තරුෂි -කාලිංග කුමාර ස්පාඤ්ඤයේ සිට කටුනායකට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    image_d12764794e.jpg

    (ටී.කේ.ජී.කපිල )
    ස්පාඤ්ඤයේ පැවති ජාත්‍යන්තර ආරාධිත මළළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වී එයින් ශ්‍රී ලාංකික ධාවන ශූර තරුෂි කරුණාරත්න රිදී පදක්කමක් සහ කාලිංග කුමාර ලෝකඩ පදක්කමක් දිනා ගෙන අද(20) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
    මෙම තරගාවලිය ස්පාඤ්ඤයේ " බිල්බාවෝ " නුවර ඉකුත් 18 දින පවත්වා තිබුණි .

    එහිදී මීටර් 600 ධාවන ඉසව්ව සදහා සහභාගී වූ තරුෂි කරුණාරත්න විනාඩි 01.24.84 ක කාළයකින් මෙම තරගය නිම කර රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියාය .
    මෙම කාළය මෙතෙක් ආසියාවේ මෙම තරග ඉසව්ව සදහා වාර්තා වී ඇති හොදම කාළය වන අතර මෙම ජයග්‍රහණයත් සමග තරුෂි කරුණාරත්න ලෝක ශ්‍රේණි ගත කිරීම් වල 45 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ සිටී .

    ඔලිම්පික් තරග සහභාගී වීමට ලෝක ශ්‍රේණි ගත කිරීම් වල 48 ස්ථානය දක්වා අවස්ථාව හිමි වන අතර තරුෂි කරුණාරත්න ඒ අනුව ඔලිම්පික් පරිසාදන මට්ටම පසු කර ඇති බව ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

    එසේම මෙම තරගාවලියේ දී මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව සදහා සහභාගී වූ කාලිංග කුමාර එම ඉසව්ව තත්පර 45.91 කින් නිමා කර එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි .
    මෙම ජයග්‍රහණයත් සමග කාලිංග කුමාර ලෝක ශ්‍රේණි ගත කිරීම් වල 53 වන ස්ථානය කරා ලගා වී තිබේ .

    image_7e1d2f5ea8.jpg



     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,054
    167,910
    113
    එකමත් එක රටක
    අඩෝ මම නිකමට චෙක් කරා . එක මාරම time එකක්. :rofl:

    ලෝකේ මෙච්චර කාලකට 600m හොදම ලිස්ට් එකේ 23ට තියෙන්නේ.
    2020 ඉදන් මේ වෙනකන් දුවපු අයගෙන් 10ට තියෙන්නේ. ඒ අනිත් සෙට් එක , මෙයාට යටින් ලග ඉන්න සෙට් එක 800 දුවන්නේ 2min වලට අඩුවෙන්.. ඒ කියන්නේ මෙයාටත් පුලුවන්.
    එකට ඉන්නේ Anthing Mu . එකත් 1 : 22 : 74 .. සෑහෙන ලග ලග අනිත් time ටික තියෙන්නේ.


    ලංකාවේ වෙන කාගේවත් event එකක ලෝක මට්ටමේ මේ වගේ තැනක time එකක් නෑ .
    සුසන්තිකාගේ 200m හොදම එක ලෝකේ හොදම time වල 115ට තියෙන්නේ..


    https://worldathletics.org/records/...untry=all&eventId=10229602&ageCategory=senior



    all time Asia record එක අලුත් කරන්නේ තත්පර 3.2 කින් වැඩියෙන් දුවල.. :rofl:

    nCcKgR1.jpg

    ------ Post added on Jun 20, 2024 at 6:17 PM
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    Copy - FB

    🔴පැරිස් ඔලිම්පික් උළෙල ආරම්භවීමට ඇත්තේ තවත් දින 36ක් පමණයි. එමෙන්ම මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට මලල ක්‍රීඩාවෙන් සුදුසුකම් ලබගැනීමට තවත් දින දහයක කාලයක් ඉතිරිව තිබෙනවා.

    ඒ අනුව ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රමවේද තුනක් ඇති අතර මෙම කාලය ජූනි මස 30 වැනිදායින් අවසන් වීමට නියමිතයි.

    මලල ක්‍රීඩාවේ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ ක්‍රමවේද

    1. පරිසාධන මට්ටම පසුකිරීම.
    2. 2023 ජූලි පළමුවැනිදා සිට ලබන ජූනි 30 වැනි දා දක්වා වන වසර තුළ දක්වන දක්ෂතා අනුව ශ්‍රේණිගත කිරීමේ සටහනේ ඉදිරි ස්ථානයක ශ්‍රේණිගත වෙමින් සුදුසුකම් ලැබීම.
    3. Universality places - යම් රටකින් කිසිදු ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක ක්‍රීඩා ඉසව්වකට සුදුසුකම් ලබා ගැනීමට සමත් නොවුණහොත් ලැබෙන අතිරේක අවස්ථාව. (මෙම වසරේ මෙම කෝටාවට ඇතුළත්ව ඇත්තේ කාන්තා හා පිරිමි මීටර් 800, මැරතන් ඉසව් හා කාන්තා මීටර් 100 පමණයි.

    මේ වනවිට ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් නදීශා දිල්හානී ලේකම්ගේ හෙල්ල විසිකිරීමෙන් තෝරාගන්නා 32 දෙදෙනා අතරින් 30 වැනි ස්ථානයේ ශ්‍රේණිගතව පසුවනවා.එහි සෘජු සුදුසුකම් ලබාගැනීමටනම් මීටර් 64ක දක්ෂතාවක් දැක්විය යුතුයි. එම දක්ෂතාව තවමත් දක්වා ඇත්තේ ක්‍රීඩීකාවන් 8දෙනෙක් පමණයි. එම දක්ෂතාව දැක්වීමට අපොහොසත් වන ක්‍රීඩිකාවන් ඔලිම්පික් වරම් දිනාගන්නේ ශ්‍රේණිගත කිරීමේ සටහනේ ඔවුන් පසුවන ස්ථානය අනුවයි.

    පසුගියදා ස්පාඥ්ඥයේ දී මීටර් 600 ඉසව්වෙන් දැක්වූ දක්ෂතා අනුව තරුෂී කරුණාරත්න ද මීටර් 800 ඔලිම්පික් ඉසව්වට තෝරාගන්නා 48 දෙනා අතරින් 47 වැනි ස්ථානයේ ශ්‍රේණිගතව සිටිනවා. (ස්පාඤ්ඤ තරගාවලියට පෙර තරුෂි පසුවූයේ 65වන ස්ථානයේයි).
    එම ඉසව්වේ සෘජුව සුදුසුකම් ලබාගැනීමට නම් විනාඩි 1:59.30 කාලයකට අඩු දක්ෂතාවක් දැක්විය යුතුයි. දැනටමත් එම දක්ෂතාව දැක්වූ ක්‍රීඩිකාවන් සිටින්නේ 25කටත් අඩු පිරිසක්. එමෙන්ම මීටර් 800 කාන්තා ඉසව්වේ ක්‍රීඩිකාවන් තිදෙනෙක් Universality places යටතේ අවස්ථාව හිමි කරගන්නවා. ඒ අනුව මීටර් 800 කාන්තා ඉසව්වට සුදුසුකම් ලබා තරගාවලියට එක්විය හැක්කේ 45දෙනෙක්ට පමණයි. ඉදිරියේ පැවැත්වෙන ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ විනාඩි 2:03.00කාලයක් වාර්තා කිරීමට තරුෂි සමත්වුවහොත් ඇයට මෙම ශ්‍රේණිගත කිරීමේ සටහනේ 39 වන හෝ 40වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට අවස්ථාව හිමිවනු ඇත.

    මේ වන විට එලෙස ශ්‍රේණිගත වී සිටීම යනු 100% ක්ම ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීමක් නොවන අතර ඉදිරි 10 ඇතුළත මෙම ශ්‍රේණිගත කිරීම් හි වෙනස්කම් සිදු වීමට ඉඩ පවතිනවා.

    එමෙන්ම ඔලිම්පික් උළෙල සඳහා තෝරා ගන්නා පිරිස අතරට ශ්‍රේණිගතවීම ආසන්නයේම පසුවන අනෙක් ක්‍රීඩකයන් වන්නේ මීටර් 400 පිරිමි ඉසව්ව වෙනුවෙන් අරුණ දර්ශන - 53 වැනි ස්ථානය හා කාලිංග කුමාරගේ - 54 වැනි ස්ථානය‍යි (ඉසව්ව සඳහා තෝරාගන්නා සංඛ්‍යාව 48කි)

    කෙසේ වෙතත් ජූනි 30 වැනිදායින් පසුව සහන කාලයක් ලැබෙන අතර ඒ වනවිට ඔලිම්පික් සුදුසුකම් ලබා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම අභිමතය මත ඉන් ඉවත්වීමේ අවස්ථාව හිමිවනවා. ඉන් පසු ශ්‍රේණිගත කිරීම් සටහනේ ඉතිරි පිරිසෙන් ප්‍රමුඛතාව මත සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවනවා.

    එසේම ඉතිරි දින 10 තුළ ලොව පුරා තරගාවලි බොහෝමයක් පවත්වනු ලබන අතර එහිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්වන දක්ෂතා අනුව ඉහත ශ්‍රේණිගත කිරීම් වෙනස් විය හැක.

    මෙරටදී ද ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ලබන 25, 26, 27 දින වලදී පැවැත්වෙන අතර, ඉන්දියාවේ අන්තර් ප්‍රාන්ත තරගාවලිය 27, 28, 29 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. එහි දී ලබාගන්නා ලකුණු ප්‍රමාණයන් මත මෙන්ම සෘජු පරිසාදන මට්ටම ඉක්මවීමට ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක සමත්වුව හොත් පමණක් ඔවුන්ට නිසැක වශයෙන්ම ඔලිම්පික් වරම් හිමිවනු ඇත.

    මලල ක්‍රීඩාවෙන් ඔලිම්පික් සුදුසුකම් ලබාගන්නා නාමලේඛනය නිලවශයෙන් ජූලි මස පලමු සතිය අවසානයේ නිකුත් කිරීමට නියමිතයි.
    https://www.facebook.com/share/p/1DWhaiLSuXDCKHDk/?mibextid=xfxF2i