Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ප්‍රාර්ථනාව සහ බුද්ධ ධර්මය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රාර්ථනාව සහ බුද්ධ ධර්මය

මා විසින් අවසන් වරට පල කල ලිපියට අදහස් පල කල සමහරුන් විසින් ප්‍රාර්ථනා පිළිබඳව ද අදහස් පල කර තිබූ නිසා මෙම කෙටි ලිපිය පල කිරීමට සිතුවෙමි.

ප්‍රාර්ථනාවක් යනු සරලව ගත්විට යම් තැනැත්තකු විසින් කිසියම් ක්‍රියාවක් සිදු කර හෝ නොකර අනාගතයේදී මෙසේ සිදුවේවායැයි බලාපොරොත්තු වන්නකි. මෙය බුදු දහමට අළුත් දෙයක් නොවේ. මේ හා සමාන නොවුනත් බුද දහම තුළදී සත්‍යක්‍රියාව ද භාවිතා වේ. නමුත් සත්‍යක්‍රියාව හා ප්‍රාර්ථනාව වෙනස් කාරණා දෙකකි.

පාරමිතා පිරීමත් එක්තරා ආකාරයකට ප්‍රාර්ථනා වේ. නමුත් එය ප්‍රාර්ථනාව සඳහා අවශ්‍යම නොවේ.

බුදුරජාණන්වහන්සේ ප්‍රාර්ථනා කිරීම නුසුදුසු දෙයකැයි කියාද දේශනා කර නැත.

අංගුත්තර නිකායේ තික නිපාතයේ ඇති සුඛප්රාර්ථනා සූත්‍රයේ දී මෙසේ දැක් වේ.

මහණෙනි, සැපයට නිමිති වූ මේ කරුණු තුණ පතමින් නුවණැති පුරුෂ තෙමේ සිල් රක්නේ ය. කවර කරුණු තුණක් ද යත්: මට ප්‍රශංසාව ලැබේවා යි නුවණැත්තේ සිල් රක්නේ ය. ‘මට වස්තූහු උපදිත්වා’යි නුවණැත්තේ සිල් රක්නේ ය. ‘කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්ගලොකයෙහි උපදිම්වා’යි නුවණැත්තේ සිල් රක්නේ ය. මහණෙනි, සැපයට නිමිති වූ මේ කරුණු තුණ පතමින් නුවණැත්තේ සිල් රක්නේ ය.

“නුවණැත්තේ ප්‍රශංසාව ද, වස්තුලාභය ද, පරලොවැ ස්වර්ගයෙහි සතුටු වීම ද (යන) සැප තුණ පතමින් සිල් රක්නේ ය.

ප්‍රාර්ථනා කිරීමේ දී වැදගත් වන්නේ නුවණැතිව එකී කාර්යය කිරීමයි. එසේ නොවන්නට තමුන් පමණක් නොව බාහිර පුද්ගලයන්ද එකී ප්‍රාර්ථනා හේතුවෙන් දුකට පත්වනු ඇත. මීට හොඳම නිදසුනකි ධමමපදෙය් නිරය වග්ගයේ ඇති ඛේමගේ කතාව. අවසන් වරට මා විසින් ලියනු ලැබූ ලිපිය සැකසූවේ ඒ ආශ්රයෙනි. ප්‍රාර්ථනාව කිරීමේදී තෘෂ්ණාවෙන් යුතුව සිදු නොකිරීම ද වැදගත් වේ.

මේ සම්බන්ධයෙන් වැදගත් වන සංවාදයක් දීඝ නිකායේ සක්කපඤ්ඤ සූත්‍රයේ සඳහන් ය.

