ප්ලූටෝගේ මීතේන් කඳු

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ප්ලූටෝගේ මීතේන් කඳු

    ප්ලූටෝගේ මීතේන් කඳු

    image_ed1f5172e6.jpg


    මීතේන් පිරි අයිස් කඳු ප්ලූටෝ මතුපිට ඇති බවට තමන්ට සාක්ෂි ලැබුණැයි තාරකා භෞතික විද්‍යාඥයන් පිරිසක් අනාවරණය කර ඇත.

    මෙම අනාවරණය කර ඇත්තේ ප්ලයිමවුත් විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යා මහාචාර්ය මැට් ටෙෆ්ලර් ඇතුළු විද්‍යාඥ කණ්ඩායමය.

    ඒ, ප්ලූටෝ ගවේෂණයට නාසා ආයතනය යැවූ ‘නිව් හොරයිසන්’ රොබෝ යානයෙන් ලැබුණු දත්ත ද පාදක කර ගනිමිනි.
    ප්ලූටෝට ඇති බව පැවැසෙන්නේ ඉතා තුනී වායු ගෝලයකි. අප පෘථිවියේ කාන්තාර පිහිටා ඇති ආකාරයට ප්ලූටෝ මතුපිට මෙම මීතේන් කඳු දකින්න ලැබෙන බව විද්‍යාඥ කණ්ඩායම වැඩි දුරටත් කියා සිටී.

    ප්ලූටෝ මතුපිට මීතේන් මෙසේ ඝනීකරණය වීමට හේතුවී ඇත්තේ සෙන්ටිග්‍රේඞ් අංශක රින 230 ක අධි සීත කාලගුණයයි. ඊට අමතරව ප්ලූටෝ මතුපිට වේගවත් සුළං දහරා ඇති බව ද අනාවරණය කර තිබේ.

    ප්ලූටෝ සැළකෙන්නේ කුරු ග්‍රහයකු ලෙසය. ප්ලූටෝ ග්‍රහලෝකයක් ලෙස නොසැළකෙන්නේ, ග්‍රහලෝකයකට තිබිය යුතු චරිත ලක්ෂණ ප්ලූටෝට නොමැති නිසාය.

    (රොයිටර්)
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ප්ලුටෝ මත මීතේන් අයිස්‌ වැටි
    fShare


    fori1.jpg
    ප්ලුටෝ මත මිදුණු මීතේන් වැටියක්‌ ඇති බවට සාක්‌ෂි හමු වූ බව විද්‍යාඥයෝ පවසති.

    දුරින් පිහිටි ප්ලුටෝ පෙර සිතුවාට වඩා වඩාත් ක්‍රියාකාරී යයි zසයන්ස්‌z සඟරාවේ පළ කරන ලද පර්යේෂණය මගින් යෝජනා කරයි.

    පෘථිවිය මත දිස්‌වන කාන්තාර හා සමාන විශේෂ ලක්‌ෂණ නිර්මාණය වීමට තරම් ප්ලුටෝ වටා ඇති බොහෝ තුනී වායු ගෝලය ප්‍රමාණවත් නොවන බව විශ්වාස කෙරිණි.

    ඉහත කී සොයා ගැනීම් සිදු කරනු ලැබ ඇත්තේ 2015 වසරේ ජුලි මස ප්ලුටෝ අසලින් පියාසර කළ නාසා ආයතනයේ zනව ක්‌ෂිතිජz මෙහෙයුම මගින් ලබා ගත් පුදුමය දනවන සුළු ඡායාරූප විශ්ලේෂණය කිරීමෙනි.

    දශකයකට ආසන්න කාලයක්‌ පැයට කිලෝමීටර 58,536 ක ඉක්‌මවූ වේගයකින් සෞරග්‍රහ මණ්‌ඩලය වටා දීර්ඝ චාරිකාවක යෙදෙන අතරතුර zනව ක්‌ෂිතිජz යානය දත්ත එක්‌රැස්‌ කරනු ලැබීය.

    ස්‌පුට්‌නික්‌ ප්ලැනිෂියා (Sචමඑබසන ඡක්‌බසඑස්‌) යනුවෙන් හැන්ඳින්වෙන වැලිතලා වැනි ආවරණය වූ තැනිතලා භුමියෙහි ඡායාරූප තමන් අධ්‍යයනය කළේ කෙසේදැයි පර්යේෂකයන් විද්‍යා සඟරාවේ පළකළ සිය වාර්තාවේ දක්‌වා ඇත.

    මෙම තත්ත්වය දක්‌නට ඇත්තේ කිලෝ මීටර 5 ක්‌ පමණ උස අයිස්‌ කඳුවලට ආසන්නයේය.

    මෙම වැටි කි.මි. 0.4 සිට 1 දක්‌වා දුරකින් එකිනෙකට වෙන්ව පවතින බවත්, ඒවා මයික්‍රො මීටර 200 - 300 අතර විශ්කම්භයකින් යුත් මීතේන් කැටවලින් නිර්මාණය වී ඇති බවත් විද්‍යාඥයන් නිගමනය කර ඇත. ඒ අනුව මෙම මීතේන් අංශුවක ප්‍රමාණය දළ වශයෙන් සාමාන්‍ය වැලි කැටයක විශ්කම්භයට සමානවේ.

    "අපිට කැට (මීතේන් අයිස්‌) වෙන වෙනම පේන්නෙ නැහැ. නමුත් අපිට වැටි හඳුනා ගන්න පුළුවන්. ඒවගේම ඒවායේ මූලික භෞතික පරාමිතියේ ලක්‌ෂණ සහ එමගින් නිර්මාණය කරන ලද යටින් පිහිටි වායු ගෝලයේ ඝනත්වය හඳුනා ගන්න පුළුවන්." යනුවෙන් පර්යේෂණ වාර්තාවේ ප්‍රධාන සංස්‌කාරක එක්‌සත් රාජධානියේ ප්ලිමුත් විශ්වවිද්‍යාලයේ භෞතික භූ විද්‍යාඥ ආචාර්ය මට්‌ ටෙල්µර් (Dර ඵ්එඑ ඔeකෙeර) බීබීසී සේවයට පැවසීය.

    "ඒ වගේම අපට එම වැටි එකිනෙකට කොපමණ දුරකින් පිහිටා තිබේද යන්නත්, එමගින් ඇති කරන සුළඟේ වේගය පිළිබඳ තක්‌සේරුවකට පැමිණීම වැනි යම් මූලික මිණුම් කළ හැකියි."

    "අප සතුව ඇති දත්ත සියල්ල එක්‌ ආකෘතියකට ඇතුළත් කිරීම මගින් මීතේන් අයිස්‌ කැටවල ප්‍රමාණය සම්බන්ධ නිගමනවලට එළඹෙන්න පුළුවන්" ඔහු වැඩිදුරටත් පැවසීය.