ආණමඩුවේ පොහොට්ටු රැළියට ගිය බස් රථයකට ප්රහාරයක් - සිව් දෙනෙකු රෝහලේ.
http://www.nethgossip.lk/article/35080
ආණමඩුව නගරයේ ඊයේ (04) සවස පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළියකට ගොස් ආපසු කරුවලගස්වැව බලා එමින් සිටි පිරිසක් රැගත් බස් රථයකක් ලී කදන් දමා හරස් කර එහි සිටි පිරිසට පහර දී ඇති බව කරුවලගස්වැව පොලීසිය පවසනවා.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් වන අතර පහර කෑමට ලක්වු සිව් දෙනෙකු තබ්බෝව රෝහලේ සහ පුත්තලම මුලික රෝහලේ ප්රතිකාර ලබන බවයි පොලීසිය වැඩිදුරටත් ප්රකාශ කළේ.
ආණමඩුව ප්රදේශයේ පැවති රැළියට සහභාගි වි ආපසු ගමන් කරමින් සිටියදී කරුවලගස්වැව කුඩා මැදවච්චාය ප්රදේශයෙදී මෙම පිරිස ගමන් කල බස් රථයට ලී කදන් දමා බස් රථය හරස් කර මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පහර දිමේන් බස් රථයටද හානි සිදුව ඇති අතර පහර දීමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනිමට ප්රමාද විම ගැන 100 කට ආසන්න පිරිසක් කරුවලගස්වැව පොලීසිය තුළදී විරෝධය මතු කිරීමත් සමඟ නොසන්සුන්තාවයක්ද ඇතිව තිබූ බවයි වැඩිදුරටත් වාර්තා වුනේ.
පසුව එම ස්ථානයට පැමිනි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රියංකර ජයරත්න සහ සනත් නිශාන්ත ඇතුළු පිරිස් එක්වී ජනතාව පත්ව සිටි නොසන්සුතාවයට සමතයකට පත් කර ඇති අතර පසුව පොලිස් ස්ථානයේ රැදි සිටි පිරිස් පහර දිම ගැන පොලිස්ථානයට පැමිණිල්ලක් දමා තිබෙනවා.
කෙසේ නමුත් පහර කෑමට ලක්වු පිරිස් ප්රකාශ කර තිබුණේ තමන්ට කුඩා මැදවච්චිය ප්රදේශයේ එජාප ආධාරකරුවන් පිරිසක් බස් රථය නවතා අමානුෂීක ආකාරයෙන් පහර දුන් බවයි