ප්‍රථම රිදී පදක්කම ඉන්දිකගෙන්..!

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ප්‍රථම රිදී පදක්කම ඉන්දිකගෙන්..!

    ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට බර එසවීම් ක්‍රීඩක ඉන්දික දිසානායක අද(06) සමත්විය.

    කිලෝ 69 බර පන්තිය නියෝජනය කරමින් ඉන්දිය මෙම තරඟාවලියට එක්වූ අතර එහිදී විශිෂ්ට ලෙස රිදී පදක්කම හිමිකරගැනීමට ඔහුට හැකිවිය. මෙම ඉසව්වේ රන් පදක්කම වේල්ස් ක්‍රීඩක ගැරෙත් ඉවෙන්ස් වන අතර එහි ලෝකඩ පදක්කම ඉන්දියාවේ දීපක් ලාතීර් ට හිමිවිය.

    ශ්‍රී ලංකාව මේ වනවිට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් සහිතව සමස්ත පදක්කම් සටහනේ 12 වැනි ස්ථානයේ පසුවෙන අතර එහි ප්‍රථම ස්ථානයේ පසුවෙන්නේ රන් පදක්කම් 6ක් ලබා ඇති එංගලන්තයයි.

    උපුටා ගැනීම - www.her.lk
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    me thread paalui..
    cricket witarayi lankawe market.. mam hithanne henama kaalekin oya win kale ohoma lankaawa.. Dayasiri ballath Maliyata kelawanna balan innawa witarayi anith sport gena balanne na paraya
    TFS Rep++