ප්‍රායෝගිකව බුදු දහම වඩන අප්‍රසිද්ධ ස්ථාන

Blink182

Active member
  • Sep 18, 2021
    55
    141
    33
    බුද්ධ ධර්මය ගවේෂණයට කැමති අයට, ධර්මය ප්‍රායෝගිකව වඩන යෝගීන්, භික්ෂූන් වහන්සේලා වැඩවාසය කරන ස්ථාන ගැන පුළුවන්නම් pm එකකින් දැනුම් දෙන්න.

    ප්‍රසිද්ධියේ පලකරන්න පුලුවන් තැන් තියනවනම් මේකෙ පලකරන්න. ඒ උත්තමයන්ගේ අවසර ඇතිව*

    ඉදිරියට ධර්මය හොයන අයට එය ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි.

    තෙරුවන් සරණයි.
     

    Blink182

    Active member
  • Sep 18, 2021
    55
    141
    33
    Up ,mahamevnawa nam me deta ගැලපෙන්නේ නැහැ නේද abhi dharma ya reject karana nisa

    කොහොමත් ඒ වගේ තැන් ගැන ගොඩක් අය දැනුවත්නෙ. එහෙම තැන් නැතිව ගොඩක් දුශ්කර කදුකර කැලෑ ප්‍රදේශ වල එහෙම උත්තමයින් ඉන්නව. අන්න ඒ වගේ තැන් ගැන දන්න විස්තර මේකෙ දාන්න, හෝ මට කියන්න.
     

    Blink182

    Active member
  • Sep 18, 2021
    55
    141
    33

    Blink182

    Active member
  • Sep 18, 2021
    55
    141
    33
    කලින් භාවනා කරලා පුහුණුවක් තියනවද?

    නැහැ ,completely new. ප්‍රායෝගිකව වඩන තැන් ගැන හොයනව.

    eka place ekak dannawa.eka meke dammoth prasidda wenawa.eka nisa daanna ba :(

    meke nodammoth aprasiddayi.ethakota meke danna wenawa. :oo:

    bonna wena prashna :(

    ඔව්, pm එකක් දැම්මනම් හරි. ඕන කෙනෙක් අහල ඉල්ලගනියි.
    ------ Post added on Oct 9, 2021 at 8:17 PM
     
    • Like
    Reactions: MR_PRIME

    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    Share කරාට ස්තූතියි. ප්‍රායෝගිකව ගිහිල්ල ධර්මය හදාරන්න පුළුවන් ගොඩක් ප්‍රසිද්ධ නැති ස්ථාන ගැන දන්නවනම් share කරන්න.
    mulin darma danuma athi karagena yana eka thami watinne. naththam degollontama wehesai. oya thiyena videos balanna thawama iwarath na idiriyedi ema deshanawanta sahabagi wennath puluwan wei
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    නැහැ ,completely new. ප්‍රායෝගිකව වඩන තැන් ගැන හොයනව.
    ඒ කියන්නෙ මිනිමල් සුපර්විශන් යටතේ භාවනාව කරන්න අපහසුයි දැනට...?

    එහෙමනම්, මම දන්න කියන ඒවගෙන් කඳුබොඩ භාවනා මධ්‍යස්ථානය රෙකමන්ඩ් කරන්න පුලුවන්. ලංකාවෙ විපස්සනාව නැවත පුබුදුවන්න මුල් උන ආයතනය. රේරුකාණේ හාමුදුරුවන්ගෙ සඟ පරපුරෙන් පවත්වගෙන යන්නෙ.

    බුරුම මහාසී සම්ප්‍රදායට තමා භාවනාව කෙරෙන්නෙ. ආනාපානය නහයේ අග බැලීම වෙනුවට බඩේ පිංබීම හැකිලීමම මෙනෙහි කිරීම තමා එන්කරේජ් කරන්නෙ. නමුත් තමන්ට අවශ්‍යනම් නාසිකාග්‍රය බලන්න පුලුවන්. මෙනෙහිකිරීමට ලොකු එම්පසිස් එකක් දෙනවා.

    දිනපතා කමටහන් (භාවනා උපදෙස්) ලබාදෙන ක්‍රමයක් තියනවා එහෙ. මම යන්න පටන්ගත්ත මුල කාලෙට සාපේක්ෂව දැන් බොහොම පහසුකම් සහිතව හදලා තියනවා.ඉස්සරනම් පිටරට අයත් හිටියා නිතරම වගේ. කාලසටහන ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. මතක විදිහට දවසට පර්යංකයෙන් වාඩිවෙලා දවසට පැය 10-8 අතර වගේ කාලයකුත් සක්මන දවසට පැය 4-2 වගේ අතර කාලයක් කරන්න ඕනෙ. තනිවම නැතිව සමූහව භාවනා කරන නිසා නිකං ඉන්න හිතෙනවා අඩුයි. උදේ 4ට නැගිට්ටම රැ 10ට තම නිදාගන්නෙ. කතාබහ කිරීම කරන්න එපා කියනවා. නිරන්තර සිහියෙන් ඉන්න උපදෙස් ලැබෙන්නෙ.

    හාමුදුරුවන්ට ලැබෙන දානයම තමා ගිහි අයටත් ලැබෙන්නෙ. ආහාර බොහොම හොඳයි. පෝලිමට ගිහින් දාන ශාලාවෙ වාඩිවෙලා පුජාකරන ආහාර එතනදිම අරගෙන ආයෙ ආරන්‍ය ඇතුලට යන්න ඕනෙ. තමන්ට වෙනමම කුටියක් ලැබෙනවා ඉඩපහසුව තියන. සමූහ බාත්රූම්, ටොයිලට් තමා ලැබෙන්නෙ.



    ඉහත වැඩපිළිවෙල අපහසුයි වගේනම්, එතනම එහාපැත්තෙ තියනවා සුමතිපාල නාහිමි සෙනසුන. එතන වෙන් වෙන්ව පොඩි ගෙවල් වගේ හදපු කුටි තමා ලැබෙන්නෙ. හොට්වෝටර්, ඇටෑච් බාත්රූම් වගේ පහසුකම් තියනවා (අවශ්‍යනම් ඒසී කාමරත් තියනවාද කොහෙද) ටිකක් රිලැක්ස්ඩ් පරිසරයක් තමා සකස් කරලා තියෙන්නෙ. ටුවරිස්ට්ස්ලා සහ ඇති හැකි අය එන තැනක් කිව්වොත් වැරදක් නැහැ. නමුත් උවමනාව තියන ඕනෙ කෙනෙකුට අවස්ථාව දෙනවා. මහාසී සම්ප්‍රධායම තමා මෙතනත් තියෙන්නෙ. භාවනාවට අත්පොත් තියන කෙනෙකුට මම ඉස්සෙල්ලාම රෙකම්න්ඩ් කරන්නෙ නැහැ මොකද සුපර්විශන් එක සාපේක්ෂව අඩු නිසා. නමුත් අතන හිරවෙලා වගේ කියලා හිතෙනවානම් මෙතන හොඳයි.


    එහෙම නැතිනම් දවස 10, 5, 3 වැඩසටහන් කරනවා නිස්සරණ ආරාන්‍ය සේනාසනයේ. එතනත් හොඳයි මූලික පුහුණුව අරගෙන ඉස්සරහට යන්න. උඩුඊරියගම ධම්මජීව හාමුදුරුවො තමා ආයතනය කරන්නෙ. බොහොම ප්‍රසිද්ධ ගෞරවාන්විත කම්මට්ඨානාචාර්ය කෙනෙක්. මෙතන පරිසරය කඳුබොඩට සමානයි සුලු සුලු වෙනස්කම් සහිතව. සමුහ කමටහන් විසඳීමක් තමා සිද්දවෙන්නෙ. ඒනිසා තමන්ගෙ ප්‍රශ්න කොලයක ලියලා ලබාදෙන්න ඕනෙ ධර්ම දේශනාවට කලින්. කඳුබොඩ වගේ වන් ඔන් වන් උපදෙස් දෙන ක්‍රමයක් නැහැ. මෙතනත් මහාසී සම්ප්‍රධායම තමා භාවනා ක්‍රමය. නමුත් වෙනස්කම් තියනවා කියලා කියන්න පුලුවන්.


    ඔය තුන තමා මම දන්න, බිගිනර් කෙනෙකුට රෙකමන්ඩ් කරන්න පුලුවන් තැන් ටික. භාවනාව කලක් කරලා ගෝලයාට තනිවම භාවනාව කරන්න පුලුවන් කියන විශ්වාසය ගුරුවරයාට දැනුනම ගුරුවරයාම වඩාත් නිස්කලංක තැනකට යොමුකරයි.
     
    Last edited: