ප්‍රභාකරන්ට යැවූ රහස් ලිපියක්

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ප්‍රභාකරන්ට යැවූ රහස් ලිපියක්

    267285926praba%201.jpg







    නෝර්වේ ප්‍රභාකරන්ට යැවූ රහස් ලිපියක් ගැන විකිලීක්ස් හෙළිකරයි

    January 7, 2011 03:33 pm

    නෝර්වේ රාජ්‍යය විසින් 2005 වසරේ අගෝස්තු මස 15 වන දින එල්. ටී. ටී. ඊ සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් වෙත රහසිගතව යවන ලද ලිපියක් පිළිබඳව විකිලීක්ස් වෙබ් අඩවිය මගින් අනාවරණය කර තිබේ.

    මෙම ලිපිය පිළිබඳව ශ්‍රී ලංකාව රජයට අනාවරණය වීම වළක්වන ලෙස ද නෝර්වේ රාජ්‍යය අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂයෙන් ඉල්ලීමක් කර ඇති බව ද එහි සඳහන්ය.

    එම ලිපිය එල්. ටී. ටී. ඊ සංවිධානයේ න්‍යයාචාර්යය ඇන්ටන් බාලසිංහම් හරහා ප්‍රභාකරන් වෙත ලැබීමට සලස්වා ඇති විකිලීක්ස් වෙබ් අඩවිය මගින් අනාවරණය කරන ලද කේබල් පණිවිඩයෙන් හෙළිදරව් කර ඇත.

    නෝර්වේ විදේශ අමාත්‍ය පීටර්සන් හා නියෝජ්‍ය අමාත්‍ය හෙල්ගසන් විසින් 2005 අගෝස්තු 15 වන දින ඇන්ටන් බාලසිංහම් හමුව අදාළ රහසිගත ලිපිය ඔහු වෙත බාර දී ඇති බව ද එම වෙබ් අඩවිය හෙළදරව් කරයි.

    අදාළ ලිපිය ශ්‍රී ලංකා රජය දැනුවත් කිරීමට අවශ්‍ය නොවූ බවත්, එය සාමාන්‍ය ක්‍රියා පිළිවෙළ නොවන බවත් ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති හෑන්ස් බ්‍රැට්ස්කර් විසින් දැනුම් දී ඇති බව ද එහි සඳහන්ය.


    උපුටා ගැනීම::http://www.********************.lk/tamil/news.php?nid=13338
     

    Similar threads