ප්‍රතිමා පුරාණය
ප්‍රතිමා පුරාණය
බුදුන් වහන්සේ කුසිනාරාවේ මල්ල රජවරුන්ගේ සල් උයනේදී ක්‍රි.පූ. 477 දී පමණ පරිනිර්වාන ගත වූ සේක. උන් වහන්සේගේ ධාතුන් වහන්සේ රජවරුන් අතරද ඒ අවට නොයෙකුත් නගරවල බෙදූ බවත් මෙම ධාතුන් වහන්සේ නිදන්කොට ස්ථූප 8 ක් රජගහ වේසාලි, කපිල වස්තු, අත්තකජ්ජා, රාම ග්‍රාම , වේතදීප, පාවාසග, කුසිනාරා නගරවල ගොඩ නැගූ බවත් බෞද්ධ සාහිත්‍යයේ එයි.
ක්‍රි.පූ. 264 , 222 දී දඹදිව රජකල අශෝක රජතුමා ඔහුගේ රාජධානියේ නොයෙකුත් ස්ථාන වල ස්ථූප 84,000 ක් ගොඩ නැගූ බව එම රජතුමාගේම සෙල් ලිපියක සදහන් වේ. එකල බුදුන් වහන්සේ සිහිවීම සඳහා මෙසේ ස්ථූප , චෛත්‍ය යන නම් වලින් ධාතු නිදන් කොට දාගැබ් ඉදි කළහ.
ඊට පසු කලෙක මිලින්ද ප්‍රශ්නයෙහි එන පරිදි බුදුන් වහන්සේගේ සිරිපා සටහන පමණක් සේසතකින් ආවරණය කර තිබෙන සේ ගල් තලාවක් මත මූර්තිමත් කොට එයට වන්දනා මාන කළ බවත් සඳහන් වේ. පුරාණ ඉන්දියාවේ බුදුන් වහන්සේගේ ධර්මකාය ඒ අයුරින්ම නිරූපණය නොකර මෙසේ වන්දනා මාන කල බව භාරත් සාංචි ආදි තැන්වල නටබුන් වලින් පෙනේ. භාරත්වල මූර්ති සටහනක සිංහාසනයක් ඉදිරිපිට දනින් වැටී සිටින සැදැහැවතෙක් පෙන්වයි. එහි පසෙක ඇති ශිලා ලේඛනයේ “බුදුන් වහන්සේට ගෞරව දක්වයි “ යනුවෙන් සඳහන් කර ඇත. පුරාණ බෞද්ධ බැතිමත්හු බුදුන් වහන්සේට ඇති භක්තිය නිසාත් උන්වහන්සේට ගරු කිරීමක් වශයෙන්ද බෞද්ධ ප්‍රතිමා නෙළීමට මැලි වූ බවක් පෙනේ.
මධ්‍යම භාරතයේ දේශීය ශිල්ප සම්ප්රදායයන් ලෙස පිළිගෙන තිබූ කැටයම් කලාවෙහිද බුදුන් වහන්සේ මූර්තිමත් නොකැරිණි. එසේ දැක්විය යුතු තරන භාරුත් - බුද්ධගයා සාංචි කලා ශිල්ප නිතරම ධර්ම චක්‍රය , බෝධිය ,චෛත්‍ය, තිරන්ත මුද්‍රාව , සිරි පා යුවල, ඡත්රය , ආසනයක් වැනි සංකේත යෙදීමෙන් බුදුන් වහන්සේ මුර්තිමත් කැරිණි. එම ශිල්ප සම්ප්රදායෙහි බුදුන් වහන්සේ අතිඋත්තම මහා පුරුෂයෙක් නිසා එතුමන්ට ගරු කිරීම පිණිස රූපාකාරයට නොනැන්වී යයි බොහෝ කලා විචාරකයෝ කල්පනා කරති.
මෞර්ය කලා ශිල්ප ක්රමයේද ඉතා හොඳීන් කැපී පෙනෙන්නේද දර්ශනීය ලෙස නෙළු ඇතා, සිංහයා, අශ්වයා යන සතුන්ගේ රූප හා ධර්මචක්ර මුද්‍රාවයි. ඇත් රූපයෙන් බුදුරදුන්ගේ උපතත් , සිංහයාගෙන් ශාක්‍ය සිංහ වංශයත්, අශ්වයාගෙන් අභිනිෂ්ක්‍රමණයත්, ධර්මචක්ර මුද්‍රාවෙන් බරණැස ඉසිපතනයේ දම්සක් පැවතුම් සූත්‍රය දෙසූ ආකාරයත් දක්වා ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. මේ සමගම බුදුන් වහන්සේගේ පරිනිර්වානය පෙන්වීමට ස්ථූපය තැනූ බව ඔවුන්ගේ අදහසයි.
රණශූරයකු මෙන්ම දක්ෂ පාලකයකු වූ මෞර්ය පරපුරේ කාර්යක්ෂම නරේන්ද්‍රයා වූ අශෝක රජු බුදු සමය වැළද ගෙන බොහෝ වෙහෙර විහාර තැනූ බව ඉතිහාසය අපට පෙන්වා දෙයි. කැටයම් කලාවේ උසස්තම කෘතිය වූ සාංචි ස්ථූපය සෑදවුයේ මේ රජු දවසය. මේ කැටයම්වලද බුදුරුව ඇතුළත් නොවිණි. මේ අනුව දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි උන්වහන්සේගේ රුව නෙළා දැක්වීම කෙබදු ආකාරයකින් කළ හැක්කක්දැයි ඔවුන් තුළ ඉමහත් සැකයක් පැවති බව අපට සිතිය හැකිය.
ඉන්දියාවට පැමිණි විදේශීය උවදුරු නිසා එම කැටයම් වලට ගී්රක පර්සියානුන්ගේ කලා ශෛලියේ ආභාෂය ලැබූ බව පෙනෙන්නට ඇත. ආචාර්ය ජේ.පී.වෝල්ගේ මතය අනුව ක්‍රි.පූ. 50 දී ප්‍රථම බුදුරුව නෙළන ලද බව පවසන මුත් එය පිළිගැනීමට සාක්ෂි සෑහෙන තරම් නොමැත. එහෙත් තවත් පුරා විද්‍යාඥයන් පිරිසක් හෙළිකරන පරිදි 6 වන සියවසේ බුදුරදුන් ගේ පහළ වීම සිදු වුවද, පළමුවන ශත වර්ෂයේදී බෞද්ධ සංකේත යෙදීම පිළිමයකට පරිවර්තනය කළ බව පිළිගැනීමට හැකි වී ඇත.
ධර්මාශෝක රජතුමා පසු භාරතයේ පහළ වූ විශිෂ්ට නරේශ්වරයානම් කණිෂ්ක රජුය. සර්වාස්තවාදි බෞද්ධයකු වූ මොහු විශාල සේවාවක් කළේය. බෞද්ධ කටයුතු වලට නව පණක් දුන් මෙතුමා අශෝක රජු මෙන් ධර්මානුකූ®ලව බුදු රුව නෙලීමේ නිරත වූ බවක් නොපෙනේ. ඔහුගේ රාජධානියට අයත් පංජාප් ප්‍රදේශයේ තැනවූ ගන්ධාර බුදු පිළිමය බෞද්ධ ප්‍රතිමා කලාවේ විශේෂ වූ නවතම නිර්මාණයකි. බුදුරුව නිමාව මිනිස් රුවක ආකාරයෙන් නෙළීමේ ගෞරවය මුලින්ම හිමිවන්නේ ක්‍රි.පූ. 1 වන සියවස අවසාන භාගයේදී පමණ බිහිවූ මේ ගන්ධාර කලා ශිල්ප ක්‍රමයට බව පැරැණි බුදු පිළිම අනුව සොයාගෙන ඇත. එම ගන්ධාර ප්‍රතිමා මේ රජතුමා විසින් ගී්රක මූර්ති ශිල්පීන් ලවා නිර්මාණය කරන ලදැයිද සදහන් වේ. මේවායෙහි සදහන් කල යුතු ලක්ෂණ ඇත.
නාසයටම සම්බන්ධ වූ වක්රාකාරයට නැමුණූ ඇසි , බැම නාසය තොල්, රැලි වලින් ගහන කෙස් කළඹ, රැලි වලින් යුත් සියුම්ව පෙනෙන සිවුර මේ විශේෂ ලක්ෂණයි. මේ අනුව ප්‍රථම වරට ගන්ධාර ශිල්පියා බුදුන් වහන්සේගේ රූපය උත්තරීතර මනුෂ්‍ය රූපයක් ආකාරයකින් නෙලා දක්වා ඇති බව පෙනී යයි.
ගී්රක ගන්ධාර ශෛලියේ නිමැවුණ එම බෞද්ධ ප්‍රතිමා කලාවට භාරතයේ ජාතික ලක්ෂණ එක්වූයේ මදුරාදේශයේ කලා ශිල්පීන් අතිනි. බුදු පිළිමය පළමු වරට නෙළීමේ ගෞරවය ගන්ධාර කලා කරුවාට හිමි වුවද, ක්රමානුකූල අංගසම්පූර්ණ බුදු පිළිමය නෙළීමේ කීර්තිය හිමිවන්නේ මදුරා කලා ශිල්පියාට බව විශේෂයෙන් සඳහන් කල යුතුය. මදුරාපුරයේම නෙලූ භාරතීය දේශීය ලක්ෂණ ගැබ්වූ බුදු පිළිම සාරානාත් , සාංචි, කෝසම්බි යන පෙදෙස් වලින් සොයා ගෙන ඇත.
එම කාලයේ බුදුරූවල විශේෂ ලක්ෂණය නම් ඌර්ණ රෝම ධාතුව හා බුදු පිළිමයේ හිස පිටුපසින් යොදා ඇති සියුම් කැටයමින් හෙබි රශ්මි මාලාවයි. බුදුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ දේශීය සම්ප්‍රදායටම අනුකූ®ලව නෙළා ඇති මෙම බුදු පිළිම වලින් අධ්‍යාත්මික හැඟීම් මතු කර දැක්වීමට ගත් උත්සාහයද විශේෂයෙන් සඳහන් කල යුතුය. එසේම මේ පිළිම වල දක්නට ලැබෙන ප්‍රාණවත්, ප්‍රබෝධමත් ගතිය නිසා එක්තරා කලාත්මක විලාශයක්ද ගැබ්වී ඇත. මේ අනුව මථුරා ශිල්ප ක්‍රමය ඉන්දියානු දේශීය කලා සම්ප්රදායේම තවත් දියුණු පියවරක් බව කිව හැකිය.
