ප්‍රතිපත්තිගරුක දේශපාලනයේ ඇන්.ඇම්. සලකුණ
ප්‍රතිපත්තිගරුක දේශපාලනයේ ඇන්.ඇම්. සලකුණ
වයි. පී. පද්මසිරි
(හිටපු කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය)
අදට අවුරුදු 113 කට පෙර එනම් 1905 ජුනි මස 06 වන දින එක්‌තරා ගැබිනි කාන්තාවක් පඩිපෙළකින් බසින විට පය ලිස්‌සා යැමෙන් බිම ඇදවැටුණාය. එදිනම සිංහල වෛද්‍යවරුන්ගේ හා වින්නඹු මාතාවන්ගේ ආධාරය ඇතිව ඇයගේ සත්මස් වයසැති පිරිමි දරුවා බිහි කළාය.
සත් මාසයක දරුවකු හදා වඩා ගැනීම කොතරම් අසීරු කටයුත්තක් දැයි දන්නේ එම තත්ත්වයට මුහුණ දුන් මවුවරුන් පමණි. ඇරත් එදා වෛද්‍ය පහසුකම් නොදියුණු කාලයක එම කාර්යභාරය කෙසේ ඉටු කරන්නට ඇතිදැයි සිතාගත නොහැකිය. කවුද මේ දරුවා. පසු කලෙක ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ප්‍රබල චරිතයක් බවට පත්වූ නමේ මුලකුර කී දුටු පමණින් දන්නා හඳුනන ඇන්. ඇම්. ය ඇන්. ඇම්. මැතිඳු අසාමාන්‍ය උපතින් බිහිවූවා සේම එය යුගයේ අත්‍යවශ්‍යම යුග පුරුෂයකුගේ උපතක් බව එතුමාගේ හා සමකාලීන මිතුරන්ගේ පසු ක්‍රියාකලාපයන්ගෙන් පැහැදිලිය. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාගේ ආදරණීය මෑණියන් වූයේ රන්වලගේ ජොහානා පෙරේරා මැතිනියයි. පියාණන් වූයේ නානායක්‌කාර පතිරගේ ඒබ්‍රහම් පෙරේරා ය.
ඇන්. ඇම්. සහෝදරයන් සිවු දෙනෙකුගෙන් හා සහෝදරියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ සිව්වැන්නා ය. සාන්ත තෝමස් විද්‍යාලයට හෙවත් මෝදර ගල් පල්ලියේ විදුහලට ගිය ඔහු 16 හැවිරිදි වියේ දී ආනන්ද මහා විද්‍යාලයට ඇතුළත් විය. ඉංග්‍රීසි සංස්‌කෘතික පසුබිමේ හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ගැන අදහස්‌වලින් ගහන පරිසරයක සිට ආනන්ද විද්‍යාලයට පැමිණීමෙන් දේශීය සංස්‌කෘතියේත් බෞද්ධ පුනර්ජීවනයේත්, දේශානුරාගී සිතුවිලි වලිනුත්, පෝෂණය ලැබීමේ භාග්‍ය ඇන්. ඇම් ට ලැබුණ අතර එය එතුමාගේ ශිෂ්‍ය ජීවිතයේ විශාල පරිවර්තනයක් විය. එවකට ආනන්දයේ විදුහල්පති පී. ද ඇස්. කුලරත්න මැතිතුමාගේ ක්‍රියාදාමයන් මෙහිදී බෙහෙවින් වැදගත් විය.
සුළු කලක් තුළ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්‌ඩලයේ ප්‍රසංශාවට භාජනය වූ ඇන්. ඇම්. 1925 දී ක්‍රිකට් කණ්‌ඩායමේ නායකයා බවට ද පත්විය. 1925 දී මැටි්‍රකිHqලේෂන් විභාගයෙන් උසස් ලෙස සමත්ව ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවද දේශපාලන විද්‍යාව ඉගැන්වීම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට හානිකර බව සැලකූ විශ්වවිද්‍යාල බලධාරීහු එම අංශය වසා දැමීම නිසා 1927 දී ලන්ඩන් ස්‌කූල් ඔµa ඉකොනොමික්‌ස් විශ්වවිද්‍යාල පීඨයට ඇතුළත් විය.
එහිදී ලෝකයේ ශ්‍රේෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙක් ලෙසට පිළිගැනුණු මහාචාර්ය හැරල්ඩ් ඡේ. ලෑස්‌කි මහතාගේ ශිෂ්‍යයෙක් වශයෙන් අධ්‍යාපනය හැදෑරීමට එතුමාට හැකිවිය. අර්ථ ශාස්‌ත්‍රය පිළිබඳ බී. එස්. සී. (ගෞරව) උපාධියත්, 1931 දී දර්ශන විශාරද (පී. එච්. ඩී) උපාධියත්, 1933 දී ඩී. එස්. සී. උපාධියත් හිමිකර ගත්තේය.
