ප්‍රජාතන්ත්‍රවාදය

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ප්‍රජාතන්ත්‍රවාදය


    ප්‍රජාතන්ත්‍රවාදය
    වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදය යනු නූතනත්වයේ ලක්ෂණයක් ලෙස සැලකිය හැක. එය 15වන සියවසින් පසු යුරෝපයේ ඇති වූ නූතනත්ව චින්තන පෙරළිය සමඟ ඇති වූ බටහිර විද්‍යාව, ධනපති ක්‍රමය ඇතුළු තවත් බොහෝ දේ මෙන් තවත් එකකි. පුරාතන ග්‍රීසියේ මෙන්ම ඉන්දියාවේ ලිච්ඡවීන්, මල්ලයන් වැන්නන් අතරද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයන් තිබූ නමුත් අද පවතින ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඒවායේ සිට අඛණ්ඩව විකාශය වූවක් ලෙස සැලකිය නොහැක. වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදය මධ්‍යතන යුගයේ අවසාන භාගයේ සිට යුරෝපයේ විකාශය වූවක් ලෙස සැලකීම වඩා සාධාරණය. විශේෂයෙන් අප වැනි රටවල් අනුගමනය කරන බ්‍රිතාන්‍යයේ වෙස්මිනිස්ටර් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය 1215 මැග්නා-කාර්ටා ගිවිසුම සහ ඉන් පසු එංගලන්තයේ ඇති වූ විවිධ දේශපාලන තත්වයන්ට අනුරූපව වර්ධනය වූවක් ලෙස සැලකිය හැක. යුරෝපයේ වෙනත් රටවල්ද සමගාමී ලෙස පැරණි රාජාණ්ඩු ක්‍රමයන්ගේ සිට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයන්ට ක්‍රමානුකූලව පරිනාමය වූ අතර මේ සියල්ල යුරෝපයේ ඇති වූ නූතනත්ව චින්තන පෙරළියේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැක.
    යුරෝපීයයෝ ඉන්පසු ලෝකය ආක්‍රමණය කළ අතර ලෝකයේ රටවල් බහුතරය තම දේශපාලන ආධිපත්‍යයට නතු කර ගත්හ. ඉන්පසු ඔවුන්ගේ රටවල ක්‍රමිකව විකාශය වෙමින් පැවති ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයන් අප වැනි රටවලට ආදේශ කළහ. යුරෝපය හැරෙන්නට ලෝකයේ වෙනත් රටවල නූතනත්ව චින්තන පෙරළියක් සිදු වූයේ නැත. ඒ රටවල රාජාණ්ඩු වැනි විවිධාකාර පාලන ක්‍රමයන් පැවතිණ. ප්‍රජාතන්තරවාදය බලෙන් පැටවූවක් විය. නමුත් යුරෝපයේ ප්‍රජාතන්ත්‍රවාදය, සමාජය තුළම ඇත් වූ නූතනත්ව චින්තන පෙරළියත් සමඟ ක්‍රමිකව පරිනාමය වූවකි.
    මේ වෙනස අදටත් දැක ගත හැක. බටහිර රටවල් අද නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ වඩාත් විකාශය වූ තැනක සිටිති. බටහිර රටවල රාජ්‍ය නායකයා, පැරණි රජුගේ සංකල්පයෙන් සෑහෙන ඈතට යමින් සාමාන්‍ය පුරවැසියා දක්වා ගමන් කරමින් තිබේ. උදාහරණයක් වශයෙන් බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා දුම්‍රියේ පුවත්පතක් බලමින් ගමන් කිරීම සාමාන්‍ය දෙයකි. පුරවැසියා ඔහුව අමතනේ "මිස්ටර් කැමරන්" ලෙසයි. රාජ්‍ය නායකත්වය යනු හුදු රැකියාවකි. නිලකාලය අවසන් වූ පසු ඔවුහු ඉතාම සාමාන්‍ය පුරවැසියන් බවට පත් වෙති.
    නමුත් අප වැනි රටවලට බටහිර ප්‍රජාතන්ත්‍රවාදය පූර්ණව ජීර්ණය වී නොමැත. අප වැනි රටවල පුරවැසියා තුළ රාජ්‍ය නායකයා යන සංකල්පය ලබා ගන්නේ රජු යන සංකල්පය හරහාය. වෙන විදියකින් කිවතොත් රාජ්‍ය නායකයා ඔවුන් දකින්නේ රජෙක් ලෙසයි. ඔවුන්ට අවශ්‍ය රජ කෙනෙකි. මේ තත්වය ලංකාව වැනි ආසියානු රටවලද, අප්‍රිකාව මැද පෙරදිග ද දැකිය හැක. ගඩාෆි, සදාම් හුසේන්, වැනි සාර්ථකත්වයට පත් වූ රාජ්‍ය නායකයන් වැඩි පිරිසක් සංකල්පීයව රජවරුන් ලෙස සැලකිය හැක. මහින්ද රාජපක්ෂ වැනි චරිතයක් තුළ විශේෂයෙන් ගම්වැසියන්ගේ ආදරය අදටත් නොඅඩුව පවතින්නේ මහින්ද රාජපක්ෂ රජෙකුගේ ප්‍රතිරූපයට වඩාත් ගැලපෙන පෞරුෂයකින් හෙබි තැනැත්තෙක් නිසාය.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඔතන පොඩි විධායක ව්‍යවස්ථාදායක ගැටුමක් තියනවා, රජ කෙනෙක් එනවනන් දක්ෂිණාංශික ව්‍යවස්ථාවක් එන්න ඕනෙ, දැන් තියෙන්නෙ වාමංශික එකක්, ඒක හින්ද රජෙක් පත් උනොත් කැලෑනීතිය රජකරනවා, එහෙම කියල විධායක ජනාධිපති ධූරය අහෝසි කරන එකත් මෝඩ කමක්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඔතන පොඩි විධායක ව්‍යවස්ථාදායක ගැටුමක් තියනවා, රජ කෙනෙක් එනවනන් දක්ෂිණාංශික ව්‍යවස්ථාවක් එන්න ඕනෙ, දැන් තියෙන්නෙ වාමංශික එකක්, ඒක හින්ද රජෙක් පත් උනොත් කැලෑනීතිය රජකරනවා, එහෙම කියල විධායක ජනාධිපති ධූරය අහෝසි කරන එකත් මෝඩ කමක්

    රජා උනත් කරන්නේ හැමෝගෙම අවසර ඇතුව කැලෑනීතිය රජ කරවන එක. හැමෝගෙම අවසරය තියෙන නිසා අපිට වැඩිය දැනෙන්නේ නෑ. ලේසියෙන් විරුද්ධ වෙන්නෙත් නෑ.

    ජනතාව රජ උනත් රජා රජ උනත් බලය බැලන්ස් කරගෙන එකිනෙකාට ගරු කරලා ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යන්න ඕනේ. බලයේ අසමතුලිතතාවය අවසන් වෙන්නේ කැරැල්ලකින්.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රජා උනත් කරන්නේ හැමෝගෙම අවසර ඇතුව කැලෑනීතිය රජ කරවන එක. හැමෝගෙම අවසරය තියෙන නිසා අපිට වැඩිය දැනෙන්නේ නෑ. ලේසියෙන් විරුද්ධ වෙන්නෙත් නෑ.

    ජනතාව රජ උනත් රජා රජ උනත් බලය බැලන්ස් කරගෙන එකිනෙකාට ගරු කරලා ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යන්න ඕනේ. බලයේ අසමතුලිතතාවය අවසන් වෙන්නේ කැරැල්ලකින්.
    මොනවද යකො කැරලි.. පියදාසගේ තල කැරලිද?