ගන්ධාර හා මථුරා ශිල්ප ක්රමයන්ට පසුව ඉතාමත් අලංකාර ලෙස පිළිම තනා ඇත්තේ ගුප්ත යුගයට අයත් සාරානාත්හිය. ඉන්දීය කලාශිල්ප මෙම යුගයේ දී කලා ශිල්ප අතින් උච්චම අවස්ථාවට නැගුණා යැයි කිව හැකිය. අජන්තා එල්ලෝරා භාග් යන ලෙන් වල අලංකාර බිතු සිතුවම් ගුප්ත චිත්‍ර කලාවේ හා මූර්ති ශිල්ප කලාවේ ශ්‍රේෂ්ඨත්වය ගෙන හැර පායි. ගන්ධාර හා මථුරා කලා ශිල්පයන්හි උත්තරීතර කලා සංකලනයකි. ගුප්ත කලා ශිල්ප ක්‍රමය චූනායි නම් ප්‍රදේශයකින් ලබා ගත් වැලි හා ගල් වලින් නිම වූ මෙම පිළිම ඉන්දියාවේ අද දක්නට ලැබෙන කලාත්මක අතින් පිරිපුන් බුදු පිළිමය
ගන්ධාර කලා ශිල්පියා බුදු පිළිම නෙළන ලද්දේ ගී්රක මිථ්‍යා දෙවියකු වූ ඇපලෝ දෙවියාගේ රූපය අනුවයි. මථුරා ශිල්පියා පළමුවෙන් බෝසතුන්ගේ පිළිමය තනා පසුව ආගම් ගැන තිබූ බිය තුනී වී ගිය බැවින් බුදුන් වහන්සේගේ පිළිමය නෙළීම ඇරඹූ බව පෙනේ. මේ කලා ශිල්ප ක්‍රම 2 න් ම ආභාෂය ගත් ගුප්ත කාලීන ශිල්පියා ඉතාම සරල අන්දමින් බුදුරුව නෙලා ඇත. බාහිර පෙනුමෙන් මෙන්ම අභ්‍යන්තර ගති ගුණද ඉතා සූක්ෂම අන්දමින් නෙලා දැක්වූ මොවුහු ඉරියව් ආදිය දරදඬු බවින් තොරව නිදහස් නිවහල් අයුරකින් පෙන්වා තිබේ. ඒ වගේම ඉතාම දීප්තිමත් භාවයක් පෙන්නුම් කරමින් මේ පිළිම නෙළා ඇත.
බුදුන් වහන්සේගේ ශාන්ත ගතිය ධ්‍යාන ලීලාව විශිෂ්ට අන්දමින් බුදු පිළිමයේ පිළිබිඹු කොට ඇත. සාරානාත් හි දක්නට ලැබෙන බුදු පිළිම අතරින් ශ්‍රේෂ්ඨතම කලා කෘතිය ධර්ම චක්‍ර ප්‍රවර්තන ලීලාවෙන් නෙලා ඇති බුදුපිළිමයයි. මෙහි ධර්ම චක්‍ර ප්‍රවර්තන මුද්‍රාව ඒ අයුරින්ම යොදා ඇත. ෙමහි දර්ශනීය අංගය ලෙස සැලකෙන්නේ එහි දක්වා ඇති ප්‍රභා මණ්ඩලයයි. මෙය ගුප්ත යුගයට අයත් බුද්ධ ප්‍රතිමා අවලෝකය කරන සෑම කෙනෙකුටම බුද්ධාලම්භන පී‍්‍රතියත් අධ්‍යාත්මික ආශ්වාදයත් ඇතිවන ලෙසටය. ඒවා නෙලා නිම කර ඇත්තේ සමාධි ගත වූ යෝගාවචරයකු වූ වැනි කලාකරුවන් බව පැහැදිලිය. මේ ප්‍රතිමා අධ්‍යාත්මික ගුණයන්ගෙන් බෞද්ධ ලෝකයේ තිබෙන මීට පෙර සාදන ලද සියලුම ප්රතිමාවන් අභිබවා නැගී සිටියි. බුදුන් වහන්සේගේ ශාන්ත භාවය, සමාධිය, ප්‍රඥාව, කරුණාව සරාගි ස්වභාවය යන අධ්‍යාත්මික ගුණ ආරෝපණය කර මේ ප්‍රතිමා නෙලා ඇත. බුද්ධ ප්‍රතිමාවක් නෙලා එයට කිසියම් මුද්‍රාවක් ආරූඪ කිරීමට සැලසීම මේ ප්‍රතිමා කරුවන්ගේ සම්ප්රදාය විය. ධ්‍යාන, විතර්ක, වරද භූ®මි, ස්පර්ශ, ධම්ම චක්ක සහ අභය යනුවෙන් මේ මුද්රාවෝ සය වැදෑරුම් වේ.
