ප්‍රියංකා චොප්රා යුග දිවියට

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    ප්‍රියංකා චොප්රා යුග දිවියට

    collage.png


    ජනප්‍රිය බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා පසුගිය සෙනසුරාදා යුග දිවියට පිවිසියා.

    36 හැවිරිදි ප්‍රියංකා අතගත්තේ 26 හැවිරිදි ඇමරිකානු ජාතික ගායකයෙකු වන නික් ජොනාස් සමගයි. ඔවුන්ගේ විවාහ උත්සවය ක්‍රිස්තියානු චාරිත්‍රානුකූලව සෙනසුරාදාත් හින්දු චාරිත්‍රානුකූලව ඉරිදාත් ඉන්දියාවේ රාජස්තාන්හි ජොද්පූර් උමයිඩ් බවන් මාලිගයේ පැවති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

    ප්‍රියංකා හා නික් 2017 වසරේ මුල්වරට
    සාදයක් අතර මුණගැසී පෙම්වතුන් බවට පත්ව තිබෙන අතර මීට මාස 6 කට පෙර ඔවුන් විවාහ ගිවිසගැනීමක්ද සිදු කර තිබුණි.

    ලෝක රූ රැජිණ කිරුළ දිනා බොලිවුඩ් සිනමාවට පිවිසි නිලියන් කිහිපදෙනෙකුගෙන් එක් අයෙකු ලෙස ප්‍රියංකා හැඳින්වේ. ඇය මේ වනවිට ඉංග්‍රීසි චිත්‍රපටවල රඟපෑම නිසා හොලිවුඩය තුළද ජනප්‍රිය නිළියකි.

    Photos - https://hirugossip.info/5024