ප්රජාතන්ත්රවාදය යලි දිනමු
රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් සුභවාදී පියවරක් තැබීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට කරුණු 5ක් ඉටුකරන්නැයි බල කරන බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
හදිසි නීතිය ඉවත් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම, අත්අඩංගුවේ සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ මාධ්‍ය නිදහස තහවුරු කිරීම එම යෝජනා 5යි.
මෙම යෝජනා සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් රටේ ප්රජාතන්ත්රවාදය සහ යහපාලනය ස්ථාපිත කිරීම වෙනුවෙන් පුළුල් බහුජන සංවිධානයක් ගොඩනැඟීමට ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය ගන්නා බව ඒ මහතා අද කොළඹදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
වත්මන් ආණ්ඩුව සිය පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා පවත්වාගෙන යන මර්දනකාරී නීති සහ අන පනත් ශ්‍රී ලංකාවට මැදිහත්වීම සඳහා විවිධ පාර්ශ්ව යොදා ගනිමින් සිටින බවද අනුර දිසානායක මහතා එහිදී පෙන්වාදුන්නේය. එබැවින් රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම සහ රටට සිදුවන අධිරාජ්‍යවාදී මැදිහත්වීම් වළක්වා ගැනීම සඳහා එම මර්දනකාරී අන පනත් වහා අහෝසි කළයුතු බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම මාධ්‍ය හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාද සහභාගී වූහ.