ප්‍රජාතන්ත්‍රවාදය

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,214
    2,011
    113
    සොක්‍රටීස්ගේ ගෝලයා වුනු ප්ලේටෝගේ පොත් වල තියෙන්නේ සොක්‍රටීස්ගේ සංවාද. දාර්ශනික අදහස්, රචනා වගේ ලියන්නේ නැතිව සංවාද ආකාරයට ලියවිලා තියෙන නිසා ඒ පොත් කියවීමත් කුතුහලක්. ප්ලේටෝගේ රිපබ්ලික් කියන පොතේ හයවන කොටසේ සොක්‍රටීස් ඇඩිමැන්ටස් නම් පුද්ගලයෙක් එක්ක කරපු සංවාදයක් තියෙනවා.

    සොක්‍රටීස්: නැවකින් මුහුදේ සංචාරයක් යෑමට සිතනවානම් ඒ නැවේ කපිතාන් විදිහට තෝරාගන්නේ ඕනෑම කෙනෙක් ද? එහෙම නැත්නම් නාවික ගමනාගමන පිලිබඳ පළපුරුදු අයෙක් ද?

    ඇඩිමැන්ට්ස්: අනිවාර්යෙන්ම නාවික ගමනාගමනය ගැන පළපුරුදු අයෙක්.

    සොක්‍රටීස්: එහෙනම් ඕනෑම වැඩිහිටි පුද්ගලයෙක් රටේ පාලනයට සුදුසුයි කියලා අපි තෝරා පත්කරගන්නේ ඇයි?

    මෙතනින් ගත්තේ....
    https://wasithaya.blogspot.com/2021/05/blog-post_31.html