ප්‍රංශය කළු කළ කළු කුට්ටි ප්‍රහාරය

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ප්‍රංශය කළු කළ කළු කුට්ටි ප්‍රහාරය

    ප්‍රංශය කළු කළ කළු කුට්ටි ප්‍රහාරය



    සුනිල් ආනන්ද පැරිසියේ සිට

    මෙවර ලෝක කම්කරු දින සැමැරුම (2018-05-01) ප්‍රංශයේ ඉතිහාසයට අමතක නොවන සිදුවීමක් එක් කළේය.
    ඒ ප්‍රංශ ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ සිදුවීමක් නිසාය. ප්‍රංශයේ ප්‍රධාන නගර ආශ්‍රීතව මැයි පෙළපාළි පවත්වා කම්කරු අයිතීන් දිනා ගැනීමේ දිනයක් ලෙස මැයි දිනය ප්‍රසිද්ධය.
    දේශපාලන පක්ෂ වෘත්තිය සමිති, ප්‍රංශයේ වෙසෙන විදේශ සම්භවයක් සහිත ජන කොටස් නියෝජනය වන වෘත්තිය හා දේශපාලන සංවිධාන ආදිය මැයි 1 වැනි දා වීදි බැස විවිධ සටන් පාඨ සමඟ පෙළපාළි පැවත්වති.
    ඉන් පැරිසියේ පැවැත්වෙන පෙළපාළි ප්‍රධාන වේ. පැරිසියට එක්වන පෙළපාළිකරුවන්ට ප්‍රධාන මාර්ගවල රැස්වීම් පැවැත්වීමට වෙනම ස්ථාන වෙන් කරදී ඇත.
    පෙළපාළිකරුවෝ අවසානයේ එම එක් එක් ස්ථානවලට පැමිණෙති. අයිතීන් ඉල්ලා රැස්වීම් පවත්වා සන්සුන්ව විසිර යෑම මෙතෙක් පැරීසියේ පැවැති සිරිතවිය.
    පැරිසිය නම් සුන්දර නගරයේ එක් ස්ථානයක ඊට හාත්පසින්ම වෙනස් කිසිවෙකු නොසිතු නමුත් මැයි දිනය සැමැරීම ප්‍රදේශවාසීන්ට ඇස් අදහා ගැනීමට නොහැකි විය.
    එදින වාමාංශික පක්ෂය පෙළපාළිකරුවන් හා එක්වු වෙනත් පිරිසක් ඔවුන් සමඟ සුළු වේලාවක් නිසොල්මනේ පෙළපාළියේ ගමන් කර එක්වරම වෙනම කණ්ඩායමක් ලෙස සංවිධානය වී අත් බෑග් වලින් ගත් කළු ජැකට් හැඳ මුහුණු ආවරණ පැළඳ සඟවා ගෙන පැමිණි යකඩ පොලු, මුගුරු,පෙට්ට්‍රල් අත් බෝම්බ ආදිය ගෙන පැරිස් කලාප අංක 5 ට අයත් ප්‍රධාන රෝහල් මාවතේ කඩ සාප්පු, කුඩු කර වාහන හා ගොඩනැගිලි ගිනි තබමින් කළහකාරි ලෙස හැසිරුණහ. මෙම සිද්ධිය දුටු අය මවිතයට පත්වුහ.
    කළහකාරි සිදුවීම් හේතුවෙන් බැංකු ශාඛා, ආපනශාලා,මෝටර් රථ ප්‍රදර්ශන ශාලා හා අලෙවිසල් හා විවිධ සමාගම් සතු කාර්යාල ඇතුළු ගොඩනැගිලි 31 කට ගිනි තබා අවට ඇති ඉලෙක්ට්‍රොනික දැන්වීම් පුවරු,බස් නැවතුම් ආදිය කුඩු පට්ටම් කර ප්ලාස්ටික් කුණු බක්කි මහා මාර්ගයේ එකතු කර ගිනි තබමින් එම ප්‍රදේශය මහා ගිනි ජාලයකින් භීතියට පත් කිරිමට කළහකාරිහු කටයුතු කළහ.
    මෙවර මැයි දින පෙළපාළි ආරක්ෂාවට පැරිසිය තුළ පමණක් 1500ක පොලිස් පිරිසක් යොදවා තිබිණි. අනපේක්ෂිතව ඇතිවු තත්ත්වය පාලනය කීරිමට ප්‍රංශ පොලිසියට විනාඩි 30ක පමණ ගත විය. පොලිස් කැරළි මර්දන ඒකකය , දැඩි පීඩන සහිත ජලය විදින බවුසර සහිත විශේෂ පොලිස් කණ්ඩායම් පැමිණ තත්ත්වය පාලනය ට පත් කිරිමට උත්සහ දැරූ අතර කැරලිකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
    දැඩි පරිශ්‍රමයකින් පසු තත්වය මැඩ පැවැත්වීමට පොලිසියට හැකි වුව ද ඒවන විටත් එම ප්‍රදේශය ගිනි දැල් වලින් පිරුණූ ප්‍රදේශයක් බවට පත්වී තිබුණි. මඳ වේලාවකින් ගිනි නිවන රථ පැමිණ එම ගින්න නිවා දමන ලදී.
    මෙම සිදුවීමට සම්බන්ධ කළහකාරීන් 209 ක් අත්අඩංගුවට ගත් අතර එයින් 106 දෙනෙකු රැඳවුම් නියෝග මත පොලිස් බාරයට ගෙන වැඩිදුර පරික්ෂණ සිදු කරමින් සිටි.
