ප්‍රශ්නේ පටන් ගන්නේ කොහෙන්ද? | ජටා සූත්‍රය

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,584
    2,034
    113


    අන‍්තොජටා බහි ජටා ජටාය ජටිතා පජා ~ තං තං ගොතම පුච‍්ඡාමි කො ඉමං විජටයෙ ජටන‍්ති
    සීලෙ පතිට‍්ඨාය නරො සපඤ‍්ඤො චිත‍්තං පඤ‍්ඤඤ‍්ච භාවයං ~ ආතාපී නිපකො භික‍්ඛු සො ඉමං විජටයෙ ජටං
    යෙසං රාගො ච දොසො ච අවිජ‍්ජා ච විරාජිතා ~ ඛීණාසවා අරහන‍්තො තෙසං විජටිතා ජටා
    යත්‍ථ නාමඤ‍්ච රූපඤ‍්ච අසෙසං උපරුජ‍්ඣති ~ පටිඝං රූපසඤ‍්ඤා ච එත්‍ථෙසා ඡිජ‍්ජතෙ ජටාති

    ඇතුළත අවුල් ය, පිටත අවුල් ය. ප්‍රජාව අවුලෙන් වළඳනා ලද්දී ය. ගෞතමයන් වහන්ස, එය මුබ විචාරමි: කවරෙක් මේ අවුල නිරවුල් කරන්නේ දැයි.

    ප්‍රතිසන්ධිප්‍රඥා ඇති කෙලෙස් තවන වීර්යය ඇති පාරිහාරිය නුවණ ඇති (සසර) බිය දක්නාසුලු ඒ සත්ව තෙමේ ශීලයෙහි පිහිටා සමාධිය හා ප්‍රඥාව ද වඩමින් මේ (තෘෂ්ණා) අවුල නිරවුල් කරන්නේ ය.

    යම් කෙනකුන් විසින් රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් දුරු කරණ ලද්දාහු ද, (ඔහු) ක්ෂීණාස්‍රව රහත්හුය. ඔවුන් විසින් (තෘෂ්ණා) අවුල නිරවුල් කරණ ලදී.

    යම් තැනෙක නාමය ද, රූපය ද, ප්‍රතිඝය ද, රූපසංඥාව ද (යාම මොහු) නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් ද, එහි මේ තෘෂ්ණා අවුල සිඳෙයි.

    ☸ මූලාශ්‍රය : ජටා සූත්‍රය : https://tipitaka.lk/sn-1-7-1-6/sinh

    සියලු සත්ත්වයෝ නිවනින් ම නිවෙත්වා !!!