මෙසේ ගාන්ධාරයෙන් 1 වන ශත වර්ෂයේ ඇරඹි බුදු පිළිම තැනීම ක්‍රිස්තු වර්ෂ 5 වන සියවස පමණ වන විට අංග සම්පූර්ණ කලාත්මක පි‍්‍රයජනක බුදුපිළිමයක් වශයෙන් ගුප්ත කලාකරුවා සාරානාතයෙන් බිහි කොට ඇත. මින් පසු ඉන්දීය රජවරුන් බලයට පත්වීම නිසාත්, ඔවුන් හින්දු භක්තිකයන් වීම නිසාත් , හින්දු ආගම ඉන්දියාවේ බහු ජනතාවගේ ආගම විය. එබැවින් බෞද්ධ ප්‍රතිමා කලාව හින්දු දෙවියන්ගේ ප්‍රතිමා නෙලීම සඳහා යෙදිණ. එහෙත් ගුප්ත කලා ශිල්ප අනුව පිළිම නෙළීම ඉන්දියාවට පමණක් සීමා නොවී ලංකාව , බුරුමය, සියම, ඉන්දුනීසියාව ආදී රටවලද පැතිර ගිය බව පෙනේ.
පොතපත ඇසුරෙනි.
- බුද්ධ ප්‍රතිමාව ලොවට හඳුන්වා දුන් ගන්ධාර බුදු පිළිම කලාව
හිටපු පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ
සිරිසමන් විජේතුංග
සාරානාත් බුද්ධ ප්‍රතිමා වහන්සේ
අප මෙහිදී විශේෂ අවධානය යොමු කරන්නේ වසර 2000 කට අධික ඈත අතීතයකදී ලෝකයටම බුදු රුව හඳුන්වා දුන්, මෙකල පකිස්ථානයට අයත් ගන්ධාර බුදු පිළිම කලාව පිළිබඳ විමසා බැලීමටය. ඉන්දියාවේ මෙන්ම මෙකල පකිස්ථානයේද බෞද්ධ සිද්ධස්ථාන රැසක්ම දැකිය හැකි නිසා ඒ රටද සංචාරකයින්ගේ ආකර්ෂණය ලබාගත් රටකි. ජාතක කතාවල සඳහන්වන තක්‍ෂිලාවද පිහිටියේ පකිස්ථානයේය.
පාකිස්ථානයේ ලාහෝර් කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ අති විශේෂ වූ බෝධිසත්ව පිළිමයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ ඉල්ලීම පරිදි වැඩම කරවූ පිට 2006 මැයි 26 වැනිදා ශ්‍රී ලංකාවට බව ඉතා ප්‍රකට කරුණකි. එම පිළිමය වූයේ සිද්ධාර්ථ තවුසාණන් බුද්ධත්වයට පත්වීමට පෙර සය අවුරුද්දක් තිස්සේ “දුෂ්කර ක්‍රියා” කළ ආකාරය නිරූපණය කරෙන මූර්ති ඵලකයකි. එයද පකිස්ථානයේ මෙම ගන්ධාර බුදු පිළිම සම්ප්‍රදායට අයත් වූවකි.
තොළුවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ
දුෂ්කර ක්‍රියාව යන වචනය සඳහා මෙකල පවා ඇතැම් අපරදිග පුරාවිද්‍යාඥයින් විසින් භාවිත කරනු ලබන ඉංගී්රසි වචනය වූ Fasting Buddha යන වචනයෙහි සාවද්‍ය බව ගැනද මෙහිදී පෙන්වා දිය යුතුය. පළමුවැනි වරද නම් දුෂ්කර ක්‍රියාව සිදුකරන ලද්දේ බුදුරජාණන් වහන්සේ විසින් යැයි සඳහන් වීමය. දුෂ්කර ක්‍රියා කළේ බෝසතාණන් වහන්සේය. අනෙක් වැරැදි ව්‍යවහාරය නම් දුෂ්කර ක්‍රියාව සඳහා යොදා ඇති ඉංගී්රසි වචනය වූ ‘ෆාස්ටින්’ (Fasting) යන වචනයයි. ‘ෆාස්ටින්’ යන ආගමික චාරිත්‍රය සිදුකෙරෙන්නේ ඉස්ලාම් බැතිමතුන් විසිනි.
එසේ නම් සිද්ධාර්ථ තවුසාණන්ගේ දුෂ්කර ක්‍රියාව සඳහා යෙදිය යුතු නිවැරැදි ඉංගී්රසි වචනය කුමක්ද යන්න මෙහිදී පැන නැඟෙන ප්රශ්නයකි.
ඒ සඳහා යෙදෙන ඉංගී්රසි වචනය වන්නේ ඉඥතට Self Mortification යන්නයි. ඉහත සඳහන් එම මූර්තිය පිළිබඳ එකල ඉංගී්රසි පුවත්පත්වල පළ වූයේද සාවද්‍ය වූ ඉංගී්රසි ව්‍යවහාරයයි. සම්බුද්ධත්ව ජයන්තිය පිළිබඳ අවධානය යොමු කෙරෙන මෙකල, අප මේ නිවැරැදි ව්‍යවහාරයන් පිළිබඳ ද අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය.
ගන්ධාර බුදු පිළිම සම්ප්රදාය පිළිබඳ සඳහන් කරන විට තවද විශේෂිත වූ කරුණක් මෙහිදී අපගේ අවධානයට ලක් කළයුතුව ඇත. එනම්, ගන්ධාර කලා සම්ප්රදාය ඇති වූයේ එකල භාරත දේශය හෙවත් ජම්බුද්වීපයේ වයඹ දිග ප්‍රදේශයේ (මෙකල පකිස්ථානයේ) ක්‍රිස්තු වර්ෂ පළමුවැනි සියවසේදී පිහිටුවන ලද කුගාන අධිරාජ්‍යයේ (විදේශික රාජවංශයකි) රජතුමා ප්රබලතම වූ කනිෂ්ක රජුගේ රාජ්‍ය සමයේදීය. අසෝක රජතුමාට (ක්‍රි.පූ. 273 – 232 ) පසුව බුද්ධාගම (මහායාන බුදුසමය) ලොවෙහි, විශේෂයෙන් මධ්‍ය ආසියාවේ ප්‍රචලිත වුයේ කනිෂ්ක රාජ සමයේදීය.
කනිෂ්ක රජුගේ රන්කාසිවල මෙන්ම පකිස්ථානයේ ෂා.ජි.කි. ඩේරි (SHAH –Ji-Ki DHERI) හි හමු වූ කරඬුවෙහි ද ප්‍රථම වරට බුදුරුව නිර්මාණය කර ඇති බැව් ඉතා පැහැදිලිය. (Buddhist Dandhra-Ihsan H Nadien (History Art And Architecture –2008 – P. 52 , Lahore Pakistan)
ගන්ධාර බුදු පිළිම සම්ප්රදාය ඉන්දියානු හෘදයෙනුත් ගී්රක රෝම ශාස්ත්රයෙනුත් නිර්මාණය කරන ලද මූර්ති කලාවක් බව කලා විචාරකයන්ගේ නිගමනයකි. මේ කාලයේදිම දියුණුවට පත්වු මථුරා බෞද්ධ කලාව තුළ එවැනි විදේශීය ආභාෂයක් නොව දේශීය ලක්ෂණයක් දැකිය හැකිය.
