ශ්‍රී ලාංකිකයෙක් ඊශ්‍රායලයේදී විශේෂ අවශ්‍යතා සහිත දැරියක් දූෂණය කරලා

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,621
    113
    Arrested-3.jpg



    ඊශ්‍රායලයේ විශේෂ අවශ්‍යතා සහිත ආයතනයකට ඇතුළත් වූ පාසල් සිසුවියක් දූෂණය කිරීමේ චෝදනාව මත ශ්‍රී ලාංකිකයකු ඊශ්‍රායලයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කරයි.

    2025 මැයි මාසයේදී රැකියාවක් සඳහා ඊශ්‍රායලයට පැමිණි බවට වාර්තා වන සැකකරු, තම නිල රැකියා අංශයෙන් පිටත තාවකාලික රැකියාවක නිරත වී ඇත.

    ඉන්ටර්පෝල් හි ඊශ්‍රායල ශාඛාවෙන් තානාපති කාර්යාලයට ලැබුණු තොරතුරුවලට අනුව, බෙයිට් ෂෙමේෂ් පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර පරීක්ෂණ දිගටම පවතින බැවින් ඔහු තවමත් අත්අඩංගුවේ පසුවේ.

    විශේෂ අවශ්‍යතා ඇති බාල වයස්කාරියක අපයෝජනය කිරීම සම්බන්ධ අපරාධයක් ලෙස ඊශ්‍රායල බලධාරීන් මෙම සිදුවීම විමර්ශනය කරමින් සිටින බව තානාපති නිමල් බණ්ඩාර පවසා ඇත.

    නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය පවසා ඇත්තේ, අපරාධ සහ සමාජ හැසිරීම් පිළිබඳ ඊශ්‍රායලයේ දැඩි නීති ක්‍රියාත්මක බවයි.

    බරපතල වැරදි සඳහා විදේශීය ජාතිකයන් දිගුකාලීනව සිරගත කිරීම සහ පිටුවහල් කිරීම සිදුවන බවද නිවේදනයේ දැක්වේ
     
    • Sad
    Reactions: Asmodeus