සක් දෙවිඳු පැන පුළුවුස්නා පිණිස ලත් අවකාශ ඇත්තේ, භගවත් බුදුරජුන්ගෙන් මේ පළමු පැනය විචාළේ ය: “නිදුකාණන් වහන්ස, දෙවියෝ ද මිනිස්සු ද අසුරයෝ ද නාගයෝ ද ගන්ධර්වයෝ ද මෙයින් අන්‍ය යම් බොහෝ දෙනෙක් ඇත් නම් ඔහු ද යන මේ හැම දෙනාට ‘වෙර බැඳුම් නැත්තෝ වැ ආයුධ දණ්ඩ මනෝදණ්ඩ නැත්තෝ වැ පසමිතුරන් නැත්තෝ වැ දොම්නස් නැත්තෝ වැ අවෛරී (කෝප මාත්‍ර දු නො උපදවන්නෝ) වැ වසන්නමු’ යි ප්‍රාර්ථනාවෙක් වෙයි. එතෙකුදු වුවත් ඔහු වෛර ඇත්තාහු, දණ්ඩ ඇත්තාහු, පසමිතුරන් ඇත්තාහු, දොම්නස් ඇත්තාහු, වෛරී වූවාහු වෙසෙත්. කවර සංයෝජනයක් ඇත්තාහු (කවර බැම්මෙකින් බැඳුණාහු) ඔහු එසේ වෙසෙත් ද? යනු යි. මෙසේ සක් දෙවිඳු භගවත් බුදුරජුන්ගෙන් මේ පළමු පැනය විචාළේ ය.

“දෙවිඳ, දෙවියෝ ද මිනිස්සු ද අසුරයෝ ද නාගයෝ ද ගන්ධර්වයෝ ද අන් යම් බොහෝ දෙනෙක් ඇත් නම් ඔහු ද යන මේ හැම දෙනාට වෙර බැඳුම් නැත්තෝ වැ ආයුධ දණ්ඩ මනෝ දණ්ඩ නැත්තෝ වැ පසමිතුරන් නැත්තෝ වැ දොම්නස් නැත්තෝ වැ අවෛරී වැ වසන්නමු’ යි ප්‍රාර්ථනාවෙක් වෙයි. එතෙකුදු වුවත් ඔහු වෙර බැඳුම් ඇත්තෝ වැ දණ්ඩ ඇත්තෝ වැ පසමිතුරන් ඇත්තෝ වැ දොම්නස් ඇත්තෝ වැ වෛරී වැ වෙසෙත්. ඔහු ඊර්ෂ්‍යාවත් මාත්සර්‍ය්‍යයත් සංයෝජන කොටඇත්තාහු (ඊර්ෂ්යාමාත්සර්ය්ය දෙකින් බැඳුණාහු), එසේ වෙසෙත්.” ප්‍රශ්න විචාරනු ලැබූ භාග්‍යවතුන් වහන්සේ සක්දෙවිඳුගේ පැනය මෙ පරිද්දෙන් විසැඳූහ. (එයින්) සතුටු වූ සක් දෙවිඳු “භාග්‍යවතුන් වහන්ස, මෙය එසේ යැ, සුගතයන් වහන්ස, මෙය එසේ යැ. භාග්‍යවතුන් වහන්සේගේ විසැඳුම ඇසීමෙන් මෙහි මගේ සැකය ඉක්මිණි විමතිය පහ විණැ” යි සක් දෙවිඳු භගවත් බුදුරජුන්ගේ වචනය පිළිගත්තේ ය, අනුමොවන් විය.

මෛත්‍රී වඩනවා යනුවෙන් සමහර අවස්ථාවලදී අප කරන්නේ මෙවැනි ප්රාර්ථනාය. නමුත් එසේ කලා කියා මෛත්‍රියට ලක්වන්නාට සහනයක් ලැබෙන්නේ නැත. එවැනි අවස්ථා සඳහා මෙකී හේතු බලපායි.

ආයාචනාමාන සූත්‍රයේ දී බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ

මහණෙනි, සැදැහැති මහණ මොනොවට ආයාචනා කරණුයේ මෙසේ ආයාචනා කරන්නේය: “සැරියුත් මුගලන්හු යම් බඳු වෙත් ද, එබඳු වෙම්ව”යි. මහණෙනි, යම් සැරියුත් මුගලන්හි දෙදෙනෙක් වෙත් ද, මාගේ ශ්‍රාවක භික්ෂුනට තෙල තුලා වෙයි. තෙල ප්‍රමාණ වෙයි.

