ප්‍රාග් ඓතිහාසික දැවැන්තයන්

H.O.R.T.O.N

Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    ප්‍රාග් ඓතිහාසික දැවැන්තයන්

    ප්‍රාග් ඓතිහාසික දැවැන්තයන්
    qvLeq5k.jpg


    Basilosaurus
    nPEMvqO.png


    වර්තමාන තල්මසුන්ගේ මුතුන්මිත්තන් වන මොවුන් මීට වසර මිලියන 34ත් 41ත් අතර කාලයේ ජීවත්විය. වර්තමාන තල්මසුන් මෙන් නොව, මොවුන් හට සීල් සතුන්ගේ මෙන් අවල්පත් ආකාර ගාත්‍රා සහ දිගු වලිගයක් පිහිට තිබුණි. සාමාන්‍යයෙන් බැසිලොසෝරයෙකු මීටර් 12-25 දක්වා වර්ධනය විය.

    JarZRuV.jpg

    Basilosaurus යන ලතින් නමෙහි තේරුම "රාජ උරගයා" යන්නයි. මෙම සත්වයාගේ පොසිල සොයාගත් ගවේෂකයන් එවකට විශ්වාස කලේ ඒවා නව ඩයිනොසොර් විශේෂයකට අයත් වූවන් බවයි. එමනිසා "saurus" යන්න භාවිතා විය.

    kAbB8jv.jpg

    bgeAzAI.jpg


    කෙසේ නමුත් බැසිලොසොරයන් ගේ සත්‍ය ස්වභාවය සම්පුර්ණයෙන්ම නිර්නය කර නොමැත. එයට හේතුවන්නේ තවමත් මෙම සත්වයාගේ සම්පුර්ණ ඇට සැකිල්ලක් හමුවී නොමැති වීමයි.

    Sarcosuchus(SuperCroc)
    gVYETIr.jpg


    වර්තමාන කිඹුලන්ට බොහෝ සෙයින් සමාන වූ මොවුන් මීට වසර මිලියන 112ක ට පමණ පෙර අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකානු ප්‍රදේශ වල ජීවත්විය. මොවුන් අඩි 39ක් පමණ දිගින් යුක්ත වූ අතර බර ටොන් 8 ක් පමණ වේ.

    K814tRZ.jpg


    මෙම සතුන්ගේ පොසිල බොහොමයක්, ලොව වියළිම ප්‍රදේශයක් වන සහරා කාන්තාරය ආශ්‍රිතව හමුවී ඇත. මොවුන්ට දුරේක්ෂාකාර(කොටස් කිහිපයක් එකමත ඇහිරී ඇති) ඇස් හා හිස්කබලෙන් 75% පමණ අඩංගුවන දිගු හොම්බක් පිහිටයි.
    උඩු හනුවේ එක පසක දත් 35 බැගින්ද යටි හනුවේ එක පසක දත් 34 බැගින්ද පිහිටයි.
    QVWRNmR.jpg

    p4JU1dD.jpg


    wRJiHOU.jpg

    මිනිස් හිසකට සාපේක්ෂව

    ඉතා විශාල සිරුරකින් හා බලයකින් යුතු වුවත් මොවුන් බොහෝවිට ආහාරයට ගෙන ඇත්තේ මත්ස්‍යයන් ය. ඇතැම් පාෂාණ ධාතු විද්‍යාඥයන් පවසන අන්දමට මොවුන්, ජලාශ්‍රිතව ගැවසෙන කුඩා ඩයිනෝසරයන් පවා අහාරයට ගෙන ඇත.

    Megalodon
    fmVobMK.jpg


    මීට වසර මිලියන 2.5ත් 23ත් අතර කාලයේ ජීවත්විය. මෙම මෝරුන් අඩි 50-70 ත් අතර දිගින් යුක්ත විය. බර මෙට්‍රික් ටොන් 45-90ක් අතර විය හැකියි. (වැඩුණු පිරිමි අප්‍රිකානු ඇතුන් 7-16ත් බරට සමානයි).
    vSPzOUs.jpg


    කුඩා බෝට්ටුවක් ගිල ගැනීමට තරම් විශාල මුඛයක් මොවුන් සතුයි. 1909 දී බෂ්පර්ඩ් ඩින් නැමැත්තා ප්‍රතිනිර්මාණය කල මෙගාලොඩොන් හනුව, වැඩුන මිනිසෙකුට හිද ගැනීමට හැකි තරම් විශාලත්වයෙන් යුතු විය.
    oGqoFNU.jpg

    මෙගාලොඩොන් දතක්(කළු) මහා ස්වේත මෝරාගේ දත්(සුදු) වලට සාපේක්ෂව

    විලෝපිකයන් වන මොවුන් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ තල්මසුන්, විශාල කැස්බවුන් සහ විශාල මසුන් දඩයම් කර ඇත. මොවුන් දිනකට කිලෝ 600ත් 1200ත් අතර ආහාර ප්‍රමාණයක් පරිභෝජනය කරන්නට ඇතැයි සැලකේ. විද්‍යාඥයින් විශ්වාස කරනුයේ, මොවුන්ගේ අතිමහත් ආහාර පරිභෝජනය නිසා සමහර මත්ස්‍ය ප්‍රජාවන් සහ සමහර සමුද්‍ර ජීවින් මුළුමනින්ම වදවී යන්නට ඇති බවයි.

    තල්මසුන් දඩයම් කර ඇති ආකාරය
    itU1kRi.jpg


    1. හුස්ම ගැනීමට තල්මසෙකු දිය මතුපිටට පැමිණෙන අවස්ථාවක් එළබෙන තුරු සිටින මෙගාලොඩොනයා බලාසිටි.
    2. තම ඉලක්කට වෙත සෙමින් පිහිනා යයි. මේ අවස්ථාවේ ඇතිවී ඇති තර්ජනය පිලිබදව තල්මසාට අවබෝධයක් නැත.
    3. ක්ෂණිකව වේගය වැඩිකර ගන්නා මෙගාලොඩොනයා, තල්මසාගේ උදාර ප්‍රදේශයට දරුණු පහරක් එල්ල කරයි.
    4.සමබරතාව බිදී යන තල්මසා වෙත තම මාරාන්තික සැපුම් ප්‍රහාරය එල්ල කරයි.

    පෘතුවි සිසිලනය ආරම්භ වීමත් සමග ඇතිවූ සිදිධීන් දාමයක් හේතුවෙන් මොවුන් වදවී යන්නට ඇතැයි සැලකේ.

    The Steppe Mammoth
    cLYtxsF.jpg


    මීට වසර 600,000-370,000 අතර කාලයේ ජිවත් විය. ලොමින් ගහන වූ මෙම ප්‍රාග් ඓතිහාසික අලියන් විශේෂය උසින් අඩි 15ක් හා බරින් ටොන් 9ත් 11ත් අතර වේ.
    dIDYZJq.jpg


    අතීතයේ විශාල තැනිතලා භූමියක්ව පැවති යුරේසියාව පුරා වියාප්තව සිට ඇත. තෘණ වර්ග ආහාරයට ගත් මොවුන්ගේ, ඒ සදහා සකස්වී තිබු විශාල පැතලි දත් දක්නට ලැබෙයි. මීටර් 5 1/2 පමණ වූ පිරිමි සතුන්ගේ දළ, කෙලවර වක්‍රාකාර ස්වභාවයක් ගනී.
    4IdhAzm.jpg


    Titanoboa
    apSUPuH.jpg


    අවසාන ඩයිනෝසරයාත් මිහිමතින් සමුගෙන යද්දී, මීට වසර මිලියන 60කට පමණ පෙර, සම්පුර්ණයෙන් කිබුලෙක් ගිල දැමීමට තරම් හැකියාවකින් හෙබි නව දැවැන්තයෙක් බිහිවන්නට විය. ඉතා උෂ්ණ අධික හා අර්ධතාවයෙන් යුතු වූ, වර්තමානයේ කොලොම්බියාව ආශිත වනාන්තර බිම්වල ටයිටනෝබෝවා නම් සර්ප දැවැන්තයා රජ කරන්නට විය. වර්තමාන පිඹුරන්ට බොහෝ සෙයින් සමාන වූ මොවුන්ගේද චලනය කළ හැකි හිස්කබල් අස්ථි පිහිටා තිබුණි.
    WNnvsBT.jpg


    සාමාන්‍යයෙන් සර්පයෙකුට තම සිරුර මෙන් 1/4 පමණ වන ගොදුරක් ඉතා පහසුවෙන් ගිල දැමිය හැක. මේ අනුව අඩි 49ක් පමණ දිගවන ටයිටනෝබෝවාවෙකුට, අඩි 13 කට ආසන්න ගොදුරක් ගිල දැමීම ඉතා පහසු කාර්යයකි.
    ටයිටනෝබෝවාගේ ප්‍රධානම ආයුදය වන්නේ අතිමහත් වූ දේහ බරයි(කිලෝ 1000ත් 1140ත් අතර වේ). මොවුන් තම ගොදුර, වර්ග අගලකට කිලෝග්‍රෑම් 400 පමණ වූ බලයකින් තදබල තෙරපීමකට ලක් කරයි.

    වර්තමාන ඇනකොන්ඩා වන් මෙන්ම ජලය තුල ගිලි හිස ජල තලයෙන් ඉහලට යොමුකරමින් ගොදුරු පැමිණෙන තුරු රැක සිටී.
    NUs7nSQ.jpg


    FsNCEWZ.jpg

    ස්මිත්සෝනියන් අධ්‍යනආයතනයේ ඇති ටයිටනෝබෝවා අනුරුවක්

    Megalania
    2BaPBPs.jpg


    අඩි 26ක් පමණ දිග හා බරින් 330-590kg අතරවූ මෙම උරගයන් මිට වසර 30,000 කට පමණ පෙර ඕස්ට්‍රේලියාවේ ජීවත්ව ඇත. මොවුනට පැයට සැතපුම් හයක පමණ වේගයෙන් ගමන් කල හැක. සමහර විද්‍යාඥයන් විස්වාස කරනුයේ මොවුන් විෂ සහිත සතුන් කොටසක් බවයි. එමෙන්ම මොවුන්ගේ සපා කෑමක් ඉතා මාරාන්තික විය.
    glod5Gp.jpg

    DkKTh9t.jpg


    Elephant Bird
    ye8XsCG.jpg


    මොවුන් වසර මිලියන ගණනක පමණ පෙර සිට මැඩගස්කර් දුපත් වල ජිවත් වී ඇත. එම දුපත් වලට සංක්‍රමණය වූ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා වදවී යන්නට ඇතැයි සැලකේ. පියෑබිය නොහැකි මෙම යෝධ කුරුල්ලන්ගේ බිත්තර තවමත් එම දුපත් වලින් හමුවෙමින් පවතී. දාහත්වන ශතවර්ෂයේදී මොවුන් මුළුමනින්ම වදවී යන්නට ඇතැයි සැළකේ. 1648-1655 කාලයේ මැඩගස්කර ප්‍රංශ ආණ්ඩුකාර වූ Etienne de Flacour ගේ වාර්තා අනුව, එවකට මෙම සතුන් ජනගහනයෙන් තොරවූ ප්‍රදේශ වලදී දක්නට ලැබී ඇත. දොළොස්වන හා දහතුන්වන සියවස් අතර විසු දේශගවේෂක මාර්කෝ පොලෝ ගේ සටහන් වලද මෙම කුරුල්ලන් ගැන තොරතුරු සදහන්වේ.

    අඩි 10ක් පමණ උස වූ මෙම සතුන්ගේ බර කිලෝ 450 පමණ වේ.
    wXQcB9F.jpg

    අලි කුරුල්ලෙකුගේ සැකිල්ලක්

    XZfBvyu.jpg

    හිස්කබලක්

    හමුවී ඇති බිත්තර කොටස් මගින් කරන ලද ගණනයන් අනුව මොවුන්ගේ බිත්තරයක්, දිගින් 34cm හා වටප්‍රාමාණය මීටරයක් ද බර කිලෝ 10ක් පමණද වේ. මෙම බිත්තරයක ධාරිතාව කිකිළි බිත්තර 160කට සමාන වේ.
    OSJTk0B.jpg

    කිකිළි බිත්තරයකට සාපේක්ෂව

    uA0g5LA.jpg

    විවිධ වර්ගයේ පැස්බර බිත්තර සමග අලි කුරුළු බිත්තරයක්(මැද)

    යෝධ, බිය උපදවන පෙනුමකින් යුතු උවත් මොවුන් ශාක භාක්ෂකයන්ය.