ඊශ්‍රායලයේ ටෙල්අවීව්, හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා තිබේ.
ඊශ්‍රායල තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ, අයගේ තත්ත්වය බරපතළ නොවන බවය.
මෙලෙස තුවාල ලාබ ඇත්තේ, ඊශ්‍රායලයේ බැට් යම් ප්‍රදේශයේ සේවය කරන ලද ශ්‍රී ලාංකික කාන්තාවකි.
මේ අතර ටෙල්අවීව් නගරයට දකුණු දෙසින් සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් ද ඇය සේවය කරන නිවසේ ඇති වූ දෙදරීම හේතුවෙන් එම නිවසේ සිටි අය සමග ඉවත්ව ඇති බව වාර්තා වෙයි.
මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායලයේ සේවයේ නියුතු පිරිස් සඳහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම් දීමක් සිදුකරයි.
පවතින යුදමය වාතාවරණයත් සමග ගුවන්තොටුපොළවල් වසා දැමීම හේතුවෙන් ඔවුන්ට යළි නියමිත දිනවලදි ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි තත්ත්වයක් ඇත්නම් ඒ පිළිබදව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කරන ලෙස දැනුම් දෙයි.
නැවත ඇතුළුවීමේ වීසා කල්ඉකුත් වුවහොත් ඔවුන්ට යළි ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි බැවින් ඒ පිළිබඳව අද (15) දිනය තුළ තානාපති කාර්යාලය වෙත දැනුම් දෙන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.
නැවත ඇතුළුවීමේ වීසා කාලය දීර්ඝ කර ගැනීම සඳහා ඊශ්‍රායල රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බැවින් මේ වනවිට මෙරටට පැමිණ සිටින සියලු ශ්‍රී ලාංකිකයින් අද දිනය තුළ අදාළ විස්තර 071 – 844 73 05, 071 – 683 35 13 හෝ 071-974 2095 යන දුරකථන අංක වෙත WhatsApp මාර්ගයෙන් යොමුකරන ලෙස දැනුම් දෙන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.

ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්