ප්‍රජා ප්‍රතිශක්තිය සහ අපේ පොදු අනාගතය
අපි එකම රෑනේ කුරුල්ලෝ
අපේ ඉතිහාසය පුරාවටම අපි හුගක් සටන් වලින් ජය ගත්තේ තනිවම නෙමෙයි, අපේ සහෝදර ජනතාව එකම අරමුණක් වෙනුවෙන් අපිත් එක්ක එකපෙළට හිටගත්තා...
මේ එකමුතුවබවේ වටිනාකම අද වෙනදාටත් වඩා හොදින් දැනෙනවා , ඒ අපේ පොදු සතුරා වෙච්ච කෝවිඩ් වසංගතයට එරෙහි සටනේදී...
අද වෙනකොට මෙරට ජනතාව කෝවිඩ් එන්නතින් සන්නද්ධ කරන බවට රජය පොරොන්දු වී හමාරයි, ඔන්න එතකොට තමා මේ ප්‍රජා ප්‍රතිශක්තිය කියන වචනය කරලියට එන්නේ..
මොකක්ද මේ ප්‍රජා ප්‍රතිශක්තිය/ රංචු ප්‍රතිශක්තිය ?
( Community Immunity / Herd Immunity)
කෙටියෙන් පැහැදිලි කලොත් ඉහත සමස්ත ක්‍රියාවලියට කියන නම තමා ප්‍රජා ප්‍රතිශක්තිය හෙවත් රංචු ප්‍රතිශක්තිය කියන්නේ
එතකට මේ ප්‍රජා ප්‍රතිශක්තිය ඇතිවෙන ක්‍රම මොනවද ?
අපි දැන් කෝවිඩ් වලට එරෙහිව ක්‍රියා කරන්නේ ඔය දෙවන ක්‍රමේට
විද්වතුන් පවසන විදියට කෝවිඩ් වලට එරෙහිව ප්‍රජා ප්‍රතිශක්තිය ලබාගන්න නම් ජනගහනයෙන් 50% ත් 67% ත් අතර ප්‍රමානයක් කෝවිඩ් වලට ප්රතිරෝධදය ලබාගත යුතුයි
මේ අගය රදාපවතින්නේ රෝගය බෝ කරන වෙරසයේ R0 ( Basic Reproduction Number) අගය මත
එක් ආසාදිත පුද්ගයෙක්ට, මින් පෙර වෙරසයට නිරාවරනය නොවූ / ප්‍රතිශක්තිකරණ නොමැති පුද්ගලයින් කී දෙනෙක් ආසාදනය කල හැකිද යන්න මෙයින් කියවෙනවා , කෝවිඩ් වල මෙම අගය 2-3දක්වා පරාසයක විහිදෙනවා
ඉතින් කෝවිඩ් වලට එරෙහිව ප්‍රජා ප්‍රතිශක්තිය ලබාගැනීමට ඇති බාධක මොනාද
කෝවිඩ් අලුත්ම වෙරසයක් නිසා අපේ ශරීර තුල ඊට එරෙහි සටන්කරුවන් /ප්‍රතිශක්තිකරණයක් නොමැති තරම්
අනික කෝවිඩ් වැලදිලා ඊට එරෙහිව අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වුනත්, ඒ ප්‍රතිශක්තිකරණ කොපමන කාලයක් රැදිලා තියනවද කියන එක ටක්කෙටම කියන්න අපිට තවම සාධක නැහැ
ඒක නිසා තමයි ඔබත් මේ එන්නත ගැන දැනුවත්ව , සබුද්ධිකව එය ලබාගෙන ඔබේ පොදු වගකීම ඉටුකල යුත්තේ
ඔබේ මේ සත්ක්‍රියාව හින්දා මෙතෙක් කුමන හෝ හේතුවක් නිසා එන්නත ලබා ගැනීමට නොහැකි වූ ඔබේ සහෝදර ජනතාව , ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවම හරිහැටි ගොඩනැගි නැති හයක් හතරක් නොතේරෙන පොඩිඋන් වගේම ජනගහනයෙන් වැඩි අවදානමක සිටින කොටසත් කෝවිඩ් වලින් ආරක්ෂා වෙනවා
ඉතින් දැන් තමා ඔබේ පොදු වගකීම හිතට ගන්න හොදම කාලය !
එන්නතින් සන්නද්ධව අපේ පොදු සතුරාට එරෙහිව සටන් කලයුතු කාලය !
ඔබේ ප්‍රතිශක්තිය පලිහක් කරගෙන ඔබේ ලබැදියන් , සහෝදර සහෝදරියන් , මිතුරු මිතුරියන් රැකගත යුතු හොදම කාලය !
අපේ පොදු අනාගතය සුරකිමු ........
අපි එකම රෑනේ කුරුල්ලෝ
- වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු
Disasterlk