ඉගෙනීමේ කටයුතු කරන අතරම ලන්ඩනයේ දී මුණගැසුණු මිතුරන් සමඟ ජන්ම භූමිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයෙන් නිදහස් කරගැනීමේ වුවමනාව දෙසට සිත යොමු කළේය. එදා ඒ මිතුරන් අතර කොල්වින් ආර්. ද සිල්වා පීලිප් ගුණවර්ධන, ලෙස්‌ලි ගුණවර්ධන, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයකු වූ ඩබ්ලිව්. ඒ ද සිල්වා මහාධිකරණ නායක විනිසුරුවරයකු වූ. ටී. එස්. ප්‍රනාන්දු, දොස්‌තර ඇම්. වී. පී. පීරිස්, ආචාර්ය ඊ. ඩබ්ලිව්. අධිකාරම් ආදී ශ්‍රී ලාංකික සිසුන් වූහ.
එවකට ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාදායක සභාව තුළ හා ඉන් බැහැරව ද පූර්ණ නිදහස වෙනුවට බ්‍රිතාන්‍ය පාලකයන්ගේ ප්‍රතිසංස්‌කරණ යෝජනාවල ඇලී ගැලී සිටි නායකයන්ගේ ක්‍රියාකලාපය මෙම උගත් තරුණ කණ්‌ඩායමේ නිර්දය විවේචනයට ලක්‌විය. ශ්‍රී ලංකාවට පූර්ණ ජාතික නිදහස ලබා ගැනීමටත් සමාජවාදී ආර්ථික හා දේශපාලන ක්‍රමයක් ගොඩනැඟêමටත් ප්‍රබල ව්‍යාපාරයක් මව්බිමේ ආරම්භ කිරීමේ අධිෂ්ඨානය ඇතිකර ගත්තේ බ්‍රිතාන්‍යයේ දී ය. 1917 රුසියානු විප්ලවයේ ආශ්වාදය ද මෙම තරුණ පිරිසට බලපෑ බව කිව යුතුය.
ඇන්. ඇම්. පෙරේරා මැතිතුමා ප්‍රධාන උගත් මිතුරන් කණ්‌ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ නායකත්වය ක්‍රමයෙන් සියතට ගැනීමට දක්‌ෂ වූහ. එය ඇරඹුණේ 1933 දී වැල්ලවත්ත රෙදි මොලේ කම්කරු වර්ජනයේ ජයග්‍රහණයත් සමඟය. පටු දර්ශනයකට හා ඉන්දියානු විරෝධයට සීමා කර තිබුණ ඒ. ඊ. ගුණසිංහ මහතාගේ කම්කරු සමිති ව්‍යාපාරය බිඳ දමමින් මාක්‌ස්‌වාදී දර්ශනයෙන් සන්නද්ධව බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විරෝධී පදනමකින් කම්කරු සමිති ව්‍යාපාරය නඟාසිටුවීමට ඇන්. ඇම්. කොල්වින්, පීලිප් තරුණ නායකවරුන්ට හැකිවිය.
1931 ආරම්භ වූ සූරියමල් ව්‍යාපාරය යළි ප්‍රතිසංවිධානය කරමින් 1933 දී නව ජව සම්පන්න ගමනකට මුල පුරන ලද්දේ හොරණ විල්මට් ඒ. පෙරේරා මැතිඳුන්ගේ නිවසේ පැවැති රැස්‌වීමකදී ය. ඉංග්‍රීසි ආණ්‌ඩුවේ සහායෙන් නොවැම්බර් 11 වැනි දා ක්‍රියාත්මක වූ පොපිමල් ව්‍යාපාරයට විරුද්ධව ලාංකීය නිදහස් ව්‍යාපාරයක් ලෙස සූරියමල් ව්‍යාපාරය 1933 නොවැම්බර් මස 11 දා ආරම්භ වුයේ මෙරට අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් ලෙසටය.
1933-34 කාලයේ දිවයිනේ දිස්‌ත්‍රික්‌ක කිහිපයක මැලේරියා වසංගතය පැතිරීයැම නිසා ලක්‍ෂ 05 ක් පමණ ජනතාව මීට ගොදුරු වීමෙන් අසරණ තත්ත්වයට පත් වූහ. කෑගල්ල මහනුවර ගම්පහ ප්‍රදේශවල වැඩි වශයෙන් මැලේරියාව පැතිරී තිබුණි.
සූරියමල් ව්‍යාපාරයේ නියමුවන් කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ තුන් කෝරළ ප්‍රදේශයේ මැලේරියාවට ගොදුරු වූ ජනතාවට සහන සැලසීමට පැමිණ විශාල මෙහෙවරක් ඉටු කළහ.
මැලේරියාව වසංගතයට ලක් වූවන්ට පිහිට වීමට ගිය ඇන්. ඇම්. පෙරේරා සහෝදරයාව ජනතාව zපරිප්පු මහත්තයාZ යනුවෙන් හඳුන්වන්නට පටන් ගත්තා. මැලේරියා සහනාධාර ව්‍යාපාර සමඟ තුන් කෝරළය දැඩි පීඩාවට පත්ව තිබුණ උග්‍ර කුලභේදය හා රදලවරුන්ගේ පීඩාවලට විරුද්ධව ද ඇන්. ඇම්. සහෝදරයා ක්‍රියා කළා.
අධ්‍යාපනය ලැබ මෙරටට පැමිණි කාලය තුළ අකමැත්තෙන් වුවත් පවුලේ බලවත් ඉල්ලීම් අනුව සිවිල් සේවයට බැඳීමට ඉල්ලුම් කළ ද ඒ වනවිට ද බ්‍රිතාන්‍ය රහස් පොලිසිය ඔහු උග්‍ර මාක්‌ස්‌වාදියෙක් වාමාංශිකයෙක් හැටියට වාර්තා කර තිබෙන බව පරීක්‌ෂක මණ්‌ඩලය ඇන්. ඇම්. සහෝදරයාට පවසා ඇත. එතුමාට උරුමව පැවතියේ ශ්‍රී ලංකාවේ අධිරාජ්‍ය විරෝධී, ධනපති විරෝධී සටනට නායකත්වය ලබාදීමේ භූමිකාවයි. 1935 දෙසැම්බර් මස 18 වන දින ලංකා දේශපාලන ඉතිහාසයේ විශිෂ්ට සලකුණක් ඇති කරමින් ලංකා සමසමාජ පක්‌ෂය පිහිටුවන ලදී. එම පක්‌ෂයේ ප්‍රධාන පරමාර්ථ 03 ක් පැහැදිලිව සඳහන් කර තිබිණි.
01. ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස ලබා ගැනීම.
02. භාණ්‌ඩ නිෂ්පාදනය බෙදා හැරීම, හුවමාරුව සම්බන්ධ පෞද්ගලික අයිතිය අහෝසි කිරීම.
03. පංති භේද කුලභේaද ජාති භේද ආගම් භේද ලිංග භේද වලින් තොර සමසමාජයක් පිහිටුවීම.
එතැන් පටන් ඇන්. ඇම්. ගේ ජීවන චරිතයත් ලංකා සමසමාජ පක්‌ෂයේ ගමන් මඟත් දෙකක් නොව එකක්aaaම විය.
රටේ ඇතිවූ මහා කම්කරු වර්ජන සටන්වලට නායකත්වය ලබා දෙමින් නොතිබූ අයිතිවාසිකම් කම්කරු ජනතාවට ලබා ගැනීමට හැකි විය.
1953 අගෝස්‌තු හර්තාලය ජනතාව පිට ජීවන බර බදු බර පැටවූ ආණ්‌ඩුවකට එරෙහි මෙරට ප්‍රථම ජනතා නැඟිටීම බවත් යූ. ඇන්. පී. පාලනය යටතේ 9 දෙනකු පොලිස් වෙඩි පහරින් මැරුම්කෑමත්, අගමැතිවරයා ධුරය අතහැර යාමත් ඓතිහාසිකව සිදුවිය.
මෙරට නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ලබා ගැනීමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ ඇන්. ඇම්. සහෝදරයා ජාති භේද වාදය මුළුමනින්ම ප්‍රතික්‌ෂේප කළ මානව හිතවාදියෙකි. ඉන්දියානු පුරවැසිකම අහෝසි කිරීමේදීත් සිංහල පමණක් රාජ්‍ය සභාව කිරීමේ පනතටත් දුරදක්‌නා නුවණින් ඉදිරිපත් කළ විවේචන සහ අදහස් යෝජනා අද ද ඇගයීමට ලක් වේ. පසළොස්‌වක පෝය දින නිවාඩු දින බවට පත් කළේ ඇන්. ඇම්. මුදල් ඇමැතිවරයාය. ඇන්. ඇම්. පෙරේරා මැතිතුමා ප්‍රතිපත්තිගරුක දේශපාලනයේ ප්‍රතිමූර්තියයි. ප්‍රතිපත්ති අදහස් කලින් කලට තැනින් තැනට වෙනස් කළ අයෙක් නොවේ. එතුමාගේ දේශපාලන චරිතය අත්පොතක් හා අත්වැලක් වශයෙන් දේශපාලනයේ යෙදෙන කාහට වුවද මහඟු ප්‍රතිඵල ගෙන දෙනු ඇත.