පොළොන්නරුව ගල් විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
ගන්ධාර බෞද්ධ කලාව එසේ විදේශීය ආභාසය සහිත වූ මූර්ති කලාවක් සේ සැලකෙන්නේ කුමක් නිසාදැයි විමසිය යුතුව ඇත.
ගන්ධාර බුදුපිළිම නිර්මාණයට පූර්වාදර්ශයට ගත හැකි බුද්ධ ප්‍රතිමා භාරතයේ හෝ වෙනත් කිසිම තැනක නොවූයේය. මේ නිසා භාරතයේ මෙම බුදු පිළිම නිරමාණයේදි එම මූර්ති ශිල්පීන්ට ආදර්ශයට ගත හැකිව තිබුණේ එවක (කණිෂ්ක රාජ සමයේදී ) ගී්රක රෝම දෙවිවරුන්ගේ රූපවල ඇඳුම් පැළැඳුම් ය. ඒ අනුව ගන්ධාර බුදු පිළිමවල සිවුර ගී්රක දෙවියකු වූ ඇපොලෝ දෙවියාගේ ටෝගා නමැති ඇඳුම අනුව නිර්මාණය කළේය.
එමෙන්ම ගී්රක සූර්ය දෙවියන්ගේ මූර්තිවල දක්නට ලැබෙන හිසකෙස් සකසා ඇති ආකාරයට ගන්ධාර බුදු පිළිම ශීර්ෂ ද නෙළා ඇති අන්දම දැකිය හැකිය. මේ සඳහා කදිම උදාහරණයක් ලෙස පකිස්ථානයේ හෝර්ට් මන්තුර් පුද බිමෙන් හමු වූ බුද්ධ ප්‍රතිමාව දැක්විය හැකිය. මෙසේ මුල් කාලයේදී බෞද්ධ ග්‍රන්ථවල සඳහන්වන බුද්ධ ලක්ෂණවලින් මෙම ප්රතිමාවල දක්නට ලැබෙන්නේ දීර්ඝ වූ කන් සහ ඌර්ණ රෝමය පමණි. ගන්ධාර බුද්ධ ප්‍රතිමා සියල්ලකම පාහේ බටහිර හා ඉන්දීය කලා සම්ප්රදායයන්ගේ මිශ්‍රණයක් දැකිය හැකිය. (දඹදිව බෞද්ධ කලාව ආචාර්ය ඩබ්ලිව්. පී. ආනන්ද ගුරුගේ පිටු 15 –16 – 1962 )
ගන්ධාර බුදු පිළිම කලාව මගින් බුදුරජාණන් වහන්සේ මානව රූපීව නිර්මාණය කළා මිස බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණ සමුදාය එයින් මුර්තිමත් කිරිමට ගන්ධාර ශිල්පියා සමත්වී නැත. එසේ වුණද බුදුරජාණන් වහන්සේගේ උදාරත්වය හා මහේශාක්යභාව එම පිළිම වලින් නිරූපිතය.
ඉහත දී අපි භාරතය සහ ජම්බුද්වීපය යන නාමයන් සඳහන් කළෙමු. ඒ කරුණද පැහැදිලි කළ යුතුව ඇත.මෙකල පකිස්ථානය, ඉන්දියාව හා නේපාලයද ඇෆ්ඝනිස්ථානයේ කොටසක්ද බංග්ලාදේශයද වශයෙන් දක්නට ලැබෙන වෙනම රාජ්‍යයන් අසෝක රජතුමාගේ කාලයේදී ක්‍රි.පූ. 273 – 232 ) හඳුන්වන ලද්දේ ජම්බුද්වීපය යන නාමයෙනි. ඒ අනුව ඒ රටවල් සියල්ලම එකල එකම රාජ්‍යයෙකි.
කනිෂ්ක රාජ යුගයේ රන් කාසියක්
සමස්තයක් ලෙසින් සලකන කල්හි ගන්ධාර බුදු පිළිම මුද්‍රා සතරකින් නිරූපිතය. අභය මුද්‍රාව , ධ්‍යාන මුද්‍රාව, ධර්ම චක්‍ර මුද්‍රාව සහ භූමි ස්පර්ශ මුද්‍රාවයි. බෝධිසත්ව පිළිමද ගන්ධාර කලා සම්ප්රදාය අනුව රැසක්ම නිර්මාණය කර ඇත. එහිද ශීර්ෂය මෙන්ම ශරීරාංග නිර්මාණයේදී ද ගී්රක රෝම ආභාෂය දක්නට ලැබේ.
බුදු පිළිම හා බෝධිසත්ව පිළිම හැරුණු විට මෙම මූර්ති සම්ප්‍රදායට අයත් වන මූර්ති කැටයම් ඵලක ද දක්නට ලැබේ.
අල්පෝන්නත වූ එම මුර්තිවල භාරාත් හා සාංචි ආදි ස්ථානවල මෙන් නොව එක් සිද්ධියක් එක් රාමුවක දක්නට ලැබේ. උදාහරණයක් ලෙසින් සඳහන් කරතොත් සිදුහත් කුමාරෝත්පත්තිය නිරූපණය කෙරෙන මූර්ති කැටයමෙහි සල් අත්තක් අතින් අල්ලාගෙන සිටින මහා මායා දේවියගේ දකුණු ඇලයෙන් බෝසතාණන් වහන්සේ නික්මෙන ආකාරය නිරූපිතය.
එහි බෝසතාණන් වහන්සේගේ ඉණෙන් ඉහළ කොටස පමණක් මූර්තිමත් කර ඇත. සේවිකාවක විසින් මහාමායා දේවිය අල්ලාගෙන සිටිනු ලබන ආකාරයද එහි නිරූපිතය. බුද්ධ චරිතයෙහි සිද්ධීන් දැක්වෙන මූර්ති කැටයම්ද රැසෙකි.
ඉහතින් සඳහන් කළ කනිෂ්ක රජුගේ රන් කාසියේ එක පැත්තක බුද්ධ රූපය ද Boddo යන අකුරුද සඳහන් කර ඇත. එහි අනෙක් පැත්තේ ඇත්තේ කනිෂ්ක රජුගේ රූපයයි. අද කාලයේදී නම් මෙය ඉතාමත් ප්‍රබල විරෝධතාවයක් එල්ලවීමට හේතුවක් වනු ඇති බව සැක නැත.
මෙයද ගී්රක රෝම ආභාෂය අනුව එම කාසි නිර්මාණය කිරීමකි. ඒ කාසිවල තිබුණේ ඒ රටවල ප්‍රචලිත දෙවිරුන්ගේ රූපයන්ය. මේ නිසා ප්‍රථම වරට බුද්ධ රූපය නිර්මාණය කිරීම කනිෂ්ක රාජ යුගයේදී සිදු වූ බව සඳහන් වේ.
බුදු පිළිම නිර්මාණය ගැන සඳහන් කරන ආචාර්ය ආනන්ද කේ. කුමාරස්වාමි ගේ අදහස වන්නේ ගන්ධාරයේ මෙන්ම මථුරා බෞද්ධ පූජා භූමියේද සමකාලිනව කුෂාන රාජයුගයේදී බුදු පිළිම නිර්මාණය වූ ආකරයකි. (Historyof Indian And Indunesian Art - London Reprint 1972 P.60) එමෙන්ම මථුරා බුදුපිළිම සම්ප්‍රදායට අයත් බුදු පිළිමවල ගන්ධාර බුදුපිළිමවල මෙන් රළු ස්වභාවක් නැත. තවද මථුරා බුදු පිළිමවල ඉන්දියානු දේශීයත්වයක් නිරූපණය වේ.
එපමණක්ද නොව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන ලක්ෂණ ද එම බුදුපිළිමවල දැකිය හැකිය.