මේක ගැන තව පැහැදිලි කරානම් හැමෝටම වටිනව
රාජා වනසුන්දර කියන නම දිගේ ගිහින් හොයල බලන්න.
එතුමා කියල තියෙනවා 13 ඉස්සෙල්ලම ශ්‍රේෂ්ඨාධිකරණයට දැම්මම මේක නිසා රට ෆෙඩරල් වෙනවා වගේ තීන්දුවක්. ඒක නිසා ජනමතවිචාරණයක් ඕන කියල තීන්දුවක් දුන්නම , ජේ ආර් ජයවර්ධන ඕකෙ වගන්ති සෙල්ලමක් කරලා පාර්ලිමෙන්තුවට විතරක් දාල සම්මත කරගෙන තියෙනවා. එතුමා ඉන්න ඇත්තේ ඔය ගොනා හැරෙන්නේ පැලේ කන්න කියන මතයේ. කොහොමවත් එක පාර පනතක් දාල ෆෙඩරල් හෝ වෙනම රටක් ගන්න බෑ, ටික ටික නේ, අංශක 5 , 5 හරවල තමයි 180ට ගන්නේ.
83 කලබල වෙනවා, අන්තර්ජාතිකව හෙන ප්‍රසිද්ධියක් ලැබෙනවා, ඊට පස්සේ 87 ඔය පනත එන්නෙම , අපිට මහා අසාධාරණයක් වුනා එකට විසදුම මේ පනතෙන් දෙනවා කියන නාටකෙම කොටසක් විදියට.
මේ තියෙන්නේ නලින් ද සිල්වා මේක ගැන කියන කතාව
"
When the thirteenth amendment was referred to the Supreme Court four judges were of the opinion that the Bill was in agreement with the Constitution while four others ruled that it violated the constitution. The judgment of the remaining ninth judge was interpreted to claim that the Bill was in agreement with the constitution and the thirteenth amendment was introduced to the Parliament giving the impression that the Bill did not violate the constitution. Mr. Raja Wanasundara has explained what had happened and it appears that the thirteenth amendment bill was introduced to the Parliament in violation of the constitution. In my opinion, it was illegal to do so. The bill was not discussed by the people and the MPs were transported from a hotel in Colombo to the Parliament Bill to vote under compulsion for the bill.
"
http://www1.kalaya.org/2012/11/why-13a-should-be-repealed-ii.html
තීන්දුවේ අර්ථකථනය අරන් බලන්න ඕන, එත් ඕක භාෂාවේ වචන හරඹ කරලා තියෙන තේරුම තේරුම් කර ගන්න ආයේ උසාවි යන්න වෙනවා.
කොහොම උනත් මේ තියෙන්නේ ශිරාණි බණ්ඩාරනායක ගේ මතයක් ,
“ Provincial Councils are on a par with the Parliament and the Councils come within the category of subsidiary sovereign bodies. This demonstrates the division of legislative power
Secondly, Article 154,G(B) clearly points out that in a conflict between the statues of Provincial Councils and an existing law ( passed by the Parliament) with regard to a matter on the Provincial Council List, the existing law (passed by Parliament) shall remain suspended and be in operation within the Province so long as that statute is in force”.
http://www.dailymirror.lk/article/The-present-Constitution-Is-it-Federal-or-not--137751.html
මේ නීති කාරනා ඇත්තටම දැන් වැදගත් වෙන්නේ නෑ වැඩේ වෙන විදියයි වැදගත්. නීති කාරනා වැදගත් වෙන්නේ " අන්තර්ජාතික ප්‍රජාවට " මේක අසාධාරණයි අපිට 13 සම්පුර්නෙන් දෙන්නේ නෑ කියල ගතු කියල රටට බාල්දි පෙරලන්න.
අනිත් ෆෙඩරල් රටවල් එක්ක බැලුවම පළාත් සභා වලට නීති සම්පාදනය කරන්න දැනටම පුළුවන් වීම තමයි ඉතින් ෆෙඩරල් ලක්ෂණය, හැබැයි ඒවා මධ්‍යම රජයේ සමගාමී ලයිස්තුවේ නම් මධ්‍යම රජයට උඩින් යන්න බෑ. එත් මධ්‍යම රජය අහක බලාගෙන හිටියොත් ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපි ස්වාධීනයි කියල අහක බලන් ඉන්න රජයක් ආවොත් එදාට පළාත් පළාත් ගහ ගන්න තත්වෙයකට උනත් එන්න පුළුවන්. නීති සම්පාදනය කරන්න පුළුවන් නම් ඒවා බලාත්මක කරන්න පොලිසියක් අවශ්‍ය වෙනවා, ඉතින් ටික ටික ඔය පෙරහැර යන්නේ වෙනම රටකට තමයි.
ඔය නලින් ද සිල්වයි , ගුණදාස අමරසේකරයි වගේ සෑහෙන වයස මිනිස්සු තමයි 13 ප්‍රශ්නේ ගැන දැන් ඉතින් කතා කරන්න ඉතිරි වෙලා ඉන්නේ, අනිත් අය හැමෝම මැරිලා ගිහිල්ල, කාලයත් එක්ක ඔය ප්‍රශ්නේ මිනිස්සු ගණන් ගන්නේ නැති තත්වෙකට එයි. ඒවා එහෙම තමයි වෙන්නේ කියල දැනගෙනමයි බෙදුම්වාදීන් ඔය 13 සම්මත කරගත්තේම, කාලයාගේ ඇවෑමෙන් ඒගොල්ලොන්ගේ අරමුනට යන්න.
සිංහලයන්ට තියෙන්නේ ඉතින් ඕක අහක් කරගන්න බැරි උනත්, මේක අනීතිකයි , රටට වැඩක් නෑ , කියන මතය දිගටම අරන් යන එක.
සමාවෙන්න ඕනේ එතන නොපැහැදිලි උනාට මගේ වැරැද්ද දැන් හරි ගස්සලා තියෙන්නේ
පළාත් සභා වෙනුවට ප්‍රාදේශීය සභා වලට වැඩි බලතලයි දෙන්න ඕනේ
ප්‍රාදේශීය සභා කාර්‍යක්ශම කරන එක නම් හොඳයි.
"බලතල" ප්‍රාදේශීය සභා වලට දුන්නම ඒ බලතල වල සැර බලන්න වෙන්නේ ඒ ඒ ප්‍රදේශ වල මිනිස්සුන්ට.
ඊට පස්සෙ ඒ බලතල ක්‍රියාත්මක කරන්න ප්‍රාදේශීය දේශපාලකයො ගෙවල් අස්සෙ පන්සල් අස්සෙත් රිංගන්න එනවා.
දේශපාලන "බලය" තියෙන අයව දියවන්නාවේ තියල මිනිස්සු ඔක්කොම එකතු වෙලා දේශපාලකයො පාලනය කරන්න පුලුවන් නම් මිනිස්සුන්ගේ පැත්තට බලය වැඩි.
ප්‍රාදේශීය දේශපාලකයො පිස්සු කෙලිනකොට වෙනස් කරන්න අමාරුයි , මොකද ඒ දේශපාලකයන්ට විරුද්ධව මතයක් හදන්න තරම් ලොකු ජන බලයක් නෑ.
2015 මහින්ද පරදින්නත්, 2020 රනිල් ගෙදර යන්නත් තරමේ ජනබලයක් එන්නේ මිනිස්සු ගොඩක් එකතු වෙලා පත් කරන්න ඕන කාවද කියල තීරණය කරන නිසා.
මහින්ද මැදමුලනෙන් හරි, රනිල් කොලබ හතෙන් හරි කීයටවත් පරද්දන්න බෑ නේ.
බලය විමධ්‍ය කිරීමට විරුද්ධව තියෙන ලොකුම තර්කයක් තමයි , කුඩා ඒකක වලට බලය දුන්නම, ඉහලින් ඉන්න පක්ශ යාන්ත්‍රනය හැම වෙලේම වගකීමෙන් නිදහස්ව ගැලවිලා යන එක.
අනික මහ ආණ්ඩුව කරන්නෙ පොහොට්ටුව, ප්‍රාදේශීය සභාව ස.බ.ජ නම් ඒ සභාවට කොහොම උඩින් බාල්දි පෙරලෙයිද කියන්න බෑ , එහම උනොත් ඒ සභාවේ මිනිස්සුන්ට යන එන මන් නෑ. (පක්ශ දෙකේ නම නෙමේ වැදගත්).