ඒ 2013 මැද. ආදරයක් කරන්න නිකමටවත් නොහිතපු මට ආදරේ දැනෙන්න පටන් ගන්නවා. ජීවිතේ, ආදරේ වගේ දේවල් ගැන නොතේරුන මම අවුරුදු 30 දී මහන වෙන්න හිටියේ. කොහොමින් කොහොමින් හරි 2013 අදරේ මටත් හොරෙන්ම වැඩ පටන් ගන්නවා. එයා මම හිටපු පන්තියක කෙල්ලෙක්.එයා ලස්සනයි.පොඩී. එයාගේ ඕටෝග්‍රාෆ් එකේ මම ලිව්වා "ඔයා තමයි අපේ පන්තියේ ලස්සනම ගෑනු ළමයා" කියලා. මට එයාව ඒ තරමටම ලස්සනයි. ඒකපාර්ශවික අප්‍රකාශිත ඒ ආදරය හිතේ පොඩ්ඩ පොඩ්ඩ පැළ වුනත් 2013 කෝස් එක ඉවර වුනාම මම හිතුවේ එයාව අමතක කරන්න පුළුවන් වෙයි කියලා. කොහොමත් ඒ වැඩේ කරන්නම එපැයි. (මතකනේ මම කිව්වා මහන වෙන්න ඕනිවෙලා තිබ්බෙ කියලා.). ඒත් පස්සේ 2014 අන්තිමට වගේ සිංදුවක් අහන්න ඕනි ෆිල්ම් එකක් බලන්න ඕනි මට මහන වෙන්න බැරි බව තේරෙනවා. ආසාවල් මහන වෙන්න තරම් අඩු කරගන්න අමාරු බව තේරුනා. ඔය අතරේ අරයව මතක් වෙන එක වැඩි වුනා මිසක් අඩු වුනේ නෑ. එයාව අයිති නෑ කියලා තේරුනු වාර වල ඇස් බොඳ වුණා. ගොඩක් දවස් වල රෑට කොට්ටේ කලපුවක් වගේ වුනා. 2015 දී එයා මට කැමති නොවෙන බව, මට එයාව අයිති කරගන්න බැරි බව, මම සුදුසු නැති බව දැන දැනම මම එයාට මේ ගැන කිව්වා. එයා මට කැමති නෑ කියලා නොකියා කිව්වා. ඒත් එයා තරහා වුනේ නෑ. ඒත් මම වරද්ද ගත්තා. ආදරේ ගැන දිගින් දිගටම කියන්න ගියා. එයාට මාව එපා වුනා. 2021 ඒ කියන්නේ මේ අවුරුද්ද වෙනකොට අපි අතරේ යාළුකම නැත්තටම නැති ගානයි. වැරැද්ද මගේ. සද්ද නැතුව ඉන්න තරම් හයිය හිතක් මට තිබුනේ නෑ. ලොකු දුකක් විතරයි ඉතුරු. කොහොමත් හිස්තැනක් තිබුණ ජීවිතේ ඒ හිස්තැන අදටත් එහෙමමයි. ඒ වගේම අදටත් මේ ආදරය මොකද් ද කියලා මට නම් හරියට තේරෙන්නේ නෑ.