ඩයිනොතෙරියම් කියන්නෙ මධ්‍යම මයෝසීන යුගයේ සිට මුල් ප්ලයිස්ටොසීන යුගය දක්වා පෘථිවියේ සැරිසැරූ ප්‍රොබොසිඩියානුවන්ගේ වඳ වී ගිය ගණයක්. නූතන අලි ඇතුන්ගේ පෙනුමට සමාන වුනත් ඩයිනොතෙරියම්ට වඩාත් නම්‍යශීලී බෙල්ලක් සහ දිවීමට අනුවර්තනය වූ (cursorial) පාද සහ යටි හකු වලින් නෙරා ඇති අද්විතීය පහළට වක්‍ර වන ඇත් දළ වලින් සංලක්ෂිත වුනු සුවිශේෂීතාවයන් කිහිපයක් තිබෙනවා.
ඩයිනොතෙරියම් නැගෙනහිර අප්‍රිකාවේ සිට දකුණු යුරෝපය දක්වා සහ නැගෙනහිරින් ඉන්දියානු උපමහාද්වීපය දක්වා පැතිරුණු ගණයක් වන අතර ඔවුන් වනාන්තර, තෘණ බිම් සහ තෙත් බිම් ඇතුළු විවිධ පරිසරවල වාසය කළා. මේ මෘදු යෝධයන් ශාක භක්ෂකයන් වූ අතර, කොළ, පලතුරු සහ අනෙකුත් ශාක ද්‍රව්‍ය මත පෝෂණය වුනු බවයි යෝජනා වෙන්නේ.
ඩයිනොතෙරියම් ඇතෙකුගේ උස මීටර 4 ඉක්මවන අතර බර ටොන් 12 දක්වා පමණ ළඟා වෙනවා. ඩයිනොතෙරියම් ගේ සමහර විශේෂයන් මෙතෙක් පැවති විශාලතම ප්‍රොබොසිඩියානුවන් කිහිපදෙනා අතර සිටිනවා. නූතන අලි ඇතුන්ට සාපේක්ෂව ඩයිනෝතේරියම් පැතලි නළලකින් සහ සාපේක්ෂව කෙටි හොඬවැලකින් යුක්ත වුනා.
ඩයිනොතෙරියම් ගණය මුලින්ම 1829 දී Johann Jakob von Kaup විසින් ජර්මනියෙන් සොයාගත් පොසිල හිස් කබලක් සහ හකු අස්ථියක් ආශ්‍රයෙන් හඳුනාගන්නා අතර Deinotherium යන නම සෑදී ඇත්තේ "භයානක/දරුණු" යන තේරුම දෙන ග්‍රීක වචනය වූ, deinos සහ "මෘගයා" යන තේරුම දෙන තෙරියුම් යන වචන එකතු වීමෙන්.
ඩයිනෝතේරියම් ගේ වඩාත් සුවිශේෂී ලක්ෂණය වුනේ උගේ යටි හකු මත ඇති දිග, පහළට නැමුණු ඇත් දළ යුගලයයි. මේ ඇත් දළ ගස්වල පොත්ත ඉවත් කිරීමට සහ මුල් හෑරීමට යොදා ගන්නට ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ.
නියෝජීන් යුගයේ අවසාන භාගයේදී වනාන්තර ප්‍රදේශ ක්‍රමයෙන් විවෘත තණබිම් මගින් ප්‍රතිස්ථාපනය වීම වැනි පාරිසරික වෙනස්කම් හේතුවෙන් මෙම කුලය බොහෝ විට වඳ වී ගොස් ඇති බවයි විද්‍යාඥයන් යෝජනා කරන්නේ.
කොහොම නමුත් ඩයිනොතෙරියම් කියන්නෙ ප්‍රොබොසිඩියානුවන්ගේ (proboscideans) හි පරිණාමීය ඉතිහාසයේ වැදගත් කොටසක් වන අතර ඔවුන් අලි පවුල් ගසේ අද්විතීය ශාඛාවක් නියෝජනය කරනවා. ඩයිනොතෙරියම් තම දැවැන්ත ප්‍රමාණය සහ අද්විතීය ඇත් දළවලින් සමන්විත සැබවින් ම කැපී පෙනෙන ජීවියෙක් වන අතර මේ දැවැන්තයන්ගේ වඳවීම, අලි පවුල් ගසේ සිත් ඇදගන්නා අත්තක් අහිමි වීම සනිටුහන් කරන්නේ එබැවිනුයි...
උපුටා ගැනීම
Timeline Tales
