ටැංකි, සබ්මැරින්, ගුවන්යානා භාවිතයට ගැනින. මෙලෙස විනාශ කාරී යුද්ධයකට මුහුණ දුන් සියුලුම රටවල් ආර්ථික අතින් ඉතාම පහත මට්ටමකට වැටුණු බවද සඳහන් කළ යුතු ය. අවසානයේ යුද්ධයෙන් ලැබුණු දෙයක් නැත. අහිමි වීම් රැසක් පමණක් සමගින් යුද්ධය අවසන් වුයේ යුද්ධයේ නිරර්ථක බව කියාපාමිනි.

good post bro
good post bro 9+++
thnx
patta post ekak bn. OL history pothe thibba man asama padam walin ekak thama oka![]()