මහණෙනි, සැදැහැති මෙහෙණ මොනවට පතන්නී, මෙසේ ප්‍රාර්ථනා කරන්නී ය: “ඛෙමා මෙහෙණ හා උප්පලවණ්ණා මෙහෙණ හා දෙදෙන යම් බඳු වෙත් ද, එබඳු වෙම්ව”යි. මහණෙනි, යම් ඛෙමා මෙහෙණ හා උප්පලවණ්ණා මෙහෙණ හා දෙදෙන වෙත් ද, මාගේ ශ්‍රාවක භික්ෂුණීනට තෙල තුලා වෙයි. තෙල ප්‍රමාණ වෙයි.

මහණෙනි, සැදැහැති උවසු මොනවට ප්‍රාර්ථනා කරණුයේ මෙසේ ප්‍රාර්ථනා කරන්නේ ය: “චිත්තගහපති හා හත්ථක ආළවක හා දෙදෙන යම් බඳු වේ ද, එබඳු වෙම්ව”යි. මහණෙනි, යම් චිත්තගහපති හා හත්ථකආළවක හා දෙදෙන වෙත් ද, මාගේ සවූ උවසුනට තෙල තුලා වෙයි. තෙල ප්‍රමාණ වෙයි.

මහණෙනි, සැදැහැති උවැසිය මොනොවට ආයාචනා කරන්නී මෙසේ ආයාචනා කරන්නී ය: “ඛුජ්ජුත්තරා උවැසිය හා වෙළුකණ්ටකිය නන්දමාතාව හා දෙදෙන යම් බඳු වෙත් ද, එබඳු වෙම්ව”යි. මහණෙනි, යම් ඛුජ්ජුත්තරා උවැසිය හා වෙළුකණ්ටකිය නන්දමාතාව හා දෙදෙන වෙත් ද, මාගේ සැවි උවැසියනට තෙල තුලාවෙයි. තෙල ප්‍රමාණ වෙයි.

ලෙසිනි. එවැනි ආකාරයේ ප්‍රාර්ථනා නුවණැති ප්‍රාර්ථනා වන්නේ එයින් දෙලොවටම යහපතක් වන නිසාවෙනි. කෙසේවෙතත් වරක බුදුරජාණන්වහන්සේ අනාථ පිණ්ඩික සිටුතුමාට දේශනා කළ ආකාරයට කාරණා 5 ක් ප්‍රාර්ථනා කලා කියා ලබා ගත නොහැක.

ගැහැවිය, ලොව ඉෂ්ට වූ කමනීය වූ මන වඩන දුකසේ ලැබිය හැකි මේ පස් දහම් කෙනෙක් වෙති. කවර පස්දෙනෙක යත්:

ගැහැවිය, ලොව ඉෂ්ට වූ, කමනීය වූ, මන වඩන්නා වූ ආයුෂය දුර්ලභ වූයේ වෙයි. ලොව ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ ශරීරවර්ණය දුර්ලභ වෙයි. ලොව ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ කායිකචෛතසික සුඛ ය දුර්ලභ වෙයි. ලොව ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ යශස් (භොගපරිවාර) දුර්ලභ වෙයි. ලොව ඉෂ්ට වූ, කමනීය වූ, මන වඩනා වූ ස්වර්ගයෝ දුර්ලභවූවාහු වෙත්.

ගැහැවිය, ලොව ඉෂ්ට වූ, කමනීය වූ, මන වඩනා වූ මේ පඤ්චධර්‍මයෝ දුර්ලභ වූවාහු වෙත්.

ගැහැවිය, ලොව ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ වූ මේ පඤ්චධර්මයන් ආයාචනාහෙතුයෙන් වේවයි ප්රාර්ථනාහෙතුයෙන් වේවයි ප්‍රතිලාභය නො කියමි. ගැහැවිය, ආයාචනාහෙතුයෙන් වේවයි ප්රාර්ථනාහෙතුයෙන් වේවයි ලොව ඉෂ්ට වූ කමනීය වූ මන වඩන්නා වූ දුර්ලභ වූ මේ පඤ්චධර්මයන්ගේ ලැබීමෙක් වේ නම් මෙ ලොව කවරෙක් කිමෙකින් පිරිහේ ද?

