ප්‍රභාකරන් මියගියේ සයනයිඩ් කාලා

chamath97

Member
Jul 16, 2015
22
2
3
ප්‍රභාකරන් මියගියේ සයනයිඩ් කාලා

නන්දිකඩාල් කලපුවේ කැලෑව පීරද්දී ප්‍රභාකරන්ගේ මළසිරුර හමු වූ බවත්, ඒ වනවිටත් ඔහු සයනයිඩ් කරළ මුව තුළට ඔබාගෙන තිබූ බවත්, හිසට වෙඩි තබා මළ සිරුර විකෘති කිරීම් සිදු කෙරුණේ ප්‍රභාකරන් මියයාමෙන් පසුව බවත් අවසන් සටනේ තීරණාත්මක කාර්යභාරයක යෙදී සිටි යුද හමුදා සෙබළෙක් විසින් හෙළි කරයි.
යුද ජයග්‍රහණය උලුප්පා දැක්වීම සදහා හමුදාව අතින් ප්‍රභාකරන් මැරුම් කෑ බව එවකට ජනමාධ්‍යවලින් ප්‍රචාරය කරන්නට සැලැස්සුවේ ආරක්ෂක අංශයේ ඉහළ උපදෙස් මත බවත් අනාවරණය වේ. පසුව හිසට වෙඩි තබා අවශ්‍ය රූපවාහිනී දර්ශන සදහා නිකුත් කළ බවද ඔහු පවසයි. මෙය දැඩි රහසක් ලෙස තබාගැනීමට තමන් ඇතුළු ඊට සමීපව සිටි පිරිසට සිදු වූ බවත්, මළ සිරුර සොයාගත් අනෙකුත් හමුදා සෙබලුන් තිදෙනා ජීවතුන් අතර සිටින්නේදැයි යන්න තමන් නිශ්චිතව නොදන්නා බවත් ඔහු පවසා සිටී.

ප්‍රභාකරන් කොළඹට රැගෙන ආ බවත්, පසුව නැවත නන්දිකඩාල් කලපුව වෙත ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළ බවත් කරුණා අම්මාන් ප්‍රකාශ කළ බවට පළ වූ පුවත මහින්ද රාජපක්ෂට සිංහල බෞද්ධ ඡන්ද ලබාගැනීමේ අරමුණින් සිදු කරන ලද්දකි. කරුණා අම්මාන් විසින්ම එය අසත්‍යයක් බව පසුව පවසන ලදි. එවැනි අසත්‍ය ප්‍රචාරයක් ගෙනගියේ ප්‍රභාකරන්ගේ මරණය පිලිබද ඇත්ත වසන් කිරීමටය.

අදාළ හමුදා සෙබළා වැඩිදුරටත් පවසන්නේ ප්‍රභාකරන්ගේ මෘත ශරීරය පිලිබදව පශ්චාත් මරණ ප රීක්ෂණයක් සිදු කළේ නම් ඔහුගේ මරණයට හේතුව නිශ්චිත වශයෙන්ම හෙලිදරවු වන බවයි. ඒ මොහොතේ කිසියම් පරීක්ෂණයක් සිදු කර ඇති අතර, එය හිසට පමණක් සීමා කරන ලදි. සයනයිඩ් කා මියගිය නිසා ඔහුගේ දෑස් විවෘතව පැවැති බවත්, කටින් සෙම පෙරී තිබූ බවත් හමුදා සෙබළා කියයි.

ප්‍රභාකරන්ගේ සිරුර අවට තිබූ තවත් සිරුරු කිහිපයකින් පෙනී ගියේ ඔවුන්ද සිය දිවි නසාගෙන ඇතැයි යන්න බවත්, එහි තිබූ සිරුරු 17ක් හමුදා ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ බව පෙනෙන්නට තිබූ බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි. මෙම සයනයිඩ් කෑ මළසිරුරු අසල තිබු ආයුධවල එක් පතුරමක් හෝ නොතිබූ බවත් හමුදා සෙබළා අනාවරණය කරයි.

http://sinhala.lankanewsweb.net/news/item/358-2015-08-12-10-18-57

:no::no::no:
 
lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඔය සයිනයිඩ් කෑවේ ප්‍රබාකරන්ගේ ඩමී එකක්.ප්‍රභාට ඩමීස් අටක් තිබුනා.ඒකේ 8ඩී කියන ඩමී එක තමයි සයනයිඩ් ගිල්ලේ.ප්‍රබාකරන් 2004 සුනාමියට බිලි වුනා.පස්සේ කොටින්ව රන් කරේ පොට්‍ටු අම්මන් සහ සුසෙයි.ප්‍රභාකරන් 2004 මැරුන දුකට බාලසිංහම් පිලිකාවක් හැදිලා මලා.
     
    chamath97

    Member
    Jul 16, 2015
    22
    2
    3
    ඔය සයිනයිඩ් කෑවේ ප්‍රබාකරන්ගේ ඩමී එකක්.ප්‍රභාට ඩමීස් අටක් තිබුනා.ඒකේ 8ඩී කියන ඩමී එක තමයි සයනයිඩ් ගිල්ලේ.ප්‍රබාකරන් 2004 සුනාමියට බිලි වුනා.පස්සේ කොටින්ව රන් කරේ පොට්‍ටු අම්මන් සහ සුසෙයි.ප්‍රභාකරන් 2004 මැරුන දුකට බාලසිංහම් පිලිකාවක් හැදිලා මලා.

    :P:P:P
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    එක්සත් ජාතික පක්ෂය 2/3ක බලයක් එක්ක මේ මහා මැතිවරණය උඩින්ම දිනුවම අගෝස්තු 18 වෙනිද රෑට මහින්දටත් වහ කන්න තමයි වෙන්නේ.වහ කන්න බැරිනම් වතුර බීල මැරෙන්න වෙන්නේ.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඔය සයිනයිඩ් කෑවේ ප්‍රබාකරන්ගේ ඩමී එකක්.ප්‍රභාට ඩමීස් අටක් තිබුනා.ඒකේ 8ඩී කියන ඩමී එක තමයි සයනයිඩ් ගිල්ලේ.ප්‍රබාකරන් 2004 සුනාමියට බිලි වුනා.පස්සේ කොටින්ව රන් කරේ පොට්‍ටු අම්මන් සහ සුසෙයි.ප්‍රභාකරන් 2004 මැරුන දුකට බාලසිංහම් පිලිකාවක් හැදිලා මලා.
    දුකට පිළිකා හැදෙන්නේ මොන ලෝකෙද :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,564
    22,257
    113
    Gotland
    ඔය සයිනයිඩ් කෑවේ ප්‍රබාකරන්ගේ ඩමී එකක්.ප්‍රභාට ඩමීස් අටක් තිබුනා.ඒකේ 8ඩී කියන ඩමී එක තමයි සයනයිඩ් ගිල්ලේ.ප්‍රබාකරන් 2004 සුනාමියට බිලි වුනා.පස්සේ කොටින්ව රන් කරේ පොට්‍ටු අම්මන් සහ සුසෙයි.ප්‍රභාකරන් 2004 මැරුන දුකට බාලසිංහම් පිලිකාවක් හැදිලා මලා.

    тота пуке идан писсу
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,385
    5,548
    113
    Panadura
    හරි හරි ප්‍රභාකරන්ව මැරුවේ ආමි එකෙන් නෙමෙයි. අලුත් පරපුරේ එකෙක්ද කොහෙද මූ.... :angry::angry::angry:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පැටියා;18804742 said:
    කොහොම මැරුනහම මොකෝ බං දැං ඒ වසංගතේ ඉවරයිනෙ. මේ චන්ද අස්සෙ මේ කුණු අදින්නෙ මොකෝ? :eek:

    :yes::yes::yes::yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය සයිනයිඩ් කෑවේ ප්‍රබාකරන්ගේ ඩමී එකක්.ප්‍රභාට ඩමීස් අටක් තිබුනා.ඒකේ 8ඩී කියන ඩමී එක තමයි සයනයිඩ් ගිල්ලේ.ප්‍රබාකරන් 2004 සුනාමියට බිලි වුනා.පස්සේ කොටින්ව රන් කරේ පොට්‍ටු අම්මන් සහ සුසෙයි.ප්‍රභාකරන් 2004 මැරුන දුකට බාලසිංහම් පිලිකාවක් හැදිලා මලා.

    dukata kawadda yako pilika hadune:frown::lol::lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    පැටියා;18804742 said:
    කොහොම මැරුනහම මොකෝ බං දැං ඒ වසංගතේ ඉවරයිනෙ. මේ චන්ද අස්සෙ මේ කුණු අදින්නෙ මොකෝ? :eek:

    :yes::yes::yes::yes: