මම සාමාන්‍යයෙන් දේශපාලනය කියන මාතෘකාව කතාකරන්න කැමති නෑ. විශේෂයෙන්ම එළකිරියේ. ඒක නිසා මම මේ thread එකේ දාන අන්තිම reply එක තමයි මේක. උඹ උදාහරණෙට ගත්තු මාතෘකාව තවත් ලොකු අවුලක්, මොකද ඔය වෙජිටේරියන්/ හරක් මස්/ කුකුල් මස්/ හාල්මැස්සෝ/ මදුරුවෝ වගේ දේවල් ගැන ඕන තරම් වාද කරන්න පුළුවන්.
කොහොමහරි මචන් මම කියන්න හැදුවේ මහින්ද කරපු වැරදි කොතෙකුත් තිබුනත් බල්ලා කියල කියන්න තරම් මහින්ද පහත් තත්වේ නෑ. (සාපේක්ෂව) පොරට බල්ලා කියල කියනවනම්........ මේ ගැනත් පොඩ්ඩක් හිතපන්
මේ රටට, ජනතාවට මහින්ද කළාට වැඩ සිය දහස් ගුණයක් වැරදි කරපු එවුන් ඔය 225 අතර ඉන්නවා, එහෙම ජඩ වැඩ කරපු එවුන්ගේ දර්ශනය ඔලුව උඩ තියාගෙන ඉන්න එවුන්, උන්ගේ වැඩපිළිවෙල තවදුරටත් ඉස්සරහට ගෙනියන එවුන් ඉන්නවා. උන් කරපු සහ කරන ජඩ වැඩ හින්ද අපේ අම්මල තාත්තල විදෙව්වා, අපි තාමත් විදවනවා, අපේ දරුවනුත් විදවයි. එහෙම එවුන්ට අපි නම්බු නාම දීලා කතාකරනවා. උන්ට මහත්තයා, මැතිතුමා, මැතිණිය, Madam කියල කතාකරනවා. එකයි අවුල.
අවසාන වශයෙන්, මම සුනිමල්ගේ, erozanගේ හෝ gayankuwaitගේ fake එකක් කියල කියන්න කලින් මේ කියන්නේ. මාත් මහින්ද සහ ඔහුගේ අවනීතිය රජකරපු ආණ්ඩුව පරාජය වීම අනුමත කරන කෙනෙක්. ඒක එහෙම වෙන්න ඕන. තවදුරටත් ඒ ආණ්ඩුව තියාගෙන හිටියනම් රටට අබසරණයි. මෛත්‍රී වත්, රනිල්වත්, චන්ද්‍රිකාවත් ඒකට විසදුම නොවුනත් මහින්දගේ ආණ්ඩුව පැරදීම මම අනුමත කරනවා.
ඔන් කිව්වා මේන් ගියා......