ප්ලාස්ටික් කන පණුවෝ

Mr.Lokka

Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ප්ලාස්ටික් කන පණුවෝ : මිහිතලය බේරාගැනීමේ අලුත්ම අපේක්ෂාව


    mealworms යනුවෙන් සාමාන්‍යෙයන් හඳුන්වන්නේ ආහාර මත වැඩෙන, සෙන්ටිමීටර 2 ක් පමණ දිගකින් යුක්ත පණුවන් වර්ගයක්. උන් mealworm beetle කියන කුරුමිණි වර්ගයේ කීට ආකාරයයි.

    සමහර වෙලාවට කුණුගොඩවල්වලින් කළු පාට කුරුමිණියන් මතු වෙන ආකාරය ඔබත් දැකල ඇති. ඒ තමයි mealworm beetle. මේ කුරුමිණියන්ගේ කීට අවස්ථාව තමයි, විද්‍යාඥයන් විසින් ප්ලාස්ටික් ජීර්ණය සඳහා යොදාගන්නේ.

    51580.jpg



    ස්ටැන්ෆෝර්ඩ් සරසවියේ පර්යේෂකයන් දැනටමත් මේ ගැන විශාල පර්යේෂනයක නිරත වී සිටිනවා.

    ප්ලාස්ටික් බහිස්‍රාවය

    ස්ටයිරොෆෝම් (Styrofoam) වලින් නිෂ්පාදනය කළ කෝපි කෝප්පයක් සතියක් ඇතුළත කා දමන්නට මේ වර්ගයේ පණුවන් 3,000 - 4,000 ක් අතර ප්‍රමාණකට සුළු දෙයක්. උන්ගේ බඩවැල්වලදී ප්ලාස්ටික්, ජීර්ණයට ලක් වන බව සොයාගෙන තිබෙනවා.

    ස්ටයිරොෆෝම්වල අඩංගු පොලිස්ටයිරීන්වලින් හරි අර්ධයක් මේ ආකාරයෙන් ජීර්ණය කරන විට උන් තමන්ගේ ශරීර තුළදීම ඒවා කාබන්ඩයොක්සයිඩ් බවට පත් කර මුදා හරිනවා. අනෙක් කොටස ‘ක්ෂුද්‍ර ප්ලාස්ටික්‘ (මයික්‍රොප්ලාස්ටික්) විදිහට මුදා හැරෙනවා.

    ක්ෂුද්‍ර ප්ලාස්ටික් හෙවත් ප්ලාස්ටික් ක්ෂුද්‍ර අංශු, ආහාරදාමවලට ඇතුළත් වීම ලෝකය මුහුණ දෙන විශාල ප්‍රශ්නයක්. මේ නිසා, මීල්වෝම් වර්ගයේ පණුවන් ප්ලාස්ටික් ආහාරයට ගන්නා විට මේ අවදානම ඉහළ යාවිදැයි සොයාබැලිය යුතුයි.

    මෙහිදී හෙළි වෙලා තියෙන්නේ, මේ ජීර්ණ ක්‍රියාවලියේදී මීල්වෝම් වර්ගයේ පණුවන්ගේ ශරීර තුළට විෂ රසායනික එක්රැස් නොවන බවයි. ඒ අනුව ආහාරදාමයට මේවා එකතු වෙන්නෙ නැහැ. ඒ කියන්නේ, මීල්වෝම් වර්ගයේ පණුවන් ව ආහාරයට ගන්නා කුකුළන් හෝ ඌරන් වගේ සතුන්ගේ ශරීරවලට ඒවා ඇතුළත් වන්නේ නෑ.

    ඒ වගේම මෙම ප්ලාස්ටික් ජීර්ණයට උදව් කරන, මීල්වෝම් පණුවන් තුළ ඇති බැක්ටීරියාව මීට පෙර හඳුනා නොගත් එකක් බවත් පර්යේෂකයන් කියනවා.