    අත්අඩංගුවට පත් වුවන් අතර කාන්තාවෝ සහ පිරිමි සම සමව සිටිති. පරික්ෂණ වලට අනුව කළහකාරි ලෙස සංවිධාන ගතවු පිරිස 1200කි. මොවුන් අන්ත වාමාංශික රැඩිකල් දැඩි අන්තවාදී දක්ෂිනාංෂීකයන් පොලිස් වාර්තා හෙළී කරයි.
    බැලැක් බොලොක්ස් හෙවත් කළු කුට්ටි කණ්ඩායම ලෙස මොවුන් හඳුනා ගෙන ඇති බවත් මේ අතර උසස් පෙළ හා විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සිටින බවත් හෙළිකරගෙන ඇත. ඔවුන්ගේ සහායට එවැනිම අන්තවාදී කණ්ඩායම ජර්මනිය,ඉතාලිය, ස්පාඤඤය,ඕලන්දය ආදි රටවලින් පැමිණ ඇති බවද පරික්ෂණ වලින් හෙළිකර ගෙන තිබේ.
    මොවුන්ගේ ප්‍රහාරයට ලක්වු ආයතන අතරට එක් මැක්ඩොනල්ඩ් ආපන ශාලාවක්,ප්‍රංශයේ නිෂ්පාදිත රෙනෝල්ඩ් වාහන අලෙවිසලක්,ජර්මනියේ නිෂ්පාදිත බෙන්ස් වාහන අලෙවිසලක් ද වේ.
    මෙම රැඩිකල්වාදී ‘බැලැක් බොලොක්ස්’ කණ්ඩායම අයත් පිරිස් යුරෝපයේ ජර්මනිය,ඉතාලිය,ඕලන්දය,ඔස්ට්‍රියාව,ස්පාඤ්ඤය,පෝලන්තය ආදී රටවල ක්‍රියාත්මක වේ. රාජ්‍ය දේපල හා ධනවත් ආයතන වලට අලාභ කිරිම ඔවුන්ගේ එකම ඉලක්කය වේ.
    මේ අඳුරු සිදුවීමත් සමඟ පැරිසියේ වාසින් මහත් කම්පනයට පත්වී ඇති අතර රජයට විරුද්ධව ද විවිධ චෝදනා එල්ල වෙමින් පවතී.
    එම ස්ථානයට පොලිසිය පැමිණිමට විනාඩි 30 ක් ගත වුයේ ඇයි? මෙවැනි පිරිස් මුලින් හඳුනා ගැනීමට අපොහොසත් වුයේ ඇයි? මෙවැනි පිරිස් හඳුනා ගැනීමට අභ්‍යන්තර රහස් ඔත්තු සේවාවන් අසමත් වුයේ ඇයි? ආදි ප්‍රශ්න වැළකට පිළීතුරු දීමට රජයට සිදුවී ඇත.
    මෙම තත්ත්වය ඇතිවන විට ප්‍රංශ ජනාධිපති මැක්රොන් මහතා ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය නිල චාරිකාවකට එක්වී සිටියේය. වැඩ කරන ජනතාවගේ දිනය කඩාකප්පල් කළ මෙවැනි අයට කිසිම සමාවක් නොමැති බවත් වැරදිකරුවන්ට ප්‍රංශ නීතිය ක්‍රියාත්මක වන බවත් ඇතිවු තත්ත්වය ගැන තමා බලවත් ලෙස කනගාටු වන බවත් ප්‍රංශ ජනාධිපති ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට පැවසීය.
    ප්‍රංශ දේශපාලන නායකයන්,වෘත්තිය සමිති ප්‍රධානීන්, විද්වතුන් ,මාධ්‍යවේදීන් ඉහත සිදුවීම් දැඩි ලෙස හෙළාදකිමින් ප්‍රකාශ නිකුත් කර ඇත. ප්‍රංශයේ වැඩි පිරිසක් මෙවැනි ක්‍රියා අනුමත නොකරති.
    ප්‍රංශ මැයි දිනයකදී මෙවැනි තත්වයක් ඇති වු ප්‍රථම අවස්ථාව මෙය වන අතර මින්පසු මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට වග බලා ගන්නා බව ප්‍රකාශ කළ අභ්‍යන්තර ආරක්ෂක ඇමැතිවරයා අලාභ හානි සිදුවු ප්‍රදේශ යේ සංචාරය කරමින් එම පිරිස් මුණ ගැසෙමින් තම කණගාටුව ප්‍රකාශ කළේය.
    image_dea4b55140.jpg

    image_8a65f7d27a.jpg

    image_c4cf3dc66c.jpg

    image_b7c239a664.jpg

    image_e22b4b8e8d.jpg

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකුන් අනික් රටවලට කරන දේවල්වල පලවිපාක
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    Interpol පොන්ස්ල *ක දීගන ඇත්තෙ. උන්ට රට ඇතුලෙ බලයක් නැහැයි කියල ඇති
     

    Similar threads