ප්‍රාණගාතය නමැති අකුසල කර්ම

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    1. පණ ඇති සත්වයෙක් වෙන්න ඕන
    2. එම සතාට පණ ඇති බව ඔබ දැනගන්නත් ඕන
    3.සත්වයා ගාතනය සදහා ඔබ චේතනාවක් පහල කරන්න ඕන
    4. සත්වයා ගාතනය සදහා ඔබ උපක්‍රමයක් යොදන්න ඕන
    5. එම සත්වයා එම උපක්‍රමෙන්ම මැරෙන්නත් ඕන.
    ඔන්න ඔය කරුනු පහෙන් එකක් හෝ ඉටු වූ සැනින් ඔබට ප්‍රානගාතය නමැති පව රැස් වේ.නුවනින් විමසලා බලන්න. තේරුම් ගන්න
    ☸️
    🙏
    🙏
    🙏

    පව සමානද?
    කෙනෙක් මැස්සෙක් මරණවා
    කෙනෙක් හරකෙක් මරණවා
    කෙනෙක් මිනිහෙක් මරණවා
    කෙනෙක් තමන්ගේ තාත්තා මරණවා
    මේ හැම අවස්ථාවේදීම ඇති වුනේ ප්‍රාණගාත චේතනාව. ඉතිං පව එක සමානද?
    නෑ. පව වෙනස්. ඒක වෙන්නේ කොහොමද?
    ඒකට තව ගොඩක් දේවල් බලපාන්න පුලුවන්.
    මැස්සෙක් මරණවට වඩා සැලසුම් සහගතව උපක්‍රමශීලීව හරකා මරන්න ඕනෙ. මිනිහෙක් මරන්න ඊටත් වඩා හිත හිත ක්‍රියා කරන්න ඕනෙ. ඒ එකක්.
    ගොඩක් වැදගත් දෙයක් තමා ගුණ මහත්වය. තාත්තාගේ ගුණමහත්වයට අනෙක් ඔක්කොම යටයි. ඒ නිසයි එතැනදී ආනන්තරීය පාප කර්මයක් සිද්ධ වෙන්නේ.
    අනෙක තමා ඒ ක්‍රියාවේ වරදක් නොදැක සතුටෙන් ඒ ප්‍රාණගාතය කළොත්, ඒ කියන්නේ දිට්ඨි සම්පයුත්තව කළොත් පාපය වැඩියි. වරදක් බව දැන දැන ඒ කියන්නේ දිට්ඨි විප්පයුත්තව නොකරම බැරි කමට අකමැත්තෙන් කළොත් පාපය ඊට අඩුයි. ඒක හරියට රත් වෙච්ච යකඩයක් බව දැන ගෙන ඇල්ලුවොත් වෙන පිච්චීමට වඩා රත්වූ යකඩයක් බව නොදැන ඇල්ලුවොත් වෙන පිච්චීම වැඩියි වගේ.
    හිතන්න එපා මැස්සා මැරීම සුලුපටු පවක් කියලා. කැළණිතිස්ස මහරහතන් වහන්සේ උනු තෙල් හැලියකට බැස්සුවේ මැස්සෙක් උනු වතුරකට දාපු පවක විපාකයක් විදිහට. බුදු පියාණන් වැඩ සිටි කාලයේ ස්වාමීන් වහන්සේ නමක් උල තිබ්බේ මැස්සෙක් සිහින් උලක ඇමිනීමේ විපාකයක් ඇදී ඒම නිසා.
    හැබැයි ධර්මාවබෝධය තියෙන කෙනාට මොන ප්‍රාණගාතයවත් කරන්න හිතෙන්නේ නෑ. මේ අසාර ලෝකේ පර පණ නසලා මොනවා ලබා ගන්නද කියලා හිතෙනවා. එහෙම නැත්නම් අනේ මං වගේම සසරේ අනාථ වෙච්ච තවත් සත්වයෙක් කියලා අනුකම්පාවක් ඇති වෙනවා. ඒකයි වෙන්න ඕනෙ.
    මේ ලැබුවා වූ අල්පායුෂ කාලයේ තවත් සතෙකු මරාගෙන කාල උගේ මස් ටිකකින් අපේ රැකගන්න හදන ජීවිතේ මොන තේරුමක්ද? සතර අපායට වැටී ඉදිරියේ දී කෑමට තියන ගිනි ගැන අල්ප මාත්‍රයක් හරි විශ්වාසයක් තැබුවා නම් අනුන් වෙනුවෙන් හෝ තමන් වෙනුවෙන් කිසිදිනක ප්‍රාණඝාතයක් සිදු කරන්නේ නැත. මේ මැරුම් හඬපු සතුන්ද යම්කිසි හෙයකින් ඉහත ආත්ම භවයන්හිදී ඒ ආකාරයෙන්ම කරපු අය වෙන්න පුළුවන්. පරිස්‌සමින් ¾ තිරිසන් ලෝකය ඔබව සතර අපායට ඇද දමන මාරදූතයන්මයි.
    කර්ම ඵල විපාක ගැන සැකයක් ඇති නොකරගන්න. එසේම ඔබගේ ක්‍රියාවන් හේතුකොට ඇතිවන ඵල විපාක ගැන අඩු තක්සේරුවක් නොකරන්න.
    යමෙක් සතුන්ට හිංසා කරයිද, ප්‍රාණගාතය සිදු කරයිද ඔහු මරණින් මතු ඒකාන්තයෙන්ම නිරයේ යන්න සිදු වෙනවා. බොහෝ කටුක දුක් පීඩා විදින්න සිදුවෙනවා. නැවත මිනිස් ජීවිතයක් ලැබුවත් සමහරු මව් කුසේදීම මිය යනවා. සමහරු අඩු වයසින් මිය යනවා. ජීවත් උනත් බොහෝ ලෙඩ රෝග වැළදෙනවා. ළදරු කාලයේදීම රෝගීන් බවට පත්වෙනවා. සමහරුන්ගෙ උපතින්ම ශරීරයේ අගපසඟ, ඉන්ද්‍රියයන් අඩුයි. විකෘතියි.
    කුසල් වගේම අකුසල් ද විපාක දීමේදී බොහෝම සාධාරණවයි ඒවා සිද්ද වෙන්නේ. මේක අසාධාරණයි කියල අභියාචනා කරන්න අවශ්‍ය නෑ. ඒ තරමට ලෝකධර්මය සාධාරණයි. හැබැයි ඔබ ධර්මය නොදන්නා නිසා හැම වෙලාවේම මෙම තීන්දු අසාධාරණ හැටියටයි දකින්නෙ.
    ඔබට අස්වැන්න ලෙස නෙලා ගත හැක්කේ, ඔබ විසින් වැපිරූ බීජවල ඵල පමණයි. ජීවිතයේ ඔබ අත්විදිනා බොහෝ දේවල් ඔබ විසින් පෙරදී වැපිරූ දේවල් වල ඵලයන් වේ. රෝගීභාවය නිසා ඔබ අත්විදින, කායික වේදනාව අතීතයේ ඔබ යම් සත්ත්වයෙකුට ද්වේශයෙන් කළ රිදවීමක ප්‍රතිඵලයක් බව නුවණින් දකින්න දක්ෂ වෙන්න...
    කෙසේවෙතත් දුක් වෙනවට වඩා අප්‍රමාදීව පින් කුසල් කර මේ සසර කෙළවර කිරීමේ අමා මහ නිවන් මාර්ගයට මග පාදා ගන්න.
    සසර බිය දැක පව් සිතුවිලි දුරුවී මෙත් සිතුවිලි පහළ වේවා...


    ------ Post added on Oct 1, 2022 at 4:06 PM