මෙකී කරුණු ලබා ගැනීමට ප්‍රාර්ථනා කර ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා කළ යුතු කර්මයන් වෙනස් බවත් මෙහිදීම දේශනා කර තිබේ. ඒ පහත පරිදි ය.

ගැහැවිය, ආයු කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවක ආයුෂය යදනට හෝ කැමැති වන්නට හෝ ආයුෂයට රිසි වන්නට හෝ සුදුසු නො වෙයි. ගැහැවිය, ආයු කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් ආයු පිණිස පවත්නා (දන් සිල් ඈ) පුණ්‍යප්‍රතිපදාව පිළිපැදිය උතු ය. ඔහු විසින් ප්‍රතිපාදාන කළ අයුසංවත්තනික පුණ්‍යප්‍රතිපදාව ආයු ලැබීම පිණිස පවත්නී ම ය. එහෙයින් හේ දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ ආයුෂය ලබන්නේ වෙයි.

ගැහැවිය, ශරීරවර්ණ කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවක ශරීරවර්ණය යදනට හෝ කැමැති වන්නට හෝ ශරීරවර්ණයට රිසි වන්නට හෝ අර්හ නො වෙයි. ගැහැවිය, වර්ණය කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් වර්ණය පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව පිළිපැද්ද යුතු ය. ඔහු විසින් ප්‍රතිපාදනා කළ වර්ණය පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව ශරීරවර්ණප්රතිලාභය පිණිස පවත්නී ම ය. එහෙයින් හේ දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ ශරීරවර්ණ ලබන්නේ වෙයි.

ගැහැවිය, සුව කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවක සුවය යදනට හෝ අභිනන්දනා කරන්නට හෝ සුවයට රිසි වන්නට හෝ නො ම අර්හ වෙයි. ගැහැවිය, සුව කැමැති ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් සුව පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව පිළිපැද්ද යුතු වෙයි. ඔහු විසින් ප්‍රතිපාදනා කළ සුඛසංවත්තනික වූ පුණ්‍යප්‍රතිපදාව සුව ලැබීම පිණිස පවත්නී ම ය. එහෙයින් හේ දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ සුවය ලබන්නේ වෙයි.

ගැහැවිය, යශස් කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවක යශස් යදනට හෝ අභිනන්දනා කරන්නට හෝ යශසට රිසි වන්නට හෝ නො ම අර්හ වෙයි. ගැහැවිය, යශස් කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් යශස් පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව පිළිපැද්ද යුතු ය. ඔහු විසින් ප්‍රතිපාදනා කළ යශස් පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව යශස්ප්‍රතිලාභය පිණිස පවත්නී ම ය: එහෙයින් හේ දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ යශස් ලබන්නේ වෙයි.

ගැහැවිය, ස්වර්ගය කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවක ස්වර්ගය යදනට හෝ අභිනන්දනා කරන්නට හෝ ස්වර්ගයට රිසි වන්නට හෝ නො ම අර්හ වෙයි. ගැහැවිය, ස්වර්ගය කැමැති ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් ස්වර්ගය පිණිස පවත්නා (දානශීලාදි) පුණ්‍යප්‍රතිපදාව පිළිපැද්ද යුතු වෙයි. ඔහු විසින් ප්‍රතිපාදනා කළ ස්වර්ගය පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව ස්වර්ගප්රතිලාභයට වැටේ ම ය. එහෙයින් හේ ස්වර්ගයන් ලබන්නේ වේ.

මෙකී කරුණු ඉට්ටධම්ම සූත්‍රයේ සඳහන්ව ඇත.

ප්‍රාර්ථනාවක් කිරීමේ දී එය කරනු ලබන තැනැත්තාගේ දෘෂ්ඨිය පිළිබඳව බීජ සූත්‍රයේ දී මෙසේ දැක් වේ.