    Stanford-PhD-candidate-Anja-Malawi-Brandon-in-the-lab..jpg


    පොලිතීන් කන්නට හපන්නු

    පොලිස්ටයිරීන් වගේම පොලිතිලීන් කියන බහුඅවයවිකයත් ආහාරයට ගන්නට මේ පණුවන්ට පුළුවන්. පොලිතිලීන් කියන්නේ සාමාන්‍ය පොලිතීන්වලට. මෙය, ලෝකයේ වැඩිපුරම භාවිතා වන ප්ලාස්ටික් වර්ගයයි.

    ප්‍රතිචක්‍රීකරණයට නව බලාපොරොත්තුවක්

    මේ වන විට පෘථිවිය මුහුණ දී තිබෙන ප්‍රධානතම ගැටළුවක් වන්නේ ප්ලාස්ටික් දූෂණය (Plastic pollution) යි.





    අලුත්ම වාර්තාවලට අනුව, වසර 2040 වනවිට සාගරයේ පොලිතීන් ප්‍රමාය දැන් තිබෙන ප්‍රමාණය වගේ තුන් ගුණයකින් ඉහළ යන්නට නියමිතයි. ඒ අනුව වසර 2040 වන විට සාගරයේ තිබෙන පොලිතීන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 29 ක් දක්වා වැඩි වෙන්නට නියමිතයි.

    ප්‍රතිචක්‍රීකරණය මගින් ඉවත් කරන්නට පුළුවන් කම තිබෙන්නේ එයින් 31%-45% අතර ප්‍රමාණයක් විතරයි. ඒ නිසා ප්‍රතිචක්‍රීකරණ කාර්යය මිනිසුන්ගෙන් පණුවන්ට යම් ප්‍රමාණයකට හෝ භාරකරන්නට කාලය ඇවිත්.

    මීල්වෝම් මිනිසුන්ගේත් ආහාරයක්!

    තවත් කාරණයක්. මීල් වෝම් වර්ගයේ පණුවන් කුකුළන් සහ ඌරන්ගේ ප්‍රියතම ආහාරයක් බව ඉහතින් කියා තිබෙනවා. නමුත් මෙයට අමතරව මීල්වෝම් පණුවන් ආහාරයට ගන්නා මිනිසුන් ද සිටිනවා.

    Canned-Mealworms-New-3.jpg


    mealworms-pixabay-4233227_1280-1.jpg



    මේ මීල්වෝම් පණුවන් ලෝකයේ සමහර රටවල්වල රසවත් ආහාරයක් විදිහටත් පිළිගැනෙනවා. ඇමරිකානු ඩොලර් 5කට වගේ, කලින් පිසින ලද සහ කෑන්කළ පණුවන්, නැවතත් මීල් එකක් ලෙස ගන්නට අවස්ථාව තිබෙනවා.

    කොහොම වුණත්, ඉවතලන ආහාර මත හැදෙන පණුවන්, පෝෂණ ගුණයෙන් ඉහළ නිසා නැවත ඒ පණුවන් ව ආහාරයට ගන්නවා වෙනුවට, උන්ව මිහිතලයේ ප්ලාස්ටික් ප්‍රශ්නය විසඳන්නට යොදා ගැනීම පරාර්ථකාමී - පරිසරහිතකාමී වැඩක්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,230
    67,616
    113
    Hama hu**thama research karala test karala hoya gannawa. eth loketa athi wadak na bn.
    Me loke puduma kalakanni, kuhakai, armaththakami. Ada asteroid ekak wadila me kalpe iwara wela yanawa nam hodai.
    Aththamai.
    But hey lets have kids
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔන්න කරනවනම් වැඩ..ඔන්න ඕකයි දියුණුව.අඟහරු වලට යන්න කලින් මෙන්න මේවයි කරන්න ඕන.
     
    • Like
    • Love
    Reactions: D_Mad and Lahiru120