ප්‍රභූ ආරක්ෂක රියැදුරන්ට එරෙහිව නිමල්

roshan.herath

Member
May 4, 2015
130
13
0
Gelioya, Sri Lanka.
ප්‍රභූ ආරක්ෂක රියැදුරන්ට එරෙහිව නිමල්

ප්‍රභූ ආරක්ෂක රථවල රියැදුරන් මාර්ග නීති උල්ලංඝනය කර නීතියෙන් ගැලවීමට උත්සාහ කළහොත් ඒ බව ප්‍රවාහන අමාත්‍යාංශයට හෝ තමන්ට දැනුම් දෙන ලෙසට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලීමක් කරයි. ප්‍රභූ ආරක්ෂක රථවල ඇතැම් රියැදුරන් මාර්ග නීති උල්ලංඝනය කිරීමෙන් පසු ඒ ගැන පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන්ට බලපෑම් කරන නිසා එම පරීක්ෂණ නිසියාකාරයෙන් සිදු නොවන බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බවද ඇමැතිවරයා පවසයි. එවැනි ප්‍රභූ ආරක්ෂක රථවල රියැදුරන් පිළිබඳ අදාළ ප්‍රභූන් දැනුවත් කිරීමටත් ඔවුන්ට එරෙහිව නීතිය අකුරටම ඉටු කරන ලෙසට පොලිස්පතිවරයාට දැනුම් දීමට ක්‍රියාකරන බවත් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය. 0112688718, 0112687105, 0112669307 යන දුරකතන අංක මඟින් මේ පැමිණිලි ප්‍රවාහන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ හැකිය.


-ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු


උපුටාගැනීම-http://mawbima.lk/140-95485-news-detail.html
 

roshan.herath

Member
May 4, 2015
130
13
0
Gelioya, Sri Lanka.
පැමිණිලි කරලා වැඩක් නෑ. මේකත් අන්තිමට බස් වල සෙනග පටවාගෙන රූට් එකේ දුවද්දි තෙල් ගහන්න යන්න එපා කීවා වගේ වේවි.