[QUOTE="hpalpola, post: 29748763, member: 321413"] [B][SIZE=4]ප්‍රාර්ථනාව සහ බුද්ධ ධර්මය[/SIZE][/B] [SIZE=4] මා විසින් අවසන් වරට පල කල ලිපියට අදහස් පල කල සමහරුන් විසින් ප්‍රාර්ථනා පිළිබඳව ද අදහස් පල කර තිබූ නිසා මෙම කෙටි ලිපිය පල කිරීමට සිතුවෙමි. ප්‍රාර්ථනාවක් යනු සරලව ගත්විට යම් තැනැත්තකු විසින් කිසියම් ක්‍රියාවක් සිදු කර හෝ නොකර අනාගතයේදී මෙසේ සිදුවේවායැයි බලාපොරොත්තු වන්නකි. මෙය බුදු දහමට අළුත් දෙයක් නොවේ. මේ හා සමාන නොවුනත් බුද දහම තුළදී සත්‍යක්‍රියාව ද භාවිතා වේ. නමුත් සත්‍යක්‍රියාව හා ප්‍රාර්ථනාව වෙනස් කාරණා දෙකකි. පාරමිතා පිරීමත් එක්තරා ආකාරයකට ප්‍රාර්ථනා වේ. නමුත් එය ප්‍රාර්ථනාව සඳහා අවශ්‍යම නොවේ. බුදුරජාණන්වහන්සේ ප්‍රාර්ථනා කිරීම නුසුදුසු දෙයකැයි කියාද දේශනා කර නැත. අංගුත්තර නිකායේ තික නිපාතයේ ඇති සුඛප්රාර්ථනා සූත්‍රයේ දී මෙසේ දැක් වේ. මහණෙනි, සැපයට නිමිති වූ මේ කරුණු තුණ පතමින් නුවණැති පුරුෂ තෙමේ සිල් රක්නේ ය. කවර කරුණු තුණක් ද යත්: මට ප්‍රශංසාව ලැබේවා යි නුවණැත්තේ සිල් රක්නේ ය. ‘මට වස්තූහු උපදිත්වා’යි නුවණැත්තේ සිල් රක්නේ ය. ‘කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්ගලොකයෙහි උපදිම්වා’යි නුවණැත්තේ සිල් රක්නේ ය. මහණෙනි, සැපයට නිමිති වූ මේ කරුණු තුණ පතමින් නුවණැත්තේ සිල් රක්නේ ය. “නුවණැත්තේ ප්‍රශංසාව ද, වස්තුලාභය ද, පරලොවැ ස්වර්ගයෙහි සතුටු වීම ද (යන) සැප තුණ පතමින් සිල් රක්නේ ය. ප්‍රාර්ථනා කිරීමේ දී වැදගත් වන්නේ නුවණැතිව එකී කාර්යය කිරීමයි. එසේ නොවන්නට තමුන් පමණක් නොව බාහිර පුද්ගලයන්ද එකී ප්‍රාර්ථනා හේතුවෙන් දුකට පත්වනු ඇත. මීට හොඳම නිදසුනකි ධමමපදෙය් නිරය වග්ගයේ ඇති ඛේමගේ කතාව. අවසන් වරට මා විසින් ලියනු ලැබූ ලිපිය සැකසූවේ ඒ ආශ්රයෙනි. ප්‍රාර්ථනාව කිරීමේදී තෘෂ්ණාවෙන් යුතුව සිදු නොකිරීම ද වැදගත් වේ. මේ සම්බන්ධයෙන් වැදගත් වන සංවාදයක් දීඝ නිකායේ සක්කපඤ්ඤ සූත්‍රයේ සඳහන් ය. සක් දෙවිඳු පැන පුළුවුස්නා පිණිස ලත් අවකාශ ඇත්තේ, භගවත් බුදුරජුන්ගෙන් මේ පළමු පැනය විචාළේ ය: “නිදුකාණන් වහන්ස, දෙවියෝ ද මිනිස්සු ද අසුරයෝ ද නාගයෝ ද ගන්ධර්වයෝ ද මෙයින් අන්‍ය යම් බොහෝ දෙනෙක් ඇත් නම් ඔහු ද යන මේ හැම දෙනාට ‘වෙර බැඳුම් නැත්තෝ වැ ආයුධ දණ්ඩ මනෝදණ්ඩ නැත්තෝ වැ පසමිතුරන් නැත්තෝ වැ දොම්නස් නැත්තෝ වැ අවෛරී (කෝප මාත්‍ර දු නො උපදවන්නෝ) වැ වසන්නමු’ යි ප්‍රාර්ථනාවෙක් වෙයි. එතෙකුදු වුවත් ඔහු වෛර ඇත්තාහු, දණ්ඩ ඇත්තාහු, පසමිතුරන් ඇත්තාහු, දොම්නස් ඇත්තාහු, වෛරී වූවාහු වෙසෙත්. කවර සංයෝජනයක් ඇත්තාහු (කවර බැම්මෙකින් බැඳුණාහු) ඔහු එසේ වෙසෙත් ද? යනු යි. මෙසේ සක් දෙවිඳු භගවත් බුදුරජුන්ගෙන් මේ පළමු පැනය විචාළේ ය. “දෙවිඳ, දෙවියෝ ද මිනිස්සු ද අසුරයෝ ද නාගයෝ ද ගන්ධර්වයෝ ද අන් යම් බොහෝ දෙනෙක් ඇත් නම් ඔහු ද යන මේ හැම දෙනාට වෙර බැඳුම් නැත්තෝ වැ ආයුධ දණ්ඩ මනෝ දණ්ඩ නැත්තෝ වැ පසමිතුරන් නැත්තෝ වැ දොම්නස් නැත්තෝ වැ අවෛරී වැ වසන්නමු’ යි ප්‍රාර්ථනාවෙක් වෙයි. එතෙකුදු වුවත් ඔහු වෙර බැඳුම් ඇත්තෝ වැ දණ්ඩ ඇත්තෝ වැ පසමිතුරන් ඇත්තෝ වැ දොම්නස් ඇත්තෝ වැ වෛරී වැ වෙසෙත්. ඔහු ඊර්ෂ්‍යාවත් මාත්සර්‍ය්‍යයත් සංයෝජන කොටඇත්තාහු (ඊර්ෂ්යාමාත්සර්ය්ය දෙකින් බැඳුණාහු), එසේ වෙසෙත්.” ප්‍රශ්න විචාරනු ලැබූ භාග්‍යවතුන් වහන්සේ සක්දෙවිඳුගේ පැනය මෙ පරිද්දෙන් විසැඳූහ. (එයින්) සතුටු වූ සක් දෙවිඳු “භාග්‍යවතුන් වහන්ස, මෙය එසේ යැ, සුගතයන් වහන්ස, මෙය එසේ යැ. භාග්‍යවතුන් වහන්සේගේ විසැඳුම ඇසීමෙන් මෙහි මගේ සැකය ඉක්මිණි විමතිය පහ විණැ” යි සක් දෙවිඳු භගවත් බුදුරජුන්ගේ වචනය පිළිගත්තේ ය, අනුමොවන් විය. මෛත්‍රී වඩනවා යනුවෙන් සමහර අවස්ථාවලදී අප කරන්නේ මෙවැනි ප්රාර්ථනාය. නමුත් එසේ කලා කියා මෛත්‍රියට ලක්වන්නාට සහනයක් ලැබෙන්නේ නැත. එවැනි අවස්ථා සඳහා මෙකී හේතු බලපායි. ආයාචනාමාන සූත්‍රයේ දී බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ මහණෙනි, සැදැහැති මහණ මොනොවට ආයාචනා කරණුයේ මෙසේ ආයාචනා කරන්නේය: “සැරියුත් මුගලන්හු යම් බඳු වෙත් ද, එබඳු වෙම්ව”යි. මහණෙනි, යම් සැරියුත් මුගලන්හි දෙදෙනෙක් වෙත් ද, මාගේ ශ්‍රාවක භික්ෂුනට තෙල තුලා වෙයි. තෙල ප්‍රමාණ වෙයි. මහණෙනි, සැදැහැති මෙහෙණ මොනවට පතන්නී, මෙසේ ප්‍රාර්ථනා කරන්නී ය: “ඛෙමා මෙහෙණ හා උප්පලවණ්ණා මෙහෙණ හා දෙදෙන යම් බඳු වෙත් ද, එබඳු වෙම්ව”යි. මහණෙනි, යම් ඛෙමා මෙහෙණ හා උප්පලවණ්ණා මෙහෙණ හා දෙදෙන වෙත් ද, මාගේ ශ්‍රාවක භික්ෂුණීනට තෙල තුලා වෙයි. තෙල ප්‍රමාණ වෙයි. මහණෙනි, සැදැහැති උවසු මොනවට ප්‍රාර්ථනා කරණුයේ මෙසේ ප්‍රාර්ථනා කරන්නේ ය: “චිත්තගහපති හා හත්ථක ආළවක හා දෙදෙන යම් බඳු වේ ද, එබඳු වෙම්ව”යි. මහණෙනි, යම් චිත්තගහපති හා හත්ථකආළවක හා දෙදෙන වෙත් ද, මාගේ සවූ උවසුනට තෙල තුලා වෙයි. තෙල ප්‍රමාණ වෙයි. මහණෙනි, සැදැහැති උවැසිය මොනොවට ආයාචනා කරන්නී මෙසේ ආයාචනා කරන්නී ය: “ඛුජ්ජුත්තරා උවැසිය හා වෙළුකණ්ටකිය නන්දමාතාව හා දෙදෙන යම් බඳු වෙත් ද, එබඳු වෙම්ව”යි. මහණෙනි, යම් ඛුජ්ජුත්තරා උවැසිය හා වෙළුකණ්ටකිය නන්දමාතාව හා දෙදෙන වෙත් ද, මාගේ සැවි උවැසියනට තෙල තුලාවෙයි. තෙල ප්‍රමාණ වෙයි. ලෙසිනි. එවැනි ආකාරයේ ප්‍රාර්ථනා නුවණැති ප්‍රාර්ථනා වන්නේ එයින් දෙලොවටම යහපතක් වන නිසාවෙනි. කෙසේවෙතත් වරක බුදුරජාණන්වහන්සේ අනාථ පිණ්ඩික සිටුතුමාට දේශනා කළ ආකාරයට කාරණා 5 ක් ප්‍රාර්ථනා කලා කියා ලබා ගත නොහැක. ගැහැවිය, ලොව ඉෂ්ට වූ කමනීය වූ මන වඩන දුකසේ ලැබිය හැකි මේ පස් දහම් කෙනෙක් වෙති. කවර පස්දෙනෙක යත්: ගැහැවිය, ලොව ඉෂ්ට වූ, කමනීය වූ, මන වඩන්නා වූ ආයුෂය දුර්ලභ වූයේ වෙයි. ලොව ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ ශරීරවර්ණය දුර්ලභ වෙයි. ලොව ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ කායිකචෛතසික සුඛ ය දුර්ලභ වෙයි. ලොව ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ යශස් (භොගපරිවාර) දුර්ලභ වෙයි. ලොව ඉෂ්ට වූ, කමනීය වූ, මන වඩනා වූ ස්වර්ගයෝ දුර්ලභවූවාහු වෙත්. ගැහැවිය, ලොව ඉෂ්ට වූ, කමනීය වූ, මන වඩනා වූ මේ පඤ්චධර්‍මයෝ දුර්ලභ වූවාහු වෙත්. ගැහැවිය, ලොව ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ වූ මේ පඤ්චධර්මයන් ආයාචනාහෙතුයෙන් වේවයි ප්රාර්ථනාහෙතුයෙන් වේවයි ප්‍රතිලාභය නො කියමි. ගැහැවිය, ආයාචනාහෙතුයෙන් වේවයි ප්රාර්ථනාහෙතුයෙන් වේවයි ලොව ඉෂ්ට වූ කමනීය වූ මන වඩන්නා වූ දුර්ලභ වූ මේ පඤ්චධර්මයන්ගේ ලැබීමෙක් වේ නම් මෙ ලොව කවරෙක් කිමෙකින් පිරිහේ ද? මෙකී කරුණු ලබා ගැනීමට ප්‍රාර්ථනා කර ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා කළ යුතු කර්මයන් වෙනස් බවත් මෙහිදීම දේශනා කර තිබේ. ඒ පහත පරිදි ය. ගැහැවිය, ආයු කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවක ආයුෂය යදනට හෝ කැමැති වන්නට හෝ ආයුෂයට රිසි වන්නට හෝ සුදුසු නො වෙයි. ගැහැවිය, ආයු කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් ආයු පිණිස පවත්නා (දන් සිල් ඈ) පුණ්‍යප්‍රතිපදාව පිළිපැදිය උතු ය. ඔහු විසින් ප්‍රතිපාදාන කළ අයුසංවත්තනික පුණ්‍යප්‍රතිපදාව ආයු ලැබීම පිණිස පවත්නී ම ය. එහෙයින් හේ දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ ආයුෂය ලබන්නේ වෙයි. ගැහැවිය, ශරීරවර්ණ කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවක ශරීරවර්ණය යදනට හෝ කැමැති වන්නට හෝ ශරීරවර්ණයට රිසි වන්නට හෝ අර්හ නො වෙයි. ගැහැවිය, වර්ණය කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් වර්ණය පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව පිළිපැද්ද යුතු ය. ඔහු විසින් ප්‍රතිපාදනා කළ වර්ණය පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව ශරීරවර්ණප්රතිලාභය පිණිස පවත්නී ම ය. එහෙයින් හේ දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ ශරීරවර්ණ ලබන්නේ වෙයි. ගැහැවිය, සුව කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවක සුවය යදනට හෝ අභිනන්දනා කරන්නට හෝ සුවයට රිසි වන්නට හෝ නො ම අර්හ වෙයි. ගැහැවිය, සුව කැමැති ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් සුව පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව පිළිපැද්ද යුතු වෙයි. ඔහු විසින් ප්‍රතිපාදනා කළ සුඛසංවත්තනික වූ පුණ්‍යප්‍රතිපදාව සුව ලැබීම පිණිස පවත්නී ම ය. එහෙයින් හේ දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ සුවය ලබන්නේ වෙයි. ගැහැවිය, යශස් කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවක යශස් යදනට හෝ අභිනන්දනා කරන්නට හෝ යශසට රිසි වන්නට හෝ නො ම අර්හ වෙයි. ගැහැවිය, යශස් කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් යශස් පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව පිළිපැද්ද යුතු ය. ඔහු විසින් ප්‍රතිපාදනා කළ යශස් පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව යශස්ප්‍රතිලාභය පිණිස පවත්නී ම ය: එහෙයින් හේ දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ යශස් ලබන්නේ වෙයි. ගැහැවිය, ස්වර්ගය කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවක ස්වර්ගය යදනට හෝ අභිනන්දනා කරන්නට හෝ ස්වර්ගයට රිසි වන්නට හෝ නො ම අර්හ වෙයි. ගැහැවිය, ස්වර්ගය කැමැති ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් ස්වර්ගය පිණිස පවත්නා (දානශීලාදි) පුණ්‍යප්‍රතිපදාව පිළිපැද්ද යුතු වෙයි. ඔහු විසින් ප්‍රතිපාදනා කළ ස්වර්ගය පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව ස්වර්ගප්රතිලාභයට වැටේ ම ය. එහෙයින් හේ ස්වර්ගයන් ලබන්නේ වේ. මෙකී කරුණු ඉට්ටධම්ම සූත්‍රයේ සඳහන්ව ඇත. ප්‍රාර්ථනාවක් කිරීමේ දී එය කරනු ලබන තැනැත්තාගේ දෘෂ්ඨිය පිළිබඳව බීජ සූත්‍රයේ දී මෙසේ දැක් වේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom